Search is not available for this dataset
News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(යසන්ත ආරියසේන, චන්ද්‍රසේන ගමගේ)‘‘හම්බන්තොට වරායේ තක්සේරු වාර්තාව පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා රනිල් වික‍්‍රමසිංහ හා මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ට අභියෝග කරනවා’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා වලස්මුල්ලේ දී ඉකුත්දා (5) පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ‘‘ජනබලය ගොඩ නඟන මෙහෙයුම’’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවත්වන ලද ජනහමුවක් වලස්මුල්ල පොදු වෙළෙඳපොළ අසලදී එදින සවස පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.මේ ඉන්න ජනතාව ආණ්ඩු පෙරළන්න ආණ්ඩු හදන්න වසර හැත්තෑවක් පමණ ඡුන්දය දීලා තියෙනවා. 2015 දීත් ආණ්ඩුවක් හදා ගත්තා. දැන් ඒ ආණ්ඩුව පෙරළන්න සූදානම් වෙනවා. රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව හරියන දීගයක් නොවේ. ජනතාව බලාපොරොත්තු වූ දෙවල් ඉටු කරන්නට මේ ආණ්ඩුව අසමත් වෙලා. මේක පෙරළන්න ලෙහෙසියි. ලංකාවේ බිහිවූ ඉතාමත් අසාර්ථකම රජය මෙයයි. මේ ආණ්ඩුව වට්ටලා හදන්නේ මොන ආණ්ඩුවක්ද කියන ප‍්‍රශ්නය ජනතාවට තියෙනවා. මෙය වට්ටන්න කලින් අපි තීරණය කරන්න  ඕනෑ හදන්නේ මොන වගේ ආණ්ඩුවක්ද කියලා.ජනවාරි මාසෙ 8 වැනිදා මේ ආණ්ඩුව හදන්න ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා. වංචාවට, දුෂණයට, හොරකමට දඬුවම් දෙනවා කියලා. කටුනායක එයාර්පෝට් එක වහනවා කියලා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා. ආණ්ඩුව ඇවිත් දින තුනෙන් ලොකුම හොරා පැන්නා.අපි හඳුනා ගත්තා විශාල වශයෙන් කරන ලද හොරකම් හා වංචා. ඒ පිළිබඳව ෆයිල් හදලා එෆ්.සී.අයි.ඞී. එකට භාරදීම වසන්ත සමරසිංහ සහෝදරයා කළා. රටේ ජනතාව සැලසුමක් හැදුවා හොරු අල්ලන්න. රට සැලසුම් කරනවිට හොරු අල්ලන්න තවත් සොරකමක් කරන්න සැලසුම් කළා. පෙබරවාරි 27 මහ බැංකුව කොල්ල කෑවා.රවී කරුණානායකට ගෙයක් කුලියට ගත්තා. ලක්‍ෂ දහ හතර හමාරක් ගෙවන්න. ඒ කුලිය මාස අටෙන් ගෙව්වෙ කවුද? මහ බැංකු අධිපතිගේ බෑනා අර්ජුන් ඇලෝසියස්. මේ ආණ්ඩුව වට්ටලා හැදිය යුත්තේ හොරා නොකන මහජන දේපළ නොවිකුණන ජනතාවට වගකියන ආණ්ඩුවක්.අපේ රට මහා ණය උගුලක හිරවෙලා. රුපියල් කෝටි තුන් ලක්‍ෂ පනස් දහසක් ණයයි. ජේ.ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද මේ සියලූ දෙනා මේවාට වගකිව යුතුයි. රටේ ආදායම මදි ණය පොළී වාරික ගෙවන්න.ලංකාවට කුඩු තොග ගණන් එනවා. සතොසෙනුත් ගෝනි ගණන් කුඩු අහුවුණා. කුඩු ග‍්‍රෑම් දෙකකට වඩා ළඟ තිබුණොත් මරණ දඬුවම ලැබෙනවා කියලයි නීතියේ තියෙන්නෙ. ඒත් කුඩු ගෙන්වන කාටවත් දඬුවම් දීලා තියෙනවද? ඒ ඇයි? කුඩු ගෙන්වන්නේ ඒ අයගෙ පැත්තෙම අය. ගේන එකා හිරේ යන්නෙ නෑ. බොන එකා හිරේ යනවා. අපේ රටේ නීතියෙ හැටි පේනවා නේද?අධ්‍යාපනයේ මහා අර්බුදයක් මේ පාලකයන් හැදුවා. ලංකාවේ පාසල් දස දහස් හැට දෙකක් තියෙනවා. එයින් විසි හතක ඉන්නෙ එක ළමයා බැගින්. එකසිය තිස් පහක ඉන්නෙ ළමයි දෙන්නා ගණනේ. පාසල් පන්දහස් තුන්සියයක ළමයි දෙසීයට අඩුවෙන් ඉන්නේ. පාසල් පද්ධතියේ ඇති අර්බුදය නිසා පාසල් අධ්‍යාපනය ගැන මවුපියන්ගේ විශ්වාසය බිඳ වැටිලා. දැන් ළමයි එක වසරේ ඉඳන් ටියුෂන් යනවා. ළමයින්ට හා මවුපියන්ට පාසල් අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැති නිසයි ඒ.ලෝකෙ වෙනත් කිසිම රටක ටියුෂන් නැහැ. පාසල් පද්ධතිය තුළ අනෙක් රටවල දරුවන්ට හොඳින් උගන්වනවා. අපේ දරුවන්ට පාසල් යන්න වෙලා තියෙන්නෙ කොහොමද? ජපානයේ දරුවන්ට වාහනවලින් පාසල් එන්න බැහැ. ඒ ළමයි පාසල් එන්නෙ පාපැදියෙන් හෝ පයින්. ලංකාවේ ලොරියක හරක් පටවාගෙන යන්න නීතියක් තිබුණට ළමයි පටවාගෙන යන්න නීතියක් නැහැ. ලංකාවේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙනවාද? පරිසරය, ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය ගැන දැනීමක් නැති ළමා පරපුරකුයි අද ඉන්නේ.රෝහලකට ගිහින් බලන්න. මුළු සෞඛ්‍ය සේවාවම කඩා වැටිලා. දැන් ඩෙංගු වසංගතයක් තියෙනවා. තවම විසඳුමක් නැහැ. රජය දීපු විසඳුම මොකක්ද දන්නවාද? ඩෙංගුවලින් මැරෙන ගණන කියන එක නතර කළා. ඔන්න අපේ රටේ පාලකයන්ගෙ හැටි.පේනව නේද අපේ රටේ නායකයන්ගෙ හැටි. අපේ සෞඛ්‍ය ඇමැතිට ලංකාවේ සෞඛ්‍ය සේවය විශ්වාස නෑ. ලංකාවේ පිළිකා රෝහලට බෙහෙත් ගෙන්වූවාම පිළිකා රෝග විශේෂඥයන් කියනවා ඒක සුදුසු නැහැ කියලා. දත් දොස්තර කියනවා ඒක හොඳයි කියලා. එහෙම කියලා දත් දොස්තර යනවා බෙහෙත් ගන්න, සිංගප්පූරුවට. ඒ බෙහෙත් ගන්න සල්ලි දුන්නෙ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ සියයක්. එදත් එහෙමයි. අදත් එහෙමයි. පේනවා නේද පාලකයන්ගෙ තරම.රෝහල්වල බෙහෙත් නැහැ. ඇඳන් නැහැ. අනෙක් පහසුකම් නැහැ. අපේ රටේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හදලා තියෙන්නෙ ජනතාවට සෙත පිණිස නොව පාලකයන්ගෙ සෙත පිණිසයි. රටේ සෑම පුරවැසියකුටම නිරෝගී පුරවැසියකු ලෙස බිහිවන්නට අවශ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් නිර්මාණය කළ හැකි ආණ්ඩුවක් හැදීම ජනතාවගේ යුතුකමක් වෙනවා.මේ රට ගොඩනඟන්න බැරිනම් ලෝකයේ හදන්න පුළුවන් රටකුත් නැහැ. රටක් ගොඩ නැඟීමේදී එය කළ යුත්තේ ඒ රටේ ආර්ථික රටාව අනුවයි. කිසිම රටක් වෙන රටක් විදියට හදන්න බැහැ. සෑම රටක්ම ආර්ථික උපාය මාර්ග තෝරාගන්නේ ඒ රටේ මානව සම්පත හා නිෂ්පාදන ශක්තීන් අනුවයි. අපිට ස්වාභාවික සම්පත් තියෙනවා. අපට තෙල් නැහැ. ගෑස් නැහැ.රත‍්‍රං නැහැ. ගල් අඟුරු වැනි ලෝක ආර්ථික සම්පත් නැහැ. තෙල් හා ගෑස් ලංකාවේ සොයා ගන්නවා නම් ඒක කළ යුත්තේ ජනතාවට වගකියන රජයක් බිහිවූදාට පමණයි. අපේ රටේ තිබෙන සම්පත් ගැන අප සැකිලිමත් විය යුතුයි. අපට හොඳ මානව සම්පතක් තියෙනවා. ලෝකයේ දියුණු රටවලට ඒ වාසනාව නැහැ.ලෝකයේ සෑම රටකම අර්බුදයක් හට ගත්තාම ගම අත්හැරලා ජනතාව නගරයට ගියා. ලංකාවේ අය එහෙම ගියේ නැහැ. ආර්ථික සංවර්ධන උපාය මාර්ග හැදිය යුත්තේ ජනතාවට ගමේ සිට ආර්ථිකය ගොඩ නැෙඟන ආකාරයටයි. ගමේ පුරවැසියා ගමේ තියලා ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේ ද කියල අපි කල්පනා කළ යුතුයි. අපට දියුණු කළ හැකිනම් ප‍්‍රාථමික කර්මාන්ත පද්ධති, ඒ තුළින් ජාතික ආර්ථිකය ගෙඩානැඟිය හැකියි.මේ රටේ ජනතාවට ලැබෙන දෙයක් පමණක් පාලකයන්ටත් ලැබෙන ආණ්ඩුවක් අපි නිර්මාණය කළ යුතුයි. හම්බන්තොට වරාය චීනයට දුන්නා සේ අනාගතයේදී මේ පාලකයන් චීන වරායත් ඉන්දියාවට දෙනවා. එසේ නොමැති නම් මේ පාලකයන්ට රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූවක් ඇති වෙනවා යැයිද අනුර දිසානායක මහතා කීය.්
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
0
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප‍්‍රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න  ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න  ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න  ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්‍ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්‍ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත‍්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත‍්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප‍්‍රශ්න කරනවා.උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න  ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න  ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න  ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත‍්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත‍්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක‍්‍රමයක් අපිට  ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න  ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න  ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප‍්‍රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප‍්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප‍්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න  ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න  ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික‍්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප‍්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප‍්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප‍්‍රහාර එල්ල කරන්න  ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි  ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න  ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න  ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක‍්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික‍්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික‍්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක‍්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික‍්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික‍්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
0
( නිමල් ලන්දගේ )‘‘ආණ්ඩුවේ තර්කය හරි අපූරුයි. තෙල් සේවකයෝ පාරට බැහැල වැඩ වර්ජනය කරනකොට ආණ්ඩුව කියනවා තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් කියලා. හැබැයි අත්‍යවශ්‍ය සේවාවක් වෙච්චි තෙල් ටැංකි සහිත තෙල් සංකීර්ණයත් එක්ක වරාය විකුණනවා චීනෙට. අත්‍යවශ්‍ය සේවාවක් විකුණන්න පුළුවන්ද? ඉදිරියේදී තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කරන්න චීනෙන් අවසර ගන්න වෙනව නේද? මොකක්ද මේ විහිළුව? කන්න  ඕන වෙන වෙලාවට කබරයා, තල ගොයා කරන ආණ්ඩුවක් මේක’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේය.ඔහු මේ බව සඳහන් කළේ දික්වැල්ල දොඩම්පහළ බටහිර ”දිරිය පුරවැසි සමිතිය” පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.‘‘එක පැත්තකින් කොළඹ නැගෙනහිර ජැටිය විකුණනවා. අනිත් පැත්තෙන් හම්බන්තොට විකුණනවා. අනිත් පැත්තෙන් පුල්මුඬේ ඛනිජ තෙල් නිධිය විකුණනවා. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණනවා මේ රටේ වටිනා ජාතික සම්පත් මේ විදියට කුණු කොල්ලයට විකුණුවාට පස්සේ අපේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට ශ්‍රී ලංකාව කියල ඉතිරිවන්නේ මොකක්ද? දැන් ”ශ්‍රී” අකුර වෙනුවට ඉස්සරහට දාගන්න වෙයි ”චී ලංකා’’ කියල චීනේ සම්බන්ධ වෙච්චි නිසා. නැවත සිදුවෙන්නේ මොකක්ද? අක‍්‍රමණික මංකොල්ලයකට අපේ රට යටත් කිරීම.ජූලි මාසය කියන්නේ අපේ රටේ කළු ජූලිය ආපු මාසය. අපකීර්තිමත්, ජාතිවාදී කෝලාහලය නිර්මාණය කළ මාසය, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු මාසය, ඒ වගේම විධායක ජනාධිපතික‍්‍රමය අවසන් කරනවා කියලා හිටපු ජනපතිතුමිය බොරු කියපු මාසය. ඊයේ පාර්ලිමේන්තුව වහලා ලංකාවේ නෙවෙයි ලෝකයම රටක පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මොනවහරි සදාචාරයක් අවම වශයෙන් හරි තිබුණානම්. ඒ සියල්ලම කනපිට ගහපු පාර්ලිමේන්තුවක් බවට පත් කළා.අද දවසේ පාර්ලිමේන්තුවට තියල අත්සන් කරනවයි කියපු ගිවිසුම හොර රහසේ, රට දන්නේ නැතිව, ජනතාව දන්නේ නැතිව අඩුගානේ පාර්ලිමේන්තුවවත් දන්නේ නැතිව අත්සන් කළා. ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? චීනෙත් එක්ක අස්සන් කරන ගිවිසුම සෙනසුරාදා අස්සන් කරන්නෙ නෑ. අඟහරුවාදාට කල් දානවා කියලා”.පාර්ලිමේන්තුවේ සිදුවුණේ මොකක්ද? වරාය ගිවිසුම පිළිබද විවාදය තියන්නේ නැතිව. ඒක කල් දාලා සම්මත වෙන්න තියන ගැසට් අනපනත් නිසියාකාරව සම්මත නොකර, ඉතිහාසයේ ඉතා නිර්ලජ්ජිත විදියට, පාර්ලිමේන්තුව කල් දැම්මා. එක්සත් ජාතික පක්ෂය අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කළු පැල්ලමක් එකතු කරපු දවසක් බවට පත්වුණා.’’”දැන් මේ ආණ්ඩුව රටට දීලා තිබෙන ආදර්ශය මොකක්ද? අපට රටේ ජනතාවගේ ජාතික සම්පත් විකුණන්න අවශ්‍ය නම් අපට ජන වරමක් අවශ්‍ය නෑ. ඒකට ජනතාවගේ කැමැත්තක් අඩු තරමේ ජනතාව පත්කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අදහස් විමසීමක්වත් අවශ්‍ය නෑ. කියන ආදර්ශය’’.”චීනෙත් එක්ක ගිවිසුම අත්සන් කරල වරාය ඇමති මහින්ද සමරසිංහ මහත්තයා කියනවා අපිට අවශ්‍යලූ මේක කැබිනට් එකට පෙන්වන්න. පාර්ලිමේන්තුවට පෙන්වන්න. මේක වෙනස් කරන්න නොවෙයි. පෙන්වන්න  ඕන කියලා. දැන් මොකක්ද ඇති වැඬේ. අපි බලල දැක්ක කියලා මොකක්ද ප‍්‍රයෝජනේ. මේක වැරද්දක් පෙන්වලා දීලා නිවැරදි කරන්න පුළුවන්ද? දැන් මේක අත්සන් කරල ඉවරයි””ඇයි මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකාධිපති ගමනකට මේ ආණ්ඩුවට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආණ්ඩුව මුහුණදෙන දැවැන්ත ආර්ථික අර්බුදය ඉස්සරහ, ණය අර්බුදය ඉස්සරහ ඇත්තටම කියනවනම් රජයේ සේවකයින්ට පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවට සිද්ධවෙලා තියෙනවා. එක්කො බදුබර පටවන්න නැත්නම ණය බර පටවන්න. එහෙම නැත්නම් රටේ තිබෙන වටිනා ජාතික සම්පත් විකුණන්න. මේවා හැරෙන්න ආණ්ඩුවට වෙන ක‍්‍රමයක් නෑ.”එක පැත්තකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරිකය අනුමත කරගන්න, ඒකේ අවශ්‍යතාව අනුව දේශීය ආදායම් බදුපනතක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා. අපි දන්නවා මේ අන්දමටම කැත නින්දිත විදියට ඒ බදු පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා. එතකොට අපේ රටේ සියළුම ජනතාව ඒ බදු දැලට අල්ලන ක‍්‍රමයක් හදනවා. මෙතෙක් බදු නිදහස තිබුණා. විදේශගත රැකියා කළ අයට, කලාකරුවන්ට, පුණ්‍ය ආයතනවලට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආදී සැමට ඒ බදු සහනය නැතිවෙයි. පන්සලේ පින් කැටේටත් බදු ගහන ආණ්ඩුවක්.”යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් විවිධ මතවාද අපට තිබුණත්, රාජපක්ෂ පාලනයට මේ රටේ ජනතාවගේ කැමැත්තක් තිබුණා. හැබැයි හොරකම් කරන එක ගැන, රාජපක්‍ෂ පාලනයට ජනතාවගේ ලකුණු හම්බ වුණේ නෑ. නාස්තියට අවසර තිබුණේ නෑ. වංචාවට ජනතාව හොඳ කිව්වේ නෑ. මේ රටේ ජනතාව ඒ නිසා තමයි යුද්ධය අවසන් කළත් රාජපක්ෂ පාලනය අවසන්කරන්න මේ රටේ ජනතාව තීන්දු කළේ.මෛත‍්‍රීපාල මහත්තයලට රනිල් වික‍්‍රමසිංහ මහත්තයලට අහම්බෙන් බලය ලැබුණේ කොහොමද? සටන් කරලද? වැඩ වර්ජනය කරලද? ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳලද? උද්ඝෝෂණ කරලද? අරගල කරල ගුටිකාලද? යහපාලනය නම යොදාගත්ත මේ ජඩ ආණ්ඩුව එහෙම අරගල කරල හදාගත්ත එකක් නෙවෙයි. රාජපක්ෂ පාලනය එපා වෙච්ච ජනතාව රාජපක්‍ෂ පාලනය වෙනස් කිරීමේ අරමුණ වෙනුවෙන් ඡුන්දේ දීලා බලෙන් ඔටුන්න ඔළුවට පහත් වෙච්චි ආණ්ඩුවක්.””මේ ආණ්ඩුවට දුන්නු ජනවරමේ පදනම මොකක්ද? නාස්තිය, දූෂණය, හොරකම, වංචාව, ජාතික සම්පත් විකිණීමට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහිව ලැබුණු ජනවරමක්. රාජපක්‍ෂ මහත්තයට කැමතිවුණත් හොරකම් වලට විරුද්ධව මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු ජනතාවක් ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ එදා රාජපක්‍ෂවරුන්ටත් ඉහළින් ගිහිල්ලා ඊට වඩා හොඳම කියන්න තවම බෑ. රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 15 කදී කරපු හොරකම් මේ ආණ්ඩුව අවුරුදු පහෙන් කරන්න හදනවා. අවුරුදු 15ක් ඒ ආණ්ඩුව කරපු නාස්තිය, දූෂණය මේ ගොල්ලා අවුරුදු පහෙන් කරන්න උත්සාහ කරනවා.”ඒක තමයි රවී කරුණානායක මහත්තයාගෙන් ඔප්පු වෙන්නේ, මහබැංකු වංචාව අපි දැක්කේ විගණකාධිපති වාර්තාවේ කොළ වලින්. ඒ වර්තාවෙන් ඔප්පුවන දේ. හැබැයි දැන් ජනාධිපති කොමිසමේ සාක්ෂි වලින් ඔප්පු වෙනවා. ඒ කොළවලින් අපි දැක්ක දේට වඩා යටින් තියෙන මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නිර්ලජ්ජිත නිරුවත. අර්ජුන මහේන්ද්‍රන්ලත් එක්ක, ඇලෝසියස්ලා එක්ක ජාවාරම් කරලා මේ ගොල්ල ගෙවල් ගත්ත හැටි දැන් ඔප්පු වෙනවා.‘‘මේ රටේ මිනිස්සු කරන්නේ කෝටි ගණන් මංකොල්ල කන්න, දේශපාලකයන්ට බලය හදල දීලා ඡන්දෙ දීලා, ඇමැතිකම් හදල දීලා, ආණ්ඩුවත් හදල දීලා ඒ දේශපාලකයෝ පස්සේ යනවා ගමේ පාරට ලක්ෂයක් පාස් කර ගන්න”‘‘ජනතාවට ක‍්‍රම දෙකයි තියෙන්නේ. එකක් හිත හදාගෙන යන ක‍්‍රමයට යන්න. රනිල් ආවත් එකයි. මහින්ද ආවත් එකයි. මෛත‍්‍රී ආවත් එකයි. මොකද එකම ප‍්‍රතිපත්තිය එකම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ”දොඩම් පහළ බටහිර දිරිය පුරවැසි සමිතියේ සභාපති ජේ.එම්. සමන් අතුල මහතාද සභාව ඇමතීය.
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
0
(ක. ග. කරුණාරත්න)රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (20) පොළොන්නරුවේ ඇලහැර අත්තනකඩවලදී පැවැසීය.අධ්‍යාපනයේදී ඉහළින් ලකුණු ලැබ විභාග සමත් වන්නාසේම ජීවිතය සමත්වීමේ අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ඇලහැර අත්තනකඩවල මහා විද්‍යාලයේ මෙතෙක් අඩු පාඩුවක්ව පැවැති සෞන්දර්ය ඒකකය, කෘෂිකර්ම සහ ගෘහ විද්‍යා ඒකකය සඳහා පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් ඉල්ලා සිටි විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ ගොඩනැගිලි කිහිපයක් අපේ යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ  ඉදිකිරීම් සිදුකොට එහි විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලිවලින් මේ ලබාදෙන සම්පත්වලින් භෞතික සම්පත් සහ මානව සම්පත්වලින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි විවිධ අංශ පිළිබඳව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අපි ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටුකර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඞී.එස්. සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වූ පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා. රට වගේම මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේදී අවශ්‍ය ප‍්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.ඇලහැර බකමූණ ප‍්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ දෙමව්පියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම ස`දහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවූ අර්බුදයයි දෙමව්පියන්ගේ සිත්වල තිබෙන්නේ. එම ආර්ථික අපහසුතා දෙමව්පියන්ගේ සිත්වල දැඩිලෙස කැකෑරෙන අවස්ථාවක දෙමව්පියන්ගේ අරමුණ, අභිප‍්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින්  ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.ඇලහැර ව්‍යාපාරය වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කය රජරට අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමලය වැනි දිස්ත‍්‍රික්ක ගත්විට තිබූ ජල හි`ගය ස`දහා ස්ථිරසාර විසඳුමක් අපි මේ වනවිට ලබාදී තිබෙනවා. වසර 60 ක් වැනි කාලයක් රජරට ජනතාවගේ දුක් කඳුළු කතාව වන ජලය ඉල්ලා හැඬූ කතාව අවසන් කිරීමටයි ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ග`ග ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. එය ලංකාවේ වැඩිම ජලය එක්වන විශාලතම ජලාශයයි. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ධාරිතාවක් ඇති බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය දිනවල මේ ප‍්‍රදේශවල දෙමව්පියන්, ගොවි සංවිධානවල නායකයින් මාව හමුවී මේ ප‍්‍රදේශයට අවශ්‍ය ජල ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ මගෙන් කළ ඉල්ලීම වන්නේ, මොරගහකන්දේ දැනට තිබෙන ජලය නිකුත් කරන්න බැරිද කියන ප‍්‍රශ්නය. ඒ අවස්ථාවේ සියලූ දෙනාට මම කියා සිටියේ අවුරුදු 50ක් 60ක් දුක් වින්දා වගේ මේ අවුරුද්දත් මේ විදියට අපිට ගතකරන්න සිදුවේවි කියා. එයට හේතුව වන්නේ, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන්වී පළමු වතාවටයි ජලය පිරෙව්වේ. එය ඉදිකළ තාක්ෂණික විශේෂඥයින්ට මේ වේල්ලේ, බැම්මේ ප‍්‍රමිතිය එහි තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳව ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් සෑහීමකට පත්වෙන්නේත් අවසන් නිගමනයකට එළඹෙන්නෙත් ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිලා මාස ගානක් යන විටයි ඒ පිළිබ`දව නිසි වාර්තාවක් සහ ඇගයීමක් කළ හැකි වෙන්නේ. ලබන මාස් කන්නේ ඔක්තෝබර් නොවැම්බර් වනවිට මහ වැසි ලැබී මොරගහකන්ද කළු ගඟ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ඉහළම ජල ධාරිතාවක් තිබෙන ජලාශය බවට පත්වේවි කියා අපි විශ්වාස කරනවා.හැට වසරක් වැනි කාලයක් ජලය ඉල්ලා හැඬූ ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් අනාගතයේ ගොවි ජනතාවගේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නය විස`දන්නට මේ ව්‍යාපෘතියෙන් යෝධ ශක්තියක් ලැබෙනවා. එම ජලාශය සමඟ මේ ප‍්‍රදේශවල ඉදිවෙන කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ නව ජලාශ, අමුණු හයසීයකට වැඩි සංඛ්‍යාවක් අපේ වාරි පද්ධතියට එක්වෙනවා.ප‍්‍රතිසංස්කරණය වන පැරැණි වැව් ප‍්‍රමාණය 600 කට වැඩියි. ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් මේ සඳහා උදව් දී තිබෙනවා. කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ උමග කිලෝමීටර් 21ක් දිගයි. ඒ ස`දහා මීට මාස දෙකකට පෙර කුවේට් රජයෙන් මුදල් ලැබුණා. ඒ අනුව ඒ කටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එය වාසනාවන්ත ආර්ථිකයකට අවස්ථාවක් ලෙසයි මා විශ්වාස කරන්නේ. ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබුණු ප‍්‍රබල ප‍්‍රශ්නය වුනේ ජල ප‍්‍රශ්නයයි. ඇලහැර ව්‍යාපාරය වගේම රජරට ගොවි ජනපද ව්‍යාපාරයටත් ජල ප‍්‍රශ්නය අද ඊයේ ඇතිවූවා නොවේ. ඇතැම් වෙලාවට නියරේ, කමතේ, කුඹුරේ, ඇළේ ජලය පිළිබඳ ඇතිවූ ගැටුම්වලදී ජීවිත අහිමි වූ අවස්ථා තිබුණා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා.ඒත් සමඟ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් අනාගතයේ දක්ෂ දරුවන් බිහිකිරීමටයි අපි මෙවැනි ආයෝජනයන් කරන්නේ. මහ ඇමැතිතුමා පළාත් සභාවට ලැබෙන මුදල් විශාල වශයෙන් පාසල් ස`දහා යොදවනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් 10ක අදත් හෙටත් මෙවැනි විවෘත කිරීම් තිබෙනවා.පාසල්වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරන්නේ දරුවනේ ඔබ මේ රටේ යහපත් පුරවැසියන් විදියට ජයග‍්‍රහණය කරවීම සඳහායි. විභාගය සමත්වනවා සේම ඔබ ජීවිතය ද සමත් විය යුතුයි.අද ඩෙංගු උවදුර පිළිබඳ වැඩි වශයෙන් කතාවෙනවා. උතුරු මැද පළාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් අවම තත්ත්වයක සිටින්නේ. බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර වැඩිම වෙලා තිබෙන්නේ. මෙය අපේ රටේ පමණක් ඇති ප‍්‍රශ්නයක් නෙවෙයි. කලාපය වශයෙන් ගත්විට ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලත් තිබෙනවා. මෙක්සිකෝව දක්වා ඩෙංගු ප‍්‍රශ්නය ඉතාමත් ප‍්‍රබලයි. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම වාර්තාව පිහිටෙව්වේ කියුබාවයි. නමුත් කියුබාවටත් පු`එවන්වෙලා නැහැ ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න.ඩෙංගු උවදුර තුරන් කිරීමට මහජනතාව සහය දිය යුතුයි. ඒ වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය නිලධාරීන්ට මහජනතාව සහය දිය  යුතුයි.ඒ වගේම කැළි කසළ ප‍්‍රශ්නය විශාල ගැටලූවක් වෙලා. පාසල්වල විදුහල්පතිවරුන් ප‍්‍රමුඛ ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම තම ගේ දොර ඇති කැළි කසළ නිසි ආකාරයට බැහැර කිරීම පිළිබ`දව සමාජ දැනුමත් දරුවන්ට ලබා දෙන්න කියලා. පසුගිය මාස කිහිපය තුළ කැළි කසළ වර්ගීකරණය පිළිබඳව තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවා. කැළි කසළ වර්ගීකරණය කර ප්ලාස්ටික්, වීදුරු, කාඞ්බෝඞ්, දිරන ද්‍රව්‍ය වෙන වෙනම දාලා කැළි කසළ ගෙන යාමට කටයුතු කරන අංශවලට භාරදෙන්න කියා ජනතාව දැනුවත් කළා.අද කොළඹ ප‍්‍රමුඛ ප‍්‍රධාන නගරවල කසළ ගොඩගැසී තිබෙනවා. ඇතැම් අය සාර්ථකව ඒ වර්ගීකරණය කරනවා ඇතැම් අය අනවබෝධයෙන් හෝ උවමනාවක් නැතිකමින් කසළ වර්ගීකරණය කරන්නේ නැහැ. එසේ වර්ගීකරණය නොකරන විට කසළ ගෙන යන ඒවා රැගෙන යන්නේ නැහැ. එසේ වීමේ ප‍්‍රතිඵලය වන්නේ පාරවල් ඉදිරිපිට, ගෙවල් ඉදිරිපිට කැළි කසළ ගොඩවල් පිරී යාමයි.විදුහල්පතිතුමා පැවසුවා මේ පාසලේ අතීතය 1951 ඔක්තෝබර් මාසයේ තමයි පාසල ආරම්භ කර තිබෙන්නේ. පසුව 1952 දී රජයට පවරා ගෙන තිබෙනවා. 1963 දී මහා විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. මේ පාසලේ අඩුපාඩු අතර ශ‍්‍රවණාගාරයක් නැහැයි කියලා සඳහන්වී තිබුණා. ශ‍්‍රවණාගාරයක් ඉක්මනට සාදා දීමට මම කටයුතු කරන බවත් කියන්නට කැමතියි.විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරමින්, ඔබ සියලූ දෙනාට සුබවාදී අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.අත්තනකඩවල මහා විද්‍යාලයේ විදුහල්පති ඞී. එම්. එදිරිසිංහ මහතා උත්සවයේ පිළිගැනීමේ කථාව කළේය.පාසලේ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරු දැරියන් සමඟ ගීත ගායනා කිරීමේ අවස්ථාවකට ද එක් විය.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් වන එස්.එච්.ඒ. අන්සාර්, එන්.වී. සමන්ත හිටපු නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමරවංශ මොහොට්ටිගේ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න යන මහත්වරුන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ මාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.
රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි
1
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි
0
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප‍්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප‍්‍රදේශයේ සංවර්ධනයේ ප‍්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප‍්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප‍්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප‍්‍රදේශය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප‍්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප‍්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත‍්‍ර අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප‍්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්‍ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග‍්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග‍්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප‍්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප‍්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප‍්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප‍්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප‍්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප‍්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප‍්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප‍්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප‍්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප‍්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප‍්‍රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප‍්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත‍්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප‍්‍රදේශ ගත්විට මේ ප‍්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප‍්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රවාහන ප‍්‍රශ්න තිබෙනවා. නේවාසික ප‍්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප‍්‍රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත  ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප‍්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප‍්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප‍්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප‍්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප‍්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ‍්‍රී ලංකා ඉන්දීය මිත‍්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත‍්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත‍්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත‍්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත‍්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න  ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප‍්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට  ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට  ඕනෑ.සෑම ප‍්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප‍්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප‍්‍රදේශයේ ආයතන ප‍්‍රධානීන් සමඟ කතා කර ප‍්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප‍්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප‍්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප‍්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් මේ ප‍්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න  ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප‍්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප‍්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත‍්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප‍්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප‍්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප‍්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප‍්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප‍්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි
0
 (පොලොන්නරුව-ක.ග. කරුණාරත්න, හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළේය. මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළත් විශිෂ්ටයන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සම්පත් ලබාදෙමින් අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමිනි.පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ රුපියල් එක් කෝටි අනූනව ලක්‍ෂයක වියදමින් අභිනවයෙන් ඉදි කෙරුණු පිහිණුම් තටාකය සහ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් ඉදිකළ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරයද ජනාධිපතිවරයා අතින් මෙදින සිසු අයිතියට පැවැරීම සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය. මගේ පාසලේ අද ඓතිහාසික දවසක්. සුන්දර පරිසරයක තාක්‍ෂණික උපදෙස් මත ගොඩනැගුණු ක්‍රීඩාංගණයක 2017 වසරේ රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක් කොටයි සලකන්නේ. අද වගේම දවසක මට මතකයි රාජකීය විද්‍යාලයේ මගේ පාසලේ මම ශිෂ්‍යයෙක් විදියට අවසන් වරට මේ පාසලේ සිටියෙත් ඒ වගේම මම ශිෂ්‍යයෙක් විදියට සහභාගී වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වුණෙත් මීට අවුරුදු 46 කට පෙර 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදායි. මේ දරුවන් වගේම 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදා මේ ක්‍රීඩාපිටිය තුළ අද ඔබ ඉන්න විදියටම, ඔබ ශිෂ්‍යයෙක් විදියට කටයුතු කරන විදියටම, ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරන විදියටම මම එදා කටයුතු කළා. ඒ වගේම අද මේ පාසලට පැමිණි අවස්ථාවේ විශේෂයෙන්ම ශිෂ්‍ය භට කණ්ඩයේ පැවැත්වුණු ආචාර පෙළපාළිය අවස්ථාවේ මගේ මතකය ඇදී ගියේ 1969 සහ 70 වර්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදියට මේ විද්‍යාලයේ දියතලාවේ පුහුණු කඳවුරට සම්බන්ධවූ ආකාරයත් අද මේ සිසු දරුවන් ආචාර පෙළපාළියේ සිටි ආකාරයට මමත් එදා ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. එදා ඒ වගේම මම පාසල් යනවිට බාල දක්‍ෂ සේවයේ දරුවන් දකින විට මගේ මතකය ඇදී ගියේ මම බාලදක්‍ෂයෙක් විදියටත් මේ පාසලේ එදා කටයුතු කරපු ආකාරය. අද ඔබ ක්‍රීඩා කරන්නේ විධිමත් තාක්‍ෂණික උපදෙස් මත ඉදිවූ අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයකයි. එදා මා ක්‍රීඩා කළේ ශිෂ්‍යයෙක් විදියට ක්‍රීඩා පිටියක නොව පිට්ටනියකයි. එදා පිට්ටනියේ සිටි ශිෂ්‍යයෙක් අද මේ දරුවන්ම නව තාක්‍ෂණය යටතේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ඔබට අවශ්‍ය විදියට අනෙකුත් විවිධ අංශවල සැණකෙළි බලන්න කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.පොලොන්නරුව රාජකීය විද්‍යාලය මේ ආකාරයට ගොඩනඟන්න පුළුවන්කම ලැබුණේ එදා සී.පී. ද සිල්වා මහතා මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් පොලොන්නරුව සංවර්ධනය වගේම මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී අපට රාජකීය විද්‍යාලයත් දායාද කළා. මම ඉතාමත් සතුටු වෙනවා අද ලංකාවේ කිසිම පාසලකට නොදෙවෙනි ආකාරයට අංගසම්පුර්ණ සියලු දේවල්වලින් පිරි පාසලක් බවට පත් කරන්න මගේ දායකත්වය මගේ ආණ්ඩුවක් තුළ ලබා දෙන්නට පුළුවන්වීම පිළිබඳව.  මීට පෙරත් මා කියා තිබෙන ආකාරයට දරුවනේ දැන් තිබෙන්නේ ඔබේ වාරයයි. ඔබ දක්‍ෂ නම්, ඔබේ හැකියාවන් ඔබේ නිර්මාණශීලී භාවයන් ඔබේ කුසලතාවයන් තුළ ඔබ දක්‍ෂ දරුවන් වගේම දක්‍ෂ පුරවැසියන් වගේම ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය ලබන විශිෂ්ටයින් වනු දැකීමයි. අපි කාගේත් ප්‍රාර්ථනාව සහ අරමුණ.මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි රජය විදියට කටයුතු කිරීම පළාත් සභාවේ දායකත්වය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා දෙන දායකත්වය මා ඉතාමත් අගය කරනවා. මීට පසුපස ඉදිවන අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණය මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු ඓතිහාසික සම්පතක් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයට තියෙන පාසල් දෙසිය හයෙන් හැටක් අද පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වෙමින් තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අංගසම්පූර්ණ කිරීම, අවශ්‍ය සම්පත් ලබාදීම, ප්‍රායෝගික වශයෙන් දරුවන්ට ඒ පාසල්වල ඉගෙනීම් කරනවිට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ පරිවර්තනයක් පෙරළියක් කරමින් මේ කරන අනාගත ආයෝජනය තුළ මේ දිස්ත්‍රික්කයෙන් ලෝකය ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිවෙයි කියලා. ඒ නිසා මේ දෙන සම්පත් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට පමණක් නොවෙයි අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල බැලුවොත් ඒ සෑම පාසලකම ඔබට දකින්නට පුළුවන් පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපි ක්‍රියාත්මක කරලා තිබෙන තුන් අවුරුදු සැලැස්මක් තුළ මේ වනවිට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. විද්‍යාලවල වැඩකටයුතු මේ වසරේත් ලබන වසරේත් ඉවරයි. සෑම පාසලකම 2018 අවසන් වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පාසල්වල භෞතික සම්පත්වල කිසිම අඩුවක් නැතිව අංගසම්පූර්ණ වේවි කියලයි. මහ ඇමතිතුමාත් සමඟ මම සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් සම්පූර්ණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ගුරු ප්‍රශ්නය, ගැටලුව විසඳීම සඳහා මේ වනවිට ගෙන යනු ලබන වැඩසටහනේ සාර්ථකත්වයක් දැකීමයි. ඒ වගේම මම ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වසරේ අපට පුළුවන් වෙනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල වැඩකටයුතු ආරම්භ කරන්න.මම ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීමක් අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් අපිට පරිත්‍යාග කරලා තිබෙනවා. ණයක් නොවෙයි ප්‍රදානයක්. මේ දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි පළවෙනිදා අපි වැඩ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල. එය පරිත්‍යාගයක්. එය ණයක් නොවෙයි. මම විශ්වාස කරනවා එය මුළු ලංකාවේම රෝගින් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථා නයක් බවට පත් කරන්න.මේ විදියට ගත්තම අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ඒ වගේම සෞඛ්‍යය අනෙකුත් සියලු ක්‍ෂේත්‍රයන් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සියලු අංග රජයක් විදියට අවශ්‍ය ඉලක්ක කරා යමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක කරන කාල සීමාවක්. ඔබට පොලොන්නරුව රෝහලට ගියවිට දකින්නට පුළුවන් පොලොන්නරුව අද මොනතරම් විධිමත් කාර්යක්‍ෂම සංවර්ධනයක් කරා යනවද කියල. ඒ වගේම තමයි ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩල ඉතාම විශිෂ්ට සේවයක් කරනවා. අපි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ සියලු අංශවල සංවර්ධනය. කෙනෙක් කියන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි පොලොන්නරුවට විතරක්ද මේ විශේෂ ව්‍යාපෘති කියලා. නෑ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ පොලොන්නරුවේ අතපසුවූ දේ, පොලොන්නරුවට අත්‍යවශ්‍යම දේ පොලොන්නරුව ලංකාවේ තවත් දිස්ත්‍රික්කයකට නොදෙවෙනි දිස්ත්‍රික්කයක් බවට මේ දිස්ත්‍රික්කය පත් කිරීමේ ඒ උතුම් ව්‍යායාමය තමයි කරමින් තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා වගේම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ විද්‍යාලයට මගේ ආදරය සහ ගෞරවය හැමදාමත් තියෙනවා. මේ දරුවන් දකින විට මගේ සිහියට එන්නේ ඔබ මෙන් මමත් ශිෂ්‍යයෙක් විදියට මේ පාසලේ ගත කරපු කාලයයි. ඒ නිසා දරුවනේ, ඔබට මම මේ වගේ දෙයක් කියනවා. ඔබ සෑම අතින්ම වාසනාවන්තයි. ඔබ සෑම ක්‍ෂේත්‍රයකින්ම භාග්‍යවන්තයි. ඔබට පාසලේ ප්‍රධාන වශයෙන් විභාගවලින් ඔබ ලබන ජයග්‍රහණ වගේම ඒ සඳහා සූදානම්වීම වගේම විභාග සමත්වීම වගේම මා කවදත් කියන පරිදි ජීවිතය සමත්වීම සඳහා සමාජය තුළ ප්‍රායෝගිකව තිබෙන ගැටලු සහ ප්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ජීවිතයේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය, අධිෂ්ඨානශීලී භාවය, කැපවීම, විනය, විශිෂ්ටත්වය තුළ ඔබ මේ රටේ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට පුරවැසියන් වනු දැකීමයි අපේ අරමුණ. ඒ සඳහා ඒ ගමන් මගේ ඔබ ගෙනයන්ට, ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට අප විසින් දිය හැකි, දිය යුතු සෑම සහයෝගයක්ම ඔබට නොපිරිහෙළා ලබා දෙන බව ප්‍රකාශ කරන්න ඕන. වර්තමාන විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාලත් තුමියලත්, ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලයේ දරුවන් සඳහා කරන කැපකිරීම මා ඉතාමත්ම අගය කරනවා.විදුහල්තිතුමාගේ නායකත්වයත්, ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේ තිබෙන කැපවීම සහයෝගය තුළ මේ සියලු භෞතික සම්පත්වලින් අනූන මේ පාසල ලංකාවේ විශිෂ්ටතම පාසලක්, විභාගවලින් වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රය ඇතූළු අනෙක් බාහිර ක්‍රියාකාරකම් තුළ විවිධ ක්‍ෂේත්‍ර තුළ විශිෂ්ටතම පාසලක් බවට පත් කර ගැනීමට විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා. එම නිසා අද දවසේ ඔබ සැම සමඟ එක් වන්නට ලැබීම ඔබට මෙන්ම ශිෂ්‍යයෙක් විදියට මට ඉතාමත්  ඓතිහාසික අවස්ථාවක් කියන එක සිහිපත් කරනවා.ඔබේ අනාගතය වගේම, මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස මේ රටේ විශිෂ්ටයින් මෙන්ම ජාත්‍යන්තරය තුළත් ඉහළ විශිෂ්ටයින් බවට පත් කරන්නට රජයක් විදියට අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගත් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් අවශ්‍ය සම්පත් ලබාදීමත් තුළ අපි රජයක් විදියට අපේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරන බව ප්‍රකාශ කරමින් මේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය අලුත් මුහුණුවරකින් අලුත් වැඩසටහන් රාශියක නියැලී සිටිනවා. ආදි ශිෂ්‍ය සංගමයටත් මම සුබ පතනවා. ආශිර්වාද කරනවා ඔබේ මඟ පෙන්වීම ඔබේ සහයෝගය තුළ මේ පාසල සංවර්ධනයට සනිටුහන් කරන්න කියා. ඒ වගේම මව්පියන්ගේ තිබෙන උනන්දුව වුවමනාව, කැපවීම තමන්ගේ දරුවන් වෙනුවෙන් මම ඉතාමත්ම අගය කරනවා.දරුවන් පාසලට එවනවා වගේම දරුවන් පාසලෙන් පෞද්ගලික පන්තියට යවනවා වගේම ඒ සියලු දේවල් පිළිබඳව මව්පියන් දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. එම නිසා දරුවන් පාසලට, පෞද්ගලික පන්තියට යවනවා වගේම, වැඩ රාජකාරි කොතෙක් තිබුණත් දරුවන් පිළිබඳව සොයා බැලීම පෙරට වඩා ඉතාම අවශ්‍යයි කියන එක විශේයෙන් සඳහන් කළ යුතු වෙනවා. පසුගිය දිනවල අපි දැක්කා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් නවක වදය දීම තුළ මොනතරම් හිංසාකාරී විදියට නවක ශිෂ්‍යයින්ට කරදර කරලා තිබුණාද කියන එක. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගෙයක් කුලියට අරගෙන නවක ශිෂ්‍යයින් ගෙනහිල්ලා ඇඳුම් ගලවලා නිරුවත් කරලා බිම දිගා කරලා පොලු අරගෙන ගහලා තලලා ඒ අහිංසක ශිෂ්‍යයින්ට ඉතාමත් ම්ලේච්ඡ විදියට හිංසා කරලා තිබුණේ.ඒ කටයුතුවලට සහභාගීවෙච්ච සිසුන්ට මම දොස් කියන්නේ නෑ. නමුත් ඒ සිසුන් ඒ තත්ත්වයට පත් කළේ කවුද? ඔවුන් පිටුපස්සේ සිටියේ කවුද? ඒ අයට ගෙවල් අරන් දුන්නේ කව්ද ඒ සඳහා මුදල් කොහෙන්ද මෙවැනි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ නිසා දරුවනේ ඔබ වගේ මේ රටේ සමස්ත දරු පරපුර විශ්වවිද්‍යාලයට යන්නේ සුන්දර බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනයි. ඒ සුන්දර පරිසරය තුළ බලාපොරොත්තු රාශියක් ඇතිව ඔබ විශ්වවිද්‍යාලයට යනවිට විශ්වවිද්‍යාලයෙන් ඔබ පිළිගැනීම කෙබඳුද. අපි දන්නවා පසුගිය දශක කිහිපය තුළම බරපතළ ඛේදවාදක රාශියක් ඇතිවුණා. සමහර සිසුන් මියගියා. අතපය කැඩුණා. සමහර සිසුන් සියදිවි නසා ගත්තා. ඒ අතරට අපට වාර්තා වෙනවා ඉතාමත්ම වධහිංසා, හිංසාදායක අමානුෂික ක්‍රියාකාරකම්. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිටින සියලුම සිසු දරුවන්ගෙන් සිසු පරපුරෙන් මම ඉල්ලනවා ඔබේ මානසිකත්වය, ඔබේ සහෝදරත්වය ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් සඳහා තිබිය යුතු සෙනෙහස, ආදරය, ගෞරවය, පිළිගැනීම ඒ මනුෂ්‍යත්වය තුළ විශේෂයෙන්ම ආගමික ධර්මතාවයන් තුළ ප්‍රබුද්ධ භාවයෙන් කටයුතු කරන්න කියා. එම නිසා මෙවැනි සිද්ධීන් අපි රජය විදයට බරපතළ ලෙස, බලවත් ලෙස කනගාටුවනවා වගේම එවැනි සිද්ධීන් ඇති නොවීමට මම උපදෙස් දීලා තිබෙනවා. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් අරන් තිබෙනවා. විශ්වවිද්‍යාලයේ සියලුම උප කුලපතිතුමන්ලා, ආචාර්ය මණ්ඩල පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඒ සියලුම අයට මම ප්‍රධාන වශයෙන්ම ඉදිරි කාලසීමාව තුළ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගෙන සෑම ශිෂ්‍යයෙකුටම නිදහස් පරිසරයක් තුළ තම අධ්‍යාපන කටයුතු කිරීමේ පසුබිමක්, පරිසරයක් ගොඩනගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පින්බර දිනයේ ආදරණීය, මාතාවන්ට රාජකීයයන්ට මවුපියන්ට සහ දරුවන්ට ඒ හා සමානවූ විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයත්, ආදී ශිෂ්‍යයින් සහ ආරාධිත අමුත්තන් වන ඔබ සියලු දෙනා සමඟ මේ දරුවන්ගේ කාර්යයට සහභාගී වීමට ලැබීම ගැන සතුටුවෙමින් දරුවනේ ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය සඳහා අප විසින් කළයුතු සියලු කැපවීම් කරමින් රටක අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය දීර්ඝතම මෙන්ම වඩාත් උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනය නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම තිබෙන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින්  මම ඔබෙන් සමුගන්නවා. පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජයවංශ මහතා පිළිගැනීමේ කථාව කළේය. උතුරු මැද පළාතේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ආර්.එම්.පී.බී. රත්නායක, යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි
0
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපාලනය කරන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙඩි නොවදින වාහන යකඩ කූඩු අතර සිරවූ ජනාධිපතිවරයෙකු වන්න තමා කිසි කලෙක සූදානම් නැතැයිද අවධාරණය කළේය.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එම්. ඩිල්ශාන් සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එච්.ජී. පියරත්න මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරීහු පනස්දෙනෙක් එක්වූහ.හොරොව්පොතාන ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් මුලතිව්, සේරුවිල, මැදිරිගිරිය, මින්නේරිය සහ මහියංගනයේදීද ජන රැලි පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.රටේ දියුණුව වගේම හොරොව්පොතානේත් දියුණුව මා අතට ගන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් ක්‍රියාමාර්ග නිසා ප්‍රදේශයේ ජනතාවට වගා කිරීමට මෙන්ම ඉන්න හිටින්න තැනුත් නැති වෙලා. පරිසරයට හානියක් නොවන ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග කතා කර වගා බිම් හා පදිංචියට සුදුසු තැන් ජනතාවට දෙනවා.පරිසරයත්, වන වගාවත්, රටේ වන ගහනයත් වැඩි කරන්න ජනතාව උනන්දු කරවන වැඩසටහනක්ද මා ක්‍රියාත්මක කරනවා. දිවංගත මගේ පියාගේ වැඩපිළිවෙළ තමයි, අගනුවරින් ගමට කර්මාන්ත රැගෙන එන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර ගෙන එනවා. මේ ප්‍රදේශයට කර්මාන්තපුර තුනක් දෙනවා. ගමේ තරුණයාට - තරුණියට ගමේම සිට රැකියාව කරන අවස්ථාව මා උදා කර දෙනවා.මගේ පියා එදා හදපු කර්මාන්තශාලාව අද වෙනත් කෙනෙකුට බදුදීලාලු. ලබන 16 වැනිදායින් පසු එය යළි විවෘත කර තරුණ තරුණියන් 500 - 800 කට රැකියා දෙනවා.මොරගහකන්දෙන් හුරුළු වැවට ජලය ගෙනල්ලා යාංඔය හරහා සුදුසු පරිදි ඇනිකට් දමා කුඹුරු අක්කර 5000 ක් අස්වද්දන්න යෝජනාව පැමිණ තිබෙනවා. මේ වාරි යෝජනා ක්‍රමයේ පීතෘවරයා ලෙස සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 ට තිබෙන පොහොර නොමිලේ දෙනවා කියනවා. රක්ෂණයත් සමග එය රුපියල් 500 යි කියාවත් ඔහු දන්නේ නැහැ. පොහොර ගැන දන්නේ නැති කෙනා කොහොමද පොහොර ගැන දැනගන්නේ? මා වී ගොවියට පමණක් නොව හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවා. කෘෂිකාර්මික විප්ලවය ඇති කර පිටරටින් ආහාර ගෙන එන වැඩපිළිවෙළ නතර කර මෙරට ආහාර නිෂ්පාදනය වර්ධනය කරනවා. රටේ ගොවියාට රටේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න හැකියි.මහපොළව කොතනද කියා නොදන්න, කැටි වළාකුළුවල, කෙඳි වළාකුළුවල ඉන්න ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැහැ. ඒ ඇත්තෝ කරන්නේ ප්‍රභූ දේශපාලනයයි. මා කරන්නේ පොඩි මිනිහාගේ සමාජ සේවයයි.සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ ආණ්ඩුව තමයි, මේ අයගේ රැකියා ස්ථිර කර විශ්‍රාම වැටුප් හිමිකම දුන්නේ. සිවිල් ආරක්ෂක රණවිරුවන් මගෙන් ඔවුන්ගේ විශ්‍රාම යන සේවා කාලය අවුරුදු 22 ක් කරන්න කියා ඉල්ලනවා. ඒ යුතුකමත් මා ඉටු කරනවා.ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. වකුගඩු රෝගීන් ඇතිවීමට හේතුව පසුගිය ආණ්ඩු කාලේ බාල පොහොර, බාල කෘෂි රසායන මෙරටට ගෙන ඒමයි. සජිත්ගේ ආණ්ඩුව යටතේ බාල පොහොර ගෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ. කාබනික පොහොර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරනවා.වකුගඩු රෝගයෙන් විපතට පත්වූ මේ ප්‍රදේශවල රෝහල් සඳහා අලුතින් වකුගඩු ඒකක ස්ථාපනය කරනවා. ඒවායේ රුධිර කාන්දු කරන යන්ත්‍ර වැඩි කර හැම පුරවැසියකුම රැකගන්න මා කටයුතු කරනවා. රටේ පළමු වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ඒකකයක් පටන් ගත්තේ අපයි.හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා. එමගින් මේ ප්‍රදේශය සංචාරක පාරාදීසයක් කර ජනතාවගේ අත මිට සරු කරනවා.ලබන 16 වැනිදා මා රටේ ජනාධිපතිවරයා වූ පසු පැය 72 ක් ඇතුළත හොරොව්පොතාන කොට්ඨාස තුනට ජාතික පාසල් 3 ක් දෙනවා. මා අනෙක් අය වගේ බල බල ඉන්නේ නැහැ. මහ පොළොවට බැස අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විදුලි වැටවල් සේම නවීන ක්‍රමෝපායන් මගින් ස්ථිර විසඳුමක් දෙනවා. වැව් ප්‍රතිසංස්කරණය කර කෙත්වතු සරුසාර කරන යුගය ඇරඹෙනවා.2025 දී රටේ සැමට සෙවන දෙද්දී හොරොව්පොතාන නිවාස ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව ඇති සියලුදෙනාට ජාති, ආගම්, පන්ති, පක්ෂ බේදයකින් තොරව ගෙවල් ටික හදා දෙනවා.කිරි ගොවි ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ භූමි ටික වගේම ගුණාත්මක සතුන්දී බහු ජාතික සමාගම්වලට යට නොවී මෙරට කිරි වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවා. මට කොම්පැණිකාරයන්ට වඩා මහපොළොවේ පය ගහලා ජීවත් වන මිනිසා වටිනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් යුගයක් නිර්මාණය කරන්න අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කිරීම මේ විද්‍යාලවල අරමුණයි.පෙර පාසල් ගුරුතුමියන්ට, සහාය පාලිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා රජයෙන්දී අනිවාර්යෙන්ම පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා සංකීර්ණ සහිතව මානව භෞතික සම්පත් සමග දිවා ආහාරයද දෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර පාසල් නිදහස් නිවහල් පෙර පාසල් බවට පත්කරනවා.අපේ ප්‍රතිවාදීන් මේවා කරන්න කොහෙන්ද සල්ලි කියලා අසාවි. සල්ලි ඕනෑ තරම් තිබෙනවා. සල්ලි එදා ගියේ අනවශ්‍ය දේවල්වලටයි. ලබන 16 වැනිදායින් පසු ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පාර්ලිමේන්තුවේ 225 ටවත් ඩියුටි ෆ්‍රී වාහන නෑ. ඒ ඔක්කොම මුදල් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කරනවා.අලුත් ආණ්ඩුවක් බිහිවුණාම මැති ඇමතිවරුන් ඇතුළු සෑමදෙනාටම වාහන ගෙන්වන්න පුරුදු වෙලා. ඒ පුරුද්ද නවතා මුදල් ජනතාවට දෙනවා. මගෙන් ඒ ආදර්ශය දෙනවා. මගේ කාලවකවානුව තුළ වෙඩි නොවදින වාහන හෝ වෙඩි වදින වාහන හෝ මා ගෙන්වා ගන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් නැහැ, වෙඩි නොවදින වාහනවල යන්න. එහෙම ගියොත් මමත් ජනතාවත් අතර දුරස්ථභාවය ඇති වෙනවා. වාහනයේ ගමන් යන අතරතුර කණ්නාඩිය පහත දමා ජනතාවට අත වැනීමේ නිදහස මට තිබිය යුතුයි. යකඩ කූඩුවල ජනාධිපති ලෙස හිරවෙන්න මා යන්නේ නැහැ.මගේ පියා පුරුදු කළ දෙයක් තිබෙනවා. එනම්, උපදින්නේත් ජනතාව අතර, ජීවත් වෙන්නේත් මහජනතාව අතර, මිය යන්නේත් මහජනතාව අතර කියලයි. මා බියගුල්ලකු නොවෙයි. මෙදා පාර බිහිවන ආණ්ඩුවේ නියෝජිතයන්ට සුර සැප විඳින්න ලැබෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියාව පටන් ගන්නේ මගෙනුයි. උදේ හතරට මා පටන් ගෙන රාත්‍රිය වන තෙක් ජනතාවටත්, රටටත් විප්ලවීය සංවර්ධනය මා ගෙන එනවා.මට දැන් අවුරුදු 52 යි. මට හොඳ හයියක් ජවයක් තිබෙනවා. මා සතු ප්‍රතිපත්ති තුළ පවුල්වාදයට ඉඩක් නැහැ. මෙදා පාර රජයක් පිහිටුවන විට පාලකයෝ දුක් විඳ මහන්සි වෙලා කඩිසර වෙලා පොදු ජනතාව අතර ඉඳගෙන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ලෑස්තිවිය යුතුයි.ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න, නීතිය හා සාමය සුරකින්න සරත් ෆොන්සේකා සෙන්පතිතුමාට වගකීම බාර දෙනවා. යාළු හිතවත්කම මත මා තනතුරු දෙන්නේ නැහැ. කුසලතාව දක්ෂතාවට නිපුණත්වයට හා හොඳ වැඩකාරයින්ට මා තනතුරු දෙන්නේ ගසා කාපු හොරාකාපු, අල්ලස් ගත්තු කිසි කෙනෙකුට මගේ අලුත් ආණ්ඩුව තුළ ඉඩක් නැහැ.ප්‍රතිවාදී අපේක්ෂකතුමාට දර්ශනය - ප්‍රතිපත්ති ගැන කතා කරන්න විවාදයකට එන්න කිව්වා. සති දෙකකට පසුවත් තවම උත්තරයක් නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද? කියා.විවාදය සජීවීව යන විට මාධ්‍යයට පුළුල් තිරය පෙන්නන්න වෙනවා. මොකද දැන් පෙන්නන්නේ අඩු කළ තිරයක් පමණයි. දෙපැත්තේ තිබෙන වීදුරු කෑලි පෙන්නන්නේ නැහැ. ඒවා එනම් ටෙලිෆොන්ටර් හංගන පචවාහිනී මොනවද කියා ජනතාව දන්නවා.මුළු රටේම හැම පවුලක්ම හැම පුරවැසියකුම ශක්තිමත් කර තේජවන්ත ශක්තිවන්ත ශ්‍රී ලංකාවක් බිහි කරන්න 16 වැනිදාට මට හයිය දෙන්න කියා ඉල්ලා සිටිනවා යයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, හොරොව්පොතාන ආසන සංවිධායක එම්. සහිඳු යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
1
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක්ම රටේ දියුණුව වෙනුවෙන් යොදවන බවද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තංගල්ල නගරයේ සංවිධානය කර තිබූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.දෙණියාය, අකුරැස්ස, හබරාදූව, රත්මලාන සහ බොරැල්ල ප්‍රදේශවලද මෙදින රැලි පැවැත්විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මොරවක සහ අකුරැස්ස ප්‍රදේශවල පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වී මෙතැනට පැමිණියා. තවත් රැස්වීම් කිහිපයකට සහභාගී වෙන්න තිබෙනවා.  රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ප්‍රශ්න සහ උත්තර විවාදයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ප්‍රතිවාදී අපේක්ෂකතුමන් සහභාගී නොවීම ගැන මා කනගාටු වෙනවා.  ඒ විතරක්ද නොවෙයි. වෙනත් කෙනකු දීපු කථාවක් පටිගත කර තමයි, ඒ අවස්ථාවේ ඔහු අදහස් ඉදිරිපත් කළේ.මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වෙන්නේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විසිපස් වසරක දේශපාලන ගමනේ යෙදිලයි. දිස්ත්‍රික් සංවිධායකකමෙන් ආරම්භ කළ දේශපාලන  ගමන ඉන්පසු හම්බන්තොට - සූරියවැව සංවිධායක බවටත්, ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු බවටත් පත්වුණා. ජනතාව මට දුන් සහයෝගය මත පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්වෙලා අද මා යන්න පුළුවන් ඉහළම අවසාන තැනට ඇවිත් සිටිනවා.ජනාධිපතිවරයට තව දින කිහිපයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 576 ම ජනතාව 2000 මහ මැතිවරණයේදීත්, ඉන් පසු 2001 දීත්, ඉන්පසු 2004 දීත්, 2010 දීත්, 2015 දීත් අවස්ථා පහකදී දෙවතාවක්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දුන්  හයියේ උච්ඡතම අවස්ථාවට මා දැන් එළැඹිලා.හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  රට වටා ගිය ගමනේත්  මා ලබපු  අත්දැකීම් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය සංක්ෂිප්තව ඉදිරි දින කිහිපය තුළ ඔබ අතට ලැබෙනවා.මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මා මුළු රටේම ගමන් කළා.  මෙදා පාර සජිත් ප්‍රේමදාසට මුළු රටේම ජනතාවගේ හයිය තුළින් ඒ මහා ජනවරම ලැබෙන බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වරම ලැබෙනවිට 25 වසරක් තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළ මට හම්බන්තොට  දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල, තිස්සමහාරාමය උඩටම උස්සා සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන්න ඔබ කැපවෙන්න ඕනෑ.විශේෂයෙන්ම තංගල්ල නගරයේ පොඩි බෝට්ටු, තෙප්පම් වෙනුවෙන් ධීවර ප්‍රජාව සහනයක් ඉල්ලා තිබෙනවා. ලාම්පු  තෙල්වලින් රැකියා කරන කුඩා ධීවර යාත්‍රා 50,000 ක් තිබෙනවා. 16 වැනිදට මා පොදු ජනතාවගේ ජනාධිපති වනවිට ධීවර ජනතාවගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.රටේ බහුදින යාත්‍රා 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙතෙක් කල් ආදායම් බද්දෙන් නිදහස්ව තිබූ ඒ අයගේ වෘත්තියට දිගටම ඒ නිදහස දෙන්න කියා ඉල්ලීම තිබෙනවා. 16 වැනිදායින් පසු ඒ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියා මා ඔබට කියන්න කැමැතියි.ඒ වගේම අසහනයට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ සියලුම දෙනාට අප දුන්නු සහන ඉදිරියටත් දෙනවා.අපේ රජය තුළ ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය  අමාත්‍යවරයා විදියට සරත් ෆොන්සේකා මහතා තීන්දුකර හමාරයි.  ඒ තුළින් ශක්තිමත්  ජාතික ආරක්ෂාවක් ගොඩනැගෙන විට අනිවාර්යයෙන්ම රටේ සංචාරක කර්මාන්තය නැවත වරක් පිබිදෙනවා කියා කියන්න කැමැතියි.ජාතික  සංචාරක ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ තුළින්  සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න කටයුතු කරනවා. තංගල්ල  පුරවරයේ ආරම්භ කළ නගර සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කරනවා.තංගල්ල රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් අනුමත   කර දිලිප් වෙදආරච්චි මහතා සමග රටේ  ජනාධිපති හැටියට මුල්ගල තියා වැඩ ආරම්භ කරන්න මා එනවා.ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙළ නිසා මුළු රටේම කාන්තාවන් අසහනයට පත්ව සිටිනවා. කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.මගේ පියා දරුවන්ට නිල ඇඳුමයි, දිවා ආහාරයයි දුන්නා. මගේ  ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි, ඒවා කපා හැරියේ. 16 වැනිදා ජනාධිපතිවරයා බවට ජනතාව මාව පත් කරන විට හතළිස් හතර ලක්ෂයක් පාසල්  දූදරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කූට්ටමයි, දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. සමෘද්ධිය වෙනුවෙන් කැපකරන මුදල් ප්‍රමාණය මා වැඩි කරනවා. රටේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයයි. එය කෙටි කාලයක් තුළ විසඳිය යුතු ප්‍රශ්නයද වනවා.සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා වගේම මුළු රටේම දුප්පත්කමේ එරී සිටින ජනතාව එයින් මුදාගැනීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම එකට දෙනවා කියා මා කියන්න කැමැතියි.මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහනාධාර පොහොර මිලවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ ගිහින් 350 පොහොර නිකං දෙනවා කිව්වා. රක්ෂණ ගාස්තු 150 අමතක වුණා. එතුමන්ට කවුරු හරි ගුලියක් දුන්නා.ජාතික ආහාර නිෂ්පාදනය උසස් මට්ටමකට ගෙනඒමටත් එයින් ජාතික නිෂ්පාදනයට දැවැන්ත හයියක් දීමටත් මා  කටයුතු  කරනවා. මේ මගින් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ කිසිම නායකයකු නොකරපු දෙය මා ක්‍රියාත්මක කරනවා.වී වගාවට, එළවළු, පලතුරු වගාවට ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග වගාවටත් තේ,  පොල්, රබර් වැනි වැවිලි කර්මාන්ත ඇතුළු රටේ කෙරෙන හැම වගාවකටම පොහොර සහානාධාරය පමණක් නොවෙයි නොමිලේ පොහොර දීමටද කටයුතු කරනවා.යොවුන් පරපුර වෙනුවෙන් රටේ හැම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම  නවීන තාක්ෂණ  විද්‍යාගාර ආරම්භ කරනවා.එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි  විද්‍යාගාර 12 ක් ආරම්භ වෙනවා. ඒ අනුව තංගල්ල ඇතුළු සියලුම  ප්‍රදේශවල ආරම්භවන නවීන තාක්ෂණ විද්‍යාලය තුළින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යෞවන පරපුරට නොමිලේ  ජාත්‍යන්තර මට්ටමින් මා උගන්වනවා.මෙතැනින් මා නතර වෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.  එතකොට නවීන තාක්ෂණ  විද්‍යාලයෙන් සමත්වන  යෞවනයන්ට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගිහින් ඩිජිටල් ව්‍යාපාරයේ නිරත වන්නට අවස්ථාව දෙනවා. ඒ සඳහා මූලික ප්‍රාග්ධනයද දෙනවා.මේ අනුව හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 12 ට නවීන තාක්ෂණ උද්‍යාන 12ක්, තොරතුරු තාක්ෂණ උද්‍යාන 12ක් ඇතිවෙනවා. ඒ වගේම මගේ නව ප්‍රතිපත්තිය මත කර්මාන්ත උද්‍යාන 12 කුත්, කර්මාන්ත පුරවර 12 කුත්  ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ගමේ නගරයේ දූ දරුවන්ට ඒවායේ රැකියා කිරීමේ අවස්ථාව උදාකරනවා.රටේ ලක්ෂ සංඛ්‍යාත  ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව  ලක්ෂ තුන ගානේ පොලී රහිත ණයක් දෙනවා. දස ලක්ෂ ගණනාවක්  ත්‍රි රෝද රථ රියැදුරන්  සිටිනවා. ඒ අයගේ ජන ජීවිතය ඉහළ  මට්ටමට ගෙන ඒමට මා කටයුතු කරනවා.1994දී මා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිත් සමාජ සේවය ආරම්භ කළේ පෙර පාසල් ඉලක්ක කරමිනුයි. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ලියාපදිංචි වෙලා  තිබෙන්නේ 10000 යි.රටේ සියලුම පෙර පාසල් පාලිකාවන්ට, සහාය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප්, දීමනා දී හැම පෙර පාසලක් වෙනුවෙන්ම අංග සම්පූර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක් ලබාදෙනවා.ඒ වගේම  මානව භෞතික සම්පත් දී ඒ දූදරුවන්  වෙනුවෙන් නොමිලයේ දිවා ආහාරයද දී රටේ  පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කිරීමට මා තීන්දුවක් ගත්තා. එතකොට මවුපියන් මුදල් ගෙවා පෙර පාසල් අධ්‍යාපනය දුන් කාලය මා නතර කරනවා.විශ්‍රාමික ප්‍රජාවත් මා රැකගන්නවා. විශ්‍රාමික ප්‍රජාවට දෙන්න පුළුවන්  උපරිම සහන ටික දෙනවා. වැඩිහිටි  ආධාරය රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරනවා. ඒ විතරක්ද නොවෙයි. රණසිංහ ප්‍රේමදාස සමයේදී වගේ ජනසවිය ගමේ, නගරයේ  සමුපකාරය මගින් ක්‍රියාත්මක  වන විට රටේම සමුපකාර පද්ධතියත් ශක්තිමත් වෙනවා. අපි කරන්න යන වැඩ කොටස් ගැන හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවනි.මා ඇමැතිවරයකු  විදියට ඇමැති පඩිය ගත්තේ නැහැ. ඇමැති වාහනය ගත්තේත් නැහැ. පෞද්ගලික වාහනයට මගේ  අතින්ම තෙල් ගහගෙන රට වටේ ගිහින් වැඩ කළා. වරදාන වරප්‍රසාද ගන්නවා වෙනුවට තිබෙන හැම තඹ සතයක්ම  වියදම් කළේ පොදු ජනතාව වෙනුවෙනුයි.දහසයවැනිදාට තංගල්ල දිනවන විට, මුල්කිරිගල බෙලිඅත්ත, තිස්සමහාරාමය දිනවන විට මා මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර අලුතින් වෙඩි නොවදින වාහන ගෙන්වන එක නතර කර  ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ඩියුටි ෆ්‍රී පර්මිට් ලබපු  කාලය අවසන් කර ආණ්ඩු වෙනස්වෙන විට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන පුරුද්ද නතර කර හැම අරමුදලක්ම මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් යොදවනවා.මගේ හිතවත්  ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කර දැන් සති දෙකක් ගතවෙනවා. අද උදෙත් අවේ නැහැ. මා කියනවා. එන්න බය නම් ජනාධිපති අයියත් එක්ක එන්න. එහෙම නැතිනම් පවුල් ගහේ ඉන්න හැම දෙනාම කාල්ටන් නිවසට ගෙන්වන්න. එහෙම නැතිනම් මැදමුලන වලව්වට ඥාති, රොත්ත බුරුත්තම ගෙන්වන්න. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියම කියා මා කියන්න කැමතියි.මා තනියම ගිහින් වාද විවාද කර විවාදයත් දිනා ජනාධිපතිවරණයත් දිනනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු දෙනාම ජයග්‍රහණයට සූදානම් වෙන්න. 1994 ඉදන් තමුන්නාස්සේලාගේ දුක සැප සියල්ලක්ම හොයා බලා කරන්න පුළුවන් උපරිමය මා කළා. තව වැඩි වැඩියෙන් උදවු පදව් කරන්න දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර දෙන්න කියා මා ඉල්ලීම කරනවා.” යයිද, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතා  හත්වැනි විධායක ජනාධිපති දුර තරගයට ඉදිරිපත්ව සිටිනවා. රාජපක්ෂවරුන් විධායක ජනාධිපති ධුරය හොබවලත් කරන්න බැරිවෙච්ච විශාල සේවාවක් එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කළා.නියඟයට, ගංවතුරට ඕනෑම ගැටලුවකට මේ ප්‍රදේශවලට පිහිටවුණේ සජිත් ප්‍රේමදාස මහතායි.  එතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිකර ශාසනය වෙනුවෙනුත් විශාල සේවයක් ගෙනගියා. ජාති ආලයෙන්, ආගම් ආලයෙන් කතාකරන රාජපක්ෂවරුන් අඩු ගානේ චෛත්‍යයක්වත් ඉදිකර නැහැ.සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නිකං ලැබුණේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති අපේක්ෂකත්වය එතුමන් ගන්නවා කිව්වා. ඒ වගේම 16 වැනිදාට රටේ නියත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නවා” යයිද ඔහු කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා:-    “එදා රාජපක්ෂ පාලන සමයේදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් කොච්චර භීතියකින් කටයුතු කළාද?. අද එහෙම භීතියක් නැහැ. ඔවුන් අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා. එදා ආතතියෙන් භීතියෙන් කටයුතු කළ මැතිවරණ කොමසාරිස් අද බොහොම ගැම්මෙන් කොන්ද කෙළින් තියන් වැඩ කරනවා.රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම මට පවරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගකීම අකුරටම ඉටුකරමින් සියලුම ජනතාවට ජීවත්විය හැකි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා කැප වෙනවා.ඒ වගේම අද තරුණ පරපුර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට  ඇබ්බැහි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්ව සිටිනවා. තරුණ පරපුර මේ තත්වයෙන් ගලවා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටද මේ තත්වයෙන් ගලවා ගැනීමට මා කැපවෙනවා” යයිද ඔහු පැවැසීය.විශාල පිරිසක් රැලිවලට සහභාගිවී සිටියහ.
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0
(මුදිතා දයානන්ද)“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට  යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්.  ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ  ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ.  මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“
1
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.ඔහු මෙසේ ද පැවැසීය.“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්‍රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්‍රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්‍රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්‍රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.”  එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්‍රතිපත්තියයි.වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු  ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“
0
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“
0
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ පාතදුම්බර යූ.එස්. නිමල්)රට පුරා සංවර්ධනයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 - 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී ඊයේ (1) පැවැසීය.ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබාදීම ඩී.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි  ප්‍රශ්න කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹු හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩා පිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.අද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මෙය ආරම්භයක් පමණයි. මෙම වැඩසටහන යටතේ සියලුම වතුකම්කරුවන්ට පර්චස් හතක භූමියක අයිතිය ලබාදෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවටත් සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ භේදයකින් තොරව අපි ඉඩම් අයිතිය ලබාදෙනවා. මෙය අප ආණ්ඩුව සිදුකරන විශාලතම වැඩසටහනක්. අද වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමෙන් පසු ගම්මානවල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීම අප ආරම්භ කරනවා. දිගම්බරම් ඇමැතිතුමා යටතේ වතුකරයේ ජනතාවට අපි ලබාදෙන්නේ නිවසක් පමණක් නොවෙයි. අපි ඔබට අංග සම්පූර්ණ ගම්මානයක්ම ලබාදෙනවා. ඔබේ ආදායම් මාර්ග ඇති කරගනිමින් දියුණු වෙමින් ඔබේ ප්‍රජාවට එහි ජීවත් විය හැකියි. ගම්මාන වල ජීවත්වන ජනතාවට අතීතයේ තමන්ට උරුමව තිබූ ඉඩකඩම්වලින් කොටසක් නැවත වගාකිරීම සඳහාත් ලබා දෙනවා. ඒ සඳහා අප ජනතාවට උදව් උපකාර කරනවා. දයා ගමගේ අමාත්‍යවරයා විසින් කුරුඳු වගාව කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි කොකෝවා වගාව පිළිබඳවත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ අනුව මාතලේ, නුවර පමණක් නොවෙයි දොඩම්ගස්ලන්ද ප්‍රදේශය අවටත් කොකෝවා වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ කොකෝවා මිලදී ගන්නා ආයතන සියල්ලම මෙම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව පැවසුවා. ඔවුන්ට අද කොකෝවා ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එම නිසා තමන්ගේම ඉඩම්වල කොකෝවා, කුරුඳු, කෝපි ආදිය වගාකිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරනවා. ඒ අනුව අප ජනතාව ශක්තිමත් කරමින් ජනතාව ජීවත් කරවනවා. මේ ආකාරයට ගම්මාන ඇති කිරීම බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවලත් සිදු කරනවා. ඒ හරහා නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපේ අරමුණයි. නමුත් අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. අදත් මව්බිම පුවත්පතේ මාව විවේචනය කර තිබෙන බව මම දුටුවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ පලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි. 1994 දී වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට තීරණය කර සිටියදී අප පරාජයට පත්වුණා. නිවාස ලබාදීම ඉන් පසුව හීනයක් බවට පත් වුණා. නමුත් 2015 දී අප ලබාගත් ජයග්‍රහණයත් සමග එම වැඩකටයුත්ත අප දැන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දැන් අප ඔබට ලබා දෙන්නේ නිවාස පමණක් නොවෙයි, අංග සම්පූර්ණ ගම්මානත් ඔබට ලබා දෙනවා. වතුකරයේ ගම්මාන සඳහා පාසැල් 25 ක දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ඔබේ දරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය අප සකසා දී තිබෙනවා.  ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇති වන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හෝ රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රු. 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර දෙකක කාලය තුළ මීටත් වඩා හොඳින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලු දේවල් සිදු කළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැණුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. “ගම් පෙරළිය”, “එන්ටර්ප්‍රයිස් ලංකා”, ශ්‍රවශක්ති”, විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 - 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා. මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලු වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබා දෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබා දිය හැකියි. තවත් වසර 3 ක් 4 ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටලුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකියි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර පහ තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100 ක පමණ මුදලක් වැය වෙනවා. සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටලු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳව අප හොඳින් දැනුවත්. නමුත් සිංහලයා බේරා ගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලු මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ.  අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා. මේ සියලු ගැටලුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹ විශාල මහ නගරයක් බවට පත් වෙනවා. කොළඹ සිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇති කර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කිරිඇල්ල මහතා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාර ගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02 ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්ෂ 100ට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලුවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද? දැන් වැව රවුමේ ඉඩමක මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. නමුත් අධිවේගී මාර්ගය ඉදි වූ පසු එය තවත් වැඩි වෙනවා. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල මිලත් වැඩිවෙනවා. අද ඔබට ලබාදෙන පර්චස් 07ක ඉඩමේත් මිල ඉදිරියේදී වැඩිවෙනවා. නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදීම දැන් විශාල වශයෙන් සිදුකරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදුකරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100%කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටුකරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය, රැකියා අයිතිය ලබාදිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත් වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත්වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ. දෙරණ, හිරු ආදියේ මේවා ගැන පුවත් විකාශය වන්නේ නැහැ. සිරස ගැන කතා කිරීමෙන්ම පලක් නැහැ. ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වල මේ ව්‍යාපෘති පිළිබඳව පළ වෙනවාද? මම අද සිදු කරන මේ කතාව ලංකාදීප පුවත්පතේ පළ වන්නේ පාපන්දු ලෝක කුසලානය පිළිබඳව පුවත් පළ කරන පිටුවේ කොනක සඟවා බවට මට ඔට්ටුවක් ඇල්ලීමට හැකියි. දිවයිනේ නම් මේ කථාව පළ කරන්නේ මොන පිටුවේදැයි මට සිතාගැනීමටත් නොහැකියි. අද අප සිදු කරන මෙම වැඩසටහන රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වේදැයි අප දන්නේ නැහැ. නමුත් අප මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. මෙම වැඩසටහනට විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කළ ලක්ෂමන කිරිඇල්ල ඇමැතිවරයාට මම ස්තුතිවන්ත වනවා. ඒ වගේම වතුකරය නියෝජනය කරන දිගම්බරම් ඇමැතිවරයාටත්, අනෙක් මහජන නියෝජිතයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අප ලබාගත් නිදහස, එකමුතුව සහ සංවර්ධනය ආරක්ෂාකර ගනිමු යැයි මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:පසුගිය ජනාධිපතිවරණයට පෙර අප කන්ද උඩරට ද්‍රවිඩ නායකයන් මුණ ගැසුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සෑම වතුකම්කරු පවුලකටම පර්චස් 7 ක් දෙන බව අප පොරොන්දු වුණා.ජනපති මෙන්ම අගමැති එම කැබිනට් පත්‍රිකාවට සහයෝගය දුන්නා. ඒ කටයුත්ත පමා වුවත් දැන් නැවතත් එය පවත්වාගෙන තිබෙනවා. වතු කම්කරුවන්ගේ භූමියේ අයිතිය පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂ රජයයි.ඔබට අයිතියෙන් 99%ක් භුක්තියට ලැබෙනවා. වතු කම්කරුවන්ට හිරිහැරයක් නොවන ලෙස මේ ඉඩම් ලබාදෙන ලෙස නිලධාරීන්ට පවසනවා.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:2015 ජනාධිපතිවරණයේදී අගමැතිතුමාගෙන් පළමු ඉල්ලීම කළේ වතු ජනතාවට පර්චස් 7 බැගින් ලබාදෙන ලෙසයි. අද අගමැතිතුමා ඒ පොරොන්දු ඉටු කළා. අගමැති යමක් කිව්වොත් කරන කෙනෙක් බව වතු ජනතාව දන්නවා. වතුකරයේ ජනතාව හැමදාම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නේ ඒ නිසයි.සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:දෙමළ නායකයන් මෙන්ම ජනතාව සියලුම දෙනා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. සමහර පක්ෂවලට දෙමළ ජනතාව අවශ්‍ය වන්නේ ඡන්දය ගැනීමට පමණයි.එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තැබූ දෙමළ ජනතාවගේ ජීවිත නගා සිටුවීම අපේ අරමුණයි. 2020 වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී සියලුම ජනතාවට සමාන අයිතිය දීම අපේ අරමුණයි.ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා:අපට ඉඩම්, රැකියා ලැබෙනවා. මේ සියල්ල අලියා නිසයි. අලියා රැකගත්තොත් අපට හොඳින් ජීවත්විය හැකියි.ජාතික වතු කම්කරු සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වේලුකුමාර්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. රාජරත්නම් මහත්වරුද කතා කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, රෝහිණි කවිරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද සහභාගි වූහ.
සංවර්ධනයේ පෙරළියක් කරනවා
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)ඡායාරූපය - ශාන්ත රත්නායක ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ යුද්ධයෙන් පසු බලාපොරොත්තු වූ සංහිඳියාව ගොඩ නැගීම සඳහා බව කී අග්‍රාමාත්‍යවරයා සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බව ද අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ වැවිලි ප්‍රජාවට පර්චස් හත බැගින් වන ඉඩමක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ තෙවැනි අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර නිරවුල් ඔප්පු 2864ක් නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය. මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු ණය මගින් ණය ලබා ගැනීමේ හැකියාව ද පවතී.හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) මෙම උත්සවය පැවැතියේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි.එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අපේම ඉඩම, අපේම නිවස වැඩසටහන යටතේ මේ ප්‍රදේශයේ 700 දෙනකුට ඉඩම් ඔප්පු ලැබෙනවා. වතුකරයේ 2600කට පමණ ඉඩම් ඔප්පු ලබාදීමට මෙමගින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිගම්බරම් ඇමැතිතුමන්ට ස්තුතිය පළ කළ යුතුයි. වසර 20කට 30කට පසුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයකු ලැබීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.1993-1994 වසරවලත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියදීත්, ඩී.බී. විජේතුංග මහතා යටතේත් සෞම්‍යමූර්ති තොන්ඩමාන් මහතා සමඟ මේ ප්‍රෙද්ශවලට පැමිණ කටයුතු කළා. ඉන් පසුව අපට ආණ්ඩු බලය අහිමි වුණා. විවිධ ආණ්ඩු ඇති වුණත්, විවධ ඇමැතිවරුන් සිටියත්, ඉඩම්, නිවාස ලබා දෙනවා යැයි පොරොන්දු ලබා දුන්නත් මේ ජනතාවට සැබෑ සේවයක් වුණේ නැහැ. දෙමළ භාෂාවෙන් පවසනවා නම් කීමට ඇත්තේ ඉල්ලේ යන වචනය පමණයි.මෙවර කඳුකර යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතා පත් කර වගකීම් ලබා දීමට අප කටයුතු කළා. වසර විසි ගණනකට පසුව මේ ප්‍රදේශයට සැබෑ ලෙස සේවය කළ හැකි අමාත්‍යවරයකු බිහි වී තිබෙනවා. තවත් මේ ආකාරයට ඉඩම් නිවාස ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.පළමු වරට ඉන්දීය අගමැතිවරයකු මෙහි පැමිණියා. මෝදි අගමැතිතුමන් සමඟ මෙහි සංවර්ධන කටයුතු සම්න්ධයෙන් අප සාකච්ජා කළා. මෝදි අගමැතිතුමා මේ ප්‍රදේශයේ තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙහි නිවාස 5000ක් ඉදිකර තිබෙනවා. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් අප සොයාගත යුතුයි.දැන් නිවාස ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වතුකරයේ පාසල් රජයට පවරා ගත්තේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදියි. දැන් පාසල් තිබෙනවා. එහෙත් විද්‍යාව උගන්වන පාසල් අඩු නිසා වතුකරයේ පාසල්වල උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් ඇරැඹීම සඳහා රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නා. එදා මා ශ්‍රීපාද විද්‍යා පීඨය ආරම්භ කළා. අද රාධක්‍රිෂ්ණන් මහතාට මෙහි අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.තරුණ සේවා සභාවේ යෞවන සමිති මෙහි තිබෙනවා. එම ආයතනවලිනුත් සෙසු අමාත්‍යාංශවලිනුත් අප අදාළ කටයුතු කරගෙන යනවා.වතුකරයට ඉඩම් ලබාදීම අප සීමා කර නැහැ. මේ ප්‍රදේශයේ සෙසු ප්‍රදේශවලටත් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් කේ.කේ. පියදාස මහතා විසින් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ස්ථානවලට අවශ්‍ය නිවාස පහසුකම් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඔප්පු පමණයි. මේ සියල්ල කරන්නට හැකි වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා අමාත්‍යාංශය භාර ගෙන සෑම ප්‍රදේශයකටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසහටන ඇරැඹීම නිසයි. මා ඔප්පු ලබා දීමේ රැස්වීම් කිහිපයකටම සහභාගි වුණා. රජයෙන් ලැබුණු හැම ඉඩමකටම නිවසකටම දැන් ඔප්පුවක් තිබෙනවා. එසේ නම් දැන් ඔප්පුව නිසා ඔබේ භුක්තිය තහවුරු වෙනවා.මෙරට ඉඩමක් නොතිබූ ජන කොටසකට ඉඩම් ඔප්පු, නිවාස ලබා දෙන්නේ මේ උත්සවයේදීයි. වැදගත්කම පවතින්නේ එතැනයි. මෙවැනි ඔප්පු ප්‍රදානයක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.1986 වසරේදී වතුකරයේ ජනතාවට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ පුරවැසිකම ලබා දුන්නා. එහිදී ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණා. කොළ කැබැල්ලකින් ලබාගත හැකි අයුරින් අප ඡන්ද අයිතිය ලබා දුන්නා. එපමණක් නොව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පිට සියලුම දෙනාට ලංකාවේ පුරවැසිකම ලබා දී එම වැඩකටයුතු ආරම්භ කළා.එදා පුරවැසි බව ඡන්ද බලය තිබුණත් ඉඩමක්, නිවසක් තිබුණේ නැහැ. ඔවුන්ට ලැයිම් කාමරවල ජීවත් වී ලැයිම් කාමරවලම මිය යන්න සිදු වුණා. අද පුරවැසියන් ලෙස අනෙක් සෑම ජනකොටසකට මෙන් ඉඩමක්, නිවසක් තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වතුකරයේත් අනෙක් සෑම ප්‍රදේශයකමත් අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ බව කිව යුතුයි.ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කෙනකුටම තිබෙන පහසුකම් අද වතුකරයේ ජනතාවට ලබා දී තිබෙනවා. එම භුක්තිය, ලබන ජනතාව තවත් ශීඝ්‍රයෙන් වැඩිකර  ගැනීම අපේ අරමුණයි. වර්තමානයේ මේ පියවර සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නැහැ. 1986 වසරේ මෙහි ජනතාවට ඡන්ද බලය ලබා දෙන විට විවිධ කෝලාහල ඇති වුණා. අද එවැනි කිසිම කෝලාහලයක් නැහැ. අද මෙරට ජනතාවට අවශ්‍ය කරන්නේ සංහිඳියාවයි. එකට එකතු වී ජීවත් වීමයි. එක්සත්ව ජීවත් වීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අයිතිය භුක්ති විඳීමයි.වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන කොටසක් එකතු වී ගමනක් යා යුතු බව මෙරට ජනතාවගේ අදහසයි. වත්මන් ලෝකයේ බි්‍රතාන්‍යයේ, ස්පාඤ්ඤයේ, ඉරාකයේ වෙන්විය යුතු යැයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. වෙන් වීම සඳහා සටන් කරනවා. උණ්ඩය අතට ගන්නවා. නැතිනම් ඡන්ද නවත්වා වෙන් වීමට උත්සාහ කරනවා. ලංකාවේ පමණක් 2015 වසරේදී ගත් පියවර කුමක් ද?සිංහල බහුතරයක්, දෙමළ ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව බහුතරයක්, බර්ගර් ජනතාව බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත ජනාධිපති ධුරයට පත් කර අප සියලු දෙනා එකතු කරන්නැයි ජනවරමක් ලබා දී තිබෙනවා. අප දැන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනවරමයි.අපේ අතීතය දෙස බලන්න. ඉතිහාසයේ අප යුද්ධවලට මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වූ පසුව දිගු කාලීන සාමයක් සඳහා අවශ්‍ය සංහිඳියාව සහ එකඟත්වය තිබුණේ නැහැ. මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තේ එම සංහිඳියාව ලබා ගැනීමට නොහැකි වූ නිසයි.අද ජනතාව එකතු වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකතු වී තිබෙනවා. අපට එකතු වී යන්නට ගමනක් තිබෙනවා. ඒ සඳහා කාලයක් අප එකතු විය යුතුයි. අප ක්‍රියාත්මක කරන්නේ මේ ජාතීන් සියල්ල එකතු කරන ජනවරමයි.නීතියකින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා බිම් මට්ටමේ ප්‍රතිඵල තිබිය යුතුයි. වචනවලින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. උතුරේ යුද්ධයෙන් පසුව දැන් අප සහන ලබා දෙනවා. නැවත ඉඩම් ලබා දෙනවා. පන්සල් දියුණු කරනවා. මුස්ලිම් දේවස්ථාන දියුණු කරනවා. මේ සියලුම දේ අප විසින් ඉටු කරනවා. මේ සියල්ල කරන්නේ අප එකතු වන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහායි.ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකතු වන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ ක්‍රියාවලිය සඳහා එකතු වුවහොත් අපත් සූදානම් බව ද්‍රවිඩ සන්ධානය ද පවසා තිබෙනවා. උතුරේ දෙමළ පක්ෂ එවැනි දෙයක් පැවැසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එසේ නම් අප ටිකෙන් ටික විසඳුමක් කරා ළංවෙමින් සිටිනවා. ඒ විසඳුම ලබා දීම සඳහා ජනපතිට වරමක් තිබෙනවා. ආණ්ඩුවට මෙන්ම අපේ පක්ෂවලට වරමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂවලට වරමක් තිබෙනවා.එසේ නම් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද? එවිට ජනතාවට කියන්නේ කුමක් ද? එම ප්‍රශ්න ලංකාවේ ඇතිවුණේ ඇයි? භාෂාව නිසාද? එදා විසඳන්නට තිබූ ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් විරුද්ධ විවිධ ව්‍යාපාර පටන් ගත්තා. එදා තිබූ භාෂා ප්‍රශ්නය පසුව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ෆෙඩරල් ප්‍රශ්නයක් බවට පත් වුණා. භාෂා ප්‍රශ්නය ෆෙඩරල් ප්‍රශ්නයක් වුණා. ෆෙඩරල් ප්‍රශ්නය මෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා දුරදිග ගියා. වෙනම රාජ්‍යයක් නිසා උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. රට විනාශ වුණා.අතීත සිද්ධි නිසා දුක් විඳ අප අද මෙතැනට පැමිණ  තිබෙනවා. අප මේ ගමන පැමිණ ඇත්තේ සියලුම දෙනා ඒකීය රාජ්‍යයක් ලෙස එකතු වීමටයි. අප ක්‍රියාත්මක කරන්නේ එයයි.අලුත් ව්‍යවස්ථාව ගැන සමහරුන් කථා කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන කියනවා. නමුත් ඒ එකක්වත් අප තවම සිදුකර නැහැ. ඒ දේ කරන්නට තව වෙලා තිබෙනවා. තවම අපට ඇත්තේ දේශපාලන පක්ෂවල අදහස් ප්‍රකාශ කළ නීති බලයක් නැති වාර්තාවක් පමණයි. ඒ ලියැවිල්ලේත් විවිධ අදහස් තිබෙනවා. එයින් සුදුසු විකල්ප තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජනතාව වරමක් ලබා දුන්නා. ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාවට අවශ්‍යයි. එසේ නම් අප මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන පක්ෂ ලෙස අපේ යුතුකම ඉටු කරමු.මෙරට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ, ක්‍රිස්තියානි, ඇතුළු සියලු දෙනා විසඳුමක් අපේක්ෂා කරනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ බහුතරයක් සිටින ලොව එකම රට ලංකාවයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට කිසි ලෙසකින්වත් හැනි කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරනවා.දෙමළ, මුස්ලිම්, හින්දු, බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය, භාෂාව, ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. මේ එකතුව ලබාගෙන අප ඉදිරි ගමන යන්නේ කෙසේද? මෙරට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අපට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. පාර්ලිමේන්තුව මෙන්ම රටක් හැටියට අපේ අදහස් ප්‍රකාශ කර ජනවරමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාතාවරණය ඇති කරමු.මේ ඉදිරිපත් කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් බව කියමින් අවාසනාවකට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. තවම එවැනි ව්‍යවස්ථාවක් නැහැ. තිබෙන්නේ වාර්තාවක් පමණයි.මීට පෙරත් අප උත්සාහ කළා. ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ ආදීන් යටතේ උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ සමයේ 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යන ක්‍රමයක් ගැන කතා කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. නමුත් ජනතා වරමක් දී ඇති අවස්ථාවේ ජනතාවගේ නියෝජිතයා ලෙස ජනතාවගේ මාධ්‍ය ලෙස ජනතාව නියෝජනය කරන සමිති ලෙස අපේ යුතුකම අපි ඉටු කරමු.”කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:“කඳුරට ජනතාවට අද ඉඩම් සහ නිවාසවල අයිතිය ලබා දෙන ඓතිහාසික අවස්ථාවක්. අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන දියත් කිරීමට ලැබුණා. වතුකරයේ ජනතාව අගමැතිතුමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ එන ඡන්දවලදීත් මෙහි ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. එම ඡන්ද සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.එක්සත් ජාතික පක්ෂය කවදත් වතු ජනතාවට සහන සලසා දෙනවා. මීට පෙර සිටි රජය එම සහන ලබා දුන්නේ නැහැ. එම නායකයන් මේ ප්‍රදේශයට සැබෑ සේවයක් සිදු කළේ නැහැ. අප එම සේවය සිදු කරනවිට පෙර සිටි අය ඒවා දරා ගන්න බැරිව චණ්ඩිකම් කරන්න හදනවා. ඉදිරියේදී ජනතාවගේ සල්ලි සොරකම් කළ අයට සිරගෙට යන්න සිදු වෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා:“වතුකරයේ විශාල පිරිසකට අද ඉඩමක සහ නිවසක අයිතිය ලැබෙනවා. වසර 150ක් පරම්පරා 5ක් තිස්සේ සීතල වතුකරයේ රට වෙනුවෙන් දහදිය හෙලූ පිරිසක් ලෙස අප වතුකරයේ ජනතාව දකිනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු ජන ජීවිතය ඉහළට එසැවීමට කටයුතු කෙරෙනවා. පේලි ගෙවල් වෙනුවට නව ගම්මාන ඉදිවෙමින් පවතිනවා. වතුකරයේ ජනතාව මහ පොළොවට ණය නැහැ. එයට උපහාරයක් ලෙස අද මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙනවා. මෙමගින් දරුවන් පාසලකට ඇතුල් කරන්න පුළුවන්. කැමති අයකුට පවරා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයට දිගම්බරම් ඇමැතිවරයා විශාල සේවයක් කරනවා.”නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා:“අපේ ආණ්ඩුව පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයෙක් පත් කළා. ඒ අමාත්‍යාංශය යටතේ අද ක්‍රියාත්මක වූ වැඩසටහනක් යටතේ අද වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙනවා.1993 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවිට ප්‍රථම වතාවට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ වුවත් පසුව එය නතර වුණා. දුප්පතාගේ දුක දන්නා අමාත්‍යවරයෙක්ට එම වැඩකටයුතු භාර දී තිබෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් කිරීමට හැකි උපරිම දේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ සිදු කර තිබෙනවා.”අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහත්වරුන්, කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රන්ජනී නඩරාජාපිල්ලේ මහත්මිය ද උත්සව සභාව ඇමතීය.මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගි වූහ. 
සංවර්ධනයේ පෙරළියක් කරනවා
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
සංවර්ධනයේ පෙරළියක් කරනවා
0
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම  මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ  රටේ  ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම  අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ  සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට  යනවා. ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි. ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ  තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට  අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
සංවර්ධනයේ පෙරළියක් කරනවා
0
(විනීතා එම්. ගමගේ)‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ද ඇස් වසා සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරතැයි’’ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පෙරේදා (21) පැවසීය.යුද බියෙන් මරණ බියෙන් රට ගලවා ගෙන මුළුමහත් ලාංකේය ජාතියට සැනසීම ලබාදුන් රණවිරුවන් වැනසීමට ලක්වන කාලවකවානුවක් මේ පනත සම්මත කර ගත්තොත් උදා වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.ඒ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.දෙමළ බෙදුම්වාදීන්ගේ සහ මේ රට තම කොලනියක් බවට පත්කර ගැනීමට බලා සිටින බලවත් රටවල උවමනාව මත මේ රූකඩ හවුල් ආණ්ඩුව දැනට සම්මත කරගෙන ඇති ‘‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’’ සහ ඉදිරියේ දී සම්මතර කර ගැනීමට නියමිත ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’’ මගින් යුද ජයග‍්‍රහණය ලබා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් වැනසීම සිදු වෙනවා.‘‘2015 ජනවාරි 8 වැනිදා සිට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ලාංකේය ජාතිය මරණ බියෙන් ගලවාගෙන සැනසීම උදාකර දුන් රණවිරුවන් වැනසීමට ලක් කිරීමටයි. රණවිරුවන් ජාතියට එවැනි විජයග‍්‍රහණයක් ලබා දී වසර අටක් සම්පූර්ණ වන මේ මොහොතේ ද ඔවුන්ට එරෙහිව භයානක උගුලක් ඇටවීමට මේ අය සූදානම් වෙනවා.ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකා රජයේ ද සම අනුග‍්‍රාහකත්වය සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මතකරගත් 2015 30/1 යෝජනාවලියේ තිබූ එක් නිර්දේශයක් තමයි ශ‍්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට නීතියක් හැදීම. ඒ අනුව තමයි මේ රූකඩ ආණ්ඩුව තම බහුතර බලය යොදා ගනිමින් ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත්’ සම්මතරකර ගත්තේ.එම පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් අවස්ථාවේ රටට හොරෙන් ඔවුන් රණවිරුවන් දංගෙඩියට යවන තවත් උගුලක් අටවනු ලැබුවා. ඒ තමයි, ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට’’ කැබිනට් අනුමැතිය ලබාදීම. සාමාන්‍ය සම්ප‍්‍රදාය තමයි මෙවැනි බලවත් ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම.සිරිසේන - වික‍්‍රමසිංහ හවුල් ආණ්ඩුව මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුමැතිය ලබා දී එය ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගනු ලැබුවා. එදිනම කැබිනට් අනුමැතිය ලැබුණු ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත’ පසුව පාර්ලිමේන්තුවේ දී සම්මත වූවා. ඒ හරහා සාක්ෂි ආඥා පනත ද නොසලකා කටයුතු කළ හැකි අතුරුදන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා.ඒ වගේම කැබිනට් අනුමැතිය ලැබුණු ‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ ශ‍්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වූ පනත. සම්මතකර ගැනීම පිණිස 2017 මාර්තු 7 වැනි දින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එතැනදීත් මේ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය සිදු කළේ ‘කොලේ වහලා ගැහීමක්’.මේ පනත් කෙටුම්පත පළමුවර කියවීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ ‘ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ද’ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් මේ හොර ආණ්ඩුව එය ලබා දීම සිදු කළේ නැහැ.‘මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මේ රටේ ස්වෛරීභාවයට, පුරවැසියන්ට, රණවිරුවන්ට බලපාන්නේ කෙසේද?’ කියා අප විමසා බැලිය යුතුව තිබෙනවා. නමුත් ‘ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ’ පිටපත් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඇස්වලට වැලි ගහලයි මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට උත්සාහ ගන්නේ.මම ඉකුත් දා කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා ‘ජාතියම අනතුරේ හෙළන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට ගෙන ආ මෙම පනත් කෙටුම්පත සමඟ අදාළ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත් මන්ත‍්‍රීවරුන්ට මෙතෙක් ලබා දී නැහැ. ඒවා ලබා දෙන්න’ කියා. කතානායකවරයාත් ඒ බව මා දැනුම්වත් කරන තෙක් දැන සිටියේ නැහැ.‘මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත කාටත් හොරෙන් සම්මත කරන්න හදන්නේ ඇයි?’ කියා අපි විමසා බැලිය යුතුයි. පළමුව කිව යුතුයි ‘මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් යුද ජයග‍්‍රහණයට මුල් වූ සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් සියලූ දෙනා බරපතළ අනතුරකට මුහුණ දෙනවා’. අතුරුදන් වීමකට චෝදනා එල්ල වී ඇති රණවිරුවකුට එරෙහිව මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය බලාත්මක කර ඇති රටක යම් තැනැත්තකුට එරට අධිකරණයක නඩු පැවරීමට මේ නව නීතියෙන් (පනතින්) අවස්ථාව ලැබෙනවා.උදාහරණයක් ලෙස ප‍්‍රදීප් එක්නැලිගොඩ නම් වූ මාධ්‍යවේදියා අතුරුදහන් කළ බවට අභූත චෝදනා එල්ල කළ රණවිරුවන්ට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයකුට ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු යුරෝපයේ අධිකරණයක නඩු පැවරීමට මේ නව නීතියෙන් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ නඩු පැවරූ රණවිරුවා තම රටට භාරදෙන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමේ අවකාශය ද එම නඩුව විභාග වන අධිකරණය සතු රටට ලැබෙනවා.ඒ අනුව පැහැදිලියි, මේ රටේ නඩු අහලා රණවිරුවන් දංගෙඩියට දක්කන්න බැරිනම් පිටරට අධිකරණයකට කුදලාගෙන ගිහිල්ලා නඩු අහලා ඔවුන් දංගෙඩියට දක්කන්නයි මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත ගෙනවිත් තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි, ‘යම් අතුරුදහන් කිරීමකට නියෝග නිකුත් කිරීම’ යන චෝදනාව යටතේ මේ පනතින් සේනාධිනායකයා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ ඉහළ නිලයන් වගඋත්තරකරුවන් කිරීමේ ඉඩකඩ ද තිබෙනවා. ඒ නිසා මේ නව නීතිය පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට ඉඩ දිය යුතු නැහැ.ඊට එරෙහිව ඡන්දය දෙන ලෙස තමන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මහජන නියෝජිතයන්ගෙන්, මහජනතාව බලකර ඉල්ලා සිටිය යුතුයි.ඒ වගේම අපි සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයෙන් ද ඉල්ලා සිටින්නේ ‘මේ මහ දවල් සිදු කරන පාවා දීම වහා නතර කරන’ ලෙසයි.
අතුරුදන් කිරීම්වලින් ඔක්කොම රකින පනත ඇස් වසා සම්මත කරගන්න යනවා
1
(නාලක සංජීව දහනායක)අතුරුදන්වූවන් පිළිබඳ ජාතඨන්තර ප‍්‍රඥප්තිය සම්මතවීම යන අප රටට සිදුකරනු ලබන දුෂ්ට ක‍්‍රියාවක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (19) පැවැසුහ.එබැවින් මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවයත් කරගත යුතු යැයිද උන්වහන්සේ පැවැසූහ.රාජගිරිය, නාවල පාරේ ජපිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී, මහජන රාජ්‍ය භාෂාව විසින් ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.එහිදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ.රාජ්‍ය නොවන සංවිධානයල බලකිරීම මත අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන්වීමේ වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අප රටට ඉදිරිපත් කර තිබෙනවා. මේවා නිකම්ම නිකම් හුදකලා පනත් නොවෙයි. අතුරු දන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කරගත්තේ අප රටේ සාක්ෂි ආඥාපතන පවා උල්ලංඝණය වන අකාරයෙනුයි.දැන් රණවිරුවන්ට දඬුවම් දීම සඳහා අතුරුදන්වූවන් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත සම්මත කරගැනීමට උත්සාහ ගන්නවා. මෙම පනත සම්මත කරගැනීම අපරටට කරනු ලබන දුෂ්ට ක‍්‍රියාවක්.අපේ රටේ විදේශ අමාත්‍යවරයා ජිනීවා නුවරදී රණවිරුවන් පාවාදුන්නා. එදා ජිනීවා නුවරදී මානව හිමිකම් කාර්යාලයට වූ පොරොන්දු අද ඉටු කරනවා.මේ වනවිටත් රටට අහිතකර පනත් රාශියක් වක‍්‍රාකාරයෙන් සම්මත කරගෙන තිබෙනවා.  ඒ නිසා මෙම පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කල්දැමීම යනු අනාතයේදී වක‍්‍රාකාරයෙන් සම්මත කර ගැනීමක් විය හැකියි. ඒ නිසා මෙම පනත සම්පූර්ණයෙන්ම න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කළයුතුයි.අප රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරනැහැ. නමුත් මෙම පනතට අත්සන් කළොත් ඒ කරුණ වලංගුවන්නේ නැහැ. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාක්ෂි දීමේදී ඒ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව වසර 25 ක් 30 ක් යනතුරුත් එළිදරව් වන්නේ නැහැ. ඒ නිසා ව්‍යාජ සාක්ෂි පවා දිය හැකියි.තම රටේ උන්නතිය ජයග‍්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියාකළ විරෝධාර රණවිරාවන්ට අප යුතුකම් ඉටුකළයුතුයි. ඒ නිසා මෙම පනත සම්මතවිම වැළැක්විය යුතුයැයි ද උන්වහන්සේ පැවැසූහ.කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනාංශයේ මහාචාර්ය ඉඳුරාගානේ ධම්මරතන හිමියෝ මෙසේ පැවැසූහ.අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ තර්ජනය හා බලකිරීම මතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට පත්වීමට තමන්ට අවශය සුදුසුකම් නිර්මාණය කරගැනීම සඳහා ඔහු අපේ රටවැනි කුඩා රටවලට බලපෑම් කරනවා. ඔහු හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පසුගිය කාලයේ මෙරටට පැමිණ  මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට රජයට බලපෑම් කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළවුණා.මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා මහාසංඝරත්නයට ප‍්‍රකාශකර තිබුණා. නමුත් මෙම ප‍්‍රකාශ ගැන විශ්වාසය තබන්න බැහැ. විදේශිය බලපෑම් නිසා අපේ රට ඉතාම අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ  නිසා මෙම පතන කොයි මොහෙත හෝ සම්මත විය හැකියි.අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත අතීතයට බලනොපාන බව කීම පට්ටපල් බොරුවක්. මෙම පනත එන්නේම අතීතයේ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමටයි. මෙය පාර්ලිමේන්තුවට නොගෙනන බව ප‍්‍රකාශ කරන්නේ ජනතාවගේ හිත හැදීමට හා මෙයට එරෙහිව එල්ලවන විරෝධතාවන් මැඩපැවැත්වීම සඳහායි.ලෝකයේ කිසිම රටක් තමන්ගේ රටේ හමුදාවන්ට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. තම රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන්නේ නැහැ. තම රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න්න තවත් රටකට ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ බලය උල්ලංගණය කරමන් රටේ ස්වාධීත්වය කෙළෙසමින් ජාත්‍යන්තර අතපෙවීම් වලට අවස්ථාව ලබාදීම සඳහා මෙම පනත ගෙනඒමෙන් වලකින ලෙසට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.ඒ නිසා මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගන්නා ලෙසට අපි ඉල්ලීමක් කරනවා. මහජනතාව තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහායි තම නියෝජනයෙන් වශයෙන් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව පත්කරන්නේ. ඒ නිසා පක්ෂනායකයන්ගේ තීරණයට අනුවම නෙවෙයි තමන්ගේ හෘදය සාක්ෂිය අනුවත් කටයුතු කළ යුතුයි. මෙම පනතට අත ඔසවා ගමට එන්න හිතන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් මාතෘභූමියේ ස්වාධීනත්වයට ආරක්ෂා කිරීමට මන්ත‍්‍රීවරුන් ක‍්‍රියා කළ යුතුයි.මෙම පනත ගෙන එන්නේම හමුදාවට දැඬුවම් කිරීම සඳහායි. වැරැුද්දක් වෙලා තිබේනම් දඩුවම් කළ යුතුයි. එහෙත් එක් පාර්ශවයක් ඉලක්ක කරගනිමින් ක‍්‍රියා වැරදියි. හැම පාර්ශවයක් ගැනම සොයා බැලිය යුතුයැයි උන්වහන්සේ පැවැසූහ.කැලණිය විශ්වවිද්‍යාලයේ වික‍්‍රමාරච්චි ආයුර්වේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ මෙසේ පැවැසූහ.අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීෘමත් සමග අප රට ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ අවස්ථාවකට මුහුණ දී සිටිනවා. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ජනාධීපතිවරයා ප‍්‍රකාශ කළා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට තමන් අත්සන් නොකරන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කළා. නමුත් පසුගිය දිනෙක එතුමා එයට අත්සන් කළා.ඒ නිසා මෙම පනත සම්බන්ධයෙන් කියන කතා අපිට විශ්වාස නැහැ. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරනවානම් එය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගත යුතුයි.අතුරුදන්වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණෙෘත් අප රටේ ස්වාධීනත්වය කෙළෙසනවා. ස්වාධීන රටක් වශයෙන් අප ඒ විදේශීය බලපෑම් සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. කවුරුන් කෙසේ කීවත් මෙම පනත අතීතයට බල පානවා.අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත අතීතයට බලපාන නමුත් අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිපනත අතීතයට බලනොපාන බවට පවසමින් පාලකයෝ ජනතාව නොමඟ යවනවා. නමුත් ව්‍යවස්ථාවේ 13 (6) වගන්තියට අනුව ඒ කතා පට්ටපල් බොරුවක්.ඒ අනුව මෙම පනත සම්මතවීමත් සමගම අතීතයට බලපාන පරිදි නඩු ඇසීමටත් ඔනුන්ට දඬුවම් දීමටත් අපි බැඳී සිටිනවා.රටකට එරෙහිව තවත් රටක් චෝදනා කළෙෘත් ඒ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය චෝදනා ලත් රටට තිබෙනවා. නමුත් මෙම පනතට අත්සන් තැබීමටත් පෙරම විදේශිය රටවල් නගන චෝදනා අපි පිළිගෙන තිබෙනවා.එමෙන්ම මෙම ප‍්‍රඥප්තිය තවමත් සිංහලෙන් මුද්‍රණය කර නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සියල්ලන්ටම ඉංගී‍්‍රසි බැහැ. ඒ නිසා මෙහි තිබෙන කරුණු ගැන නොදැනයි මන්ත‍්‍රිවරුන් මෙය සම්මත කිරීමට අත ඔසවන්නේ. මන්ත‍්‍රීවරුන් තමනගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. මෙම පනතේ සිංහල පිටපත් ලබා දෙන ලෙසට බලධාරීන්ට බලපෑම් කළ යුතුයැයි පැවැසූහ.කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියෝ මෙසේ පැවැසූහ.මේ රට දශක තුනක් තිස්සේ දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දුන්නා. ලෝකයේ  අනෙකුත් ත‍්‍රස්තවාදීන්ට වඩා ඉතාම බලවත් දරුණු ත‍්‍රස්තවාදයක් අප රටේ ක‍්‍රියාත්මක වුණා. ඒ දරුණු ත‍්‍රස්තවාදීන් පරාජය පත්කර මව්බිම බේරාගැනීමට රණවිරුවන්ට හැකිවුණා. ඒ රණවිරුවන් පාවාදීමේ අරමුණින් තමයි මේ පනත ගෙන එන්නේ.මෙම පනත ගෙන එන්නේම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන් හා දේශපාලන නායකයින්ට දඬුවම් දීමටයි. මේ කාර්යය පිටුපස රාජ්‍ය නොවන සංවිධානය සිටිනවා.ලෝකයේ ප‍්‍රබල කිසිම රටක් මෙම පනතට අත්සන් කර නැහැ. නමුත් ලෝකයේ දුර්වල රටවල් 93 ක් මෙයට අත්සන් කර තිබෙනවා. ඒ රටවල් අතරින් රටවල් 43 ක් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැහැ. ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල් මෙයට අත්සන් නොකරන්නේ තමන්ගේ හමුදාවන් පාවා දීමට නොහැකි නිසයි.මේ සම්බන්ධයෙන් මහානායකහිමිවරුන් අවධියෙන් සිටිය යුතුයි. මෙම පනත සම්මත කර රණවිරුවන් ජාත්‍යන්තරයට පාවා නොදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ පැවැසූහ.
අතුරුදන් කිරීම්වලින් ඔක්කොම රකින පනත ඇස් වසා සම්මත කරගන්න යනවා
0
(ඩයනා උදයංගනී) ජාතික ආණ්ඩුව රටට ගැළපෙන නමුත් පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන ඇතැම් දේශපාලකයන්ට එය නොගැළපීම නිසා යම් යම් ගැටුම් ඇතිවී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවසීය. රටට මුල් තැන දී පක්‍ෂය හා තමන් ගැන දෙවනුව සිතන්නට දේශපාලකයන්ට හැකි නම් ජාතික ආණ්ඩුව තුළින් රටට විශාල සේවයක් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.  එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ රජය ඉදිරියට ගෙන යා යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ රාජිත සේනාරත්න මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය. ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දුන් 16 දෙනා ඉවත් කළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය කියනවා. ඒත් ඒ අය ජනාධිපතිවරයා කියන තුරු නොයන බව කියනවා. මේ නිසා ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්වෙලා නේද?පිළිතුර:- නැහැ. ආණ්ඩුව හොඳ තැනකට පැමිණ තිබෙනවා. ඒ පිරිස තීන්දුවක් ගන්නා බව කියා තිබෙනවා.  ප්‍රශ්නය:- දේශපාලන ගැටුම් අවසන් කර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පටන්ගන්නේ කවදාද?පිළිතුර:- අපේ අදහස එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ ඉදිරියට යන්නයි. ජාතික ආණ්ඩුවක් තිබෙන විට ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයායි. මේක තුළ ඉඳගෙන එක එක අදහස් නොදරා එක් තේමාවක් යටතේ කටයුතු කළ යුතුයි. ප්‍රශ්නය:- ඒත් අගමැතිතුමාගේ අදහස 2020 දී එ.ජා.ප රජයක් පිහිටුවීම නේද?පිළිතුර:- නැහැ. ජාතික රජයක් පිහිටෙව්වේ එතුමාගේ අදහසක් අනුවයි. එය යෝජනා කළේ ජනාධිපතිතුමා නෙවෙයි. රට හැදීම වෙනුවෙන් එතුමා ඒ තීන්දුව ගත්තා. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් අපට මීට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙනවා. එම ජයග්‍රහණය නොබලා එදා අගමැතිතුමා කැපවීමක් කළා. එය අමාරු වැඩක්. ඉතිහාසය පුරා වෙන්ව කටයුතු කළ පක්‍ෂ දෙකක් අපි එකතු කළා. ඒත් එහි වාඩි වූ සමහරු මේ දේ කළේ රට හදන්න යන්න වටහාගත්තේ නැහැ. ඒ නිසා අපට ජාත්‍යන්තරය තුළ පවා පිළිගැනීමක් ලැබුණා. මානව හිමිකම් ප්‍රශ්නයට මුහුණදීමේදී පවා එය ශක්තියක් වුණා. උදාර පරමාර්ථයෙන් හැදූ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වූ ඇතැමුන් තුළ ඒ හැඟීම් තිබුණේ නැහැ.  ප්‍රශ්නය:- ජාතික රජය පිහිටුවීම ගැන ඔබතුමා දුක්වෙනවාද? පිළිතුර:- නැහැ. මම ජාතික ආණ්ඩුවක් ගැන මුලින් කතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ සිටයි. එය මගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්.  ප්‍රශ්නය:- ඒත් මේ ජාතික ආණ්ඩු සංකල්පය රටට නොගැළපෙන බවක් පේනවා නේද?පිළිතුර:- මෙය රටට ගැළපෙනවා. ඒත් දේශපාලකයන්ගේ පටු පරමාර්ථ නිසා ඔවුන්ට එය ගැළපෙන්නේ නැහැ. රටට මුල් තැන දී දෙවනුව පක්‍ෂය ගැන සිතන්නට දේශපාලකයන් සිත හදාගන්නවා නම් මේ දේ කරන්න පුළුවන්.  ප්‍රශ්නය:- එ.ජා.පයේ සමහරුන් තනි ආණ්ඩුවක් ගැන නේද කතා කරන්නේ?පිළිතුර:- ඒ අයගේ බලාපොරොත්තුව හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීම වෙන්න ඇති. ඒත් මගේ බලාපොරොත්තුව අපි මැරෙන්නට පෙර අපි ගත්ත තැනට වඩා හොඳ තැනකට රට ගේනනයි. අපි දේශපාලනයට ආවේ ඒ අරමුණෙන්.  ප්‍රශ්නය:-  අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දුන් අයත් ආණ්ඩුවේ ඉන්න තීරණය කළොත්?පිළිතුර:- එහෙම වුණොත් එන්න වෙන්නේ ලොකු පාපෝච්චාරණයක් කරලා. එහෙම ආවොත් බලමු. ප්‍රශ්නය:- නව කැබිනට් මණ්ඩලය තුළ එක්ව ගමනක් යා හැකි බවට විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර:- අපි ඉල්ලන්නේ එවැනි ආණ්ඩුවක්. මම පසුගිය කාලයේ ආණ්ඩුවේ කිසිවෙක් පිටතදී විවේචනය කළේ නැහැ. එහෙම මේ ගමන යන්න බැහැ.  ප්‍රශ්නය:- ඉදිරියේදී විපක්‍ෂනායක ධූරය ශ්‍රී.ල.නි.පයට හිමිවෙයිද?පිළිතුර:- ඔය සේරටම වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට දෙමළ නායකයෙක් විපක්‍ෂ නායකයා ලෙස සිටීම සුදුසුයි නේද? ජේ.ආර් ජයවර්ධන මහතා අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායක ධූරය නොදී දොට්ටදාලා අන්තිමේදී ඒ තනතුර ප්‍රභාකරන්ට දුන්නා. අතීතය තියෙන්නේ පාඩම් ඉගෙනගන්නයි. ඒ වැරදි ආපහු කළොත් මේ රටේ අනාගතයට කුමක් වෙයිද? සම්බන්ධන් මහත්මයලා අප සමඟ වාඩි වී සිටීම ගැනත් අප සතුටු විය යුතුයි.  ප්‍රශ්නය:- ඒත් ආණ්ඩු පක්‍ෂයට පසු බහුතරය ඇති පක්‍ෂයට විපක්‍ෂනායක ධූරය දිය යුතුයි නේද?පිළිතුර:- විපක්‍ෂයේ බහුතරය ඔවුන්ට නෙවෙයි. එහි කොටසක් ආණ්ඩුවේත් ඉන්නවා.  ප්‍රශ්නය:- විශ්වාසභංගයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය බව ඔවුන් කියනවා නේද?පිළිතුර:-  ඒ කණ්ඩායමේ අයම ලැබුණේ පරාජයක් බව මා සමඟ කියනවා. ඒ අය මෙය ගෙනාවේ තමන්ගේ වැරදි යටගැසීමේ උත්සාහයක් ලෙසයි.  ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ ඔබතුමා සමඟ සාකච්ඡා නොකළ බව නේද?පිළිතුර:- මම ඒ කණ්ඩායමේ පොඩි පොඩි කෑලි සමඟ කතා කරන්නේ නැහැ.  ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප පිරිසකුත් ඒකාබද්ධ විපක්‍ෂයට ගියොත් විපක්‍ෂය ලෙස බහුතරයක් වෙන්න බැරිද?පිළිතුර:- ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවට පත්වී ආ පක්‍ෂයක් නෙවෙයි. ඒ අයට එසේ කටයුතු කරන්නටදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ලස්සන පේන්නේ එහි නිවැරදි සංයුතියක් තිබුණොත් පමණයි.  ප්‍රශ්නය:- නව කැබිනට්ටුවක් ලෙස දිවුරුම් දෙන්නේ ඇයි?පිළිතුර:- බොහෝ අය වෙනස් වන නිසා ජනාධිපතිතුමා එසේ කරමු කියා යෝජනා කළා. ප්‍රශ්නය:- විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයත් නැතිවුණා නේද?පිළිතුර:- නැහැ. එම බලය තවම තිබෙනවා. කතානායකවරයා හැර අපට 147 දෙනෙක් ඉන්නවා. තුනෙන් දෙකේ බලයට තුන් දෙනයි අඩු. අපිට එම බලය අවශ්‍ය රටට වැදගත් දේ කරන්නයි. එවැනි දෙයකදී අපට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂවල සහය ලැබෙයි.  ප්‍රශ්නය:- ජනතාව වෙනුවෙන් අලුත් අවුරුද්දට සහන නැද්ද?පිළිතුර:- අපි සහන දුන්නේ අද ඊයේ නෙවෙයි. ඉන්ධනවල සිට සහන දුන්නා. අපට වඩා සහන දුන් රජයක් තිබෙනවා නම් සංඛ්‍යා ලේඛන ගෙනත් පෙන්වන්න. දැන් එළවළු ඇතුළු භාණ්ඩ මිල අඩුවී තිබෙනවා.  ප්‍රශ්නය:- කැබිනට් රැස්වීමෙන් පසු ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණාද?පිළිතුර:- දැන් එම කමිටුව නැහැ. තිබෙන්නේ ආර්ථික අනුකාරක සභාවක්.  ප්‍රශ්නය:- අගමැතිවරයාට විරුද්ධ වූ අය ඉවත් නොවුණොත් ඉවත් කිරීමේ නීතිමය තත්ත්වයක් තිබෙනවාද?පිළිතුර:- එතරම් දුර නීතිමය තත්ත්වයකට යන එකක් නැහැ.  ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධූරය ගැන ඉදිරියේදී තීන්දුවක් ගනීවිද?පිළිතුර:- මෙම නායකත්වය දිගටම යා යුතු බවට ඒකමතික තීරණයක් ගත්තා. අප්‍රේල් 30 වැනිදා පක්‍ෂ සම්මේලනයට පෙර නව නිලධාරී මණ්ඩලයක් පත් කළ යුතුයි.  ප්‍රශ්නය:- මහනුවර සිද්ධියට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ නැද්ද?පිළිතුර:- පොලිස්පතිවරයා ඒ කටයුතු ඉක්මන් කරන ලෙස දැනුම් දී තිබුණා. 
දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා
1
 රටේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? රළ නගන උද්ඝෝෂණවලට ආණ්ඩුව සතුව ඇති පිළිතුරු කුමක්ද? කැබිනට් සංශෝධනයක් එයිද? මේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.  ප්‍රශ්නය:- රටේ මේ මොකද වෙන්නේ?පිළිතුර:- රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස්කම් සිදුවෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදාත් 2015 අගෝස්තුවේත් මේ රටේ ජනතාව ඔවුන්ට අවශ්‍ය වෙනස්කම් කළා. ඒ ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම.ප්‍රශ්නය:- ඒ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් ලෙස ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් මේ සමාජය කියන්නේ අවුරුදු තිහක් පුරා යුද්ධයක් තිබුණු සමාජයක්. සිවිල් සමාජය පිළිබඳ දැනුම නැති සමාජයක්. පොලිසිය කිව්වහම අවි ආයුධ සමග ගනුදෙනු කරන්න පුරුදු වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තිබුණේ. වසර තිහක ඇතිවෙලා තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න යම් කාලයක් ගතවෙනවා. ඒ පරිවර්තනය ඇතිවීම හා වසර තිහක දැක පුරුද්ද හා කළ පුරුද්ද එක්ක ගමන් කරන සමාජයක්. ඉතින් මේ තත්ත්වය සමහර අය තේරුම් ගන්නවා. සමහර අයට තේරුම් ගන්න බෑ.ප්‍රශ්නය:- මේ වෙනකොට මුළු රටම සටන් බිමක් බවට පත්වෙලා. ආණ්ඩුවට තවම අවුරුදු දෙකයි. ආණ්ඩුවක මුල් අවුරුදු දෙක කියන්නේ මධුසමය ගත කරන කාලයක්?පිළිතුර:- ඒකට තමයි කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- ඔබ කියන්නේ ජනතාව මේ සටන් කරන්නේ නිදහස තියෙන නිසා මිසක් ප්‍රශ්න තියෙන නිසා නොවෙයි කියලද?පිළිතුර:- මෙහෙමයි. අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම විරෝධතාවකින් ආරම්භ කරන්න. ඒක මේ පුරුදු පුහුණු වෙලා තියෙන හැටි. ඉතින් මේ පුරුද්ද අනුව ඕනෑම සුළු දේටත් විරෝධය දක්වනවා. මේ නිදහස කියන එක ලේසි වැඩක් නොවෙයි. මේ විදියට රටක් දියුණු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අමාරුම දේ.ප්‍රශ්නය:- ඒ කිව්වේ?පිළිතුර:- ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි. අපි ලෝකයේ අමාරු ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක දියුණුව කරා යන රටක්. ඉතින් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ.ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා කියාගෙන. අල්ලපු හොරු ගැන ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් දේශපාලනය හා හොරු කියන විෂය ගත්තාම ඒකට දිගු ඉතිහාසයක් තියෙනවා. දේශපාලන සටන් පාඨ තියෙනවා. දේශපාලන වාග් ප්‍රහාර තියෙනවා. ඒවා නීති බවට පත්කර ගත යුතුව තියෙනවා. ඒවා නීති ගත කිරීම හා දේශපාලනය හා නීතිය පහුගිය අවුරුදු පනහක පමණ ඉතිහාසය දිහා බැලුවොත් ලෝක ඉතිහාසය දිහා බැලුවත් වෙනම ගමන් කරලා තියෙන්නේ.ප්‍රශ්නය:- හොරු අල්ලනවා කියන සටන් පාඨය ඉස්සරහට දාගෙන ආණ්ඩුවට මෙල්ල කරන්න බැරි අයව දඩයම් කිරීමක් කරන බවටත් චෝදනාවක් තියෙනවා.පිළිතුර:- කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒ එක එක්කෙනාට පේන විදිය. එක එක්කෙනාට හිතෙන විදිය. ඒක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ.ප්‍රශ්නය:- නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි?පිළිතුර:- ඔබ කිසිදෙයකට බයවෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැ.ප්‍රශ්නය:- මේ විදියට දිගටම ගියොත්?පිළිතුර:- මම ඒකයි කිව්වේ බයවෙන්න එපා කියලා. මේ යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පමණයි.ප්‍රශ්නය:- සයිටම් එකට මොකද වෙන්නේ?පිළිතුර:- ඒකේ අලුත් තත්ත්වයක් මුකුත් නෑනේ. අවුරුදු පහක් පමණ පරණ විෂයක් ඕක. ඒ නිසා ඒකේ කිසිම අලුත් දෙයක් නෑ. වසර පහක් ගියත් පැරණි ක්‍රියාවලියක් අලුත් ක්‍රියාවලියක් වෙන්නේ නෑ.ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා සයිටම් උපාධිය දෙන්න කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා “මම විසඳුමක් දෙන්නම්” කියලා. මෙතැන වඩාත් බලවත් කවුද?පිළිතුර:- ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අධිකරණ නියෝගයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. අධිකරණය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය පැත්තෙන් යම් යම් ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.ප්‍රශ්නය:- මහාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම හරහා ජනාධිපතිවරයා අධිකරණය හෑල්ලු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා.පිළිතුර:- ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. එතැන එහෙම කිසිදු දෙයක් වෙලා නෑ.ප්‍රශ්නය:- ඒ පත්කිරීම ක්‍රමවේදයට හා නීතියට පටහැනි බවයි කියන්නේ?පිළිතුර:- මං හිතන්නේ නෑ එහෙම දෙයක් එතැන වෙලා තියෙනවා කියලා. මොකද මම දන්න තොරතුරුවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලලා තියෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉදිරිපත් නොවුණු නිසා ඒ අනුව වෙනත් නමක් නිර්දේශ කරලා තියෙනවා.ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක ඕනැකමට ඒ නම ඉදිරිපත් කළේ කියලත් කියනවා?පිළිතුර:- ඒ කියන්නේ?ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක් තමයි ඒ නම යෝජනා කරලා තියෙන්නේ?පිළිතුර:- එහෙම වෙන්න බෑනේ.ප්‍රශ්නය:- නමුත් වෙලා තියෙන්නේ ඒක තමයි කියලයි චෝදනා නැගෙන්නේ?පිළිතුර:- දේශපාලන පක්ෂයක් නොවෙයිනේ අධිකරණමය ක්‍රියාමාර්ග තීරණය කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලුවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් නොලැබෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ගයක් හැටියටයි මම මේක දකින්නේ.ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මේ ආණ්ඩුව තව කොච්චර කාලයක් යයිද?පිළිතුර:- ඇයි ආණ්ඩුවේ දුර ගැන ඔබට සැකයක් තියෙනවද?ප්‍රශ්නය:- පොදුවේ ගත්තාම ජනතාවට එහෙම සැකයක් තියෙනවා. ඔබට එහෙම සැකයක් තියෙනවාද?පිළිතුර:- මටනම් එහෙම කිසිම සැකයක් නෑ.ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ දැක්කාම. කා කොටා ගැනිලි දැක්කම ජනතාවට එහෙම සැකයක් ඇතිවෙනවා.පිළිතුර:- පළපුරුද්ද නැති උදවිය යම් යම් මත ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අත්සන් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. 1952 ට පෙර තිබුණ ක්‍රමය මේ තියෙන්නේ. ඒක මතක තියාගෙන දේශපාලන අරගල කළාට කමක් නෑ.පිළිතුර:- ඔය ඔබ කියපු ගිවිසුම වලංගු වෙන්නේ සැප්තැම්බර් මාසය වෙනකම් විිතරයි?පිළිතුර:- එහෙමම කලබල වෙන්න එපා. සැප්තැම්බර් වලින් පස්සේ මොකද කරන්නේ කියලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් තීරණය කරයි.ප්‍රශ්නය:- නමුත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විවිධ සංඥා නිකුත් කරනවා.පිළිතුර:- ඒවා ඉතින් විවිධ මතනේ. අදහස්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස තියෙනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න.ප්‍රශ්නය:- ඇත්තටම ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? එක්සත් ජාතික පක්ෂයද?පිළිතුර:- පක්ෂ දෙකම ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු අරගෙන ක්‍රියාත්මක කරනවා.ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ඇමැතිවරු කියනවා “අන්තිමට වෙන්නේ අපට ඕනෑ දේ” කියලා.පිළිතුර:- මම ඉස්සෙල්ලත් කිව්වේ එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒකනේ මම කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමේ දිගටම තියාගන්න යූඑන්පියට ඕනෑ වෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රී ඔහුට සේවා දිගුවක් දෙන්නේ නෑ.පිළිතුර:- ඒකේ වරදක් නෑනේ. යම් යම් මතවාද අදහස් එනකොට ඒවාට ගැළපෙන්න තීන්දු තීරණ ගන්නවා. ප්‍රශ්නය:- බැඳුම්කරයේදී වංචාවක් වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?පිළිතුර:- මම දන්නා ගණිත ශාස්ත්‍රය අනුව මම දන්නා නීති රීති අනුව මම දන්නා තොරතුරු පද්ධතියට අනුව ඔය බැඳුම්කර හා සම්බන්ධ මට දැනෙන දේ තමයි පහුගිය අවුරුදු විස්සකට අධික කාලයක් නීති රීති සකස්වෙලා තිබුණේ නැහැ මේ විෂය සම්බන්ධයෙන්. එතකොට මේ විෂයට අදාළ නීති රීති සම්පාදනය නොවීම තුළ ඇතිවූ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒක හොරකමක් විදියට හුවා දක්වන්න බෑ.ප්‍රශ්නය:- ඔව්. එහෙම නම් අපරාදෙනේ ජනාධිපතිවරයා බැඳුම්කරය ගැන හොයන්න කොමිසමක් පත් කළේ?පිළිතුර:- ඒකට ජනමතයක් ආවනේ. ඒ අනුව පරික්ෂණයක් කළ යුතුයිනේ.ප්‍රශ්නය:- එක පැත්තකින් හාල් ගිනි ගණන්. අනික් පැත්තෙන් හාල් හිඟයක්. කෝ රට ස්වයං පෝෂිත කරනවා කියපු ආණ්ඩුව?පිළිතුර:- අපි මේ රට ස්වයංපෝෂිත කරපු පාලකයො නේ. 1977 මේ රට බාර ගෙන මහවැලි ගඟ පස් පොළකින් හරස් කරලා වික්ටෝරිය, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය හදලා කුඹුරු අක්කර ලක්ෂ දහයක් නගුලට යටකරපු පාලකයෝ අපි. ඉතින් වැහි එන්න පුළුවන් පෑවිලි එන්න පුළුවන්. ගංවතුර එන්න පුළුවන්.  එක එක සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවාට අපිට මුහුණ දෙන්න බෑ කියලා හිතන්න එපා. ඒවා පොඩි දේවල්. අපි ඒවාට මුහුණ දීලා ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යනවා.ප්‍රශ්නය:- නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැනේ?පිළිතුර:- පොඞ්ඩක් ඉන්නකෝ. තාම ප්‍රශ්නය හරියට මතු වුණෙත් නෑනේ.ප්‍රශ්නය:- පක්ෂ දෙකම එකතු වෙලා පළාත් පාලන ඡන්දය නොතියන්නේ ජනතාව ඉදිරියට යන්න තියෙන භයට?පිළිතුර:- නෑනේ. ඒ ප්‍රශ්නය අපි ඇති කරපු දෙයක් නොවෙයිනේ. පසුගිය අවුරුදු පහළොවක විස්සක පාලන කාලය තුළ මේ රටේ සීමා නිර්ණය වසර පහකට වරක් කළ යුතු ඒ රාජකාරිය කරලා නෑ. ඒ හරහා ඇතිවෙච්ච දැවැන්ත අර්බුදයක කොටස් තමයි ඒ මතුවෙන්නේ.ප්‍රශ්නය:- එහෙම නැතිව ඡන්දය නොතියන්නේ බයට නොවෙයි?පිළිතුර:- නෑ කිසිම බයක් නෑ. ඇයි අපි බය වෙන්නේ? මේ ආණ්ඩුව කියන්නේ මේ රටේ තිබුණ බය තුරන් කරපු ආණ්ඩුවක්.ප්‍රශ්නය:- කොහොම වුණත් ඡන්ද නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තිකයි.පිළිතුර:- නෑ මම එහෙම හිතන්නේ නෑ. මේ රටේ ඡන්ද නොපවත්වපු අවස්ථාත් තියෙනවනේ. ඒ නිසා ඡන්දයක් තියලා වාර්ගික යුද්ධයක් ඇති කරනවාද. ඡන්දය නිවැරැදි විදියට තියලා වාර්ගික යුද්ධයක් ඇති නොවන්න වග බලා ගන්නවද කියලයි අපට තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා දෙවැනි ක්‍රමය හොඳයි කියලා.ප්‍රශ්නය:- සමහර ඇමැතිවරුන් ඉවත් කරන්න කියලා ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් එනවා.පිළිතුර:- මමත් ඇමැති කෙනෙක්නේ. මම ඉන්නෙත් කැබිනට් එකේනේ. එතැනදි නම් ඔය ඔබ කියන විදියෙ ප්‍රශ්න මතුවෙන්නේ නෑ.ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩල රැස්වීම්වල මේ දවස්වල හරියට ගෝරි යනවා කියලා මාධ්‍ය වාර්තාවල තියෙනවා.පිළිතුර:- අදහස් උදහස් ගැටෙන එක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයෙ ලක්ෂණයක් නේ.ප්‍රශ්නය:- කොහොම නමුත් කැබිනට් සංශෝධනයක් එනවා.පිළිතුර:- ඒකට මට උත්තර දෙන්න බැහැනේ. ඒක මගේ විෂය නොවෙයිනේ. ඒවා කරන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමානේ.ප්‍රශ්නය:- ඔබට බයක් නෑ.පිළිතුර:- ඇයි දෙයියනේ ඉතින් මම බය වෙන්නේ.
දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා
0
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)විස්ස ගෙනත් කරගන්න බැරිවුණු පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කාන්තා අයිතීන් යොදාගත්තා යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ පෙරේදා (20) කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් රචිත කෘති දෙකක් එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි. රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබුවේ යළි එතැන් සිට (පරාජයේ අපරාජිත කතා) හා හත්වන පාර්ලිමේන්තුවේදී තමන් විසින් කළ කතා ඇතුළත්ව ලියන ලද මැතිසබේ කළ කතා යන කෘතීන් දෙකය.මෙම කෘතින්හි පිටපත් දෙකක් අබේගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා සිය මෑණියන් වූ මහමතී අබේගුණවර්ධන මහත්මිය වෙත පිළිගන්වනු ලැබූ අතර උත්සවයට සහභාගී වූ සෑම අයකුටම පිටපත බැගින් පිරිනමනු ලැබිණ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.රෝහිත අද පොතක් එළදැක්වීමට අලූත් ආකෘතියක් හඳුන්වාදුන්නා. මේක අලූත් ඇරඹුමක් හැටියටයි මම දකින්නේ. රෝහිත දේශපාලනයට ආවේ අනූහතේදී. එදා ඔහු ආපු ගමන්ම ප‍්‍රාදේශීය සභාවේ සභාපති වුණා. ඒ කාලේ ඉඳන්ම ඔහු මාත් එක්ක හිතවත්. මම යන හැම තැනකම ඔහු සිටියා. ඒ නිසා බොහෝ දෙනා හිතුවා ඔහු මගේ පෞද්ගලික ආරක්ෂකයෙක් කියලා. කොටින්ම ගෝඨාභය පවා එහෙම හිතලා තිබුණා.මම ජනාධිපති ලෙස පත්වූ පසු බොහෝ දෙනා ඇමතිකම්වලට පොරකද්දී රෝහිත කිසි දෙයක් ඉල්ලූවේ නැහැ. මම ඇහුවා ඔයාට මොනවද  ඕන කියලා. එතුමා කිව්වේ මට ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතිකම දෙන්න කරන්නම් කියලයි. ඇමතිකමක් නෙවෙයි නියෝජ්‍ය ඇමතිකමක් තමයි ඉල්ලූවේ. ටික කාලයක් වැඩකරගෙන යනකොට තමයි මටත් තේරුණේ ඒක සේරටම වඩා බලගතුයි කියලා. ඔහුට නිදහසේ වැඩ කරන්න මම ඉඩදී තිබුණා.මම පහුගිය ජනාධිපතිවරණයෙන් පැරදිලා මැදමුලනට ගියේ දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමේ අදහසින්. නමුත් එදා සිටම ජනතාව මගේ නිවසට එන්න පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකම රෝහිතත් ආවා. අන්තිමට ඔවුන් මාව නැවත දේශපාලනයට අරන් ආවා.මම ජනාධිපති ලෙස හිටිය කාලෙට වඩා ජයග‍්‍රහණ ලබමින් ඉදිරියට ගිය කාලයට වඩා විශාල අත්දැකීමක් පරාජයට පත්වී ගෙවී ගිය පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ලැබුවා. බලය තිබෙන කාලයේ සිටින යාලූ මිත‍්‍රාදීන්ගෙන් සැබෑ යාලූවෝ, පරාජයේදීත් ළග ඉන්න යාලූවෝ අඳුනගන්න ලැබුණා. පැරදුණාම, බලය නැති වුණාම අපිව දාලා යන අය හඳුනගන්න ලැබුණා. එදා මාව මහරජාණෝ කියලා හඳුන්වාදීපු අයම අද මාව ඒකාධිපතියා කියලා හඳුන්වා දෙනවා. ජයග‍්‍රහණයේදී වගේම පරාජයේදීත් මගේ ළඟින්ම හිටිය මිතුරෙක් තමයි රෝහිත.සදාකාලිකව බලයේ ඉන්න බැහැ. බලයේ ඉන්නකොට අපි පරෙස්සම් විය යුතු දේවල් තිබුණා. කළ යුතු දේ නොකළ යුතු දේ තිබුණා. අද මගේ පවුලේ අයට, මගේ වටේ ඉන්න අයට නොයෙකුත් නඩුහබවලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. යළි එතැන් සිට ඔබේ කෘතිය අද එළි දැක්වූවා. මෙහි ඊළග කොටස අද සිට ඔබට ලියන්න තිබෙන්නේ අඳුරු කතාවක්.මේ ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරගෙන මැතිවරණ කල්දානවා. පළාත් පාලන මැතිවරණ වසර ගණනාවක් තිස්සේ කල්දමමින් ඉන්නවා. දැන් පළාත් සභා මැතිවරණත් කල්දාන්න යනවා. විස්ස ගෙනත් මේක කල්දාන්න හැදුවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ නියෝග නිසා ඒක කරගන්න බැරි වුණා. දැන් කාන්තාවන්ට තැනක් දෙන්න කියලා නැවත කල්දාන්න අවශ්‍ය තත්ත්වයක් හදාගෙන. ඔවුන් කියන්නේ නම් ජනමතයට බයට මැතිවරණය කල්දානවා නෙවෙයි කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් ඇති කරන්න මෙසේ කරන බවයි.මේ ආණ්ඩුව ජනතාවට කියන්නේ එකක්. කරන්නේ තවත් එකක්. පිණ්ඩපාතේ වැඩම කළ අපේ මහාසංඝරත්නයට කිසියම් පිරිසක් හොට් ඩෝග් දාලා තිබුණා. දානේ දීමේ අදහසින් කළා නම් ඇයි වෙන දෙයක් තිබුණෙම නැද්ද දානෙට දෙන්න. හොට් ඩෝග් කියන්නේ මොනවද කියලා ඔබ දන්නවා. මේවා දුන්නේ මේ දීපු අයගේ වුවමනාවට නෙවෙයි. ඒ අයව මෙහෙයවපු අයගේ වුවමනාවටයි. මේක මේ රටේ නායකයාගේ වුවමනාවයි. මේක අපේ භික්ෂූන් වහන්සේලාට කරපු අපහාසයක්. අපි කිසිම දවසක අපේ ආගමික නායකයින්ට නෙවෙයි අඩුම තරමින් අන්‍යාගමික පූජකවරයෙකුටවත් අපහාසයක් වන කිසිම දෙයක් කරලා නැහැ. එවැනි දේ වෙන කෙනෙක් කළත් මම අනුමත කරන්නෙත් නැහැ.හෙට රෝහිතගේ උපන් දිනය. ඔහු වයස කිව්වේ දිනවලින් නිසා මම දැනගත්තත් කියන්න යන්නේ නැහැ. මට නම් පේන්නේ ඔහු අපේ නාමල්ගේ වයසේ වගෙයි. ඔබ හැම විටම පක්ෂය සමග හිටපු අවංක දේශපාලකයෙක්. ජනතා විශ්වාසය දිනාගන ඉදිරි ගමනක් යන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 ජනවාරි 09වැනිදා කියන්නේ මුළු රටම අඳුරු කළ දිනයයි. අද වන විට මේ අඳුරු කාලයට වසර දෙකකුත් මාස අටයි දින එකොළහක් ගත වෙලා. මේ පරාජිත කාලය තුළ ලැබු නොයෙක් අත්දැකීම් මම යළි එතැන් සිට කෘතියේ සඳහන්කර තිබෙනවා. මේක බොහොම තිත්ත කතාවක්. තිත්ත වුණත් මම කියලා තිබෙන්නේ ඇත්ත. මේ අත්දැකීම්වලින් ලද දැනුම ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයකින් ලබන්න බැහැ. හතුරා කවුද? මිතුරා කවුද? බලය තිබෙන විට, මුදල් තිබෙන විට ළංවන අය කවුද? ඒවා නැතිවෙන කොට ඈත්වන අය කවුද කියලා හඳුනාගන්න මේ කාලය විශාල පාඩමක් වුණා.මම මහින්ද රාජපක්ෂ මහතා හඳුනාගත්තේ එතුමා කම්කරු ඇමති හැටියට හිටපු කාලයේදියි. ඊට පස්සේ එතුමා විපක්ෂ නායක වුණා. අගමැති වුණා. පස්සේ ජනාධිපති වුණා. අවුරුදු දහයක් ජනාධිපති හැටියට මේ රටට විශාල මෙහෙවරක් කළා. රට එක්සේසත් කළා. නමුත් ඒ හැම අවස්ථාවකම හිටපු මහින්ද රාජපක්ෂට වඩා පරාජයට පත්වූ පසු අද ඉන්න මහින්ද රාජපක්ෂ බලවත් කියලයි මට හිතෙන්නේ. බලය තිබෙනකොට සියලූ දේ කරන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් බලය නැති කාලෙත් වැටෙන්නේ නැතිවෙන කොට, අභියෝග එනකොට ඒවාට ශක්තිමත්ව මුහුණ දෙන්නේ  කොහොමද කියලා එතුමා අපිට පෙන්වා දුන්නා.බලය තිබෙන කාලයේ අපේ ගෙදරට සෙනග අඩුවක් තිබුණේ නැහැ. ඒත් බලය නැති වුණාම ගෙදරට එන ප‍්‍රමාණය අඩුවුණා. අපි සමහරුන්ට කතා කරලා ඇහුවාම ගෙදරට ගොඩවෙලා යන්න එනවාද කියලා, ඔවුන් ගිහින් එන්නම් කියලා යනවා. එහෙම කියපු සමහරු දැන් නැවත අපේ ළගට කිට්ටු වෙමින් සිටිනවා. මේ ආණ්ඩුවේ තරම දැන් ඔවුන්ට වැටහී ඇති බවයි පේන්නේ.බුදුහාමුදුරුවොත් තමන්ට බුදු වෙන්න සෙවන දුන් බෝධියට කෙළෙහි ගුණ දක්වූවා කියලා මම අහලා තිබෙනවා. මේ රටේ ජනතාව වසර දෙහසකටත් පෙර මේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන සිහිපත් කරන, කවදාවත් දැකලාවක් නැති එතුමාට ගරු කරන අපේ රටේ මිනිසුන්ට අවුරුදු හත අටකට කලින් මේ රටේ යුද්ධය අවසන් කර රට එක්සේසත් කළ, අපිට දකින්න තවමත් ඉන්න, මහින්ද රාජපක්ෂ මහතාව අමතක වුණා. එවැනි රටකයි අපිට ජීවත් වෙන්න සිදුවී තිබෙන්නේ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රෝහිත අබේගුණවර්ධන මහතා ගමේ පොදු කටයුතුවල හිටපු ගමේ නායකයෙක්. එදා මගේ පියා ජනාධිපති ලෙස පත්වූ පසු හැමෝම ඇමතිකම්වලට පොරකද්දී එතුමා ඇමතිකමක් වෙනුවට රටට සේවය කරන්න නියෝජ්‍ය ඇමතිකමක් විතරයි ඉල්ලා සිටියේ. තනතුරු බලාගෙනම වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඒ වගේම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් ඔහු පසුබැස්සේ නැහැ. වර්තමාන රාජ්‍ය නායකයා තමන්ගේ රටත් ජාතියත් ජාත්‍යන්තරය හමුවේ පාවා දෙද්දී, මැතිවරණ සිතියම අකුලා දමමින් සිටියදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පසෙකලා වෙනම සංශෝධන ගෙනත් පළාත් සභා මැතිවරණය කල්දමන්න කටයුතු කළ දිනයක් හැටියට අද දවස ඉතිහාස ගත වෙනවා.මෙහිදී ආර්ථික විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාද අදහස් දැක්වූ අතර රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය, පියාගේ ගුණ කථනයක් සිදුකළේය. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු රැසක්ද, කලාකරුවෝ හා පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.
එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා
1
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා
0
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්‍රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ  අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට   0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්‍රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්‍රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
1
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
0
(අංජුල මහික වීරරත්න සහ දෙනියාය විශේෂ එස්.ඞී. කොඩිකාර දෙනියායේ සිට)ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටව පැවති රට බාර ගෙන කෙටි කාලය ඇතුළත ණය නැති අපනයන සංවර්ධනය ඉදිරියට යන රටක් බිහි කිරීම සඳහා මූලික පියවර තැබීමට හැකි විනැයි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙනියායේදී පැවසීය.කතා කළ කාලය අවසන් කර හම්බන්තොට සංවර්ධනයේ සැබෑ ඵල නෙළන කාලය පැමිණ ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා, හම්බන්තොට ඇතුළු සියලූ ප‍්‍රදේශ සඳහා ඉඩම් දී ඇත්තේ ව්‍යාපාර කරන්න පමණක් බව ද ඒවායේ සියලූ අයිතිය ශ්‍රී ලංකාව සතුවන බව ද අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රට පුරා ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ වැඩසටහනට සහභාගී වෙමිනි.දෙනියාය මධ්‍ය මහා විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.”දෙනියායේ ජනතාවට ඉඩම් ඔප්පු දීම හැකි ඉක්මණින් කළ යුතු බව මා මීට පෙර කොටපොළට පැමිණි අවස්ථාවේදී අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දුන්නා. ඉඩම් ඔප්පු දීමේ කාර්ය සීඝ‍්‍රයෙන් කිරීම මගේ අරමුණ වුණා. නොවැම්බර් මාසයේදී ඔබට ඔප්පු ප‍්‍රදානය කිරීමට තීරණය වුණා.ඒ කටයුත්ත කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ස්තූතිය පළ කළ යුතුයි. මේ වනවිට රට පුරාම ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ කටයුතු ආරම්භ වෙලා. ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශය භාරගත් දා සිට ඔප්පු ප‍්‍රදානය කිරීමේ කටයුත්ත ඉතා සාර්ථක අයුරින් ඉටු කරනවා.ජීවිතයේ සුරක්ෂිත බවෙහි ප‍්‍රධානතම කාරණය වන්නේ ඉඩමක අයිතිය සහ නිවෙස ගැනීමයි. එය සියලූම දෙනාට අවශ්‍යයි. විවාහ වීමට සිටින තරුණ තරුණියන් උත්සාහ කරන්නේ නිවෙසක ඉඩමක අයිතිය ගැනීමටයි. සමහරුන්ට මව්පියන්ගේ මුදල් ඇති විට ඒවා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් බොහෝ අයට ඒ වාසිය නැහැ.ඉඩමක අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් ඔප්පුව දිය යුතුයි. එමෙන්ම නිවාස ඉදි කිරීමට පහසුකම් සහිත ණය මුදල් දීමේ වගකීම අපට තිබෙනවා. අපේ ප‍්‍රධාන වැඩ කටයුත්ත වන්නේ එයයි.එලෙස සුරක්ෂිත බව දීමේ තවත් කොටසත් තිබෙනවා. නිවස හදන්න නම්, මිලදී ගන්න නම් ආදායම තිිබිය යුතුයි. ඒ සඳහා මෙරට රැකියා සහ ආදායම් මාර්ග වර්ධනය කළ යුතුව තිබෙනවා.එසේ නම් අපට වගකීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න නිවාස ඉදිකර ගැනීම සඳහා අවස්ථාව දීමයි. දෙවැන්න ඊට වියදම් කිරීම සඳහා ආදායම් මාර්ග සකස් කර දීමයි. මේ කාරණා දෙකම ඉටුකර ගැනීම සඳහා මා කටයුතු කරනවා.සියලූම දෙනාට හොඳින් ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවා අප බාර ගත්තේ ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටුවා තිබූ රටයි.2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ණය අඩු වී සංවර්ධනය වැඩි විය යුතුව තිබුණා. නමුත් යුද්ධය අවසන් වූ පසුව ණය බර වැඩි වුණා. සංවර්ධනය නැති වුණා. එවැනි රටක් බාර ගෙන යහපත් අතට හැරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. තනි ආණ්ඩුවකට වඩා ඒ වැඩ කටයුත්ත ජාතික ආණ්ඩුවකින් කිරීමට සුදුසුයි. පක්ෂ ගණනාවක් එක්වී ජාතික ආණ්ඩුව පිහිට වූයේ ඒ නිසයි.විශාල ලෙස ණය ගැනීමට පටන් ගත්තේ 2007 වසරේදීයි. ඒ යුද්ධය අවසන් වන සමයයි. 2013 වසර වනවිට ණය ගෙවීමට රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ඉතිරි ණය ගෙවීමටත්, තවත් ණය ගෙන තිබුණා. එපමණක් ද නොව ඒ වසරේ සම්පූර්ණ අයවැයට ගෙවීමටත් ණය වෙලා සිටියා.ජාතික රජය පිහිටුවා පළමු වසර දෙක යොදා ගත්තේ ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහායි. ණය ගෙවීමට නොහැකි නම් රටේ ආර්ථිකය අස්ථාවර වෙනවා. පුද්ගලයකු වශයෙන් ණය වී ණය ගෙවා ගන්න බැරි වුවහොත් ඒ පුද්ගලයාගේ ආර්ථිකය අස්ථාවර වනවා.පළමුවෙන්ම අධික ණය බර ගෙවා දමන්නේ කෙසේ දැයි අප කල්පනා කළා. ඒ කරුණ සැලසුම් කිරීමට වසර දෙකක කාලයක් ගත වුණා. රටේ ආදායම වැඩි කර ණය ගෙවීමේ පරිසරය නිර්මාණය කර ගත යුතුව තිබුණා. දැන් ණය ගෙවීම සඳහා අපේ ආදායම ප‍්‍රමාණවත් වෙලා. ඉතිරි මුදල් සංවර්ධනයට යෙදවිය හැකියි. අයවැය සඳහා යෙදවිය හැකියි. අයවැය සඳහා සම්පූර්ණ මුදල් එතනින් නොලැබෙන නිසා ඉතිරි වැඩ කිරීම සඳහා නැවත ණයක් ගැනීමට විය හැකියි.ණය ගන්නවා මෙන්ම පරණ ණය ගෙවීමටත් සීඝ‍්‍ර සංවර්ධනය තුළින් හැකියාව ලැබෙනවා. දැන් ණය ගෙවීම ආරම්භ කරලා. 2016 වසරේදී වැට් බද්ද වැඩි කිරීමට වුණා. එහිදී විවිධ උද්ඝෝෂණ ද ඇති වුණා. කෙසේ හෝ දැන් ක‍්‍රමානුකූලව අපේ ආදායම වැඩි කරගෙන යනවා. ලාබ ලබන ලෙස කටයුතු කරන්නැයි සංස්ථාවලට දැනුම් දුන්නා.වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. ඒ වසරවල අපට රුපියල් කෝටි ලක්ෂ තුනක් නැවත ගෙවීමට වනවා. ඉදිරියට යාමට නම් ඒ ණය ගෙවා දැමිය යුතුමයි.ණය ගෙවීම තවත් කල් දමන්නැයි සමහරුන් කියනවා. නමුත් එය කිරීමට හැකියාව නැහැ. එසේ කළහොත් ණය ගෙවීම ඊළඟ පරපුරට බාර වෙනවා. ඊළඟ පරපුරත් ණයකරුවන් බවට පත් කිරීමට මට අවශ්‍ය නැහැ. අපේ කාලයේදී ගත් ණය අපේ කාලයේදීම ගෙවා අවසන් කළ යුතුයි. එවිට අපේ තරුණ පරපුරට ප‍්‍රශ්නයක් නැතිව ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. 2018x2019 වසරවල අදාළ මුදල් පියවා දැමීම මගේ අරමුණයි. රටේ ආදායමෙන් වැඩි කොටස වැය වන්නේ ණය ගෙවා දැමීම සඳහායි. ඉතිරි මුදල් සෙසු සංවර්ධන කටයුතු සඳහා වැය කළ යුතුව තිබෙනවා.මහා මාර්ග ඉදිකිරීම, අධ්‍යාපනය දියුණු කිරීම, නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ණය ගෙවන අතරම මුදල් වෙන් කරනවා. අතීතයේදී ණය වැඩි වී සංවර්ධනය අඩු වුණා. දැන් ණය බරත් අඩු කර සංවර්ධනය ද ආරම්භ කර තිබෙනවා.රැුකියා, ආදායම් වැඩි කිරීමට නම් සංවර්ධනය වේගවත් කළ යුතුයි. ඒ කටයුත්ත ශ්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනය සහිත වෙළෙඳපොළෙන් කිරීමට හැකියාවක් නැහැ. අප මුළු ලෝකයම අල්ලා ගත යුතුයි.ලබන වසරේ අපේ‍්‍රල් 01 වැනිදා සිට අපනයන සංවර්ධනය කරන සමාගම් සඳහා බදු සහන දීමටත්, දිරිගැන්වීම් කිරීමටත් සඳහා වන නව නීතිය ක‍්‍රියාත්මකයි. දැන් අපට තිබෙන්නේ සියල්ල දීමයි.ණය වැඩි වී අපනයන නතර වූ සමයේ සිට අපනයන සංවර්ධනය ඉදිරියට ගෙන යාමටත් අප වැඩසටහන් ආරම්භ කළා.හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ආර්ථික කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා නව කාර්යාල ආරම්භ කළා. ණය ගෙන වරාය හැදුවත් ඊට කිසිවෙකුත් ආවේ නැහැ. වරාය අප නඩත්තු කළේ කොළඹ වරායෙන් ලැබෙන මුදල්වලිනුයි.මත්තල ගුවන් තොටුපොළ ඉදි කළා. එහි පැමිණියේ මොනරුන් පමණයි. කොළඹ ගුවන් තොටුපළෙහි ලාබවලින් මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා.මෙවැනි කාරණා නිසා වරාය අධිකාරියේ අලාබ වැඩි වුණා. මේ ආකාරයට තවදුරටත් කටයුතු කළහොත් ගුවන් සේවා අධිකාරිය සම්පූර්ණයෙන්ම අලාබ ලබන ආයතනය බවට පත් වෙනවා.2017 වසරේ සිට නැවත හම්බන්තොට වරායට ණය ගෙවිය යුතුයි. හම්බන්තොට වරාය පිළිබඳව චීනය සමඟ කතා කළා. ලෝකයේ නැව් හම්බන්තොටට ගෙන ඒමට අපට ශක්තියක් නැති බව ද ප‍්‍රකාශ කළා. ත‍්‍රිකුණමලයට නැව් ගෙන්වා ගන්න බැරි නම් හම්බන්තොටට නැව් ගෙන්වා ගන්නේ කෙසේද? ඒ නිසා ණයක් නොගෙවා වරාය වසා දමන්න වන බව චීනයට පැවසුවා. මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ද මේ ප‍්‍ර‍්‍රශ්නය තිබෙනවා.ප‍්‍රධාන චීන සමාගම් සහ ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය එකට එක්වී හවුල් ව්‍යාපාරය ලෙස වරාය පවත්වාගෙන යාමට අවසානයේ චීනය යෝජනා කළා. චීන සමාගමට බහුතර කොටස් දෙනවා නම් වසර 30ක ගාස්තු ගෙවීමට සූදානම් බව චීනය පැවසුවා. අප ඒ කාරණයට එකඟතාවය පළ කළා. ඉඩම අපේයි. ඔවුන්ට අයිතිය ඇත්තේ ව්‍යාපාර කරන්න පමණයි.නව සමාගම දෙසැම්බර් 8 වැනිදා වැඩ ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඒ සමඟම හම්බන්තොට විශාල කර්මාන්තපුරය ස්ථාපිත කිරීමට නියමිතයි.දැන් කතා කළ කාලය අවසානයි. හම්බන්තොට සිට වරාය සහ කර්මාන්තපුරය යන දෙකම ක‍්‍රියාත්මක කළ යුතුයි.තෙල් පිරිපහදුව සඳහා දැනටමත් ඉඩම් ඉල්ලා තිබෙනවා. එල්.එන්.ජී. විදුලි බලාගාරය සඳහා ඉඩම් සොයනවා. සිමෙන්ති කම්හලට, වානේ කම්හලට, නැව් තටාකයට දැන් ඉඩම් වෙන් කරගෙන යනවා.නව සමාගම ලබන වසරේ වරායට අවශ්‍ය නව යන්ත‍්‍ර මිලදී ගැනිම සඳහා ඩොලර් කෝටි 60ක මුදල යොදවනවා. නව වෙළෙඳ කලාප ආරම්භ කිරීම පිළිබඳව මා අමාත්‍යවරුන් සමඟ සාකච්ඡුා කළා. ඒ සඳහා විශාල සමාගම් ප‍්‍රමාණය ඉදිරිපත් වී සිටිනවා.මුල් අදියරේදීම මේ කටයුතු වෙනුවෙන් අක්කර දෙදහසක් වෙන් කළ යුතුයි. කටුනායක, බියගම, සීතාවක, කොග්ගල යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් තම කර්මාන්ත සඳහා අක්කර 200 බැගින් ඉල්ලා තිබෙනවා.රබර් කර්මාන්ත ආයතනය අක්කර 300 ඉල්ලා තිබෙනවා. මේ ආයතනය සඳහා අවශ්‍ය රබර් ප‍්‍රමාණය ලංකාවේවත් නැහැ. මොනරාගල රබර් වැවීමේ කටයුතු තවත් දියුණු කිරීමට අදහස් කරනවා. එවැනි විශාල දියුණුව ලැබුණු පසු මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල ප‍්‍රදේශවටලත් විශාල දියුණුව ලැබෙනවා. හම්බන්තොට වරායට ඉන්දියන් සාගරය හරහා යන නැව් පැමිණි භාණ්ඩ සියල්ල එතැන් සිට චීනයට ප‍්‍රවාහනය කරනවා. දැන් අපට ඉතිරි වී ඇත්තේ මත්තල ගුවන්තොටුපොළ පමණයි.සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ඉන්දියා සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස ලබන වසරේ මාර්තු මාසයට පෙර ගුවන් තොටුපොළ ගොඩ නැගීම සඳහා කටයුතු කිරීම අපේ අරමුණයි.හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාවෙන් ද ප‍්‍රයෝජනය ගැනීම සඳහා නව කාර්යාලය විවෘත කළා.තව එකක් ඉතිරි වී තිබෙනවා. ඊට කුමක් කරන්න දැයි මා නම් දන්නේ නැහැ. ඒ සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයයි. ඒ සඳහා කිසිවකුත් එන්නේ නැහැ. විශාල අලාභයක් ලබන සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට එන්නේ වල් අලි පමණයි. අනෙක් ප‍්‍රශ්න සියල්ල ක‍්‍රමානුකූලව විසඳාගෙන යනවා.මත්තල ගුවන් තොටුපොළ, මහා මාර්ග පද්ධතිය, කටුනායක ගුවන්තොටුපොළ නිසා සංචාරකයන්ට හොඳම ස්ථානය වන්නේ ගාල්ල දිස්ත‍්‍රික්කයයි. ඒ නිසා ගාල්ල දිස්ත‍්‍රික්කයේ විශාල සංචාරක කටයුතු ඇති කිරීමේ වැඩසටහන දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරගෙන යනවා.ජෙෆ්රි බාවා විසූ නිවෙස ළඟ දේද්දුව ප‍්‍රදේශයේ අක්කර 1800ක සංචාරක කලාපය ඉදි කෙරෙනවා. එතැන් සිට සැතපුම් 15ක් යන්න පෙර අකුරල සංචාරක කලාපය තිබෙනවා. එය අක්කර 500ක් විශාලයි.කොග්ගල සංචාරක කලාප 3ක් තිබෙනවා. ගාලූ නගරයේ තවත් සංචාරක වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීම මගේ අරමුණයි.මේ කටයුතු කරන අතරතුර සංචාරක කර්මාන්තය තුළින් වක‍්‍ර රැුකියා දහස් ගණනක් නිර්මාණය වීමට නියමිතයි. වැලිගම චාලිමන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපය ඇරඹීමට සැලසුම් කළා.සිංහරාජ සංවර්ධන සැලැස්ම අපගේ ඊළඟ පියවරයි. ගිං, නිල්වලා, වලවේ ආදී ගංගා සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිතව ආරම්භ වෙනවා. සිංහරාජ වනාන්තරයට හානියක් වුවහොත් මුළු දකුණු පළාතටම වතුර නැහැ. හම්බන්තොට කර්මාන්තපුරයට ජලය නැහැ. සංචාරක කලාප සඳහා ජලය නැහැ. ඒ නිසා සිංහරාජ පරිසරය ආරක්ෂා කරන අතරතුර කුඩා කර්මාන්තවල යෙදෙන අයට ආර්ථික වශයෙන් දියුණු වීමට නව වැඩසටහන ඇරඹුවා.එක කොනකින් හම්බන්තොට කර්මාන්තකරණයත්, අනෙක් අතින් දකුණු සංචාරක කලාපයත්, සිංහරාජ පරිසර කලාපයත් දකුණට නව ආර්ථිකය දෙනවා. කොළඹට නොදෙවැනි ආර්ථිකය මේ තුළින් දකුණට දෙන්නට කටයුතු කරනවා.අපනයන සංවර්ධනයේ එක් කේන්ද්‍රස්ථානය බවට ගාල්ල පත් වෙනවා. මාතර, මොනරාගල, හම්බන්තොට ප‍්‍රදේශවලට ද ඒ සංවර්ධනය ලැබෙනවා.අප බාර ගත්තේ ණය වැඩිවී සංවර්ධනය අහිමි වූ රටයි. අද අප ක‍්‍රියා කරන්නේ ණය ගෙවීමට හැකි අපනයන සංවර්ධනය ඉදිරියට යන රට තුළයි. වෙනස එයයි.මා බලාපොරොත්තු වන්නේ ඊළඟ වසර දෙක තුන ඇතුළත දී ඒ වෙනස මුළු රටටම දීමටයි. මහවැලියෙන් පසු විශාලතම සංවර්ධනය උරුම වන්නේ දකුණු පළාතටයි” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා”අගමැතිතුමා ඉඩම් ඔප්පු ඉතා කඩිනමින් දිය යුතු බව සඳහන් කළා. වැඩ කටයුත්ත කිරීමට තීරණය වී සති තුන ගිය තැන ඔප්පු දීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාර්ශ්වයන් රැසක් අපට උදව් කළා.මේ නිවන්නේ ජනතාවගේ විශාල ගින්දරයි. පරම්පරා දෙක තුනක් පැවති ප‍්‍රශ්නයයි. තවත් ජනතා ප‍්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලටම අප අවධානය යොමු කරනවා.ඉඩමේ අයිතිය ලැබීමෙන් ඔබ සුරක්ෂිතයි. ආර්ථික ශක්තිය ද ලැබෙනවා. බැංකු ණයක් ගන්න ව්‍යාපාරයක් ඇරැඹීමට හැකියාව ලැබෙනවා.අප දුන් පොරොන්දු සියල්ල ක‍්‍රමක‍්‍රමයෙන් ඉටු කරමින් සිටිනවා. ඔබගේ ජීවන මට්ටම ඉහළ දැමීම අපේ අරමුණයි. පහළ වැටී තිබූ තේ මිල දැන් ඉහළ මිලකට ගිහිල්ලා. අප ආණ්ඩුව ගන්නා විට 50 x 58 මට්ටමේ තිබූ තේ මිල අද සීඝ‍්‍රයෙන් වැඩිවෙලා.තේ ආර්ථිකයට පමණක් සිරවී නොසිට පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම අපේ අරමුණයි. හම්බන්තොට දියුණුව ඇති කරන විට මේ ප‍්‍රදේශයේ ආර්ථිකය ද ශක්තිමත් වෙනවා.”ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාකඩිනම් ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර දීමේ සාර්ථක වැඩසටහන දෙනියායේ පැවැත්වීමට ලැබුණා. අප ගම් දනව්වල සංචාරය කර ජනතාව හමුවී අදාළ කටයුතු කර ඔප්පු දීමට කටයුතු කළා.කෙටි දින ගණනක් ඇතුළත විශාල පිරිසකට ඔප්පු ප‍්‍රදානය කිරීමට හැකිවූවා. අප අමාත්‍යාංශය ජනතාව ළඟට ගොස් ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳනවා.රට පුරාම ජනතාවට ඉඩම් ඔප්පු දීම අපේ අරමුණයි. පසුගිය වසර පහටම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම දුන් ඔප්පු ප‍්‍රමාණයට වඩා අද අප දෙනියායේ ජනතාවට දෙන ඔප්පු ප‍්‍රමාණය වැඩියි.ලබන වසරේ සිට ලක්ෂ ගණනින් ඉඩම් ඔප්පු දීමේ කටයුතු අරඹනවා. ඉඩම්වල පදිංචිවී සිටිය ද ඔබට ඉඩමේ හිමිකම තිබුණේ නැහැ. ඔප්පුව හදා ගන්න ඔබට බොහෝ රස්තියාදු වීමට වුණා. ඔප්පුව නැතිව පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමටවත් හැකියාවක් නැහැ.අප රජය යටතේ සැමට සින්නක්කර ඔප්පු දෙන බව අගමැතිතුමා මැතිවරණ සමයේදීත් ප‍්‍රකාශ කළා. රට පුරාම ගොස් ඉඩම් ඔප්පු දීමට කටයුතු කරනවා.වතුකරයේ ලයින් කාමර වෙනුවට ඔවුන්ට නිවාස දීමේ කටයුතු අගමැතිතුමන්ගේ උපදෙස් පරිදි කෙරෙනවා.ජාතික ප‍්‍රශ්නයට, රැුකියා ප‍්‍රශ්න මෙන්ම ඉඩම් ප‍්‍රශ්නය ප‍්‍රබල ලෙස තිබෙනවා. දේශපාලන වාසි ගැන නොතකා ඒ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් ඇත්තේ අගමැතිතුමා ළඟයි.ඉදිරි වසර දෙක තුන ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔප්පු දුන් ආණ්ඩුවක නියෝජිතයන් ලෙස අප ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන බව මෙහිදී ප‍්‍රකාශ කරන්න කැමතියි.මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
0
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා  වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න  හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්‍රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්‍රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා.
ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි
0
(වාරණ ආනන්ද ජයකොඩි සහ ගම්පහ තිලකරත්න දිසානායක)දූෂණයට, වංචාවට එරෙහිව වැට බඳිමින් හොරුන්ට දඬුවම් දිය හැක්කේ තම කඳවුරට පමණක් බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඉකුත්දා (10) පැවැසීය.රාජපක්ෂ පාලන සමයේ මෙන්ම, හොරු අල්ලන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවෙන් ද රටට පලක් නොවූ බව ඔහු සඳහන් කළේය.අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ගම්පහ නගරයේදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.එහිදී ඔහු මෙසේ ද කීවේය.මහින්ද මහත්තයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලගෙන් ඉල්ලනවා සජිත් ප්‍රේමදාස පරදන්න ගෝඨාභයට ඡන්දය දෙන්න කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කඩල දැම්මේ රාජපක්ෂ කල්ලිය නේද? එදා බණ්ඩාරනායක මහත්තයල ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ කල්ලිය නේද?ඒක තමයි සත්‍ය. අද එක්සත් ජාතික පක්ෂයේ අම්මල තාත්තලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලටත් එකතු වෙන්න පුළුවන් එකම තැන ජාතික  ජනබල වේගයයි.ඔය අම්මල තාත්තල සහෝදර සහෝදරියො, දූ දරුවෝ කව්රුත් පොදුවේ බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් හොඳ ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමටයි. නමුත් ඔය දුෂ්ට කල්ලි දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. වසර හැත්තෑ එකක පාලනයේදී ඔවුන් එය ඔප්පු කර තිබෙනවා නේද? ඔවුන්ට මේ රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න බැහැ කියල. එහෙම නම් ඔබලා තවදුරටත් මොවුන්ගේ සුරංගනා කතාවලට මුලා වෙනවා ද? එක්සත් ජාතික පක්ෂයේ ඔබලා සියලුම දෙනාට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මා විවෘතව ආරාධනා කරනවා මේ රට සැබෑ විදිහට ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමඟ අත්වැල් බැඳගන්න එකතු වෙන්න කියලා.සමහර අය අපෙන් අහනවා ඔබලාගේ සැලසුම් හොඳයි. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න කව්ද ඉන්නේ කියල. ඔව් අපේ වේදිකාවේ හොරු නැහැ. මෙන්න ඉන්නවා රට ගොඩනගන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ උගත් බුද්ධිමත් පිරිසක්. විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයන් සඳහා වූ විද්‍යාඥයින්, කලාකරුවන් කැපවීමකින් රට ගොඩනැගිය හැකි හොඳ පිරිසක් අපේ වේදිකාවේ ඉන්නවා.මේ විනාශකාරී මාවතෙන් මේ පුංචි ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා නව පාලකයෙක්, නව පාලනයක් අනිවාර්යෙන්ම බිහිකර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ එන්නේ පළමු අවස්ථාව නොවෙයි. ආසන්නම අවස්ථාව 2015 දී ආවා. එදා තිබුණු පාලනය හොරකම, වංචාව, දූෂණය මූලික කරගෙන රට පාලනය කළා. රට විනාශ කළා.තමුන්නාන්සේලා හොරකම, වංචාව නැති හොඳ පාලනයක් බලාපොරොත්තුවෙන් එදා 2015 දී නව පාලනයක් ගොඩ නැගුවා. හොරුන්ට දඬුවම් කරයි කියල තමුන්නාන්සේලා හිතුවා. ආර්ථිකය ශක්තිමත් කරයි කියලා. නමුත් ලක්ෂ හැටදෙක හමාරක ජනතාවට දුන් එකම පොරොන්දුවක්වත් මෛත්‍රී රනිල් පාලනය ඉටු කෙරුවේ නැහැ.මෛත්‍රී රනිල් පාලනය බිඳවට්ටල 2015 දී පරාජය කරපු කට්ටියම නැවත ගේන්න නම් එදා පරාද නොකර ඉන්න තිබුණා. දැන් අපි කුමක්ද කළ යුත්තේ මේ රට විනාශ කරපු ඔය කල්ලි දෙකම එකට තියල පරාජය කරල නව පාලනයක් ඇති කළ යුතුයි.මේ දුෂ්ඨ පාලකයො රටකට කරන්න පුළුවන් සියලුම විනාශයන් කරල හමාරයි. රට අන්ත දුප්පත් තත්ත්වයට පත්කරල සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කරල රට දුප්පත් කරල. නමුත් පාලකයො පොහොසත් වෙලා. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. නමුත් පාලකයින්ගේ පෞද්ගලික ගිණුම්වල සල්ලි පිරිලා රජයේ සමස්ත ආදායම ණය පොලී වාරිකය ගෙවන්නත් බැහැ. කෝටි දහතුන්දහස් පන්සීයක් පසුගිය අවුරුද්දේ ගන්න වුණා ණය ගෙවන්න. මේ අයුරින් විනාශ කරපු රට නැවත ගොඩනගන්න අපි සැවොම එකතුවෙලා හොඳ ආණ්ඩුවක් හදමු. අපිට එක අවස්ථාවක් දෙන්න. හොරකම, වංචාව, දූෂණය නවත්තල මේ රට ගොඩනගන හැටි අපි පෙන්වන්නම්.රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙකුට මැජික් බලයකින් කරන්න බැහැ. සුරංගනා කතාවලට රැවටෙන්න එපා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා කියන්න වෙනවා. දැන් බලන්න දරුවො දැක්ක ගමන් කිරි වීදුරුවක් දෙන්නම් කියනවා. ගැබිනි මාතාවක් දැක්ක ගමන් පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. ගොවියො දැක්ක ගමන් පොහොර දෙන්නම් කියනවා ධීවරයෝ දැක්ක ගමන්  තෙල් දෙන්නම් කියනවා. මේව ඔක්කොම ඉතිහාසය පුරාවට අපේ ජනතාව රවට්ටපු සුරංගනා කතා නේද?රටක් හදන්න නම් හොඳ අත්තිවාරමක් තිබෙන්න ඕනෑ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගිය හැකියි. නීතියක් නැති රටක් ගොඩනැගිය නොහැකියි. පළමුවෙන්ම අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කළ යුතුයි. අපේ රටේ හොඳ පොලිසියක් තිබෙනවා. ඕනෑම අපරාධයක් අල්ලා ගැනීමට හැකි පොලිසියක් අපිට තිබෙනවා. නමුත් පාලකයින්ගේ මැදිහත්වීම යටතේ සිදුවූ අපරාධ අල්ලගන්න බැරි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය.දැන් බලන්න පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් මන්ත්‍රීවෙලා හිටියාම විශ්‍රාම වැටුපක් දෙනවා. හිටපු ජනාධිපතිලටත් විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද ලබා දෙනවා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙනවා.ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිලාගේ සියලු වරප්‍රසාද අහෝසි කරනවා. සියලුම දේශපාලකයින් නීතියට යටත් කරනවා. එහෙම නැතිව මේ රට ගොඩනගන්න බැහැ.අපේ රට තුළ ඉන්න පුළුවන් ඇමැතිවරු 25 යි. නියෝජ්‍ය ඇමැතිවරු 25 යි. එයට වැඩිය එක්කෙනෙක්වත් පත්කරන්නේ  නැහැ. මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අපි සහතික කරනවා. ජාතීන් අතර සමගිය ගොඩ නගනවා. එය කළ හැක්කේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවකට පමණයි.මෛත්‍රී මහත්තය ජනාධිපති පුටුවෙන් බැහැල යන්න තියෙන්නේ තව දවස් කිහිපයයි. නමුත් ඔහු රෝයල්පාර්ක් ස්ත්‍රී දූෂකයා, ඝාතකයා නිදහස් කළා නේද? ඔහුගේ ජනාධිපති බලය පාවිච්චි කරලා මොන තරම් හිරිකිත වැඩක් ද කෙරුවේ.රාජපක්ෂ මේ රට විදේශිකයින්ට වික්කා. රනිල්ලත් මේ රට විදේශිකයින්ට විකුණනවා. දැන්වත් අපි මේ විනාශකාරී ගමන නවත්තමු.අපි ආපු ගමන් ජනතාවගෙන් කොල්ලකාපු හොරකම් කරපු සියලු ධනය ආපසු භාර දීමට දේශපාලකයන්ට මාස දෙකක් කල් දෙනවා. ඒ අවස්ථාවේදී මහ බැංකුව කොල්ලකාපු මුදල් රනිල් ළඟ තිබෙන මුදලුත් දෙන්න වෙනවා. වීරවංශ ඇමැති කාලෙ ලයිට් බිල මාසයට ලක්ෂ විසි එකක්. ඒව ඔක්කොම ජනතාවගෙ මුදල්. අපි ඒවත් අයකර ගන්නවා. දැන් මේ හෙට අනිද්දා යන්න ඉන්න ජනාධිපතිගේ නිවස වෙනුවෙන් කෝටි 800 ක් වටිනා නිවසක් අනුමත කරගෙන තිබෙනවා.හිටපු ජනාධිපති චන්ද්‍රිකා නෝනට ලැජ්ජ නැද්ද වලව් කිහිපයක් තිබියදී ජනතාවගේ මුදල්වලින් කොළඹ සුපිරි ගෙයක ඉන්න. අපි දරුවන්ට සැබෑ ළමා කාලයක් නිර්මාණය කරනවා. තරුණ පරපුරට තෘප්තිමත්  අනාගතයක් නිර්මාණය කරනවා. කාන්තාවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් ඒ වගේම ලක්ෂ 14 වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් හා පොදු ප්‍රවාහන සේවයේ මගීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වැඩසටහන් නිර්මාණය කරනවා. ඔවුන්ට ආත්මගරුත්වයක් සහිතව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවා.අද බලන්න පොදු ප්‍රවාහන සේවයන් තුළදී සියයට අනූවක් කාන්තාවන්ට කවර හෝ ලිංගික අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා. අපි මේවා වහා නැවැත්විය යුතු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කළ හැක්කේත් අපට පමණයි. මේ දුෂ්ට පාලකයින් වසර 71 ක් තිස්සේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමග අත්වැල් බැඳගන්නා මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.නොවැම්බර් 16 වැනිදා රටේ අනාගතය වෙනුවෙන් ජාතික ජනබලවේගය සමග බුද්ධිමත්ව තීරණයක් ගන්නා මෙන් මම ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය වසන්තා සුබසිංහ, යහපාලන උදෙසා වූ පෙරමුණේ නජා මොහොමඞ් හා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික දිනුක සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම කතා කළහ.මේ අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගි වූහ.
“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“
1
(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)ශ්‍රී ලංකා යූඇන්පී හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ අපට ඉතිරි කර තිබෙන්නේ මහා විනාශයක්. එදා 94 දී රට හදන්න කියල විහාර මහාදේවිය ආවා. 2005 දී දුටුගැමුණු ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. මොකද කළේ රට හැදුවද. නැහැ. කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදයල ආගම්වාදය ඇවිස්සුවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරල තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තිහාරියේදී ඉකුත්දා පැවැසීය.ජාතික ජනබලවේගය මගින් තිහාරිය ගොඩැල්ල නගරාසන්නයේදී ඉකුත්දා පැවැත්වූ ජන රැලියක් අමතමින් ඔහු එසේ කියා සිටියේය.අනුර දිසානායක මහතා මෙසේ ද කීය.“අද අපි මේ අම්මල තාත්තල හමුවන්න ආවේ විනාශ කර ඇති මේ රට සැබෑ විදිහට ගොඩනගන්න ක්‍රියාකාරීව දායකවන්න කියල ආරාධනා කරන්නයි. අපි මේ රට කෙසේ හෝ හදන්න ඕනෑ.මේ පාලකයෝ හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ රට මහා අනතුරකට තල්ලුකර ගෙන ඇවිත් තිබෙනවා. නීතියක් විනයක් නැති රටක් ඉතිරි කරල තිබෙනවා.පාලකයො දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් මඩි තරකරගෙන තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය මහා අගාධයකට තල්ලු කර තිබෙනවා. ජනතාවට දරා ගන්න බැරි බදු බරක් පටවා තිබෙනවා.සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කර තිබෙනවා. විශාල මත්ද්‍රව්‍ය තොග ගණනක් ගොඩබාන රටක් බවට පත්කර තිබෙනවා. මත්පැන් වැඩියෙන්ම බොන රටක් බවට පත්කර තිබෙනවා.වැඩියෙන්ම සියදිවි නසාගන්නා රටක් බවට පත්කර තිබෙනවා. විශාල වශයෙන් වාහන අනතුරු සිදුවන රටක් බවට අපේ රට පත්කර තිබෙනවා. මේක මහා ඛේදවාචකයක් නේද?අතේ ඉන්න දරුවන් ගැන හිතල අනාගතේ බිහිවන දරුවන් ගැන හිතල මේ රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වන්න කියල ආරාධනය කරන්නයි අපි ආවේ. අපට තනියම මේ වෙනස කරන්න බැහැ. මේ සඳහා තමුන්නාන්සේලාගේ දායකත්වය සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.යුද්ධය තිබෙන ගැටුම් තිබෙන ලෝකෙ කිසිම රටක් දියුණු කරල නැහැ. අපේ පාලකයො ඉතිහාසයේ පුරාම කරල තිබෙන්නේ ගැටුම් නිර්මාණය කිරීම පමණයි. ඔවුන්ගේ පැවැත්ම තිබෙන්නේ ජනවර්ග අතර ආගම් අතර ගැටුම් තිබුණොත් පමණයි.සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනයා සමගි වුණොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. මේ දුෂ්ඨ පාලකයින්ට පැවැත්මක් නැහැ. අපි යන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කිරීමේ ගමනයි.මේ දුෂ්ඨ පාලකයින්ට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔක්සිජන් ලැබුණා. එක්කෙනෙක් කියනවා මම හිටියා නම් ඒක වෙන්නේ නැහැ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය ඔවුන්ට ආශිර්වාදයක් වුණා. ඉස්සර හොරෙන් තුවක්කු බඳිනවා. තුවක්කු බැන්දේ කවුද කියල දන්නෙ නැහැ. නමුත් දඩයම උස්සගෙන යනකොට තුවක්කුව බැන්දේ කවුද කියල දැනගන්නවා. කුරුණෑගල, මහනුවර, බිංගිරිය, හෙට්ටිපොල, මිනුවන්ගොඩ පහරදීම්වලින් තුවක්කු බැන්ද පුද්ගලයො හෙළිවුණා නේද?දැන් ඔය ගෝඨාභයගේ වේදිකාවේත්, සජිත්ගේ වේදිකාවේත් රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. අද යුද්ධයක් තිබෙනවාද? නැහැ. නමුත් ගෝඨාභය කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව සහතික කරනවාලු. සජිත් කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව හිටපු හමුදාපතිට භාර දෙනවාලු. හමුදා කඳවුරු  ඕනෙ යුද්ධයක් තිබෙනවා නම් පමණයි. අද තිබෙන්නේ ඔය කියන කට්ටියම නිර්මාණය කරපු අන්තවාදයක් පමණයි.අන්තවාදී ක්‍රියා නැවැත්වීමට බැරියර් ඕනෙ නැහැ. යුද්ධ ටැංකි ඕනෙ නැහැ. අඩියෙන් අඩියට හමුදා භටයො ඕනෙ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සමගි කළහොත් ඕනෑම අන්තවාදයක් පරාජය කළ හැකියි. ඒ සඳහා අපට හොඳ පොලිසියක් තිබෙනවා. අතිදක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා. අතිදක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ජනතාව පොලිසිය සමග එකතු වුණොත් ඔය කියන එකම අන්තවාදයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.යුද්ධයකදී හමුදාවන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අද යුද්ධයක් නැහැ. ඒ තත්ත්වය යටතේ හමුදාවට හමුදා ජනරාල්වරුන්ට අපහාස කරන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ආරක්ෂාවේ සංඥාව සහිත පාලනයක් නිර්මාණය කළ යුතුයි. එය කළ හැක්කේ අපට පමණයි.රාජ්‍ය ආයතනයකට ගිහින් සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම රාජකාරි කර ගත හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. සියලු සංස්කෘතීන්ට ගරු කළ යුතු ගරු කළ හැකි රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි.එහෙම නැතිව ද්‍රවිඩ කාන්තාවකගේ නළලේ “තිලකය” ඉවත් කරන්න කිව්වොත් මුස්ලිම් කාන්තාවගේ “පර්දාව” ගලවන්න කිව්වොත් සිංහල කාන්තාවකගේ “උඩරට සාරිය” ගලවන්න කිව්වොත් ජාතික සමගියක් ගොඩනගන්න පුළුවන්ද? බැහැ.අද මේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඉදිරියට දාන්නේ සියලු ප්‍රශ්න යට ගහන්නයි. අද හොරු අල්ලන කතාවක් එකම වේදිකාවකවත් නැහැ. අපේ වේදිකාවේ විතරයි හොරු ගැන කියන්නේ. ඔය ගෝඨාභයගේ වේදිකාවේත් සජිත්ගේ වේදිකාවේත් හොරු පිරිලා, අන්තවාදීන් පිරිලා. ඒක තමුන්නාන්සේලාට අමුතුවෙන් පෙන්වන්න ඕනෙ නැහැ නේද?අපේ වේදිකාවේ හොරුන් නැහැ. අන්තවාදියොත් නැහැ. අපේ වේදිකාවේ ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුම ඇති විද්වතුන්, කලාකරුවන්. කෙටියෙන් කියනවා නම් මේ දුෂ්ඨ පාලකයො විනාශ කර ඇති මේ රට නැවත ගොඩනැගීම සඳහා කැපවීමකින් කටයුතු කළ හැකි පිරිසක් තමයි අපේ වේදිකාවේ ඉන්නේ. තමුන්නාන්සේලා සියලු දෙනාත් බේදයකින් තොරව එකතු වුණොත් වසර පහක් ඇතුළත අපි ලස්සන රටක් නිර්මාණය කරන බවට සහතික වෙනවා.තමුන්නාන්සේලා පොඞ්ඩක් කල්පනා කරල බලන්න. මේ පාලකයො කියනවා මේ රට දුප්පත් රටක් කියලා. රට දුප්පත් කළේ කවුද? මේ දුෂ්ඨ පාලකයො නේද? රට දුප්පත් වුණාට බැසිල් පොහොසත්, රට දුප්පත් වුණාට රවී පොහොසත්. රට දුප්පත් වුණාට කිරිඇල්ල පොහොසත්. තව ඕනෑ තරම් නම් කියන්න පුළුවන්. රට දුප්පත් වුණාට පාලකයින්ගෙ පෞද්ගලික ගිණුම් පිරිලා. ඕක තමයි ඇත්ත කතාව.එහෙම නම් මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබලවේගය සමග නොවැම්බර් 16 වැනිදා බුද්ධිමත්ම තීරණයක් ගන්නා මෙන් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද ඔහු කීය.ඉංග්‍රීසි භාෂා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රබා මනුරත්න මහත්මිය හා නජාම් මොහොමඞ් මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීහු කිහිප දෙනෙක් ද කතා කළහ.මේ අවස්ථාවට සිංහල හා මුස්ලිම් විශාල පිරිසක් සහභාගි වූහ. 
“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“
0
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. 
“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“
0
(විනීතා එම්. ගමගේ)කටුනායක, දක්ෂිණ සහ කොළඹ පිටත වටරවුම් පාර යන අධිවේගී මාර්ග තුනම අධිකාරියකට පවරා ඒ හරහා ඩොලර් මිලියන 600 කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට රජය සියල්ල සූදානම් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.විකුණාගෙන කෑම සිය ජීවිතය කරගත් වත්මන් ආණ්ඩුවේ අලූත්ම ගොදුරවී ඇත්තේ අධිවේගී මාර්ග තුන යැයි කී ගම්මන්පිල මහතා මේ සතියේ ඇමැති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමැති මණ්ඩල පති‍්‍රකාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති  බව ද සඳහන් කළේය.සියල්ල විකුණා අවසානයේ අප‍්‍රිකානුවන් වහල්කමට ඇමෙරිකාවට විකුණූ අන්දමින් ජනතාවත් විකුණන්නට ආණ්ඩුව පියවර ගනු ඇතැයි කී ගම්මන්පිල මහතා ඒ දිනය උදා වෙනතුරු බලා නොසිට මේ විකිණීමට එරෙහිව පාරට බහින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ප‍්‍රකාශ කළේය.පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේ ඊයේ (21) පැවැති මාධ්‍යහමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.‘‘ නෑ නෑ අපි විකුණන්නේ නෑ වසර 35කට බදු දෙනවා කියලා කියාවි. වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේ දී සලකන්නේ.මේ පිළිබඳ පසුගිය ඇමැති මණ්ඩල සාකච්ඡාවේදීත් අවධානය යොමු වුණා. එතැනදී විශ‍්‍රාමික දේශපේ‍්‍රමී ඇමැතිවරයකු හොඳ යෝජනාවක් කරලා. අධිවේගී මාර්ග තුන විකුණනවා කීවාම ලොකු විරෝධයක් සමාජයේ නැගෙනවා. ඒ නිසා අපි අලූතෙන් අධිකාරියක් හදලා ඒකට අධිවේගි මාර්ග පවරලා ඒකෙන් කොටස් ප‍්‍රතිශතයක් විතරක් චීනෙට විකුණමු කියලා.  මොන වෙස් මුහුණු බැන්දත් අපි මේ විකිණීමට විරුද්ධයි.මෙහෙම විකුණාගෙන ගිහින් අන්තිමට මේ රටේ මොනවාද ඉතිරි වෙන්නේ?  අන්තිමට ණයට හිලව් වෙන්න විකුණන්න ඉතිරි වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව විතරයි. අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීටපෙර තිබුණේ නැහැ. රජ තුන් කට්ටුවක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු අහන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයෙන්ම ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම පෙනෙනවා.අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් වන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු  ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක් නේ ද?යම් පුද්ගලයකුට හෝ පවුලකට දඩුවම් කිරීම සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව වත්මන් ආණ්ඩුවේ නායකයන් නොදන්නා බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙනී යනවා.එජාපයේ ඉන්නා මන්ත‍්‍රීවරුන් සියලූදෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා.  ඒක කළේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජයදාස ඇමැතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඞීල් දාල කියල චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජයදාස ඇමැතිතුමා මොනවා කරන්න ද? දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂවගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය.  විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද?  හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න.  ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක.  නීතිය පිළිබඳ මහාචාර්ය පා. ච. රණවක.  දැන් ඉතින් කාරණය පැහැදිලියිනෙ.අවසානයේ දී රාජිත ඇමැතිතුමා තමන්ගේ ගැලවුණු රෙද්ද යළි ඇඳ ගැනීමේ අරමුණින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමැති මඩුල්ල තීරණය කළාලූ. මුළු ඇමැති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියට නම් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි. ඒ මිස ඇමැති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ. නාට්‍යයක් ගැන පාර පුරා පෝස්ටර් අලවලා තිබෙනවා මම පසුගිය දවසක දැක්කා.  ඒකේ නම -කන්නයි ආවේ, කාලා තමයි යන්නේ’’ ඇත්තටම බැලූවහම මේක වේදීකාවේ රඟ දක්වන නාට්‍යයකට වඩා ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා රඟ දක්වන්නේ මේ නාට්‍යය තමයි.  මට පේන්නේ අපි හැමෝම මාධ්‍ය හරහා දකින්නේ ඒ නාට්‍යය තමයි. ඇමැති මණ්ඩලය තමයි මේ නාට්‍යයේ රඟ පාන්නේ. අපි කට ඇරගෙන නාට්‍යය දිහා බලගෙන ඉන්නා අතරේ අපිවත් හොඳ ගණනකට විකුණලා දාන තුරු අපිම දන්නේ නෑ.පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත 24 දා විවාදයට ගැනීමට නියමිතයි. විවාදය තුළ දී ආණ්ඩුව සංශෝධන ඉදිරිපත් කරනවාලූ.  ඒක සාමාන්‍ය තත්වයක්.  ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධන අපේ අතට පත්වී තිබෙනවා. පක්ෂ නියෝජිතයන්ගේ රැුස්වීමේදී ගනු ලැබු තීරණ කියල ආණ්ඩුවේ රාජ්‍ය භාෂාවෙන් තමයි මේ වාර්තාව හදල තියෙන්නේ. ඒ අතරේ අලූත් කරුණුත් ඉදිරිපත්කර තිබෙනවා. සමානුපාතික ක‍්‍රමයට පත්වන ප‍්‍රතිශතය සියයට 30 සිට 40 දක්වා ඉහළ නැංවීම වගේම ජර්මානු මැතිවරණ ක‍්‍රමය හඳුන්වා දීමත් අලූත් කරුණු අතරේ තිබෙනවා.  කෙටුම්පත් සංශෝධනයක දී අලූත් කරුණු හඳුන්වාදීම ව්‍යවස්ථාවට විරුද්ධයි. ව්‍යවස්ථාවේ 78 වගන්තිය අනුව යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවම වශයෙන් සති දෙකකට කලින් ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළ යුතුයි. මොකට ද? මේ රටේ පරමාධිපත්‍යය  තිබෙන ජනතාවට ඒවා අධ්‍යයනය කර අදහස් ප‍්‍රකාශ කරන්න. ඒ වගේම ව්‍යවස්ථාවට පටහැනිව තිබුණොත් උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න. නමුත් පාර්ලිමේන්තුවේ දී අලූත් කරුණු ඉදිරිපත් කරන සංශෝධන ආවොත් ජනතාවට ඒවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තම මතය පළ කරන්න කාලයක් නෑ.  ඒ වගේම ඒවා ව්‍යවස්ථාවට පටහැනි වුණත් ජනතාවට උසාවි යන්න විධියක් නෑ.  මේක අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නොවේ නරක පූර්වාදර්ශයක්. අලූත් ව්‍යවස්ථාවත් මේ විධියටම ගේන්න පුළුවන්.  ගැසට් මගින්  ප‍්‍රසිද්ධ කරන කෙටුම්පතේ තිබෙන්නේ ඒකීය රාජ්‍යයකට ගැළපෙන කරුණු විතරයි. පටහැනි කරුණු කිසිවක් නෑ. කවුරුත් හරිම ෂෝක් කියනවා.  ආණ්ඩුව ඇතුළේ ඉන්න විශ‍්‍රාමික දේශපේ‍්‍රමියෝත්  ඕක තමයි අපි කිව්වේ කියලා අපට ඔච්චම් කරනවා.නමුත් පාර්ලිමේන්තු විවාදය අතරේ මහ ? පෙඩරල් වගන්ති ටික හඳුන්වා දෙනවා. අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්නොවී ජනමත විමසුමකට යන්නේ නැතිවම පෙඩරල් වගන්ති සම්මත වෙනවා.  ඒකීය රාජ්‍යයේ නිදා ගන්නා අපි පසුවදා පෙඩරල් රාජ්‍යයේ අවදි වෙනවා. කොහොම ද අගමැතිගේ ටිකිරි මොළේ?දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මුළු රටම ගිනිගනිද්දී ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමන්වත් මෙලෙස හොර පාරෙන් ව්‍යවස්ථා විරෝධී දේවල් පනත් කෙටුම්පතකට ඇතුළු කරන්න උත්සාහ කළේ නෑ.  මාමා කළදේ බෑනා නොකොළොත් ඌ නොට්ටිගෙ බෑනා වෙනව කියලයි ඒ කාලෙ කිව්වේ. මේ බෑනා නම් මාම කලදේත් කරල ඊට එහා ගිහිල්ලත් කරනව කියල තමයි අපිට නම් පේන්නේ. මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද සහ අවිස්සාවේල්ල ආසන සංවිධායක අරුණ දිවිගල්ල යන මහත්වරුද සහභාගි වූහ.
’අධීවේගී මාර්ග තුනම චීනයේ ෂැංඩොංග් සමාගමට විකුණන්න රජය සූදානම්’
1
(විනීතා එම් ගමගේ)අධිකරණයට මේ තරම් ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ මීට පෙර තිබුණේ නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.රජතුන් කට්ටුවක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු අහන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ  බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප‍්‍රකාශයෙන්ම ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම පෙනී යන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය. අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් වන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු  ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.යම් පුද්ගලයකුට හෝ පවුලකට දඩුවම් කිරීම සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව වත්මන් ආණ්ඩුවේ නායකයින් නොදන්නා බව ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි එම පක්ෂයේ මුලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය. ‘‘එජාපයේ ඉන්නා මන්ත‍්‍රිවරුන් සියළු දෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා.  ඒක කලේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජයදාස ඇමැතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාල කියල චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජයදාස ඇමැතිතුමා මොනවා කරන්න ද? දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය.  විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද?  හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න.  ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක.  නීතිය පිළිබඳ මහචාර්ය පාඨලී චම්පික රණවක.  දැන් ඉතින් කාරණය පැහැදිලියිනෙ.අවසානයේ දී රාජිත ඇමැතිතුමා තමන්ගේ ගැලවුණු රෙද්ද යළි ඇඳ ගැනීමේ අරමුණින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමැති මඩුල්ල තීරණය කළාලූ.  මුළු ඇමැති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියට නම් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි.  ඒ මිස ඇමැති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ.  
’අධීවේගී මාර්ග තුනම චීනයේ ෂැංඩොංග් සමාගමට විකුණන්න රජය සූදානම්’
0
(විනීතා එම්. ගමගේ)“මෙපමණ කලක් ධනවතුන්, බලවතුන්, දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යයට යටත් විජිතභාවයෙන් මිදී කොන්ද කෙළින් තබාගෙන ජන සමාජයේ විශිෂ්ටයින් බවට පත්වීමේ මාර්ගය උදාකරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ තරුණ-තරුණියන් සමග තරුණ ප්‍රඥප්තියකට අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තරුණ-තරුණියන් සමග තරුණ ප්‍රඥප්තියට එළැඹුණේය.කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරුණ සමුළුවට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට තාරුණ්‍යයට ප්‍රඥප්තියක් නිර්මාණය කර ඇතිකර ගන්නා වූ සමාජ ගිවිසුම රටේ ජනාධිපතිවරයා ලෙස පළමු මාස 3 ඇතුළත පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත්කර තාරුණ්‍යයට දිය යුතු උපරිම ශක්තිය දෙන්න මා ප්‍රතිඥා දෙනවා.දළ වශයෙන් ගත්තොත් රටේ ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණය යොවුන් පරපුරයි. ඔවුන් ක්‍රීඩාව, කලාව, සංගීතය, ව්‍යවසාය, ආයෝජන, අධ්‍යාපන යන හැම අංශයකින්ම ඉතා ඉහළ මට්ටමක ඉන්න පිරිසක්. අපේ අනාගතයේ විශාලම ආයෝජනය රටේ තාරුණ්‍ය වන ඔබයි.රටට ප්‍රතිඵලදායී සංවර්ධන ගමන දියත් කළ හැක්කේ තාරුණ්‍ය බලසතු කිරීමෙන් පමණයි. මගේ අරමුණ රට තුළ විධිමත් ශීඝ්‍ර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීමයි. ඒ නිර්මාණශීලී රට ගොඩනගන ගමනේ වගකීම තරුණ්‍යයට පවරනවා.තරුණ පරපුර වෙනුවෙන් මෙවැනි ප්‍රඥප්තිය නිර්මාණය කළේ මා දන්නා තරමින් ආසියා බල ප්‍රදේශයේ ප්‍රථම වතාවටයි. ප්‍රථම වතාවට මේ ප්‍රඥප්තිය නිර්මාණය කර තරුණ ආකල්පවලට, සිතුවිලිවලට, අපේක්ෂාවලට මුල් තැන දී තාරුණ්‍යයේ හඬට රටේ නීති රාමුව තුළින් විධිමත් ශක්තිය දෙන්න මා මේ ප්‍රඥප්තිය එළිදක්වනවා.රටේ තිරසර සංවර්ධන රටාව ක්‍රියාත්මක කිරීමේදී තරුණ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යයි. රටේ සංවර්ධනයේ සාර්ථක ඉලක්ක කරා යන්න තාරුණ්‍යයේ ජවය සහ පන්නරය බොහෝ ලෙස ඉවහල් වෙනවා. පසුගිය කාලය පුරාවටම යොවුන් පරපුරත් සමග සාකච්ඡා කර අදහස් හුවමාරු කරගෙන, වාද, විවාද පවත්වා ප්‍රධානතම වශයෙන් ධාරා 14ක් ඔස්සේ රටේ තාරුණ්‍යයට ශක්තිය දෙන්න මා කැප වෙනවා.රටේ තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසි දිනක නොදුන් ශක්තිමත් ස්ථාවරයක් මගේ ප්‍රඥප්තිය හරහා ලැබෙනවා. ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණු ලෙස ඕනෑම තරුණයෙකුට, තරුණියකටම තමන් කැමති සමාජීය, දේශපාලන, ආර්ථික ගමනක නිරත වෙමින් ඕනෑම අංශයකින් ඉහළට යා හැකි ගමන් මාර්ගයක් හැදෙනවා. එය නීතිය බවට පත් වෙනවා.රට සංවර්ධනය කිරීමේ තිරසර ගමනේදී තරුණ ජවය රටේ ශක්තියක්. රට සංවර්ධන ගමනේ ප්‍රධාන පුරුක නායකත්වය තරුණ පරපුරට දෙනවා. එයයි මෙහි වගකීම හා වැඩපිළිවෙළ.දේශීය හා විදේශීය සෑම අභියෝගයකට තරුණ ජවය, හැකියාව තුළ රාමුවෙන් පිට පැන අලුත් විදියට හිතා නව නිර්මාණ තුළින් රට ශක්තිමත් කරන ආකාරය ආදී සෑම කරුණකදීම තාරුණ්‍යයට සුදුසු තැන, ප්‍රධාන තැන දෙන්න මා ලැහැස්තියි.ලෝකයේ සෙසු රටවල් අත්දකින ඩිජිටල් විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමේ උපදෙස් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නිකුත් කරනවා.සෑම කොට්ඨාසයකම නවීන, ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. එයින් ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නිදහස් අධ්‍යාපනයට ඇතුළත් වෙනවා. රට පුරා ජීවත්වන ජාති, ආගම්, කුල මල, පන්ති බේදයෙන් තොරව තාක්ෂණ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර දෙනවා.විශිෂ්ටතා මධ්‍යස්ථාන හරහා රටක් ලෙස ලෝක වෙළෙඳපොළවල් ආක්‍රමණය කරන්න හැකියි. ලොව තරණය කර ගෝලීය තාක්ෂණ අංශයේ විශිෂ්ටතම අංශය බවට අප රට නිර්මාණය කරන්න අවස්ථාව උදා වෙනවා.රාජ්‍ය මැදිහත්වීම තුළ ලොව තරණය කර ලොව ජයග්‍රහණය කිරීමේ අභියෝගය වර්තමානයේ තාරුණ්‍යයට දෙනවා. මෙරට තාරුණ්‍ය, තාරුණ්‍යයේ හැකියාව පිළිබඳ මට තිබෙන්නේ අසීමිත විශ්වාසයක්. ලෝකයේ විශිෂ්ටතම තරුණ-තරුණියන් සිටින්නේ අප මාතෘ භූමියේ කියා මා අභිමානයෙන් කියනවා.තරුණ පරපුරේ විශිෂ්ටත්වයට, සැඟවුණු කුසලතාවට, නිපුණත්වයට ලැබිය යුතු ඉහළ සැලකිල්ල දෙන්න මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. 16 වැනිදාට නිර්මාණය වෙන්නේ තරුණ තරුණියන්ට ශක්තිය ලැබෙන ඓතිහාසික යුගයයි.සභාවේ නිර්මාණය වූ කතා හා අදහස්වල ගැඹුරු අර්ථ රැසක් තිබුණා. ජනාධිපතිවරයා කියන්නේ රටේ අයිතිකාරයා නොව තාවකාලික භාරකරුවායි. ඔහුගේ වගකීම දේපළ හා සම්පත් අරපිරිමැස්මෙන් විධිමත කළමනාකරණයකට ලක් කර රටේ උන්නතිය ජාතික අවශ්‍යතාව සඳහා යෙදවීමයි. ඒ පූර්ණ වගකීම හා වගවීම රටේ ජනාධිපතිවරයා සතුයි.පොදු ජනතාවගේ හා තරුණ පරපුරේ අදහස්වලට ගරු කරමින් මෙරට දේශපාලන සංස්කෘතියේ පැහැදිලි, ගුණාත්මක, හරාත්මක වෙනසක් ඇති කරන්න මා අපේක්ෂා කරනවා. මෙරට බදු ගෙවන්නන්ගේ මුදලින් ස්වකීය පෝෂණය හා සුබසාධනය ප්‍රමුඛතාව කර ගත් ජනාධිපතිවරයකු වන්න මගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. රටේ සුගතිය උදෙසා මෙරට බදු ගෙවන්නන්ගේ මුදල්වලින් තීරු බදු සහිත වාහන රටේ ජනාධිපතිවරයාගේ සිට පාලකයන්ට ගෙන්වූ පාලනයට මා තිත තබනවා.රටේ ආණ්ඩු වෙනස් වී අලුත් ආණ්ඩු බිහි වෙන විට අලුත් සම්ප්‍රදායක් පසුගිය කාලේ බිහිවුණා. අලුත් ආණ්ඩු බිහි වෙන හැම වෙලාවකම අමාත්‍යාංශවලට, ඇමැතිවරුන්ට, අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මා මේ වෙලාවේ ප්‍රතිඥා දෙනවා. පරමාදර්ශී ජනාධිපතිවරයකු ලෙස මගේ භාවිතයට වෙඩි නොවදින හෝ වෙඩි වදින කිසිදු අලුත් වාහනයක් ගෙන්වන්නේ නැහැ.ඒ ක්‍රමවේදය තුළ අලුත් ආණ්ඩු බිහි වෙන හැම මොහොතෙම අලුත් වාහන ගෙන්වන සංස්කෘතිය මා තහනම් කරනවා. මෙරට පොදු දේපළ, පොදු සම්පත් තමන්ගේ පෞද්ගලික බූදලය හා සමානව පරිහරණය කළ යුගය මා වහ වහා නතර කරනවා.ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති-ඇමැතිවරුන් පරිහරණය කරන රාජ්‍ය දේපොළ වැඩි ප්‍රමාණය මෙරට තරුණ පරපුරේ හා පුරවැසි පරපුරේ ප්‍රයෝජනයට යොදවන්න කටයුතු කරනවා.තාරුණ්‍යයේ බලාපොරොත්තුව ශක්ති සම්පන්න ජව සම්පන්න ආරක්ෂිත සැනසිලිදායක උසස් ජීවන මට්ටමකින් යුතු ජන ජීවිතයක් ලැබීමයි. තරුණයන්ට මා ඉඳුරා පොරොන්දු වෙනවා එවන් යුගයක් බිහි කිරීමට මට කළ හැකි හැම දෙයක්ම උපරිමයෙන් කරන්න මා ලැහැස්ති වී සිටිනවා.අද අත්සන් තබන තරුණ ප්‍රඥප්තිය රටේ ඉතිහාස පොතෙහි රන් අකුරෙන් ලියැවෙන තරුණ ප්‍රඥප්තියක් බවට පත් වෙනවා. මේ ප්‍රඥප්තිය නීති අණ පනත් හරහා රටේ නීතිය බවට පත් වූ පසු මෙතෙක් කල් ධනවතුන්, බලවතුන් දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යයට යටත් විජිත භාවයෙන් මිදී කොන්ද කෙළින් තබාගෙන ජන සමාජයේ විෂ්ටයින් බවට පත් වීමේ මාර්ගය නිර්මාණය වෙනවා.16 වැනිදාට නිර්මාණය වන අලුත් යුගය හරහා ජව සම්පන්න, තේජස්වන්ත සද්ධන්ත ශ්‍රී ලංකාව බිහි වන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් මෙරට සෑම පුරවැසියකුටම සෞභාග්‍ය උදා වෙන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න මා ඔබට ආරාධනා කරනවා.රටේ ග්‍රාම නිලධාරි වසම් 14,022ම සිටින ජාති, ආගම්, පන්ති බේදයෙන් තොර තරුණ පරපුරට මා සමග අත්වැල් බැඳ ගන්න එන්න. ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩපිළිවෙලට ඔබ සැමගේ ශක්තිය ජවය දෙන්න කියා නැවත ඉල්ලනවා යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.උත්සව සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවසීය.“අපේ සමීක්ෂණවලට අනුව තවත් සියයට විස්සක් විතර ඡන්දදායකයින් ඉන්නවා. ඒ ඡන්දය කාට දෙන්නද කියා සිතන අයයි. ඔවුන් බහුතරය තරුණ පිරිසයි. සජිත් ප්‍රේමදාස මහතා රජ කරන්න නොව රටේ තාරුණ්‍යය රජ කරවන්න උත්සාහ ගන්නා කෙනා සජිත් ප්‍රේමදාසයි. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති ආදී අත්දැකීම් රාශියක් තිබෙනවා.ඔහු වැඩ කර පෙන්නූ කෙනෙක්. කවදාවත් හොරකම්, මිනීමැරුම්, දේපළ වංචා ගැන ඔහුට චෝදනා නැහැ. එවැනි චෝදනා නැති නිසයි ඔහුගේ සෙරෙප්පු දෙක, කලිසම ගැන කතා කරන්නේ” යැයි ද හෙතෙම කියා සිටියේය.පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය.“රටේ දේශපාලනය කවදාවත් රටේ අනාගතය ඔබයි ඔබ මේක බාරගන්න කියා දෙන්නේ නැහැ. අපේ වගකීම අප විශ්වාස කරන, අප ජීවත් වෙන්න කැමති රටක් නිර්මාණය කිරීමයි. ඒ අවස්ථාව අද අපට ලැබිලා.ලෝකය පවතින්නේ සත්‍ය හා අසත්‍ය මතයි. බුද්ධිමත් පිරිසක් නිසා සත්‍ය උදෙසා පෙනී සිටිය යුතුයි. අප ඇවිත් ඉන්නේ සජිත් ප්‍රේමදාස නමැති සත්‍යවාදියා ජයග්‍රහණය කරවන්නයි. සජිත් ප්‍රේමදාස මහතා අප දන්නා අයුරින් දේශපාලනයට ජීවිතය කැප කළ කෙනෙක්.රටේ මැති ඇමතිවරුන් ගෙවල් දොරවල් ගනිද්දී රෝයල් පාක් එකේ වර්ග අඩි 1,500ක ගෙයක ඔහු ජීවත් වෙනවා. ඔහු රජයේ වාහන ගන්නේ නැහැ. ඉන්ධන ගන්නේ නැහැ. ඔහුට දුක් විඳින්න පුළුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා තිබෙනවා.”උත්සව සභාව අමතා නිරෝජි කදිරමලෙයි නාදන්, නීතිඥ ඩිල්ෂාන් පතිරත්න සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් තරුණ පිරිස් උත්සවයට සහභාගි වූ අතර, පළාත් නමය නියෝජනය කරන නියෝජිතයින් 9 දෙනකු ඉදිරියේ සජිත් ප්‍රේමදාස මහතා තරුණ ප්‍රඥප්තිය අස්සන් කර ඔවුන් වෙත භාර දෙනු ලැබීය.
’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’
1
(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය.ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ දේශපාලන, සමාජ, සුබසාධන, සිවිල්, මානව ඇතුළු සියලු අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක් තව දින කිහිපයකින් අත්සන් කරන බවද” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙදින සංවිධානය කළ පළමු ජන රැලිය ලග්ගල නව නගරයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් රැලියට සහභාගී වී සිටියහ.රත්තොට - හතරලියද්ද, අකුරණ හා වත්තේගමද මෙදින ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්විණි.ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නා ලග්ගල ජනතාව ඇතුළු රටේ සමස්ත ජනතාවට වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න තිබෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවගේ ජන ජීවිතය 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ මගේ බලාපොරොත්තුව, මගේ පැතුම ඔවුන්ට උසස් ජන ජීවිතයක්, සෞභාග්‍යමත් ජීවිත උදා කර දීමයි.මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව ජීවත් වෙන්නේත් ගොවිතැනේ නියැලෙන්නේත් අමාරුවෙනුයි. ජන ජීවිතය ගැටගහ ගන්නා ගොවි පරපුරේ දුක, කඳුළ, වේදනාව දන්නා එකම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ.ජනතාව රටේ ජනාධිපති තනතුරට කවුද පත් කරන්නේ කියන එක ගැන තීරණ ගන්න විට හෘද සාක්‍ෂියට එකඟව ඒ තීරණය ගන්නවා. මොකද, රටේ අති බහුතරයගේ ප්‍රාර්ථනය වන්නේ පොදු ජනතාවගේ හඬ ජනාධිපති ලෙස නියෝජනය කිරීමය. මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම පුංචි මනුස්සයා නියෝජනය කරන ගොවි, කම්කරු, ධීවරයා රැක ගනිමින් සාමාන්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට මා පත්වූ පසු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා.මා ප්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. වී.අයි.පී. පොලිටික්ස් මා කරන්නේ නැහැ. 16 වැනිදායින් පසුවත් මා මේ විදියට පොඩි මිනිහාගේ දෙපතුල ළඟට එනවා. මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ නිරතව සිටින පොඩි මනුස්සයන්ගේ ගැටලු අපමණයි. ඒ ගැටලු විසඳන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවතැන් වූ පවුල්වලට වන්දි දීමේදී, ඉඩම් ලබාදීමේදී, අඩුපාඩුකම් රැසක් ඇතිවෙලා.හුදකලා වූ ගම්මානවල ජීවනෝපායට මා අත - හිත දෙනවා. ඉඩම් තිබෙන අයගේ ඉඩම් ගැටලු ටික විසඳලා දෙනවා. අලි - මිනිස් ගැටලු නිසා අවතැන් වූ ජනතාවට කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි මිනිස් - ගැටලුව අවසන් කරනවා.පුරන් කුඹුරු ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා “වැව් උදාව” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැව් උදාව වැඩසටහන යටතේ වසර දෙකක් තුළ මුළු රටේම තිබෙන වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර අවසන් කර රටේ ආහාර සම්පත නිර්මාණය කරන, රටට බත සපයන ගොවි පරපුර සුරක්ෂා කරනවා.ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයං රැකියා කිරීමේදී පෞද්ගලික කටයුතු සඳහා වැලි කැණීමේදී වන අපහසුතාව සොයා බලා, පොඩි මනුස්සයට යම්කිසි දෙයක් කරන්න යනවිට ඇතිවෙන දුෂ්කරතා මඟ හරවනවා. පොඩි මනුස්සයට සතුටින් ජීවත් විය හැකි කාලයක් මා ඇති කරනවා. රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම කර්මාන්තපුර ඇති කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා නගරයෙන් ගමට කර්මාන්තශාලා ගෙනාවා වගේ කර්මාන්තපුර හදනවා. ඉන් තරුණ පරපුරේ ජීවිත සුඛිත මුදිත වෙනවා.සංවර්ධන ක්ෂේත්‍රයේ අලුත් පිම්ම පනින්න අද කාලය ඇවිල්ලා. රට හැටියට උසස් දියුණුව ලබන්න කාලය ඇවිල්ලා. ඩිජිටල් නවීන තාක්ෂණය, තොරතුරු තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් නව ආර්ථීකයක් රටට ගෙනෙන්නයි මා කටයුතු කරන්නේ. එතැනදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව වැඩි කිරීම උදෙසා සෑම උප දිසාපති කොට්ඨාසයකටම ජාත්‍යන්තර මට්මේ නව තාක්‍ෂණ විද්‍යාව මා බිහි කරනවා.එවිට ගමේ ඉන්න තරුණ පරපුරට නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ නව තාක්‍ෂණය, නව නිපැයුම් නවෝත්පාදන වැඩපිළිවෙළට සහභාගී වෙන්න පුළුවනි. අගනුවර සුළු ජන කොටසට සීමා වූ අධ්‍යාපනික වරප්‍රසාද අනිවාර්යෙන්ම මා ගමට ගෙනෙනවා. සුළු කොටසකට පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යන්න තිබෙන මහා ඉනිමඟ නොමිලේ අධ්‍යාපන ක්‍රමවේද තුළින් ගමට දෙනවා.රටේ තරුණ පරපුර, කාන්තා පරපුර ජන සමාජයේ අති වැදගත් කොට්ඨාස දෙකයි. තරුණ පරපුර සමඟ සමාජ ගිවිසුමට මා එළැඹෙනවා. තරුණ ප්‍රඥප්තිය මා නිර්මාණය කරනවා. තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණයන්ගේ පැතුම, තාරුණ්‍යයේ බලාපොරොත්තුව ඇතුළු කර ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ නෛතික බලය රටේ තාරුණ්‍යයට නිදහස් - නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් මා උදා කරනවා.කාන්තා පරපුර වෙනුවෙන් තව දින කිහිපයක් තුළ කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිය, දේශපාලන, සමාජයීය, සුබසාධන, ආර්ථික අයිතිය, සිවිල් මානව අයිති්ය කියන හැම අයිතියක්ම ප්‍රඥප්තියට ඇතුළත් කරනවා. කාන්තාවන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන ලෙස සියලු අපේක්‍ෂා ඒ ප්‍රඥප්තියේ වගන්තිවලට ඇතුළත් කර සියයට 51 ක් වූ කාන්තා ජනගහනයත් සමඟ මා සමාජ ගිවිසුමට එළැඹෙනවා.ඒ සමාජ ගිවිසුමත් ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෛතික බලය කාන්තාවගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, බලාපොරොත්තුව, සිහිනය අවබෝධ කරගෙන කාන්තාවන්ට දිය යුතු සමාජ රැකවරණය ඇති කරනවා. ඒ ඓතිහාසික ශක්තිය දීමෙන් රටේ සංවර්ධන ගමනේ පෙරමඟ ගමන්කරුවන් බවට පත් කරන්න කාන්තාවට අයෝමය දායකත්වය මා දෙනවා.විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ ජනතාව දුක - කඳුළ - වේදනාව මැද වද හිංසා විඳිමින් උපයා දෙන විදේශ විනිමය තමයි, අපේ රටේ ජීවනාලිය වෙන්නේ. එයයි, අපේ රටේ හදගැස්ම. කාන්තාවන් පිටරට රැකියා කරන්නේ දුෂ්කරතා රැසක් මැද්දෙයි. ඒ නිසා ඒ රටවල් කෙතරම් බලවත් වුවද 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඒ රටවල්වල රාජ්‍ය නායකයන් හමුවෙලා ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කර අපේ රටේ කොඳුනාරටිය වන විදේශ සේවාවේ නිරතවී සිටින කාන්තාවන්ට හිංසනයෙන් හිරිහැරවලින් තොරව අඩංතේට්ටම්වලින් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය ඇති කරනවා.ඒ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර මෙරටට විදේශ විනිමය එවන කාන්තාවන් රැක ගන්න, සුරකින්න විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 පොහොර නිකන් දෙනවා කිව්වා. පොහොර මිල රුපියල් 500 යි කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. පොහොරවල නියම මිලවත් නොදැන වී ගොවියාට පොහොර නිකම් දෙනවා කී මෙයා ගොඩ බෝග වගාකරුවාව අමතක කළා.  හේන් ගොවියා - පලතුරු ගොවියා - තේ - පොල් - රබර් ගොවියා අමතක කළා. මා ජනතාවට කියනවා මා නිර්මාණය කරන ආණ්ඩුවෙන් හැම ගොවි පරපුරකටම නොමිලේ පොහොර දෙනවා. එය එක කොටසකට සීමා කරන්නේ නැහැ.ගොවි ජනතාව ගැන කතා කරන විට සමස්ත ගොවියාටම සහන දෙන්න ඕනෑ. ගොවි ජනතාව අතර භේද - බින්නවීම් කර ගැටුම් ඇතිකර කොටස් කර එක් එක් පුද්ගලයන් රජ වන්නට හදපු උත්සාහය පරාජය කර සමස්ත ගොවි ජනතාව දිනවන්න 16 වැනිදාට පොඩි මිනිහගේ නියෝජිතට බලය දෙන්න.අනාගතය සුබයි. අනාගතය ආලෝකමත්, අනාගතය ශක්තිමත් කරන්න මට හයිය දෙන විට සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා යැයිද” සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ගලගෙදර රැලියේදී මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.“2015 දී හිටපු ජනාධිපතිතුමා තවත් වසර දෙකක් තමාටත් තම නඩයටත් රට පාලනය කරන්න තිබියදී රට නැවත ජනාධිපතිවරණයකට ගෙන ගියේ රටේ අභ්‍යන්තරයේ කරගෙන ගිය නීති විරෝධී - අශිෂ්ට පාලනයට විරුද්ධව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වර්ධනය වෙමින් පැවතුණු විරෝධතා නිසයි.අද රටට ඕනෑ අලුත් පරම්පරාවට උචිත තීන්දු තීරණ ගන්න පුළුවන් විශ්වවිද්‍යාල දැනුම තිබෙන අලුත් පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයන්. ඒ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට අලුත් පරම්පරාවේ නියෝජිතයෙකු හැටියට රටේ පොඩි මනුස්සයා ගැන අංගසම්පූර්ණ දැනුම තිබෙනවා.”රත්තොට ජන රැලියේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:-“මේ ආණ්ඩුව තරම් වැඩ කළ රජයක් රටේ ඉතිහාසයෙම තිබී නැහැ. නමුත් අප කළ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. වංචා දූෂණය නැති අපේක්ෂකයකු අප ගෙනත් සිටිනවා. ලබන 16 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර රට සංවර්ධනය කරා රැගෙන යන යුගය ආරම්භ කරනවා.”එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය:-“අද සුවිශේෂී මංසන්ධියකට පැමිණ ඉන්නවා. අප රජය ලෙස විශාල වැඩ කොටසක් කළා. වසර 20ක් නිදා සිටි ලග්ගල වසර 4ක් ඇතුළත ඇහැරවූ බව කිව යුතුයි.අපට මෙතෙක් කර ගන්න බැරි වූ වැඩ ටික කර ගන්න හැකි මිනිසෙකු ජනපති පුටුවෙහි වාඩිකර ගනිමු. වගා කරන්න ඉඩම් තිබෙනවා නම් සමෘද්ධි අවශ්‍ය නැති බව අපේ ජනතාව කියනවා. ඔබ ඉල්ලූ අපේක්ෂක අප ඉදිරිපත් කළා. ඔහු ජයග්‍රහණය කරවමු”රත්තොට ජන රැලියේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අදහස් දැක්වීය. ජනරැලි සඳහා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. 
’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’
0
අංජුල මහික වීරරත්න ත්‍රිකුණාමලයේ සිට“දේශපාලකයන්ගේ පසුපස නොයා තාරුණයයට ස්වාධීනව නැගී සිටිය හැකි රටක් නිර්මාණයකරන බව” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලයේදී පෙරේදා (1) පැවැසීය. සෑම ආණ්ඩුවක්ම කළ වැරදි නැවතත් කරනවාදැයි නම හදවත්වලින්ඇසිය යුතු බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන දැන හැඳුනුම්කම නොව දැනුම හැකියාව මත පමණක් තාරුණ්‍යයට ඉදිරියට යෑමේ දොරටු විවෘත විය යුතු බව කීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ අටවැනි යොවුන් පුරය සමාප්ති උත්සවය ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. තරුණ තරුණියන් හය දහසකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය මැක්නෙයිෂර් ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් සමාප්ති උළෙල පැවැත්විණි.අටවැනි යොවුන් පුරයේ හොඳම දිස්ත්‍රික් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වූ අතර මොනරාගල දිස්ත්‍රික්කය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් තළ දිස්ත්‍රූික්කය ලෙස තේරිණි. ඩිජිටල් අලෝකරණයෙන් හැඩවූ දැවැන්ත වේදිකාවක්ද සමාප්ති උළෙල වෙනුවෙන් ඉදිකර තිබිණි. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.පසුගිය වසරේ සීගිරියේ යොවුන් පුරයෙන් වසරකට පසුව අද ත්‍රිකුණාමලයේදී හමුවීමට සතුටක් වනවා. විවිධ අදහස් ඇති හය දහසකටආසන්න තරුණ දරුවන් ලෙස ඔබ අධිතාක්ෂණික ලෝකය නියෝජනය කරනවා.ලෝකය සමග ගත්විට ශ්‍රී ලංකාව කුඩාරටක් වනවා. නමුත් අපේ රටට මහා ශිෂ්ඨාචාරයක් තිබෙනවා. මහා සංස්කෘතියක් තිබෙනවා. එහි උප සංස්කෘතීන් රැසක්තිබෙනවා. අපේ කුඩා රට පළාත් නවයකට අයිතියි. ඒ පළාත් නවයෙන් විවිධ සංස්කෘතීන් තිබෙනවා. දකුණේ සිංහල ජනතාවගේ සංස්කෘතිය වඩා කන්ද උඩරට සිංහලයන්ගේ සංස්කෘතියේ වෙනස්කම් තිබෙනවා. උතුරේ දෙමළ ජනතාවගේ සංස්කෘතියේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සංස්කෘතියේ වෙනස්කම් තිබෙනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී හැම ආගමක්ම මෙරටජනතාවගෙන් නියෝජනය වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවිට ශක්තිමත්ම බලවේගය වන්නේ තරුණ පිරිසයි. ප්‍රඥාවෙන් ගුණවත්කමින් පොහොසත් තරුණපිරිසයි. යෞවනත්වය යනු ජීවිතයේ පිංවන්තමකාලයයි. ඒ යෞවන බව නැවතකෙනෙකුට ගන්න පුළුවන්කමක් නැහැ. යෞවන සිතුම් පැතුම්වලට ඉඩදීමරාජ්‍ය මෙහෙයවන්නන්ගේ යුතුකමයි.තරුණ පරපුරේ අදහස් යෝජනා ගෙන රජයක් ලෙස ඒවා ක්‍රියාත්මක කිරීමට මෙවැනි තරුණ කඳවුරු මහෝපකාරී වෙනවා. 1971දී අප රටේ තරුණ කැරැල්ලක් ඇතිවුණා. 1988-89 යුගයේදීත් එවැනිම තරුණ කැරැල්ලක් පැමිණියා. උතුර - නැගෙනහිර පැවැති යුද්ධය තරුණ කැරැල්ලක් නොවුනත් දෙපිරිසේම ජීවිත අහිමි වුයේ තරුණයන්ගේයි. අප නැවත තරුණ කැරළිවලට ඉඩතැබිය යුතුද? නැවතතරුණයන්ට ආයුධ අතට ගැනීමට ඉඩ තැබිය යුතුද? රජයේ වගකීම වහවහා ඒ තත්ත්වය ඉවත් කිරීමයි. රටක් ලෙස අප තරුණයන්ට යායුතු මාවත සකස් කර දිය යුතුයි. තරුණයන්ට අවශ්‍ය සමාජ පිළිගැනීම දිය යුතුයි.අද මෙරට තිබෙන තත්ත්වය කුමක්ද? දරුවකු පාසලට ඇතුළු කිරීමට මැති ඇමැතිවරුන් පස්සේ යා යුතුයි. ඇතැම්විට ජනාධිපතිළඟට පැමිණිය යුතුයි. දරුවන් පාසලට දමා ගැනීම සඳහා උදේට මගේ නිවසටත් එනවා. තරුණධයන්ට රැකියා ගැනීමට දේශපාලකයන් පසුපස යා යුතුයි.බැංකුවකින් තරුණයකුට ණයක් ගන්නෙත් දේශපාලකයකුගෙන්ලිපියක්අවශයයි. ස්වශක්තියෙන් ගොඩනැගුවද යම් නිර්මාණයක් වෙළෙඳපොළට දීමට ඒ සඳහා අවැසි පිළිගැනීම අදාළ ආයතනවලින් ලැබෙන්නේ නැහැ.මෙරට සැම ආණ්ඩුවක්ම කළ වැරදි අප නැවතත් කරනවාදැයි අපේ හදවත්වලින් ඇසිය යුතුව තිබෙනවා. තරුණයන්ට රැකියාවක් ගැනීම සඳහා දේශපාලකයන් පසුපස යෑමේ ක්‍රමය සම්පුර්ණයෙන්ම ඉවත්විය යුතුයි. දැනුම හැකියාව මත පමණක් තරුණයන්ට සමාජයේ දොරටු විවෘත විය යුතුයි. රජයක් ලෙස අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මේ කාරණයටප්‍රමුඛත්වය දිය යුතුයි. තරුණයන්ගේ නිදහස් අදහස් සඳහා විවෘත මනසකින් කටයුතු කිරීමේ පරිසරය අප විසින් නිර්මාණය කළ යුතුයි.අනාගතය සඳහා තරුණ දැනුම අවශ්‍ය වේලාවට රටට ආයෝජනය කළ යුතුයි. උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත රටේමරැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පොදු ගැටලුවක් ලෙස සලකා මේ වසරේදී විසැඳුම් දීමට අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයසමග සාකච්ඡා කර මෙරට ජාතිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී වැඩි වටිනාකමක් ඇත්තේ තරුණ පිරිසටයි. විදේශ වත්කම් පහත වැටීම, අපනයන ආදායම පහත වැටීම ගැන කතා කරනවා.දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ කාර්යයේදී තරුණපිරිසට කළ හැකි කාර්ය භාරය වෙනුවෙන් ඉඩකඩ දිය යුතුයි.දේශපාලකයකුගේ නිර්දේශය නොමැතිව තරුණයකුට බැංකුවකට ගොස් ණය ගැනීමට හැකි පරිසරය නිර්මාණය කළ යුතුයි. රටේ නිෂ්පාදන කාර්යයේදී නව අදහස් සිතුම් පැතුම් සමග නව ජවයක් සමග වැඩ කිරීමේ හැකියාව තිබෙන්නේ තරුණ පිරිසටයි.මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට, විදේශ වත්කම් ඉහළ නංවා ගැනීමට, අපනයන කර්මාන්තය වැඩි කිරීමට, විදේශ වෙළෙඳ පොළට අවශ්‍යදේ දීම සඳහා තරුණසම්පත් භාවිතා කිරීමේ කඩිනම් අවශ්‍යතාව තිබෙනවා. ආර්ථික අර්බුදය ජය ගැනීමේ කාර්යයේදී තරුණ පිරිසට ප්‍රමුඛත්වය දිය යුතුයි. දැනුම, ශිල්පීය, ඥානය සහ නවෝත්පාදන ආර්ථිකය සමග ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම කළ යුතුයි.මෙරට සියලු ජන කොටස්වල ජාතික සමගිය ගොඩනැගීමේදී යොවුන්කඳවුර වැනි ආදර්ශ ව්‍යාපෘති සේම රට තුළ අප ගෙනයන පොදුසංවර්ධන කාර්යයන්හිදී තරුණ පරපුරට මූලිකත්වය දිය යුතුයි. තරුණ දරුවනි ඔබට හොඳ අනාගතයක් දීමට අප වගකීමෙන් බැඳීසිටිනවා. මේ වසර දෙක හමාරක කාලයේදී මුලික වශයෙන් අපට ජයගත යුතු අභියෝග රාශියක් තිබුණා.ජාත්‍යන්තර හොඳ හිත දිනාගැනීම, රට තුළ නිදහස් සාමකාමී පරිසරයක් ඇති කිරීම ආදී කාර්යයන් සඳහා අප ප්‍රමුඛත්වය දුන්නා.අපටකුමන චෝදනා පැමිණියද තාරුණ්‍යයට වැඩි වටිනාකමක්දීම සඳහා රජයේවගකීම හා යුතුකම නිසි ලෙස ඉටු කරනවා. තරුණයන්ට යහපත් අනාගතය දීම සඳහා අවැසි සියලු කැපකිරීම් අප විසින් ඉටු කරනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වූ පුළුල්ජාතික වැඩිපිළිවෙළ තුළ ඔබේ මෙන්ම ජාතියේ අනාගතය ශක්තිමත් කරමින් ලෝකයේ තවත් කෙනෙකුට දෙවැනි නොවන පරිදි රටගොඩනැගිය යුතුයි.දැනුමෙන් ඔබ ලබන බලය පුදුමාකරයි.පාසල් දරුවන් විවිධ තාක්ෂණික නව නිර්මාණ බිහි කරනවා.පාසලෙන් පිටවූ දරුවන්ද එලෙසමනිර්මාණශීලීයි. සියලුම දෙනාට අවශ්‍ය මගපෙන්වීම් කර සම්පත් දීමට අප කටයුතු කරනවා.යොවුන්පුර සංකල්පයේ නිර්මාතෘවරයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කටයුතුවලදී දෙන නායකත්වය අගය කළ යුතුයි. හෙට දවස තරුණයන්ගෙයි. ජාතියේ අනාගතය ඔබේයි. ඔබට අවශ්‍ය මග පෙන්වීමට අප සූදානම් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා:- අපි ජාතිබේද දුරලා රට ගැන හැඟීමෙන් කටයුතු කරමු. රටක සංවර්ධනය එයයි. මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ස්ථිර සාර සාමය ගොඩනගමු. යුද්ධය අවසන් වුවද පසුගිය රජය දෙමළ ජනාතව වහලුන්සේ ජීව්තවිය යුතු යැයි කල්පනා කළා. යුද්දයෙන් පසුව ඒ රජය යටතේ ජනතාව බලාපොරොත්තු වූ සාමය ලැබුණේ නැහැ.අද ප්‍රධාන පක්ෂ එක්ව ස්ථීර සාර සාමය සඳහා පමණක් අරඹා තිබෙනවා.අප කව්රුත් ශ්‍රී ලාංකිකයන් බව කිසි විටෙක අමතක කළයුතු නැහැ.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා:- අනාගත ශ්‍රී ලංකා පිළිබඳව තරුණ පරපුර වැඩිහිටි ජනතාවට ආදර්ශයක් පෙන්වා තිබෙනවා. තාරුණයනට අවශ්‍ය රැකියා ආදායම් මාර්ග, අධ්‍යාපනය ආදී ප්‍රශ්න ගණනාවකට අප උත්තර බැඳිය යුතුයි. ගමේ තරුණ නායකයන්ට ශක්තිමත් දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි. අන්තගාමීන් පරාජය කර සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමට තරුණයන්ට ශක්තිය සැපයිය යුතුයි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා: නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම පිළිබඳව අප අතිශයින් සතුටට පත්වෙනවා. ජාති - ආගම් භේදවලින් තොරව ශ්‍රී ලාංකික තාරුණයය වශයෙන් ඉදිරියට යාමට හැකිවීම රටේ ඉදිරි සුබවාදී වන බව කිව යුතුයි.ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගනේ මහතා:- මෙපමණ වටින රට ලෝකයේ බබලවන්න අපටනොහැකි වෙලා. ඒචෝදනාව අනාගත පරපුර පිට පටවන්නට නොහැකි පසුබිමක් සැදිම යොවුන් පුරයේ අරමුණයි. ජාතික තරුණ සේවා සභාව තාරුණ්‍යයේ අරටුවයි. දේශපාලනීකරණය වී තිබු ජාතික තරුණ සේවා සභාව නිර්දේශපාලනීකරණය කිරීමට අපට හැකිවුණා. අපකරන එකම දේශපාලනය තාරුණයය අභිවෘද්ධිය ඇති කිරීමයි.යොවුන්පුර පුරපති කේ.ටී. ඉමේෂ් මහතා:- මේ සංහිඳියාවේ යොවුන් පුරයයි. මෙහි පැමිණි හැම සාදරයෙන් පිළිගන්නවා.මේ යොවුන් පුරයේ සැබෑ හිමිකරුවන් වන්නේ තරුණ පරපුරයි. රටක වර්තමානය මෙන්ම අනාගතය රඳා පවතින්නේ තාරුණ්‍යය මතයි. මේ අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.  (ඡායාරූප - ඉෂාන් සංජීව)
’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’
0
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’
0
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
1
(සුජිත් හේවාජුලිගේ)පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.එතුමා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීන්දු කරාවි යැයි කී දිසානායක මහතා පොහොට්ටුවේ මිත්‍රයන් අපේ ගොඩට ගැනීමට අප අද වගේම හෙටත් උත්සාහ දරන බව ප්‍රකාශ කළේය.අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවන බවද ඔහු කීය.දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පෙරවරුවේ පැවැති එම පක්‍ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ කීය.මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා. දුමින්ද දිසානායක එය සංවිධානය කරනවා. 11 වැනිදා නැවත කොළඹ රැස්වීමක් පවත්වනවා. අප දැන් ශක්තිමත්. විපක්‍ෂයේ අපේ මිතුරන් එකතු කර ගන්න අපි විශාල උත්සාහයක් ගත්තා. සාකච්ඡා වට ගණනාවක්  පැවැත් වූවා. නිමල් සුසිල් ඇමැතිවරුන් ඊට මැදිහත් වූණා. ඒ එකතුවට ලොකු බාධා ඇති වුණා. දැන් පක්‍ෂ රැසක් අප සමග එකතු වී සිටිනවා. මහජන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අපට ආවා. ඒ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආවා. විමල්ගේ පක්‍ෂයේ දෙවැනියා අපට ආවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකතු වුණා. ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරි කණ්ඩායම පවා එකතු වුණා. වතු කම්කරු කොංග්‍රසයත් අප සමගයි. අතාවුල්ලාගේ හා හිස්බුල්ලාගේ පක්‍ෂ දෙක අප සමග එකතු වුණා. පළාත් පාලන ආයතනයට තරග කරන සන්ධානය අපියි. අපි උතුරු නැගෙනහිර සෑම ආයතනයකටම තරග කරනවා. අතීතයේදී යම් යම් පිරිස් පක්‍ෂයෙන් ගියා. නමුත් පසුකාලීනව නැවත එකතුවෙන්න සිදුවුණා. මහින්ද එක්ක ගියේ කනිෂ්ඨයෝ ටිකක්. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුව එක්ක එකතු වෙලා නැහැ. අපි මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා.ඡන්දයෙන් පස්සේ පොහොට්ටු පක්ෂයේ අය ශ්‍රී ලනිපයට බැඳෙයි. මහින්ද ඊට පසුව විශ්‍රාම යාවි. ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීමෙන් ජයග්‍රහණ රැසක් ගත්තා. මේ ඡන්ද ක්‍රමයට යූඑන්පිය පොහොට්ටු පක්‍ෂය විරුද්ධ වුණා. අපියි මේ ඡන්ද ක්‍රමය ගත්තේ. අද සල්ලි නැතිව වුණත් මැතිවණ දිනන්න පුළුවන්. මෙය ලොකු ජයග්‍රහණයක්. මහින්ද පොහොට්ටු රැස්වීමට යෑම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගනීවි. ඒකට අපිට හදිසියක් නැහැ. චන්ද කාලවලදී ඔය වගේ දේවල් වෙනවා. අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවනවා.තනි ආණ්ඩුවක් හදාගන්න අපේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් එදා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් පොහොට්ටුවේ අය ඒකට කැමැති වුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ටිකක් පස්සට ගිහින් එතුමාගේම පවුලේ චමල් රාජපක්‍ෂ අපට දෙන්න කිව්වා අගමැති අපේක්‍ෂක හැටියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මැතිවරණය මෙහෙයවන්න ඉඩ දෙන්න කියලත් අප කිව්වා. ඒකට ඉඩ දෙන්නෙ නැතිව එතුමා එළියට ආවා. ඇවිල්ල සටනට පැමිණියාම වර්තමාන ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. ඒ නිසා ඒ මැතිවරණයෙන් අපට බහුතරයක් හම්බ වුණේ නැහැ. කාටවත් ආණ්ඩු පිහිටුවීමේ බලය තිබ්බේ නැහැ. මන්ත්‍රීවරු සල්ලිවලට එහාට මෙහාට උස්සන්න හදපු වෙලාවේ ඒක නැවැත්තුවා. පසුව පක්‍ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගත්තා. ඊට පස්සේ අපි ලෝකය දිනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. මුළු යුරෝපයම අපේ පැත්තට ගත්තා.අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ලොකු වෙනසක් කළා. ජනාධිපතිතුමා එතුමාගේ බලතල අතහැර දැම්මා.පොහොට්ටුවේ අය අපේ ගොඩට ගන්න අපි අද වගේම හෙටත් උත්සාහ දරනවා. ඒ අය අපේ අය. අපේ මිත්‍රයෝ අපේ කිසිම තරහක් නැහැ.මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
0
(*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට තම රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, සෙවනගල ප්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් හෙතම මේ බව පෙරේදා (19) සඳහන් කළේය.අගමැතිවරයා මෙසේද පැවසීයමොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වන වගාව විතරක් සියට 50 වැඩියි නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නේ මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගලට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.සෙවණගල කිව්වම අපිට මතක් වෙනේනේ උක් වගාව. මේ වනවිට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැම දෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණූ තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩිකළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපොළක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණූවා. ගුවන්තොටුපොළ බේරගන්න පුළුවන් වූණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වූණූ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමැති කෙනෙකුට පණ තිබුණේ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න. ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපළ කිසිකෙනකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපළ ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය බණ්ඩාරනායක මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.මෛත්‍රීපාල සිරිසෙන මහතා මට කතා කරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දීලා ආසන හයක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දෙ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයකට යන්න එපා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිල සහ රනිල් පිල කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දේ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.අද එජාප පාක්ෂිකයනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබාගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගෙන්න අපි සූදානම්.ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, පද්ම උදයශාන්ත, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුද, සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික‍්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි කී ජනාධිපතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.රටේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතු බවද ජනාධිපතිවරයා කීය.මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම මැයි රැලියේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.අපි මේ ඓතිහාසික මහනුවර පුරවරය තුළ අද සාර්ථක මැයි රැලියක් පැවැත්තුවා. පාරවල් දෙකකින් පස්වරු 1 ට පෙළ පාළිය ඇරඹුවා. පෙළපාළිය අවසන් කරන්න පැය හයකට වඩා කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කම්කරු ජනතාවගේ, වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ බල වේගයයි. මෙය පුළුල් ජාතික බලවේගයක එක අවස්ථාවක් හැටියටත් සැලකිය හැකියි. රැලිය යද්දී මහනුවරට අද ලොකු වැස්සක් වැටුණා. මහනුවර තිබුණේ වියළි කාලගුණයක්. අපි ඇවිල්ල වැස්ස දුන්න එක ගැන සතුටු වෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ මැයි රැලිය පැවැත්වුවා. එදත් මහ වැස්සක් වැස්සා. ලබන අවුරුද්දේ නියඟය තියෙන පැත්තකට මැයි රැලිය ගෙන ගොස් නැවතත් වස්සවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම වැඩ කළේ කම්කරුවාගේ යහපත වෙනුවෙනුයි. ලෝකයේ අධිතාක්ෂණය සමග රටක් දියුණු කිරීමේදී දැනුම බුද්ධිය සහිත නිපුණ ශ‍්‍රමිකයා වැදගත්. අපිට අපේ රටට ඒ නිපුණ ශ‍්‍රමයේ අද අඩුවක් නැහැ. වැඩ කරන ජනතාවගේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතුයි. ඒ හඬ සමග රජය කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් හැමවිටම කටයුතු කළ සංවිධානයක්. අනාගත සිහින ලෝක දිහා බලල වැඩක් නැහැ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි.ජාත්‍යන්තරවාදය අද ලෝකය තුළ කෙමෙන් කෙමෙන් වියැකෙමින් යනවා. ජාත්‍යන්තර අත පෙවීම් අද වනවිට අඩු වෙමින් පවතිනවා. අද අපට කිසිම රටකින් බලපෑමක් නැහැ. 2015 දී අප ලැබු ජය සමග ජාත්‍යන්තරය දිනා ගත්තා.ප‍්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන් වුණා. අප රට ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්වුණා.අද අපේ රට විත්තිකාරයකු නොවෙයි. අද අපට තියෙන්නේ නිදහස් රටක්. ජාතික සංහිිඳියාව ශක්තිමක් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි නිවැරදි කර ගන්න මේ මැයි රැලිය අද හොඳ සංඥාවක් දුන්නා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නැහැ. පක්ෂය විවෘතයි. මධ්‍යම කාරක සභාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද හොඳට තියෙනවා. ඒක ඇතුළේ විවේචන, ස්වයං විවේචන කරන්න පුළුවන්. අපේ පවුලට තවත් පුටුවක් හදන්න මම මෙතනට ඇවිල්ලා  නැහැ.අද පක්ෂයේ තරුණ, කාන්තා සංවිධාන ඉදිරියට ඇවිත් තියෙනවා. ශක්තිමත් වී තියෙනවා. පැරදුණු පක්ෂය යළි ජයග‍්‍රහණය දක්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය, දුගී බව අපි ඉවත් කිරීමට කටයුතු කරන්නේ කොහොමද? කියන ඒකයි.දුගී භාවය නැති කිරීමට අප පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළක් රට පුරා ගෙන යනවා.මේ රට ගොඩ නගන්න අපි කවුරුත් එකාවන්ව කැප විය යුතුයි. ඒ සඳහා සියලූ ජාතීන් වාද භේද අමතක කර එකමුතු විය යුතුයි. අනෙක් ජාතීන් අමතක කරලා මේ රට දියුණු කරන්න බැහැ. එදා මේ රට නිදහස ගත්තේ පොදු අරමුණකින් සටන් කරලයි. කලක් අප යුද්ධයෙන් බරපතළ වධ වේදනා වින්දා. රණවිරුවන්ට පින්සිදු වෙන්න අපිට සාමය ලැබුණා. ඉදිරියට මේ රටට ජාතික සංහිදියාව අවශ්‍යයි. රටට ඉදිරියට ගමන් කිරීමට එය අවශ්‍යයි. අපි රට දෙනවා. පාවා දෙනවා ගිවිසුම් ගහනවා කියලා අද සමහරු චෝදනා කරනවා. මම මේ පුටුවට ආවේ ජාතික සංහිදියාව ශක්තිමත් කරන්නත් විදේශීය බලපෑම්වලින් තොරව ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ඇති කරන්නයි. අපේ භූමියෙන් කොටසක් විදේශ රටවලට දෙන්න මා සූදානම් නැහැ. පෝට්සිටි චීනයට දීමත් එක්ක දොන් ජුවන් ධර්මපාලලා ඇතිවුණා. අපි ඒ ගිවිසුම වෙනස් කළා. අපිට නොගැළපෙන දේ වෙනස් කළා.වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම ඒවාට උත්තර දෙන්න සූදානම්. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාර දුන්නා. කොතෙක් බාධා ආවත්, කුමන්ත‍්‍රණ ආවත් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනැවිත් මම පෙන්නලා තියෙනවා. ඉතිහාසය පුරා මෙවැනි අභියෝගවලට අපි මුහුණ දීලා තියෙනවා.මා එය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් කරනවා.අප අලූත් ආසන සංවිධායකවරුන් පත් කළා. අද සමහරු පක්ෂයේ දේට එන්නේ නැතිව වෙනත් මැයි රැලි පවත්වනවා. මොන චෝදනා ආවත් සම්මුතිවාදී ප‍්‍රතිපත්ති නිසා අප රට කෙරෙහි ලෝකයේ තිබුණු අප‍්‍රසාදය මග හැරුණා. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය ඇතිවුණේ ඒ නිසයි. කාර්යාල සේවිකාවන්ට ඇති අයිතිය අද සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල හා සාප්පු සියලූ සේවිකාවන්ට දින 84 ප‍්‍රසූත නිවාඩුවක් දෙන්න අපි ස්ථීර තීන්දුවක් ගත්තා. සෙනසුරාදා නිවාඩු දින අත හැරලා එය දෙනවා.අද ඔබ වැස්සේ තෙමුණා. ඔබ ඒ කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග‍්‍රහණය වෙනුවෙනුයි. උතුරෙන් වැඩිම ජනතාවක් අද අපේ මැයි රැලියට ආවා. නැගෙනහිරිනුත් වැඩිම පිරිසක් ආවා. එය ලොකු ජයග‍්‍රහණයක්. ප‍්‍රගතිශීලි වාමාංශික ව්‍යාපාරයට ජයවේවා.එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා.ගාල්ලේ පළමු මැයි රැුලියේ වාර්තාව කඩලා අද වැඩිම ජනගඟ ගැටඹේට ගලලා ඉවරයි. තවමත් පෙළපාලි මහ මග. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ බාර ගත්ත ගමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළා. ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ සාර්ථකව එතුමා ඉදිරියට ගෙන යනවා. අද මේ රටට විදුලි පුටුව එන්නේ නැහැ. රණවිරුවා අද ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ගැන අද ලෝකය විශ්වාසය තබල තියෙනවා. එතුමා ගැන ලෝකයේම විශ්වසය ගොඩනැගුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණේ ජී.එස්.පී. ප්ලස් ලැබුණේ ඒ විශ්වාසය නිසයි.ඒ සහන ගත්තේ කිසිම අහිතකර කොන්දේසියකට එකඟ වෙලා නොවෙයි. දැවැන්තම මැයි රැලිය වගේම දැවැන්තම පෙළපාළි දෙකක් අද සාර්ථකව පැවැත්තුවා. හම්බන්තොට වැඩිම ජනකායක් ආවේ අපේ මේ රැලියටයි. ඉදිරි පළාත් මැතිවරණ දිනනවා. 2020 දී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-කම්කරුවාගේ අයිතීන් දිනා දීමට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමායි. ඔහු කම්කරුවා රකින නායකයායි. විශ්ව විද්‍යාල ශක්තිමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජනසතු ව්‍යාපාර හරහා ජනතාවට සේවය සැලසුවේ අපේ පක්ෂයයි. සියලූ කම්කරු අරගලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග සිටින බවට පොරොන්දු වෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:-කම්කරුවා වෙනුවෙන් දැවැන්තම සේවය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැයි දිනය නිවාඩු දිනයක් කළේ සේවක අර්ථ සාධක අරමුදල දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒවා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කම්කරු අයිතීන් සුරැකීමට නම් මෙම පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. පක්ෂය නොබෙදා අලූත් පක්ෂ නොහදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට අපි කවුරුත් අදිටන් කර ගත යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා:-වැඩ කරන ජනතාවට ප‍්‍රතිලාභ රැසක් දීමට අප කටයුතු කරනවා. කම්කරු නීතිවල පවතින අඩුපාඩු මග හැරවීමට කටයුතු කරනවා. අපේ පිරිසක් අද කොළඹත් මැයි දිනයක් පවත්වනවා. ලබන මැයි දිනයේදී එකම මැයි දිනයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හාම්පතුන්ට බරක් නොවන විදියට කම්කරු වන්දි දෙනවා. පෞද්ගලික අංශයේ නිවාඩු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතුයි.ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා:-අවම ජාතික වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම වාර්තාවක්. අද ඒවා බොහෝ දෙනකුට අමතකයි. මාතෘ නිවාඩු විෂමතාව ඉවත් කර ගන්න අපි ලොකු අරගලයක් කළා. මම සියලූ කම්කරු සංවිධාන සාධාරණයි කියල කියන්නේ නැහැ. සාධාරණ සටන් තියෙනවා. සමහරු පාරට බැහැලා ඔහෙ කරන්නම්වාලේ කරන උද්ඝෝෂණ රටට අහිතකරයි. එහෙම කළාම ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අරගලය සාධාරණ හේතු මත විය යුතුයි. පෞද්ගලික අංශයේ උපරිම සේවා කාලය අවුරුදු පනස් පහ වැඩි විය යුතුයි.මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනේ උරුමයේ තියෙනවා. අද අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ කැත්ත උදැල්ල හුරු ගොවි පුතකුයි. පක්ෂයට සැබෑ නිදහස දෙන නායකයා ඔහුයි. අද නිල්පාට තියෙන්නේ ගැටඹේ පමණයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද ඉන්නේ ගැටඹේයි.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මැයි රැලියට සහභාගි වූහ.
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
0
(නිමල කොඩිතුවක්කු) ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, විගණනයට දොර වැසී ඇති 20 වැනි සංශෝධනය අකුලා ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(11) පැවසීය. රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව පැවසුවත් රෑ වැටුණු වළේ  දවල් වැටීමේ අවශ්‍යතාවයක් ජනතාවට නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය. 19 සම්පූර්ණයෙන්ම ඉවත දැමීම බබාත් බේසමත් දෙකම විසි කිරීමට සමාන බව ද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.  “රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට 19න් බාධාවක් වෙනවා කියලා ආණ්ඩුව කතාවක් නිර්මාණය කරගෙන යනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්තාවන්හීදී ජනාධිපතිවරයාට අධිකරණයට යාමට සිදුවන බවත් එය ජනාධිපතිවරයා සෞභාග්‍ය කරා රට ගෙන යන වැඩපිළිවෙළට බාධාවක් බවත් ජී. එල් පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  මම බැලුවා අප්‍රේල් පළවෙනිදා කියලා හිතලා එතුමා විහිලුවක්වත් කළාද කියලා. තේ කෝප්පයක් බීලා නැවත මේ ගැන හිතලා ප්‍රකාශ නිකුත් කරන්න කියලා අපි ජී. එල්. පීරිස් මහත්තයට කියනවා.දැන් මේ අය දහනමය තිබුනු ප්‍රසම්පාදන කොමිසම අයින් කරලා තියෙනවා. කොමිසමේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර කොමිසම ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතුව එකට පිළියම කොමිසම අහෝසි කිරීම නෙමෙයි.එක පැත්තකින් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තෙන් විගණන කොමිසම අහෝසි කරලා තියෙනවා. මේ කොමිසම අහෝසි  කළා ම විගණනයට අවස්ථාවක් නැහැ. දැන් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා කර පාර්ලිමේන්තු සභාවක් පත්කිරීමට යෝජනා කරලා තියෙනවා. ව්‍යවස්ථා සභාවට තිබුණු නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ නිරීක්ෂණය කිරීමේ හැකියාව පමණයි. මේ දෙක අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. විගණකාධිපති ඇතුළු ඒ දෙපාර්තමේන්තු නිලධාරීන් පත් පත්කිරීම ඉවත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදුවන්නේ  ජනාධිපතිවරයාගේ අනුමැතිය මතයි. විගණකාධිපති එක්ක තමයි පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක වුණේ. අපේ ආණ්ඩු කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවා. මේ මගින් ආණ්ඩුවේ වැරදි, දූෂණ විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විගණකාධිපති ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ බය නැතුව කතා කළා.  ජනාධිපති අගමැති  වංචා දූෂණ අනාවරණය කිරීමට පවා ඔවුන්ට කොන්දක් තිබුණා. දැන් මේ පත්කිරීම් ජනාධිපතිවරයා යටතට පත්වීමත් සමඟ මෙහි තිබෙන ස්වාධීන බවට විශාල හානියක් සිදුවනවා.කෝප්, කෝපා  සභාපති තනතුරට තනතුරු වලටත් මේ ආන්ඩුවේ අයම පත්කර ගන්න සැලසුමක් තියෙනවා. මේ සියලු බාධක ඉවත් කරලා ආණ්ඩුව තමන්ට ඕන ගමන යනවා.මෙය ප්‍රජාතන්ත්‍රවාදීද, මේකෙන්  සීග්‍ර සංවර්ධනයක් වෙනනවද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ශීඝ්‍ර සංවර්ධනයක් වෙනුවට සෘණාත්මක සංවර්ධනයක් තමයි මෙයින් සිදුවන්නේ.තොරතුරු දැනගැනීමේ පනත තිබුනට මෙහි සාමාජිකයන් පත්කරන්නේ ජනාධිපතිවරයා. පනත තිබුනට මාධ්‍යවේදීන්ට ජනතාවට ඒ අවස්ථාව තියෙයිද කියන ගැටලුවක් දැන් ඇතිවෙලා තියෙනවා.විගණනයට අද දොරටු වැහිලා තියෙනවා. මේ ගැන අපි මීට පෙර පාඩම් ඉගෙනගෙන නැද්ද කියලා ජනතාව ගෙන් අහනවා. රෑ වැටිච්ච  වලේ දවල් වැටෙන්න අපිට බැහැ. කරුණාකරලා තමන් ඉදිරිපත් කරපු 20 අකුලගන්න කියලා ආණ්ඩුවට අපි බල කරනවා'' යැයි ද කීය.
‘ප්‍රජාතන්ත්‍රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’
1
(*** ජයන්ත සමරකෝන්)‘දහ නව වැනි සංශෝධනය  තුළින් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ කිසිදු බාධාවක් නැතැයි ද ඒ නමුත් 20 වැනි සංශෝධනය  ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වීමක් යැයිද’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) පැවසීය.විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් වන අනතුර ජනතාව දන්නවා නම් 69 ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැතැයිද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මහතා කීවේය.වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, අද වනවිට රටේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම අහස උසට නැග ඇතැයි ද, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයිද කියා සිටියේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නරක පුද්ගලයකු යැයි කියන්නේ නැතැයි ද 20න් ගෙනෙන බලතල තුළ යම් විදියකින්  ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා උන්මන්තකයකු වුවහොත් යකා නටනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.20 වැනි සංශෝධනය ගෙනෙන්නට මේ රටේ කලබලයක්  ඇයිදැයි නොදන්නා බවද වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙමගින්  ජනාධිපතිවරයාට පැවරෙන බලතල නිසා මහ මැතිවරණයකට වියදම් වූ රුපියල් බිලියන 8ට වෙන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර බලයක් නැති පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම තුළින් ස්වාධීන කොමිෂන් සභා සඳහාත් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති ඇතුළු අධිකරණයේ ඉහළ ධුරයන් පත් කිරීමේ නිෂේධ බලයක් ජනාධිපතිවරයාට හිමි වනවා.විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණන සේවා කොමිෂන් සභාව අහෝසි වීමෙන් විගණන සේවය අක්‍රිය වී විගණන පනතේ ප්‍රතිපාදන පිළිබඳව අර්බුදයක් මතු වනවා. විදේශයක සුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටත් අවස්ථාවක් හිමිවනවා.ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අදහස් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 19 වැනි සංශෝධනය අරුමපුදුම විකෘතියක් ලෙස හුවාදැක්වීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.මෙම ධවල පත්‍රිකාව 2000 ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට භාර දෙමු. එවිට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බය නැහැ. කරුණු 24ක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව මූලික වෙනස්කම් දකිනවා.20 තුලින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වනවා. ජනාධිපතිවරයාට වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම’ ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වන වගකීමත් ඉවත් කරලා.මෙමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට වූ ප්‍රතිපාදනය ඉවත් කර ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කරලා.තවද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක් කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් 20 තුළින් එළියට එනවා.මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, ජාවිඩ් යුසුප්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ.
‘ප්‍රජාතන්ත්‍රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’
0
(*** නිමල කොඩිතුවක්කු)ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව  වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්  බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්  මහතා කොළඹදී ඊයේ (06 වැනිදා) පැවසීය.දහඅට වැනි සංශෝධනය මගින් අහුරා තිබූ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන බව කියන පිරිස් 20 මගින් යළි  විවර කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.අක්කා පෙන්වා නංගීත් අරගෙන දෑවැද්දත් කොල්ලකන වැඩක් 20 වන සංශෝධනය මගින් රටට  සිදුව ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 0මහතා මෙසේද කීය.“මේ රට ඒකාධිපතිත්වයකට මිලිටරිකරණයකට යටත් වන බවට මහ මැතිවරණයට පෙර අපි ප්‍රකාශ කළා. එහෙත් බහුතරයක් ජනතාව ඒ හඬට කන් නොදී මේ ආණ්ඩුව බලයට පත් කළා.මම දකින විදිහට අපි මේ මහ මැතිවරණය පරාජයට පත්වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී අපි පරාජයට පත්වුණා. පහුගිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දුර්වල ආණ්ඩුකරණය පිළිබඳව පෙන්වා දෙමින් පක්ෂ දෙකකින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්විය යුතු නැහැ කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ අය ප්‍රචාරණය ගෙන ගියා. ඒ නිසා ජනතාවට මේ රට මුහුණ දෙන්න නියමිත අනාගත අනතුර තේරුම් ගැනීමට නොහැකි වුණා.විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් තිබෙනවා.අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී ද්විත්ව පුරවැසියකු එපා කියලා ජනතාව  කෑ ගැහුවා. අර්ජුන් මහේන්ද්‍රන් අද පැනලා ගිහින් තියෙනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත්කර නොගත යුතුයි කියලා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් පාර්ලිමේන්තුව සහ රට පාලනය කරන තැනට පමණක් නෙමෙයි රටේ ඉහළ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත් කිරීම වැළක්වීමට නව නීති සකස් විය යුතුයි.අද මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසියන් වන ශ්‍රී ලාංකිකයන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට බැණ බැණ හිටපු අය ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපට පේන්න නැහැ. එහෙමනම් ද්විත්ව පුරවැසිභාවය මේ දෙකටම ඇතුළත් වන විදිහටයි ගේන්න තිබුණෙ.දැන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව ලැබෙනවා. දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන්න ඉන්න අය තමයි දහ නමයෙන් අපි අහුරපු මේ අවස්ථාව අද විවර කරලා තියෙන්නේ.විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට ඇවිත් නටන නාඩගම් ටික අද අපට පේන්න තියෙනවා. මීට එහා සෙල්ලම් අපට ඉස්සරහට බලාගන්න පුළුවන්.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ කියලා 19න් අපි ගෙනාවා. දැන් මේ  20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් කරා  රට ගෙන ගොස් තිබෙනවා. දහ නමයෙන් අහිමි කරලා  තියෙන ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණම යළි ලබාගෙන තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම වරදක් කරලා බේරෙන්න පුළුවන්.ඒ වගේම දහනවයෙන් හඳුන්වලා දීපු කොමිෂන් සභා ටික අද අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාවට නියෝග ලබා දෙන්නේ ජනාධිපතිවරයා පමණයි.ඒ වගේම වැදගත්ම කොමිෂන් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමැතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.නීතිපති, පොලිස්පති ඇතුළු තනතුර පත් කිරීමේ බලයත් අද ජනාධිපතිවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා අල්ලේ නටන රූකඩ බවට එමගින් පත්වෙනවා.19න් අපි සීමා කරලා තිබුණ අමාත්‍යධුර සීමා ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ  අභිමතය අනුව පමණක් මේ අමාත්‍යවරුන් පත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් අගමැතිවරයා පියන් කෙනෙක් බවට පත්වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවට අපි කියනවා.දි.මු. ජයරත්න මහතාට එදා වෙච්ච දේ තමන්ට වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිකමටවත් හිතන් නැතිව ඇති. ඒත් තමුන්ගේ සහෝදරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට අද එම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ සමහර අය මේකට කැමති නෑ. ඒ අයට අද වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි. ඔවුන්ගේ කොඳු කඩල තියෙන්නේ.විපක්ෂ අපට පමණක් නෙමෙයි රටේ සෑම පුරවැසියකුටම මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රටේ පුරවැසියන්ට අබ සරණයි කියලා තමයි දැන් අපට කියන්න වෙන්නේ. අක්කා පෙන්නල නංගිත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් තමයි මේ ආණ්ඩුව  20 මගින් සිද්ධ කරලා  තියෙන්නේ. 
‘ප්‍රජාතන්ත්‍රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’
0
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)ඡායාරූපය - ශාන්ත රත්නායක ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ යුද්ධයෙන් පසු බලාපොරොත්තු වූ සංහිඳියාව ගොඩ නැගීම සඳහා බව කී අග්‍රාමාත්‍යවරයා සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බව ද අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ වැවිලි ප්‍රජාවට පර්චස් හත බැගින් වන ඉඩමක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ තෙවැනි අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර නිරවුල් ඔප්පු 2864ක් නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය. මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු ණය මගින් ණය ලබා ගැනීමේ හැකියාව ද පවතී.හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) මෙම උත්සවය පැවැතියේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි.එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අපේම ඉඩම, අපේම නිවස වැඩසටහන යටතේ මේ ප්‍රදේශයේ 700 දෙනකුට ඉඩම් ඔප්පු ලැබෙනවා. වතුකරයේ 2600කට පමණ ඉඩම් ඔප්පු ලබාදීමට මෙමගින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිගම්බරම් ඇමැතිතුමන්ට ස්තුතිය පළ කළ යුතුයි. වසර 20කට 30කට පසුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයකු ලැබීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.1993-1994 වසරවලත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියදීත්, ඩී.බී. විජේතුංග මහතා යටතේත් සෞම්‍යමූර්ති තොන්ඩමාන් මහතා සමඟ මේ ප්‍රෙද්ශවලට පැමිණ කටයුතු කළා. ඉන් පසුව අපට ආණ්ඩු බලය අහිමි වුණා. විවිධ ආණ්ඩු ඇති වුණත්, විවධ ඇමැතිවරුන් සිටියත්, ඉඩම්, නිවාස ලබා දෙනවා යැයි පොරොන්දු ලබා දුන්නත් මේ ජනතාවට සැබෑ සේවයක් වුණේ නැහැ. දෙමළ භාෂාවෙන් පවසනවා නම් කීමට ඇත්තේ ඉල්ලේ යන වචනය පමණයි.මෙවර කඳුකර යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතා පත් කර වගකීම් ලබා දීමට අප කටයුතු කළා. වසර විසි ගණනකට පසුව මේ ප්‍රදේශයට සැබෑ ලෙස සේවය කළ හැකි අමාත්‍යවරයකු බිහි වී තිබෙනවා. තවත් මේ ආකාරයට ඉඩම් නිවාස ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.පළමු වරට ඉන්දීය අගමැතිවරයකු මෙහි පැමිණියා. මෝදි අගමැතිතුමන් සමඟ මෙහි සංවර්ධන කටයුතු සම්න්ධයෙන් අප සාකච්ජා කළා. මෝදි අගමැතිතුමා මේ ප්‍රදේශයේ තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙහි නිවාස 5000ක් ඉදිකර තිබෙනවා. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් අප සොයාගත යුතුයි.දැන් නිවාස ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වතුකරයේ පාසල් රජයට පවරා ගත්තේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදියි. දැන් පාසල් තිබෙනවා. එහෙත් විද්‍යාව උගන්වන පාසල් අඩු නිසා වතුකරයේ පාසල්වල උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් ඇරැඹීම සඳහා රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නා. එදා මා ශ්‍රීපාද විද්‍යා පීඨය ආරම්භ කළා. අද රාධක්‍රිෂ්ණන් මහතාට මෙහි අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.තරුණ සේවා සභාවේ යෞවන සමිති මෙහි තිබෙනවා. එම ආයතනවලිනුත් සෙසු අමාත්‍යාංශවලිනුත් අප අදාළ කටයුතු කරගෙන යනවා.වතුකරයට ඉඩම් ලබාදීම අප සීමා කර නැහැ. මේ ප්‍රදේශයේ සෙසු ප්‍රදේශවලටත් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් කේ.කේ. පියදාස මහතා විසින් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ස්ථානවලට අවශ්‍ය නිවාස පහසුකම් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඔප්පු පමණයි. මේ සියල්ල කරන්නට හැකි වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා අමාත්‍යාංශය භාර ගෙන සෑම ප්‍රදේශයකටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසහටන ඇරැඹීම නිසයි. මා ඔප්පු ලබා දීමේ රැස්වීම් කිහිපයකටම සහභාගි වුණා. රජයෙන් ලැබුණු හැම ඉඩමකටම නිවසකටම දැන් ඔප්පුවක් තිබෙනවා. එසේ නම් දැන් ඔප්පුව නිසා ඔබේ භුක්තිය තහවුරු වෙනවා.මෙරට ඉඩමක් නොතිබූ ජන කොටසකට ඉඩම් ඔප්පු, නිවාස ලබා දෙන්නේ මේ උත්සවයේදීයි. වැදගත්කම පවතින්නේ එතැනයි. මෙවැනි ඔප්පු ප්‍රදානයක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.1986 වසරේදී වතුකරයේ ජනතාවට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ පුරවැසිකම ලබා දුන්නා. එහිදී ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණා. කොළ කැබැල්ලකින් ලබාගත හැකි අයුරින් අප ඡන්ද අයිතිය ලබා දුන්නා. එපමණක් නොව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පිට සියලුම දෙනාට ලංකාවේ පුරවැසිකම ලබා දී එම වැඩකටයුතු ආරම්භ කළා.එදා පුරවැසි බව ඡන්ද බලය තිබුණත් ඉඩමක්, නිවසක් තිබුණේ නැහැ. ඔවුන්ට ලැයිම් කාමරවල ජීවත් වී ලැයිම් කාමරවලම මිය යන්න සිදු වුණා. අද පුරවැසියන් ලෙස අනෙක් සෑම ජනකොටසකට මෙන් ඉඩමක්, නිවසක් තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වතුකරයේත් අනෙක් සෑම ප්‍රදේශයකමත් අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ බව කිව යුතුයි.ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කෙනකුටම තිබෙන පහසුකම් අද වතුකරයේ ජනතාවට ලබා දී තිබෙනවා. එම භුක්තිය, ලබන ජනතාව තවත් ශීඝ්‍රයෙන් වැඩිකර  ගැනීම අපේ අරමුණයි. වර්තමානයේ මේ පියවර සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නැහැ. 1986 වසරේ මෙහි ජනතාවට ඡන්ද බලය ලබා දෙන විට විවිධ කෝලාහල ඇති වුණා. අද එවැනි කිසිම කෝලාහලයක් නැහැ. අද මෙරට ජනතාවට අවශ්‍ය කරන්නේ සංහිඳියාවයි. එකට එකතු වී ජීවත් වීමයි. එක්සත්ව ජීවත් වීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අයිතිය භුක්ති විඳීමයි.වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන කොටසක් එකතු වී ගමනක් යා යුතු බව මෙරට ජනතාවගේ අදහසයි. වත්මන් ලෝකයේ බි්‍රතාන්‍යයේ, ස්පාඤ්ඤයේ, ඉරාකයේ වෙන්විය යුතු යැයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. වෙන් වීම සඳහා සටන් කරනවා. උණ්ඩය අතට ගන්නවා. නැතිනම් ඡන්ද නවත්වා වෙන් වීමට උත්සාහ කරනවා. ලංකාවේ පමණක් 2015 වසරේදී ගත් පියවර කුමක් ද?සිංහල බහුතරයක්, දෙමළ ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව බහුතරයක්, බර්ගර් ජනතාව බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත ජනාධිපති ධුරයට පත් කර අප සියලු දෙනා එකතු කරන්නැයි ජනවරමක් ලබා දී තිබෙනවා. අප දැන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනවරමයි.අපේ අතීතය දෙස බලන්න. ඉතිහාසයේ අප යුද්ධවලට මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වූ පසුව දිගු කාලීන සාමයක් සඳහා අවශ්‍ය සංහිඳියාව සහ එකඟත්වය තිබුණේ නැහැ. මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තේ එම සංහිඳියාව ලබා ගැනීමට නොහැකි වූ නිසයි.අද ජනතාව එකතු වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකතු වී තිබෙනවා. අපට එකතු වී යන්නට ගමනක් තිබෙනවා. ඒ සඳහා කාලයක් අප එකතු විය යුතුයි. අප ක්‍රියාත්මක කරන්නේ මේ ජාතීන් සියල්ල එකතු කරන ජනවරමයි.නීතියකින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා බිම් මට්ටමේ ප්‍රතිඵල තිබිය යුතුයි. වචනවලින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. උතුරේ යුද්ධයෙන් පසුව දැන් අප සහන ලබා දෙනවා. නැවත ඉඩම් ලබා දෙනවා. පන්සල් දියුණු කරනවා. මුස්ලිම් දේවස්ථාන දියුණු කරනවා. මේ සියලුම දේ අප විසින් ඉටු කරනවා. මේ සියල්ල කරන්නේ අප එකතු වන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහායි.ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකතු වන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ ක්‍රියාවලිය සඳහා එකතු වුවහොත් අපත් සූදානම් බව ද්‍රවිඩ සන්ධානය ද පවසා තිබෙනවා. උතුරේ දෙමළ පක්ෂ එවැනි දෙයක් පැවැසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එසේ නම් අප ටිකෙන් ටික විසඳුමක් කරා ළංවෙමින් සිටිනවා. ඒ විසඳුම ලබා දීම සඳහා ජනපතිට වරමක් තිබෙනවා. ආණ්ඩුවට මෙන්ම අපේ පක්ෂවලට වරමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂවලට වරමක් තිබෙනවා.එසේ නම් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද? එවිට ජනතාවට කියන්නේ කුමක් ද? එම ප්‍රශ්න ලංකාවේ ඇතිවුණේ ඇයි? භාෂාව නිසාද? එදා විසඳන්නට තිබූ ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් විරුද්ධ විවිධ ව්‍යාපාර පටන් ගත්තා. එදා තිබූ භාෂා ප්‍රශ්නය පසුව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ෆෙඩරල් ප්‍රශ්නයක් බවට පත් වුණා. භාෂා ප්‍රශ්නය ෆෙඩරල් ප්‍රශ්නයක් වුණා. ෆෙඩරල් ප්‍රශ්නය මෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා දුරදිග ගියා. වෙනම රාජ්‍යයක් නිසා උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. රට විනාශ වුණා.අතීත සිද්ධි නිසා දුක් විඳ අප අද මෙතැනට පැමිණ  තිබෙනවා. අප මේ ගමන පැමිණ ඇත්තේ සියලුම දෙනා ඒකීය රාජ්‍යයක් ලෙස එකතු වීමටයි. අප ක්‍රියාත්මක කරන්නේ එයයි.අලුත් ව්‍යවස්ථාව ගැන සමහරුන් කථා කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන කියනවා. නමුත් ඒ එකක්වත් අප තවම සිදුකර නැහැ. ඒ දේ කරන්නට තව වෙලා තිබෙනවා. තවම අපට ඇත්තේ දේශපාලන පක්ෂවල අදහස් ප්‍රකාශ කළ නීති බලයක් නැති වාර්තාවක් පමණයි. ඒ ලියැවිල්ලේත් විවිධ අදහස් තිබෙනවා. එයින් සුදුසු විකල්ප තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජනතාව වරමක් ලබා දුන්නා. ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාවට අවශ්‍යයි. එසේ නම් අප මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන පක්ෂ ලෙස අපේ යුතුකම ඉටු කරමු.මෙරට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ, ක්‍රිස්තියානි, ඇතුළු සියලු දෙනා විසඳුමක් අපේක්ෂා කරනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ බහුතරයක් සිටින ලොව එකම රට ලංකාවයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට කිසි ලෙසකින්වත් හැනි කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරනවා.දෙමළ, මුස්ලිම්, හින්දු, බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය, භාෂාව, ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. මේ එකතුව ලබාගෙන අප ඉදිරි ගමන යන්නේ කෙසේද? මෙරට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අපට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. පාර්ලිමේන්තුව මෙන්ම රටක් හැටියට අපේ අදහස් ප්‍රකාශ කර ජනවරමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාතාවරණය ඇති කරමු.මේ ඉදිරිපත් කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් බව කියමින් අවාසනාවකට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. තවම එවැනි ව්‍යවස්ථාවක් නැහැ. තිබෙන්නේ වාර්තාවක් පමණයි.මීට පෙරත් අප උත්සාහ කළා. ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ ආදීන් යටතේ උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ සමයේ 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යන ක්‍රමයක් ගැන කතා කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. නමුත් ජනතා වරමක් දී ඇති අවස්ථාවේ ජනතාවගේ නියෝජිතයා ලෙස ජනතාවගේ මාධ්‍ය ලෙස ජනතාව නියෝජනය කරන සමිති ලෙස අපේ යුතුකම අපි ඉටු කරමු.”කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:“කඳුරට ජනතාවට අද ඉඩම් සහ නිවාසවල අයිතිය ලබා දෙන ඓතිහාසික අවස්ථාවක්. අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන දියත් කිරීමට ලැබුණා. වතුකරයේ ජනතාව අගමැතිතුමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ එන ඡන්දවලදීත් මෙහි ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. එම ඡන්ද සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.එක්සත් ජාතික පක්ෂය කවදත් වතු ජනතාවට සහන සලසා දෙනවා. මීට පෙර සිටි රජය එම සහන ලබා දුන්නේ නැහැ. එම නායකයන් මේ ප්‍රදේශයට සැබෑ සේවයක් සිදු කළේ නැහැ. අප එම සේවය සිදු කරනවිට පෙර සිටි අය ඒවා දරා ගන්න බැරිව චණ්ඩිකම් කරන්න හදනවා. ඉදිරියේදී ජනතාවගේ සල්ලි සොරකම් කළ අයට සිරගෙට යන්න සිදු වෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා:“වතුකරයේ විශාල පිරිසකට අද ඉඩමක සහ නිවසක අයිතිය ලැබෙනවා. වසර 150ක් පරම්පරා 5ක් තිස්සේ සීතල වතුකරයේ රට වෙනුවෙන් දහදිය හෙලූ පිරිසක් ලෙස අප වතුකරයේ ජනතාව දකිනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු ජන ජීවිතය ඉහළට එසැවීමට කටයුතු කෙරෙනවා. පේලි ගෙවල් වෙනුවට නව ගම්මාන ඉදිවෙමින් පවතිනවා. වතුකරයේ ජනතාව මහ පොළොවට ණය නැහැ. එයට උපහාරයක් ලෙස අද මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙනවා. මෙමගින් දරුවන් පාසලකට ඇතුල් කරන්න පුළුවන්. කැමති අයකුට පවරා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයට දිගම්බරම් ඇමැතිවරයා විශාල සේවයක් කරනවා.”නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා:“අපේ ආණ්ඩුව පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයෙක් පත් කළා. ඒ අමාත්‍යාංශය යටතේ අද ක්‍රියාත්මක වූ වැඩසටහනක් යටතේ අද වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙනවා.1993 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවිට ප්‍රථම වතාවට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ වුවත් පසුව එය නතර වුණා. දුප්පතාගේ දුක දන්නා අමාත්‍යවරයෙක්ට එම වැඩකටයුතු භාර දී තිබෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් කිරීමට හැකි උපරිම දේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ සිදු කර තිබෙනවා.”අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහත්වරුන්, කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රන්ජනී නඩරාජාපිල්ලේ මහත්මිය ද උත්සව සභාව ඇමතීය.මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගි වූහ. 
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
1
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ පාතදුම්බර යූ.එස්. නිමල්)රට පුරා සංවර්ධනයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 - 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී ඊයේ (1) පැවැසීය.ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබාදීම ඩී.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි  ප්‍රශ්න කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹු හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩා පිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.අද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මෙය ආරම්භයක් පමණයි. මෙම වැඩසටහන යටතේ සියලුම වතුකම්කරුවන්ට පර්චස් හතක භූමියක අයිතිය ලබාදෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවටත් සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ භේදයකින් තොරව අපි ඉඩම් අයිතිය ලබාදෙනවා. මෙය අප ආණ්ඩුව සිදුකරන විශාලතම වැඩසටහනක්. අද වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමෙන් පසු ගම්මානවල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීම අප ආරම්භ කරනවා. දිගම්බරම් ඇමැතිතුමා යටතේ වතුකරයේ ජනතාවට අපි ලබාදෙන්නේ නිවසක් පමණක් නොවෙයි. අපි ඔබට අංග සම්පූර්ණ ගම්මානයක්ම ලබාදෙනවා. ඔබේ ආදායම් මාර්ග ඇති කරගනිමින් දියුණු වෙමින් ඔබේ ප්‍රජාවට එහි ජීවත් විය හැකියි. ගම්මාන වල ජීවත්වන ජනතාවට අතීතයේ තමන්ට උරුමව තිබූ ඉඩකඩම්වලින් කොටසක් නැවත වගාකිරීම සඳහාත් ලබා දෙනවා. ඒ සඳහා අප ජනතාවට උදව් උපකාර කරනවා. දයා ගමගේ අමාත්‍යවරයා විසින් කුරුඳු වගාව කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි කොකෝවා වගාව පිළිබඳවත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ අනුව මාතලේ, නුවර පමණක් නොවෙයි දොඩම්ගස්ලන්ද ප්‍රදේශය අවටත් කොකෝවා වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ කොකෝවා මිලදී ගන්නා ආයතන සියල්ලම මෙම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව පැවසුවා. ඔවුන්ට අද කොකෝවා ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එම නිසා තමන්ගේම ඉඩම්වල කොකෝවා, කුරුඳු, කෝපි ආදිය වගාකිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරනවා. ඒ අනුව අප ජනතාව ශක්තිමත් කරමින් ජනතාව ජීවත් කරවනවා. මේ ආකාරයට ගම්මාන ඇති කිරීම බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවලත් සිදු කරනවා. ඒ හරහා නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපේ අරමුණයි. නමුත් අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. අදත් මව්බිම පුවත්පතේ මාව විවේචනය කර තිබෙන බව මම දුටුවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ පලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි. 1994 දී වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට තීරණය කර සිටියදී අප පරාජයට පත්වුණා. නිවාස ලබාදීම ඉන් පසුව හීනයක් බවට පත් වුණා. නමුත් 2015 දී අප ලබාගත් ජයග්‍රහණයත් සමග එම වැඩකටයුත්ත අප දැන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දැන් අප ඔබට ලබා දෙන්නේ නිවාස පමණක් නොවෙයි, අංග සම්පූර්ණ ගම්මානත් ඔබට ලබා දෙනවා. වතුකරයේ ගම්මාන සඳහා පාසැල් 25 ක දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ඔබේ දරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය අප සකසා දී තිබෙනවා.  ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇති වන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හෝ රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රු. 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර දෙකක කාලය තුළ මීටත් වඩා හොඳින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලු දේවල් සිදු කළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැණුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. “ගම් පෙරළිය”, “එන්ටර්ප්‍රයිස් ලංකා”, ශ්‍රවශක්ති”, විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 - 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා. මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලු වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබා දෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබා දිය හැකියි. තවත් වසර 3 ක් 4 ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටලුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකියි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර පහ තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100 ක පමණ මුදලක් වැය වෙනවා. සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටලු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳව අප හොඳින් දැනුවත්. නමුත් සිංහලයා බේරා ගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලු මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ.  අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා. මේ සියලු ගැටලුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹ විශාල මහ නගරයක් බවට පත් වෙනවා. කොළඹ සිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇති කර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කිරිඇල්ල මහතා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාර ගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02 ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්ෂ 100ට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලුවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද? දැන් වැව රවුමේ ඉඩමක මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. නමුත් අධිවේගී මාර්ගය ඉදි වූ පසු එය තවත් වැඩි වෙනවා. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල මිලත් වැඩිවෙනවා. අද ඔබට ලබාදෙන පර්චස් 07ක ඉඩමේත් මිල ඉදිරියේදී වැඩිවෙනවා. නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදීම දැන් විශාල වශයෙන් සිදුකරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදුකරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100%කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටුකරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය, රැකියා අයිතිය ලබාදිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත් වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත්වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ. දෙරණ, හිරු ආදියේ මේවා ගැන පුවත් විකාශය වන්නේ නැහැ. සිරස ගැන කතා කිරීමෙන්ම පලක් නැහැ. ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වල මේ ව්‍යාපෘති පිළිබඳව පළ වෙනවාද? මම අද සිදු කරන මේ කතාව ලංකාදීප පුවත්පතේ පළ වන්නේ පාපන්දු ලෝක කුසලානය පිළිබඳව පුවත් පළ කරන පිටුවේ කොනක සඟවා බවට මට ඔට්ටුවක් ඇල්ලීමට හැකියි. දිවයිනේ නම් මේ කථාව පළ කරන්නේ මොන පිටුවේදැයි මට සිතාගැනීමටත් නොහැකියි. අද අප සිදු කරන මෙම වැඩසටහන රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වේදැයි අප දන්නේ නැහැ. නමුත් අප මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. මෙම වැඩසටහනට විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කළ ලක්ෂමන කිරිඇල්ල ඇමැතිවරයාට මම ස්තුතිවන්ත වනවා. ඒ වගේම වතුකරය නියෝජනය කරන දිගම්බරම් ඇමැතිවරයාටත්, අනෙක් මහජන නියෝජිතයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අප ලබාගත් නිදහස, එකමුතුව සහ සංවර්ධනය ආරක්ෂාකර ගනිමු යැයි මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:පසුගිය ජනාධිපතිවරණයට පෙර අප කන්ද උඩරට ද්‍රවිඩ නායකයන් මුණ ගැසුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සෑම වතුකම්කරු පවුලකටම පර්චස් 7 ක් දෙන බව අප පොරොන්දු වුණා.ජනපති මෙන්ම අගමැති එම කැබිනට් පත්‍රිකාවට සහයෝගය දුන්නා. ඒ කටයුත්ත පමා වුවත් දැන් නැවතත් එය පවත්වාගෙන තිබෙනවා. වතු කම්කරුවන්ගේ භූමියේ අයිතිය පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂ රජයයි.ඔබට අයිතියෙන් 99%ක් භුක්තියට ලැබෙනවා. වතු කම්කරුවන්ට හිරිහැරයක් නොවන ලෙස මේ ඉඩම් ලබාදෙන ලෙස නිලධාරීන්ට පවසනවා.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:2015 ජනාධිපතිවරණයේදී අගමැතිතුමාගෙන් පළමු ඉල්ලීම කළේ වතු ජනතාවට පර්චස් 7 බැගින් ලබාදෙන ලෙසයි. අද අගමැතිතුමා ඒ පොරොන්දු ඉටු කළා. අගමැති යමක් කිව්වොත් කරන කෙනෙක් බව වතු ජනතාව දන්නවා. වතුකරයේ ජනතාව හැමදාම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නේ ඒ නිසයි.සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:දෙමළ නායකයන් මෙන්ම ජනතාව සියලුම දෙනා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. සමහර පක්ෂවලට දෙමළ ජනතාව අවශ්‍ය වන්නේ ඡන්දය ගැනීමට පමණයි.එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තැබූ දෙමළ ජනතාවගේ ජීවිත නගා සිටුවීම අපේ අරමුණයි. 2020 වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී සියලුම ජනතාවට සමාන අයිතිය දීම අපේ අරමුණයි.ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා:අපට ඉඩම්, රැකියා ලැබෙනවා. මේ සියල්ල අලියා නිසයි. අලියා රැකගත්තොත් අපට හොඳින් ජීවත්විය හැකියි.ජාතික වතු කම්කරු සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වේලුකුමාර්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. රාජරත්නම් මහත්වරුද කතා කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, රෝහිණි කවිරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද සහභාගි වූහ.
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
0
(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් බිහිවනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව ද පැවැසීය.අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් කවුරුන් හෝ තවත් අයට හිරිහැර කරනවා නම් ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.රුපියල් ලක්ෂ 3062ක වියදමකින් නව ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිවිය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,“වන්නියේ ජනතාවට සේවය ලබාගැනීම සඳහා නවීන ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. ජනතාව එයින් ප්‍රයෝජන ලබාගත යුතුයි. වජිර අබේවර්ධන, රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරුන් මේ කාර්යාලය විවෘත කරන්නට එන්නැයි මට ආරාධනා කළා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා බොහෝසෙයින් වෙහෙසෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ කර්මාන්තකරණයට ලක්කිරීමට ඔහු උනන්දු වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් බදුර්දීන් මහතා හැමවිටම මගෙන් ඉල්ලීම් කරනවා.පාර්ලිමේන්තුවේදීත් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙහි දියුණුව ගැන මගෙන් නිතරම විමසීම් කරනවා. මන්නාරමේ තිබෙන ප්‍රශ්න ගැන කියනවා. මේ ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ වාර්තා ලැබුණු පසු පළාත් සභාවටත් සංවර්ධනය සඳහා වන වියදම් ලබාදෙන බවට මා ප්‍රකාශ කරනවා.යුද්ධයෙන් විනාශවූ මන්නාරම හා වන්නිය දියුණු කිරීමට පළාත් සභාව හා මහ ආණ්ඩුව එකට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. මේ සංචාරයේදී උතුරු මහ ඇමැතිතුමාත් මුණ ගැසෙනවා. මේ උත්සවය පවත්වන්නේ එක් අතකින් විශේෂ දිනයකයි. යුද්ධය පැවැති සමයේදී රණවිරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා.යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිවයුතුයි. ඔවුන් විදේශිකයන් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශ්වයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත්වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිඳියාව ඇතිකර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන් ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතුකරගත යුතුව තිබෙනවා.පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මානත්ය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලු දේ සාර්ථක වන්නේ සංහිඳියව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයන්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.සියලුදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලුම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමඟ කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදුකෙරෙන බවත් ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉතිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසදීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැතිවෙනවා ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලුදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා.ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්ෂ නායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂයේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමට අප සූදානම්.දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදී හොඳ ව්‍යාවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලුදෙනා බේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක් පුදකරනවා.”පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා.“මුණ්ඩිකුලම ප්‍රදේශයේ අක්කර සියයක් ජනතාව වෙනුවෙන් නිදහස් කොට තිබෙනවා. එය ජනතාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. රජය සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයකුගේ ඉඩම් ලබාගෙන තිබේ නම් ඒවා නිදහස් කිරීම අපේ අරමුණයි. ජී.එස්.පී ප්ලස් සහනය ලැබීමෙන් අපේ ජනතාවට විශාල සහනයක් ලැබූ බව කිවයුතුයි. තව ඉදිරියටත් මන්නාරමේ මෙන්ම උතුරේ ජනතාවට සංවර්ධනය සැලසීමට අප සූදානම්.”කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා,“ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසුව අපට යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. එමෙන්ම යහපාලන රජය යටතේ ජාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබී තිබෙනවා.වන්නි ප්‍රදේශයට අයත් ගම් දනව් විශාල වශයෙන් පීඩාවට පත්වුණා. ඔවුන්ගේ ජනජීවිතය ගොඩනැගීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවධානය යොමුවී තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියහොත් වන්නේ රට විනාශවීමයි. සියලුදෙනා එකතුවුවහොත් රටට සෞභාග්‍ය උදාකළ හැකියි.ජනාධිපතිවරණයේ ජයගැනීමට තිබියදීත් ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම අමතක කරන්නට බැහැ. ඔහු ඒ සටනට සැබෑ ජයග්‍රහණයක් ලබාදුන්නා.”පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති සෙල්වම් අඩෙකලනාදන් මහතා, “පසුගිය රජයට වඩා ජනතා සේවයක් අපට ලැබී තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්න, සිරකරුවන්ගේ හා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. එසේම ඉඩම් ප්‍රශ්න විසඳීමට රජය ඉදිරිපත්විය යුතුයි.මෙහි රජයේ සේවකයන් එහි නිලධාරීන් කිසිකෙනකුගේ බලපෑමට යටත් නොවී අවංකව සේවය කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැතිනම් තවත් සේවයක් කිරීමට හැකියාව ලැබේවි.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා,“නව දිසාපති කාර්යාලයක් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකරනවා. මිලියන 305 වියදමින් මෙය ඉදිකිරීම මන්නාරම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. අපි ජනතාව හමුවුණාම ජනතාව අපේ ප්‍රශ්න කියනවා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීම අපේ යුතුකමක්. නමුත් විසඳුම් ලබාදීමට අපහසු අවස්ථා ද තිබෙනවා.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,“මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට මූල්‍ය ආධාර ලබාදුන් අග්‍රාමාත්‍යවරයාට මාගේ ස්තූතිය පළකරනවා. අපේ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබුණත් ඒවා කතා කරන අවස්ථාවක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට අපට පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව ද ස්තූතිය පුදකරනවා.මන්නාරම බස් නැවතුම්පොළ හොඳින් ඉදිකරගතයුතුව තිබෙනවා. තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයේ බොහෝ මාර්ග අබලන් වී තිබෙන්නේ. ඒවා ඉදිකරන ලෙස ආධාර යොමුකරන ලෙස ද ඉල්ලා සිටිනවා.”මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය මහතා,“මේ ගොඩනැගිල්ල කෙටි කලකින් වැඩ නිමකළා. කිසිම බාධාවකින් තොරව මිලියන 305 මුදල් ප්‍රතිපාදන ලැබුණා. මේ තුළින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට හැකිවීම මාගේ හැඟීමයි.”මෙම උත්සවයට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද රාජ්‍ය නිලධාරීහු ද ඇතුඵ විශාල පිරිසක් සහභාගීවූහ.
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
0
(අංජුල මහික වීරරත්න අකුරැස්සේ සිට)එකට එක්වී, එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබඵල වත්මන් සාමාජය මේ වනවිට ඉතා හොඳින් අත්දකිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්ස හුලංදාවේදී පැවසීය. බිම් අඟලක් නැති ජනතාව වෙනුවෙන් ඉඩමක - නිවසක අයිතිය දීමට හැකියාව ලැබුණේ යහපාලන රජයේ සංහිදියා වැඩපිළිවෙළ නිසා යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අකුරැස්ස හුලංදාව වතුකරයේ ඉදි කෙරුණු හරිත රන් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.මහවැසි මැද විවෘත කිරීමේ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව නිවාසවලට ගොස් එහි ජනතාව ද හමුවිය.අනතුරුව පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.2015 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දෙවසර සමරන අවස්ථාවට පැමිණ සිටිනවා. අප ජාතික ආණ්ඩුව පිහිටුවූයේ සැප්තැම්බර් 4 වැනිදායි. ජාතික ආණ්ඩුව බිහිකළේ ලංකාවේ ප්‍රථම වතාවටයි.ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී යම් කාලයක් සඳහා ආණ්ඩු හැදීම ජාතික ආණ්ඩුවයි. එය ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුව අප එක්වී එක් වරක්වත් එකට වැඩ කළ යුතුයැයි තීරණය කළා. එහි ප්‍රතිඵල අද පෙනෙන්න තිබෙනවා. මේ නිවාස යෝජනා ක්‍රම එහි එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.වැවිලි සමාගම් යටතේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩම් දෙන බවට අප මැතිවරණයේදී ප්‍රකාශයට පත් කළා. ඒ අපේ පොරොන්දුවයි.වතුකරයේ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට තමන්ගේ නමට බිම් අඟලක් නැහැ. මුස්ලිම්, සිංහල ඇතැම් ජනතාවට නම් අල්ලපු ගමේ හෝ ඉඩම් තිබෙනවා. නමුත් ද්‍රවිඩ ජනතාව එක්කෙනෙකුටවත් ඉඩම් තිබුණේ නැහැ.ඔවුන් අපමණ සේවයක් කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය උපයා දෙනවා. නමුත් අවසානයේ ඔවුන් තමන්ගේ නමට බිම් අඟලක් නැති ජනතාවක් බවට පත්වී සිටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඉඩමක් - නිවෙසක් දිය යුතුයැයි මා තීරණය කළා.ඒ වැඩ කටයුත්ත මා බාරදුන්නේ දිගම්බරම් ඇමතිතුමාටයි. දැන් අප කඳුකරයේ මෙවැනි නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඉඩම් දීමේ කටයුතු අරඹා තිබෙනවා. කිසි දිනෙක ඉඩමක් නොතිබූ ජනතාවට අද පර්චස් 7 බැගින් ඉඩම් ලැබෙනවා.හිස් ඉඩමක් දී ඵලක් නැහැ. ඔවුන්ට නිවාස සෑදීමට දිගම්බරම් මහතාගේ අමාත්‍යාංශය බාරගත්තා. නුවරඑළිය - බදුල්ල ප්‍රදේශවලට මේ වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා මෙතෙක් කල් නිවෙසක් නොතිබූ අයට නිවාස ලැබෙනවා.දැන් ඔවුන්ට ඉදිරියට යාමට හැකියි. හැමදාම වතුකරයේ සිරවී ඉන්න අවශ්‍ය වන්නෙත් නැහැ. එමෙන්ම උඩරට දෙමළ පාසල් 25ක උසස් පෙළ විද්‍යාව ඉගෙන ගැනීමේ වැඩසටහනක් ද සකස් කර තිබෙනවා.ඔබට අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි මාර්ගය සකස් කර තිබෙනවා. ඒ වැඩසටහන දැන් පළමු වරට දකුණු පළාතට බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විසින් දී තිබෙනවා. එතුමගේ හරිත රන් ගම්මානය පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.වතුකරයේ ජනතාවට මායිම් වන්නේ අකුරැස්සටයි. නුවරඑළිය, මාතලේ ප්‍රදේශයෙන් පටන් ගත් පසුව රත්නපුර, බලංගොඩ ප්‍රදේශවලින් රක්වාන - හිනිදුම - දෙනියාය - අකුරැස්ස ප්‍රදේශවල ඔවුන් ඉන්නවා. එසේ නම් මේ මායිමටත් ඒ නිවාස ලැබෙනවා.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අකුරැස්ස දියුණු කරන්න විශේෂ උත්සාහයක් ගන්නවා.1997 වසරේදී දයානන්ද වික්‍රමසිංහ මහතා සමඟ මේ ප්‍රදේශයට මා පැමිණියා. ඒ එදා ලැබුණු මුදල් ප්‍රතිපාදනවලින් වැඩ කටයුතු කිරීමටයි. එවැනිම ශක්තියකින් බුද්ධික පතිරණ මහතා අද ප්‍රදේශයේ ව්‍යාපෘති ගණනාවක් අරඹා තිබෙනවා. එමෙන්ම අනාගත ව්‍යාපෘති සඳහාත් ආධාර උපකාර කරන බවට සඳහන් කළ යුතුයි.මේ වැඩසටහන ක්‍රියාත්මක කරන දිගම්බරම් ඇමැතිතුමාටත් ස්තූති කළ යුතුයි. 1993 වසරේ අගමැති ලෙස මේ වැඩසටහන මා ආරම්භ කළා. ඒ සංකල්පය මුලින්ම ඇති කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි.නමුත් ඒ වැඩසටහන ඉදිරියට ගෙනගියේ නැහැ. නිවාස ඉදිකර තිබුණේ ස්වල්පයක් පමණයි. දැන් අප නිවාස 15,000ක් ඉදි කළ යුතුයි. ආණ්ඩුවේ මුදල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් මුදල් භාවිතා කර නිවාස පළමු වටය යටතේ ඉදිකරනවා.ඊට පසුව දෙවැනි වටයේ නිවාස ඉදිකිරීම් කටයුතු අරඹන්නම්. මේ වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කරන බව ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. දැන් ඔබට නිවෙසක්, ඉඩම් ඔප්පුවක් තිබෙනවා. ඉඩම් ඔප්පු දීම ගැනත් ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රසංශා කළ යුතුයි.නිවාස ඉදිකිරීම් කටයුතු වතුකරයට සීමා වී නැහැ. ගංවතුර නිසා නිවාස ගණනාවක් නැති වුණා. කොටපොළදී මේ පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡා කළා. නිවාස ඉදිකිරීමේ කටයුතු දෙනියාය, අකුරැස්ස, හක්මන ප්‍රදේශවල ඇරඹිය යුතුයැයි එහිදී සාකච්ඡා කෙරුණා.මාතර දිස්ත්‍රික්කයේ තක්සේරු කටයුතු සියල්ල මේ වනවිට අවසන් කරලා දැනට මුදල් දෙනවා. ඒවා ගෙන වැඩකටයුතු කරන්න.ගංවතුර අවසන්වී පළමු මාස තුන ඉක්ම යාමට පෙර පළමු නිවාස යෝජනා ක්‍රමය ඇරැඹීමට හැකියාව ලැබුණා. මොරවක ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය ඇරඹීම සඳහා උපකාර කළ ඩයලොග් සමාගමටත් ස්තූතිවන්ත වෙනවා.නිවාස සෑදීම, නිවාස කටයුතු කිරීමට අමාත්‍යවරයකු පවා පත් කළා.තමන්ටම අයිති ඉඩමක් නිවෙසක් මේ ජනතාව වෙනුවෙන් ලැබී තිබෙනවා. එමෙන්ම නීත්‍යානුකූල ඉඩම් අයිතිය සහිත ඔප්පුව ද අප විසින් දීමට පියවර ගත්තා.වතු කම්කරුවගේ දරුවා ද වතු කම්කරුවකු විය යුතුය යන මතය මා නතර කළා. හැම කෙනෙකුටම තමන්ට ඉහළටම යා හැකි මට්ටමේ වරප්‍රසාදය දී තිබෙනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා,වතුකරයේ ජනතාවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුව අද ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා. වතුකරයේ ජනතාව ලැයින් කාමර ජීවිතයෙන් මුදා ගැනීමට අපට හැකිවුණා.අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ ජනතාවගේ දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විවිධ වැදගත් තීරණ ගෙන තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවට සුවිශේෂී සේවයක් කළ නායකයකු ලෙස හැඳින්විය හැකියි. ඒ නිසා එතුමාට අපේ ජනතාවගේ පූර්ණ සහයෝගය දෙනවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,යහපාලන රජයට වසර දෙකක් පිරෙන දා වතු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න ලැබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ලැයින් කාමර සංස්කෘතිය අවසන් කර තනි නිවසක අයිතිය ඔවුන්ට දීමට අපට හැකියාව ලැබුණා.අද වතුකරයේ ජනතාව භුක්ති විඳින බොහෝ වරප්‍රසාද අතීතයේදී ඔවුන්ට විඳින්න හැකියාව ලැබුණේ නැහැ. නිවාස ව්‍යාපෘතිය ගොඩ නැගීමෙන් අප රටට පණිවිඩයක් දුන්නා.නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නැයි මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදීය. එලෙස කළ ඉල්ලීමට ඇහුම්කන් දී එතුමා මෙහි පැමිණීම ගැන මා බොහෝ සතුටට පත් වෙනවා.” යයි බුද්ධික පතිරණ මහතා කීය.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.(ඡායාරූපය - ඉෂාන් සංජීව)
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා
0
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගයේ වගකීම භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) බීආර්සී පිටියේදී පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැුලියේදීය. 127 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එහි නායකයින් පෙරටුකරගත්  මැයි දින පෙළපාළිය පෙරේදා (01) දෙහිවල එස්. ද එස්. ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ කර හැව්ලොක්ටවුන්හි බී. ආර්.සී. පිටිය දක්වා ගමන් කළ අතර එහිදී රැලියක් පැවැත්වීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.අද අපි එකසිය විසිහත්වෙනි මැයි දිනය මේ පිටියේ සමරන අවස්ථාවේ තවත් රැලියක් තිබෙනවා බොරැල්ල කැම්බල් පිටියේ. මේ අයට අඩුම තරමින් කම්කරුවා ගැන කතා කරන්නවත් අයිතියක් තිබෙනවාද? රනිල් වික‍්‍රමසිංහ කියන්නේ රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කරපු නායකයා. ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදුකළ නායකයා. ඒ වගේම ඔහු මේ රටේ වටිනා සම්පත් විදේශීය සමාගම්වලට කොටස්කර අලෙවි කරන ආයතනයක නැත්නම් දේපළ වෙළඳාම් සමාගමක හිමිකරුවෙක් නැත්නම් බ්‍රෝකර්වරයෙක් වගෙයි. ඔහුට මොකක්ද තියෙන අයිතිය මැයි දිනය සමරන්න?තවත් කෙනෙක් මහා අභිමානවත් කතාත් කියමින් ගෝල්ෆේස්වල මැයි දිනය සමරනවා. අපි මහින්ද මහත්තයාට කියනවා මේක ඔබට අයිති කාර්යයක් නෙවෙයි. මොකද ඔබත් කළේ දැන් මේ ආණ්ඩුව කරන දේවලමයි. ඔබ එය වේදිකාවේ ඉන්න ගමන් වම්පැත්තට හැරිලා බලන්න, අක්කර හයසීයක් මූද ගොඩකරලා තමන්ගේ ව්‍යාපෘතියක් කරගන්න කියලා චීන සමාගමකට දුන්නේ කවුද? දකුණු පැත්තට හැරිලා බලන්න. යුද හමුදා රෝහලත්, හමුදා මූලස්ථානයත් තිබුණ අක්කර විස්සක් ෂැංගිලා හෝටලයට වික්කේ කවුද කියලා මතක් කරගන්න. ඊපීඑෆ් අරමුදල හොරාකන්න වැඩළවෙළක් හැදුව විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න පනත් ගෙනවා. මේවාට එරෙහිවුණ සටන් කළ තරුණයින් වෙඩි කියලා ඝාතනය කළා. බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු ජනතාවට හමුදාව, පොලිසිය ගෙන්වා වෙඩි කියලා මර්දනය කළා. එහෙම කරපු ඔයාට පුළුවන්ද මහින්ද මහත්තයෝ මැයි දිනයක් සමරන්න. තවත් මැයි දිනයක් තිබෙනවා ගැටඹේ. ඒක ගැට අඹයක් තරම්වත් කතා කරන්න වටින එකක් නෙවෙයි.සුද්දා මේ රට දාලා ගියපුදා සිට එක්සත් ජාතික පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වනවිට මේ පක්ෂ දෙකම එකතු වෙලාත් මේ රට අරන් ගිහින් තියෙන්නේ කොතැනටද? මේ රටේ අභිමානය, ප්‍රෞඪත්වය නැතිකරලා දුප්පත්, නිහීන, හිඟාකන රටක් බවට පත් කරලා. මෙතෙක් තිබුණේ පාලකයන් වෙනුවෙන් වූ පාලනයක්. අපේ ඡුන්දයෙන් බලයට පත්වන පාලකයින් අපි වෙනුවෙන් නෙවෙයි කටයුතු කළේ. ඔවුන් මේ රට පාලනය කරපුදා සිට කරපු දේවල්වල ප‍්‍රතිඵල අපි කියනකොට පිළිගන්න අකමැතිවුණ අය අද කෙඳිරි ගගා තමන්ගේ වාර්තාවලින් ඒ කතාවම පිළිගන්නවා.පහුගිය දවසක මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ වාර්තාවෙන් කියනවා මේ රට ක‍්‍රමයෙන් ලෝකයට ණය වුණේ කොහොමද කියලා. අපිව මහා ණය කන්දක හිර කරලා ගොඩඑන්න බැරි තත්ත්වයට පත්කරලා තියෙන්නේ කොහොමද කියලා. මාසයක් වැඩකරලා වැටුප ගන්නකොට ඒකෙනුත් බද්දක් ගන්න ජාතියේ විවිධාකාරයෙන් ජනතාවට වැට් ගහලා උපයාගන්න මුදල අද ණය පොලී වාරිකයක් ගෙවා ගන්නවත් බෑ කියලා ඒ වාර්තාවෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි දෙදාස්විස්ස වෙනකොට මේ රට මොනම ණයක්වත් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්විය හැකියි කියන අනතුර පෙන්වනවා. එහෙම තිබියදීත් මේ අය නැවත නැවතත් කරන්නේ මොකක්ද? ලෝකය පුරා ගිහින් රාජ්‍ය නායකයින් හමුවෙලා ණය ඉල්ලීමයි කරන්නේ. ජනාධිපති ජපන් ගිහින් රාජ්‍ය නායකයින් සමග කෑම කාලා උදම් ඇනුවා. ඒ කෑම කන ගමන් මොනවද කළේ? කීයක්වත් දෙන්න බැරිද කියලා හිඟපු එකයි කළේ. අලූත් අවුරුද්දේ ජනාධිපතිගේ සුබපැතුම් පණිවුඩය අස්සේ මොනවද කිව්වේ? වොෂිංටනයෙන් ලැබෙන ආරංචි සුබයි කිව්වා. මොනවද ආරංචි. කීයක් හරි දෙන්නම් කියලා කියන එකයි. අපේ රටේ හිඟන්නෝ වැරහැලි ඇඳගෙන කුණු පෙරාගෙන හිඟාකනකොට අපේ නායකයෝ ටයිකෝට් දාලා ඉංග‍්‍රීසියෙන් හිඟා කනවා. දෙකේ කිසිම වෙනසක් නැහැ.මේ පාලකයින් අපේ රටේ පරිසරයත් විනාශ කළා. අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවේ තැන්නේ. ඒ කඳුකරයේ වැව් හදන්න තාක්ෂණය ඔවුන්ට නැති නිසා නෙවෙයි. එයින් සිදුවිය හැකි පරිසර හානිය ඔවුන් දැන සිටි නිසා. ඒත් අපේ පාලකයින්ට ඒවා අදාළ නැහැ. ඒනිසා උමා ඔය වැනි ව්‍යාපෘති ගෙනත් මේ පරිසරය විනාශ කරලා රටේ ජනතාව එයින්ද පීඩාවට පත් කළා. හැම තැනම කසළ කඳු. ඒවා නාය ගිහිල්ලත් ජනතාව පීඩාවට පත්වෙනවා. අපේ ස්වාභාවික ඇළදොළ අද හිඳී ගිහින්. ඒ විතරක් නෙවෙයි අපිට ස්වභාවිකව උරුමවුණ සම්පත් හා අපේ පැරැන්නන් ඉතිරි කළ සම්පත් මේ පාලකයින් වරින් වර විකුණනවා. ත‍්‍රිකුණාමලය වරාය හා තෙල් ටැංකි ටික විකුණන්න හදනවා. මේක නවත්වන්න අපේ වෘත්තීය සමිති අරගල කළා. ඒක ජයගත්තා. නමුත් ධනපති පාලකයන් තමන්ගේ උත්සාහය එතනින් නවත්වන්නේ නැහැ. ඒ නිසා කම්කරු පංතියට තමන්ගේ සටන් නවත්වන්නත් බැහැ. වගකීම අවසන් කියලා අහක බලාගෙන ඉන්නත් බැහැ. තවදුරටත් මේ  පාලකයින්ට මේ විනාශය කරන්න ඉඩඇරලා ඉන්න අපිට බැහැ.ඒ සඳහා කම්කරු බලවේගය පෙළගැසිය යුතුයි. අපේ දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි. නමුත් අද අපේ රටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? මේ මුදල් අමාත්‍යාංශය නිකුත්කරපු වාර්තාවට අනුවම අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකයි දශම අටයි. ආසියාවේ රටවල් අතරින් අඩුවෙන්ම අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ අපි. අපි අද කප් ගහපු දේවලූත් තිබෙනවා. ඒ තමයි සියදිවි නසා ගන්නන්ගෙන් වැඩිම රට විදිහට. අපේ අධ්‍යාපනය අපිට හුරු කරලා නැහැ අභියෝගවලට මුහුන දෙන්න. ජයග‍්‍රහන ලබන්න විතරයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා විභාග ප‍්‍රතිඵල අඩුවුණත් සිය දිවි නසා ගන්නවා.ඒ වගේම තමයි සෞඛ්‍යයත්, ආසියාවේ අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වෙන් කරලා තියෙන්නේ අපි. ඒ නිසා ඩෙංගු හා විවිධ වෛරස් රෝගවලින් මේ දවස්වල ජනතාව විශාල පීඩාවකට පත්වෙලා. රෝහල් උණරෝගීන්ගෙන් උතුරනවා. නමුත් අපේ රටේ පාලකයින් අගමැතිගේ සිට මැතිඇමතිවරු වෙනුවෙන් මේ රටේ ජනතා මුදල් යොදවන ආකාරයේ නම් කිසිම අඩුවක් නැහැ. අගමැතිට ගන්න එක වාහනයකට ලක්ෂ තුන්දාස් පන්සීයයි. හෙළිකොප්ටරයක් ගන්නවා වගේයි. හැබැයි මේ අය කාර්වල යන්නේ නැහැ. වැඩිපුරම යන්නේ හෙළිකොප්ටර්වල. මොකට  මේ තරම් වියදම් කරලා වාහන ගන්නවාද අපි දන්නේ නැහැ. ඇමතිවරුත් එහෙමයි. සමහර ඇමතිවරුන්ගේ කාර්වලට ලක්ෂ දෙසීයයි.හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඇවිත් දින පනහෙන් හොරකම පටන්ගත්තා. මහබැංකු බැඳුම්කර වංචාව නිසා අද අපේ රටේ ජනතාවට අලූත්බරක් එකතුවෙලා. අනෙක් අයගේ වංචා ගැන කතා කරන මේ ආණ්ඩුවේ ඇතැමුන් මේ හොරකම් ගැන කෙඳිරිල්ලක්වත් නගන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ කොහොමද? පොල් ගාලා තෙල් හින්ඳාම අතුරු ඵලයක් හැටියට තෙල්කා ලැබෙනවා වගේ වැඩක් තමයි ඒකත්. එහෙම ඇවිල්ලාවත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණය තියන්නේ නැතිව කල්දානවා.අපිට වගකීමක් තිබෙනවා මේ රටේ අභිමානය නැවත ගොඩනගන්න. මේ රටේ ප්‍රෞඪත්වය නැවත ගොඩනගන්න. සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලයට එන්න බැහැ කියලා. නමුත් අපි දන්නවා දේශපාලනයේ වෙනස්කම් සිදුවන්නේ එක දෙක තුුන ආදී විදිහට අනුක‍්‍රමිකව නෙවෙයි. එහෙම වුණා නම් අද මෛතී‍්‍රපාල මහතා ජනාධිපති වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න වෙන්නෙත් නැහැ. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ පිමි වශයෙන්. ඒ පිමි ඇතිවනවිට ඊට මුහුණ දෙන්න අපි සූදානම්ද කියලා බල බලා ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි සූදානම් විය යුතුයි ඒ  ඕනම අවස්ථාවකට මුහුණ දීලා අපේ අතට ඒ කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ පීඩිත ජනතාවගේ පක්ෂය අතට බලය ලබාගන්න. දැන් මේ නිමාවෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයයි. මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගය උදාකර ගැනීමට ඒ සඳහා වන අරගලයට නායකත්වය දෙන්න පෙරට එන ලෙස අපි සියලූ කම්කරුවන්ගෙන් පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.වසර හැත්තෑවක් මේ රට ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක තනි තනිව හා එකට එක්ව පාලනය කරලා තමන්ගේ අසමත්කම පෙන්වලා අවසන්. ඔවුන් පෙන්වා දී තිබෙනවා තවදුරටත් මේ රට සංවර්ධනය කරන්න අඟලක්වත් ඉදිරියට ගෙනියන්න තමන්ට නොහැකි බව. මේ රටේ ජනතාව තුළ අලූත් දේශපාලනයක අවශ්‍යතාවයක් මතුවෙමින් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් සහිත ජනතාවක් තමයි අද මෙතනට එක්වී සිටින්නේ. ඒ ජනතාවට නායකත්වය දෙන්න අපි සූදානම්.අද වැඩකරන ජනතාවගේ, සැබෑ කම්කරුවාගේ මැයි දිනය අපි මෙතන මේ විදිහට සමරද්දී තවත් රැස්වීම් කීපයක් පෙළපාලි කීපයක් රටේ තැනින් තැන තිබෙනවා. ඒවායේ ඉන්නේ බීලා නටන පිරිසක් මිසක් කම්කරු දිනය සමරන්න ආ අය නෙවෙයි. සමහරු ඇවිත් තියෙන්නේ ටි‍්‍රප් යන්න. දළදාව වඳින්න, මල්වත්ත බලන්න වගේ දේවල්වලට. නමුත් මෙතන එවැනි අරමුණු සහිතව ආපු කිසිම කෙනෙක් නෑ. මේ සියලූ දෙනාගේ අවශ්‍යතාව කම්කරුවාගේ දිනය සැමරීමයි. කම්කරුවාගේ අයිතීන් දිනාගත හැකි සමාජයක් බිහිකරගැනීම සඳහා සටන් කිරීමයි.අද අපිට මේ ධනපති දේශපාලකයින්ගෙන් රට වගේම මැයි දිනයත් බේරගන්න සිදුවී තිබෙනවා. දැන් මේක කම්කරුවාගේ දිනය නෙවෙයි. එක එක පක්ෂවල තවත් රැුස්වීමක් බවට පත්වෙලා. මේ මැයි වේදිකාවල තියෙන්නේ කම්කරුවාගේ පාට හෝ ලකුණ නෙවෙයි. සමහරු අද මේ මැයි දිනයේ ලකුණ අත බවට පත් කරගෙන. තවත් අයගේ ලකුණ අලියා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂය දෙකට කඩාගෙන සමගි මැයි රැලියක් කරනවා. අපුරු සමගියක්. ජාති ආගම් භේදවලින් තොරව සියලූ ජනතාව ඒකරාශි කරගත් කම්කරු පංතිය එක මිටකට ඒකරාශි කරගැනීමට හැකියාව ඇති එකම කම්කරු දිනය නිවැරදිව සමරන එකම බලවේගය එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. අපි තනිවම නෙවෙයි මේ මැයි දිනය සමරන්නේ ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල සහයෝගයත් අද මේ වේදිකාවේ නියෝජනය වෙනවා.ධනපති ක‍්‍රමය අද වනවිට කොයි තරම් දුරට කඩාවැටිලාද කියනවා නම් ධනපති ලෝකයේ ලොක්කා වන ඇමරිකාවත් විශාල ආර්ථික අර්බුදයක ගිලිලයි ඉන්නේ. ඔවුන්  ඕක සමනය කර ගන්න හදන්නේ වෙනත් රටවලට බලපෑම් කරලයි. උතුරු කොරියාවට, කියුබාවට බලපෑම් කරන්නේ මේ නිසයි. ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබියදී අපේ ධනපති රටවල් කඩාවැටීම ගැන අහන්නත් දෙයක්ද? ඒ නිසා දැන් කම්කරු ව්‍යාපාරයට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ ක‍්‍රමය පෙරළා දමන්න. ඒ සඳහා ලෝක කම්කරු ව්‍යාපාරය සංවිධානය කළ යුතුව තිබෙනවා. අපි මේ උත්සාහ කරන්නේ එහි අපේ කොටස ඉටු කරන්නයි.මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණ වෙලාවේ දැනුනේ ඒ කුණුගොඬේ ගඳ නෙවෙයි, මේ ධනපති පාලනය කුණුවී හමන ගඳ. කසළ ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න හැකි වුණත් මේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න බැහැ. දැන් අපිට තිබෙන්නේ මේ ධනපති කසළ කන්ද වළදමා ඒ මත සමාජවාදය රෝපණය කිරීමයි. ධනපති පාලකයන් දුර්වල වෙන්න වෙන්න ඔවුන් තමන්ට එරෙහි සියලූ බලවේග වෙත මර්දනය කැඳවනවා. ඒ නිසා මර්දනය ගෙන එන ආණ්ඩුවකින් පෙන්වන්නේ ඔවුන්ගේ ශක්තිය නෙවෙයි, දුර්වල කමයි.මේ ආණ්ඩුවත් ඒ වගේ දුර්වලයි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩුවක් හදලා කිව්වා මේක තමයි ශක්තිමත්ම ආණ්ඩුව කියලා. දැන් මොකදවෙලා තියෙන්නේ? ආණ්ඩුව පැරලයිස් වෙලා. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. අත්දෙකම කරන දේ මොළය දන්නේ නැහැ. මොළයට  ඕන දේ අත පය කරන්නේ නැහැ. හරියට අගමැති කරන දේ ජනාධිපති දන්නේ නෑ. ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, මේ දෙන්නාම කරන දේ කැබිනට්ටුව දන්නේ නෑ වගේ තමයි.ඛලන් හිටපු කට්ටියත් එහෙම තමයි. තව අවුරුදු දෙකක් තියෙද්දී අපි එපා කියද්දී වසර දෙකකට පෙර මැතිවරණය තිබ්බා. අපි කිව්වා මේක කරන්න එපා, කළොත් අපි ඔබ ගෙදර යවනවා කියලා. ඒ වගේම එයා ගෙදර ගියා. දැන් ආයෙම ඇවිත් අද හෙට ආණ්ඩු පෙරළනවා කියලා කියනවා. මේ අයට තමන්ගේ පාක්ෂිකයන් තියාගන්න පුළුවන් වෙන්නේ බලය අද හෙටම ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරයි. ඒ නිසා හෙට ආණ්ඩුව පෙරළනවා. අනිද්දා පෙරළනවා. තව මාස දෙකකින් පෙරළනවා වගේ කතා කිව්වා. තවම ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෝරක හතක යන්න ලෑස්තියි කියපු උපවාස වංශ මාස තුනක් රිමාන්ඞ් කළාම අඬන්න ගත්තා. වාහන අවභාවිතා කර මේ විදිහට අත්අඩංගුවට පත් වූ මේ අය එළියට එන්න තමන්ගේ දුවවත් අවභාවිතා කළා.අපිට අහිමිවන්න කිසිවක් නෑ. ධනපති පංතිය අපිට කිසිවක් ඉතිරි කරලා නැහැ. ඒත් අපිට දිනාගන්න ලෝකයක් තිබෙනවා. අපි සටන් කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් පෙරට එන්න. සටන් කරන්න. අපි සූදානම් ඒ සටන්වලට නායකත්වය දීලා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම යුතුකම ඉටුකරන්න.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාඅපි මේ සමරන්නේ එකසිය විසිහත්වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි. අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙතන මැයි දින රැලිය පවත්වද්දී කැම්බල් පිටියේ කොළපාට රැස්වීමක් පැවැත්වෙනවා. ඒක මැයි රැලියක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් විතරයි. වැඩකරන ජනතාවගේ පාට රතු පාට. කම්කරු දිනය සමරන පාට රතු පාට. වැඩකරන ජනතාවගේ ලකුණ දැකැත්තයි මිටියයි. ඒ නිසා ඒ පාට හා ලකුණු හැර වෙනත් විවිධ ලකුණුවලින් විවිධ පාටවලින් අද දවසේ පැවැත්වෙන රැස්වීම් කිසිවක් මැයි දින රැලි නෙවෙයි. පක්ෂ රැස්වීම් විතරයි. අපි මෙතන අපේ පක්ෂයේ ලකුණ ප‍්‍රදර්ශනය කර නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව නියෝජනය කරන සැබෑ මැයි රැලිය අද පැවැත්වෙන්නේ මේ බී. ආර්. සී. පිටියේයි.අද අපේ වෘත්තීය සමිති මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාවලට එරෙහිව සටනට බැහැලා තිබෙනවා. පහුගිය දවසක තෙල් සංස්ථාවේ සේවකයින් සාර්ථක වැඩවර්ජනයක් දියත් කළා. එක තෙල් බිංදුවක් තෙල් සංස්ථාවෙන් පිටට ගියේ නැහැ. ඔවුන් අරගල කළේ තමන්ගේ වෘත්තීය අයිතියක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සම්පතක් වූ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි රැුකගන්නයි. ආණ්ඩුව මේසටන හමුවේ දණගැහුවා. සටන ජයගත්තා. දැන් ආණ්ඩුවේ ලොක්කෝ වෙව්ලලා ඉන්නේ. ඒ නිසා සටන් මර්දනය කරන්න ක‍්‍රම හොයනවා. සරත් ෆොන්සේකාට ති‍්‍රවිධ හමුදාවේ වගකීම ගන්න කියලා කිව්වේ නිකම් නෙවෙයි. ඒක විහිලූවක් කියලා සමහර ඇමැතිවරු කිව්වා. ඒත් මේක විහිලූවක් නෙවෙයි, මුට්ටිය දාලා බැලීමක්. සමාජ කථිකාවක් විරෝධයක් ඇති නොවුණා නම් හිමීට මේ වඬේ කරනවා. දැන් ආණ්ඩුවට මේ තියන මර්දන නීති, අණපතත් මදිවෙලා.අපි ආණ්ඩුවට එක දෙයක් මතක් කළ යුතුයි. ලෝක ඉතිහාසයේ කොතැනකදීවත් අපිට සමාජ අරගල මර්දනය කරලා ජයගත් රාජ්‍යයන් හමුවන්නේ නැහැ. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩිතිබ්බා. ඊපීඑෆ් අරමුදල රැකගන්න සටන් කරපු කම්කරුවන්ට වෙඩි තියලා රොෂේන් චානක ඝාතනය කළා. හලාවත ධීවර සටන්වලට වෙඩිතියලා ධීවරයෙක් ඝාතනය කළා. එහෙම කරලා මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා දිනුවද? නෑ. ඒගොල්ලෝ පරාදයි. සටන් මර්දනය කරලා වීරයින් වෙන්න කාටවත් බැහැ. ඒ නිසා අපි සරත් ෆොන්සේකාට කියනවා මහත්තයෝ පුළුවන් නම් ඔයාගේ වගකීම් භාර අරන් එන්න සටන් මර්දනය කරන්න. එහෙම ආවොත් ඔයාට වෙනදේ ඔයාවත් දන්නේ නැතිවෙයි. ලෝකයේ තිබෙන විශාලතම හමුදාව තමයි කම්කරු හමුදාව. ඒකට නායකත්වය දෙන්නේ අපි. පුළුවන්නම් මේ හමුදාව පරාජය කරලා බලන්න.ඉදිරියේදී තවත් සටන් කීපයක් සූදානමින් තිබෙනවා. සයිටම්වලට එරෙහි සටන තවමත් අවසන් නැහැ. ඒ වගේම මේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමට එරෙහි සටන් තව ඉදිරියට එන්න තිබෙනවා. සයිටම් ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව අවංක උත්සාහයක් ගන්නා බවක් පේන්නේ නැහැ. ඒ නිසා මැයි 3-0-5 කාලය අතරතුර දැවැන්ත වැඩවර්ජනයක් කැඳවන්න සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාවට ජයග‍්‍රහණය හිමිකරදෙන සමාජයක් ගොඩනැගීමෙන් මෙහා මේ සටන් අවසන් වන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දෙමළ භාෂාවෙන් රැුලිය අමතනු ලැබිණ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික අබේලාර්ඩෝ රපායල්, ගී‍්‍රසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කොන්ස්තන්තිනෝ පපාදකිස්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් පක්ෂයේ මධ්‍යම කාරක සභික වී. රාම් මොහාන්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් බ්ලොක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ජී. දේවරාජන්, මහා බි‍්‍රතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සාම්මි ඊබ‍්‍රහිම් ඇතුළු ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල නියෝජිතයන් හත් දෙනෙක් මෙහිදී මැයි දින සුබපැතුම් එක් කළහ.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායක නායිකාවන් රැසක් මෙම රැලියේ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර පක්ෂ සාමාජිකයන්ගෙන් බීආර්සී සිටිය අතුරු සිදුරු නැතිව වැසීගොස් තිබිණ. එසේම එම පිටිය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේද විශාල පිරිසක් රැඳී සිටියහ.
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
1
(නිමල කොඩිතුවක්කු)වත්මන් ජාතික ආණ්ඩුව පළවා හැරීම සඳහා වාමාංශික ප්‍රගතිශීලී  දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ව්‍යාපාර සහ මිත්‍ර බලවේගයන් එකතු කර ගෙන ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුමට පෙරේදා (01) එක්වෙමින් පැවසීය.එම අභියෝගය ජයගැනීම සඳහා  සතුරාගේ කඳවුරේ පාවිච්චි කරන සෑම උපක්‍රමයකටම මුහුණ දෙන  ශක්තිමත් බලවේගයක් නිර්මාණය කර ගත යුතු බවත් ඔහු කියා සිටියේය.සමාජවාදී ජනතා පෙරමුණේ මූලිකත්වයෙන් නාරාහේන්පිට ශාලිකා උත්සව ශාලාවේ පැවති මෙම මැයි දින සැමරුම ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය ආදී දේශපාලන පක්ෂ නියෝජනය කළේය.එහිදී කරුණු 08 කින් සමන්විත මැයි දින යෝජනාවලියක්ද එම නියෝජිතයෝ සම්මත කර ගත්හ.එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.     “වැඩකරන ජනතාවගේ ජයග්‍රාහී දිනය විදියට ශත වර්ෂයකට අධික කාලයක් මැයි දිනය ඉදිරියට ගෙන ගියා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්, දිනාගත් අයිතිවාසිකම්  අවලංගු කරමින් ඒවා ආපසු ඇද ගනිමින් ඉදිරියට ගමන් කරන  ධනේෂ්වර කෲර දක්ෂිණ පාලකයන් අපි දැකලා තියෙනවා. අහලා තියෙනවා. ලෝකයේ සාධාරණව ජීවත් වෙන මිනිස්සුන්ට  එරෙහිව කෲර දක්ෂිණාංශය තවමත් දැවැන්ත අරගලයක නිරත වෙලා සිටිනවා.අපි  අරගලයන් රාශියක් සිදුකළද තවමත් ඔවුන් තමන්ගේ උත්සාහයේ යෙදී සිටිනවා.  ඒ නිසා මැයි දිනය වැනි ශ්‍රේෂ්ඨ දිනයකදී වැඩකරන ජනතාව තමන් දිනූ අයිතිවාසිකම්  ආරක්ෂා කරගැනීමට සහ  වැඩි දියුණු කර ගැනීමට කැපවෙන බලාපොරොත්තුව සඳහා මේ මැයි දිනය සුවිශේෂි වනවා.මැයි දිනයදා අපේ රැලිවලට වෙඩි තිබ්බා. මරා  දැම්මා. නමුත් වැඩ කරන ජනතාව නැවතුණේ නැහැ. ඔවුන්ගේ මෘග දක්ෂිණාංශික  මර්දනය  ඉදිරියේදී අපිට ඉගෙන ගන්න තියෙන පාඩම එයයි.අද අපි මුහුණදෙන  අර්බුදයේ උත්සාහය හමුවේ මේ මැයි රැලිය බලාපොරොත්තු, විශ්වාසය සහ කැපවීම  අත්‍යවශ්‍ය කාර්යභාරයක් විදියට අද අපි සලකනවා.මේ රටේ  වාමාංශික දේශපාලන පක්ෂ, මේ රටේ ප්‍රගතිශීලී  දේශපාලන පක්ෂ ඒ වගේම  මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර අපිත්  එක්ක ඉන්න  මිත්‍ර බලවේගයන්  එකතු කරගෙන මේ   දක්ෂිණාංශික ආණ්ඩුව ගෙදර යැවීමේ කාර්යයට අපි අත ගැසිය යුතුයි.මේ සඳහා අලුත් වැඩ පිළිවෙළක් රටට අවශ්‍යයි. පරණ වැඩපිළිවෙළවලින් රටක සමාජය ඉස්සරහට ගෙනියන්න බැහැ.  මේ රටේ වැඩකරන  ජනතාව දිනපු ජයග්‍රහණය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කරගෙන සමාජ සාධාරණත්වයකට  පත්කළ හැකි අලුත් ඵලදායී ආර්ථිකයක් බවට මේ රට පරිවර්තනය කිරීමේ අභියෝගය අප හමුවේ තියෙනවා. ඒ  අභියෝගය අපි ජයගත යුතුමයි.ඒ අභියෝගය ජයගැනීම සඳහා  සතුරාගේ කඳවුරේ පාවිච්චි කරන සෑම ක්‍රියාවලියක් සහ උපක්‍රමයකට මුහුණ දෙන  ශක්තිමත් බලවේගයක් අපි  නිර්මාණය කර ගත යුතුයි.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා එහිදී මෙසේ පැවසීය.“අද අපේ රට තීරණාත්මක මොහොතකට පැමිණ තිබෙනවා. ඇමරිකාව වැනි අධිරාජ්‍යවාදී පාලකයන් අප වගේ රටවල සිය අණසක පතුරවමින් යනවා. ඒ සඳහා ඔවුන් එම රටවල රූකඩ පාලන ක්‍රමයක් ඇතිකරගෙන යනවා.අද මේ අධිරාජ්‍යවාදීන් අපේ රටේ නිදහස, ස්වෛරී භාවය නැතිකරගෙන යනවා. ගිවිසුම් මගින් අපේ රටේ සම්පත්වල අයිතිය වෙනත් රටවලට පාවා දෙමින් සිටිනවා.මේ ආණ්ඩුවට විරුද්ධව පෙබරවාරි 10 වැනිදා ජනතාව පැහැදිලි තීන්දුවක් දුන්නා. අපි මේ ආණ්ඩුවට එරෙහි සටන ඉදිරියට ගෙන යා යුතුයි. එහිදී එන්.ජී.ඕ ඇතුළු විවිධ බලපෑම් එල්ල වෙනවා. මේවත් පරාජය කරමින් අපි මෙම ගමන යා යුතුයි.” සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ රාජා කොල්ලුරේ මහතා එහිදී මෙසේ පැවසීය.“වැඩකරන ජනතාව අභිමුඛව අද ප්‍රශ්න ගණනාවක් තියෙනවා. වැඩකරන ජනතාවගේ ඉල්ලීම් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක අද ආණ්ඩුව නිරත වනවා. සිය ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන කම්කරුවන්ට එරෙහිව අද දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙනවා.මේ ආණ්ඩුව දිගින් දිගටම කම්කරුවන්ගේ ගොවියන්ගේ සහන කප්පාදු කරමින් යනවා.  බදු පනත් මගින් ජනතාව ගෙවන බදු මුදල් ඉහළ දමා තිබෙනවා. ජනතාව බලා ගෙන ඉන්නේ මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නයි.”රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස මහතා එහිදී මෙසේ පැවසීය.“අද මුළු ලෝකයේම ජනතාව මැයි දිනය සමරනවා. වෙනසක් කරන්න ගිය ජාතික රජය මැයි දින සැමරුම කල් දාලා තියෙනවා. කවුරු කොයි විදියට මේවා කල් දැම්මත් වෘත්තීය සමිති, වමේ පක්ෂවලට මැයි දිනය කල් දාන්න හැකියාවක් නැහැ.අද කම්කරුවන්, ගොවියන් ඉතා නින්දිත ජීවිතයක් ගත කරනවා. මේ අවුරුදු 03ක කාලය තුළ අපිට වෙච්ච සෙතක් නැහැ. ජාතික රජයේ කටයුතුවලට එරෙහි වන්න මේ මැයි දිනයේදී අපි අදිටන් කර ගත යුතුයි.”පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා එහිදී මෙසේ පැවසීය.“122 වන කම්කරු දිනය සමරනකොට මේ ආණ්ඩුව ආයෙමත් ඇමැති කූට්ටම ඇනුවා. මේ පාර විද්‍යාත්මක පදනමකින්ලු කරලා තියෙන්නේ. විද්‍යාත්මක පදනමකින් කරලා හරි ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. අද රටේ ආර්ථිකය පසු බැහැලා, රුපියල බාල්දු වෙලා රට ඇතුළේ ඇති නැති පරතරය වර්ධනය වෙලා. අද මන්දපෝෂණය අතින් අපි ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්වෙලා තියෙනවා.මේ රට ගොඩනැගීම සඳහා විකල්ප ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ කම්කරු බලවේග එක තැනක ඉඳන් කටයුතු කළ යුතුයි.”ලංකා කම්කරු සමිති මධ්‍යම මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා එහිදී මෙසේ පැවසීය.“මේ රජය මැයි 01 දාට තිබුණු කම්කරු දිනය 07දාට යොදලා. එයට අදාළ ගැසට් එකවත් මේ ආණ්ඩුව දාල නැහැ.  එදින ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ රාජ්‍ය සහ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණයි. මේ ඉතිහාසයේ බිහිවෙච්ච දුර්වලම ආණ්ඩුව මේක බව එයිනුත් පෙන්නුම් කළා.අපි අද ඉන්නේ රටේ ආර්ථිකය, සංවර්ධනය කඩා වැටුණු දුර්වලම යුගයකයි. මේ තරම් කම්කරුවන්ට පීඩා දුන් රජයක් තවත් නැහැ. අවාසනාවකට අපේ රටේ කම්කරු පන්තිය අද නිහඬව සිටිනවා.අද මේ රටේ ජනතාවට, වෘත්තීය සමිතිවලට විශ්වාසවන්ත නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. ජනතාවට කම්කරුවන්ට ජීවත් විය හැකි රටක් බිහි කිරීමට අපි එකමුතු වෙමු” යැයි ද කීය.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් එක්වූහ. 
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
0
(යොහාන් භාසුර)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු තැනත් හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.‘කොවිඩ් සමඟ වැටුණු ආර්ථිකයක් සමඟ පාලන ආරම්භ කිරීමට සිදුවූ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට රටේ පාලන භාරගත්තේ අමාරු අවස්ථාවලදී බව ද සඳහන් කළේය.එක අවස්ථාවක යුද්ධයක්, අනෙක් අවස්ථාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණ ද පස්සට නොයා පුළුවන් සාධාරණය රට වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් වූ බව කී හිටපු ජනාධිපවරයා පැවසුවේ එවැනි තීන්දු ගැනීමට සිය පක්‍ෂයට ශක්තිය ඇති බවත්ය.බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවත් ඒ අයට තම දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට අවශ්‍ය වූ බවත් රාජපක්‍ෂ මහතා කීය.ජනතාව වෙනුවෙන් බලයට පත්වන්නා සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමට හැකි දේශපාලන අත්දැකීම් පොදුජන පෙරමුණට ඇති බවත් එසේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටීමටත් එම පක්‍ෂයට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (1) පැවැති මැයි රැළියේදී එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා.ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතකදී පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ‘ශ්‍රම වාසනා’ අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ සිට මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරන කර කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රමුඛ තැනක් දියයුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරනවා. එය තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න විට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා.මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කළ යුතුයි. නමුත් අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල්වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිළියි. දැන් බලන්න ගෝල්ෆෙස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියලා. රට භාර ගන්න ආරාධනා කළාම පස්ස ගහලා, ඊට පසුව භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ.එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්‍ෂයට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තිබිය යුතුයි.උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගය ලියපු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ප්‍රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල්ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩක් නැහැ. අපි වෘත්තීය සටනක් කර මේ දේවලුත් හිතන්න ඕන. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද?බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකක්ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණ නිසයි රට ලේ විලක් නොවී බේරුණේ.පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී වීරසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රැළිය ඇමතූහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් රැළියට එක්ව සිටියහ. 
වැඩ කරන ජනතාවගේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම්
0
(දෙනියාය විශේෂ - එස්.ඩී. කොඩිකාර)අපි ඇවිත් අවුරුදු තුනකින් තිස් අවුරුදු යුද්ධය නිමා කළා. මේ රටේ ජනතාවට නිදහස ලබා දුන්නා. නිදහස ලබා දී රටේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාවට යන්න එන්න පුළුවන් තත්ත්වයක් රට තුළ ඇති කළා යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ඒ මහතා එසේ පැවැසුවේ ඉකුත් 3 වැනිදා පැවැති ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි. මෙය වරල්ල ඉලූක්කැටිය ප‍්‍රදේශයේ දී පැවැත්විණි.එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.අද අපේ සම්මේලනය තියෙනවා. නමුත් අද අපි ඒකට නැහැ. අපිට මට ආරාධනාව ලැබුණේ තිස් එක් වැනිදා රාත‍්‍රියේයි. ඒක මගේ අතට ලැබුණේ පළවෙනිදා. සමහරුන්ට පළවෙනිදා සමහරුන්ට තාම නැහැ. ඉතිං අපි කොහොමද යන්නේ. අපිට එන්න එපා කියන්නේ වැලමිටෙන් අල්ලල  ලිස්සලා යන්න. එහෙම කට්ටිය නෙවෙයි අපි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය අපේ යුගයයි 2005 -2015කාලයයි.අපි හැම ගමකටම එක ගමකට එක වැඩක් කියන මාතෘකාව යටතේ වැඩ කළා. හැම ආයතනයකටම අපි සල්ලි දුන්නා. වීරසුමන ඇමතිතුමා කිව්වා මේ ආසනයටත් රුපියල් ලක්ෂ 7000ක් දුන්න කියල. ගමේ පාරවල් අඩුපාඩු බලලා තාර දමල රටේ හැම තැනම පාරවල් හැදුවා. පාලම් දාහක් ගෙනාවා අවශ්‍ය පාලම් දාන්න. අපි පාසල් ටික හැදුවා. විද්‍යාගාර ගෙන ආවා. තාක්ෂණ විද්‍යාගාර ගෙන ආවා. ළමයින්ට ජපන් ප‍්‍රංශ භාෂා ඉගෙන ගන්න  ඕන හින්දා කම්පියුටර් ලබා දුන්නා. රටට කොම්පියුටර් තාක්ෂණය හඳුන්වා දුන්නා. ණැනසල ආරම්භ කළා. හාමුදුරුවන්ට පිරිවෙන් ගොඩ නඟලා දුන්නා. ලැබිච්ච ආධාර මුදල වැඩි කළා. පිරිවෙන්වලට ආධාර ලබා දුන්නා. ඒ අය රජයේ ගුරුවරු බවට පත් කළා. ඒ අයිතිවාසිකම් දුන්නා.ඒ විතරක් නොවෙයි. වරායක් හැදුවා. එයාලා අපහාස කළා පිහිණුම් තටාකයක් කියලා. මහින්දට නාන්න පුළුවන් කියලා. අපිට මූදෙ නාන්න  ඕන වුණාම එතනට යන්නලූ. එහෙම කියන එක තමයි දැන් විකුණන්නේ. එහෙම කියපු පිහිණුම් තටාකය වතුර ජලාශය දැන් චීනයට විකුණනවා. චීනය පැනලා ඇවිත් ගන්නවා. ඇමරිකාව පැනලා ඇවිත් ගන්න කෑ ගහනවා. ඉන්දියාව කෑගහනවා මේක දුන්නේ මොකද කියලා.ගුවන් තොටුපළ වී ගබඩාවක් කළා. අපහාස කළා. වී ගබඩාවක් කරනවා කිව්වට මම හිතුව විහිළුවට වෙන්න ඇති කියලා. බලනකොට ඇත්ත. ජනපති ශ‍්‍රී ලංකා අගමැති යූ.එන්.පී. වෙන්න පුළුවන්. කෘෂිකර්ම ඇමති ශ‍්‍රී ලංකා. දැන් අර වී ගබඩාව කරපු ගුවන් තොටුපොළ ඉන්දියාව ඇවිල්ල පැනලා ගන්න හදනවා. ඒක විකුණන්නෙ බර ගානකට. සින්නක්කර ගත්තත් එකයි. අනූනව බද්දට ගත්තත් එකයි. අනූනව අවුරුදු එකක් නෙවෙයි දෙකක්. අවුරුදු දෙසීයක් ජීවත් වෙන්න බලාගෙන ඉන්නේ. අපි ඔක්කොම ඉන්නෙ දේශීය වෙනකන්. මේක නැවත අපේ දරුවන්ට ලැබෙනකන්. මේ අපහාස කරන්න කියන බොරු කතා.අපි මහ නගරයක් හැදුව මුහුද මැද පෝට්සිටි කියලා. මුහුද ගොඩකරන්න හැදුවෙ. ඊට පස්සේ සිතියම වෙනස් වෙලා. ඒක වෙනම දුපතක්. හම්බන්තොට හැදුව අක්කර එකසිය ගණනක එකක්. මේක අක්කර හාරසිය පනහයි. දැන් මේක ගැන කියන්නේ උඩින් හෙලිකොප්ටරයක්වත් ප්ලේන් එකක්වත් යන්න බෑ කියලා.දැන් පොලීසි කොහොමද? දෙනියාය පොලිසිය, උසාවිය අපි ස්ථාපිත කළා. හමුදාවට බැරක්ක හදල දුන්නා. ඒවා නිකං කළේ නෑ. රටක් සංවර්ධනය කරන්න සල්ලි නැත්නම් ණය ගන්න  ඕන. අපි ණයට සල්ලි ගත්තා. හැබැයි අපි ගත්තේ අඩු පොලියට. අපිට ගෙවන්න පුළුවන් ප‍්‍රමාණයට. අපිට ණය ගෙවන්න ශක්තිය තිබුණා. දේශීය ආදායම් තිබුණා. ඒක පුද්ගල ආදායම ජනතාවගේ වැඩි කළා.එදා තේ දල්ලට නියම මිලක් ලැබුණා. රබර් ටිකට නියම මිලක් ලැබුණා. මැණික් ගම්මිරිස්වලට මිලක් තිබුණා. මම ඒවා විතරක් නෙවෙයි සමෘද්ධිය වැඩි කළා. දැන් ඒකත් කපනවා. පින් පඩියත් කපනවා.මේගොල්ලෝ ආව ගමන් කෙටි කාලීන ණය ගත්තා සියයට 6-7 පොලියට අවුරුද්දකින් ගෙවන්න. අපි සියයට 2.5ක් පොලියට ගන්නකොටත් කෑගැසුවා බරයි බරයි කියලා. අපේ පොඩි අය උදේට කියන්නේ ඒ වගේ තමයි මේ අයත්. මේ අය ගත්ත ණය ප‍්‍රමාණයට මොනවද කළේ? බෝක්කුවක් හැදුවද? එහෙම නම් මේ රටේ ණය අරගෙන කන්නද? මේ අය කළමනාකරණය දන්නේ නැහැ. දැන් ඒ හින්දා අලූත් බදු අය කරන්න හදනව. අලූත් බදු පනතට හැමෝම අහුවෙනවා. අහු වෙන්නේ නැති කෙනෙක් නැහැ. සමෘද්ධියෙනුත් බදු අය කරනවා. පන්සලූත් අහුවෙනවා. ඒ හැම හැම දේකින්ම මේ අය බදු අය කරන්න පටන් අරන් තියෙනවා. අපි මේ දුන්නු සහනවලින් බදු අයකරනවා. සහන කප්පාදුව ක‍්‍රමානුකූලව සිදු වෙනවා. අපි ඉල්ලීම් කරනවා මෙය වෙනස් කරන්න කියලා. මේ පනත මහා භයානක තත්ත්වයක්. හැම පුරවැසියෙක්ම අදායම් බද්දට අහුවෙනවා.මේ අය ආපුගමන් බලහත්කාරයෙන් හෙක්ටයාර් ලක්ෂ දෙකක්  කුඹුරු නැවැත්තුවා. එදා අපි දුන්නු ආධාර හින්ද තමයි වී නිෂ්පාදනය වැඩි වුණේ. ඒ හින්ද පිටරටින් හාල් ගේන්න සිද්ධ වුණා. වී ගොවිතැන අපේ සංස්කෘතියයි. ඒකට ගැහුවා. ඒකට දෙවියන් කෝප වුණා. ඒක තමයි මේ අද වෙලා තියෙන්නේ.ලංකාවේ ලොකුම කුඩු ප‍්‍රමාණය සතොසෙන් අහුවුණා. ඒක අහම්බෙන් අහු වුණේ. කුඩු ටිකට මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නැහැ. අන්තිමට ආවා කොකේන්. කම්කරුවො ටිකක් අල්ලගෙන ගියා. දැන් මුන් තමයි කොකේන් ගෙනල්ලා තියෙන්නේ. මේවා තමයි විහිලූ.රටේ හැම හැම තැනම ලාභ වෙච්ච එකම භාණ්ඩය තමයි කුඩු මත් පෙති, මෙයාලා වැඩ නොකර ඒවා වහගන්න අපට ඇඟිල්ල දික් කරනවා. අපේ පවුලට ඇඟිල්ල දික් කරනවා. මුන් ඔක්කොම හිරේ දානවාලූ. අපේ ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන මන්ත‍්‍රීවරුන්ට නඩු දානවා. අපේ පැත්තේ ඉන්නේ ඔක්කොම හොරුලූ. ඉතින් බලනකොට එහෙම කියන්නේ මේ පැත්තෙ ඉඳල ඒ පැත්තට ගිය අයයි. එහෙනම් මේ හොරු ටික ඒ පැත්තේ. අපි ගාව හිටපු හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ හින්ද අපි දැන් පිරිසුදු වෙලා රටේ ජනතාව වෙනුවෙන් අපි සටන් කරනවා.අපිට මඩ ගහලා හදන්නේ අපි දේශපාලනයෙන් ජනතාවගෙන් ඈත් කරන්න. නමුත් අපි කියනවා මුළු පවුලම හිරගෙවල් ඇතුළේ ඉඳගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් සටන්කරන  සූදානම් කියලා.අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩන්නෙ නැතුව එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදිච්ච අය යොදා ගත්තා අපිට බනින්න. මේ අය හරියට කතා කරන්නේ මගේ යටතේ කැබිනට් ඇමතිවරු වෙලා හිටියේ නෑ වගේ.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමසිරි මානගේ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ලබා ගත්හ. මෙහිදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ, කොටපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයානන්ද අබේවික‍්‍රම යන මහත්වරු මෙහිදී කතා කළහ.
’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’
1
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’
0
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික‍්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත‍්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්ත‍්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත‍්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්‍ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප‍්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක‍්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප‍්‍රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්‍ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්‍ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප‍්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප‍්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප‍්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය.         ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්‍ෂය කීවේ  ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” 
’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවැසීය.වේත්‍රධාරි අනිල් පී. සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17) සවස 1.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) මෙසේ කීය.මේ ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලය අනුමැතිය දීල තිබුණේ නැහැ. ජනපතිගේ අනුමැතිය ද නොතකා ගිවිසුම අස්සන් කර තිබුණා. ජනවාරි 23 වැනිදා ගිවිසුම හිතුවක්කාරීව අස්සන් කළා. උක්ත ගිවිසුම අස්සන් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට පිටුපා කටයුතු කර තිබෙනවා. කලින් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමෙන් බරපතළ ගැටලුවක් මතුවෙනවා. මේ නීති විරෝධී ගිවිසුම වහාම අත්හිටුවන්න. රටට ගැළපෙන අලුත් ගිවිසුමක් ඉදිරිපත් කරන්න. මේ ගිවිසුමෙන් ලංකාවේ කර්මාන්ත විනාශ වෙනවා. අපේ රටේ කර්මාන්තකරුවන් තැති ගැන්මට ලක්ව සිටිනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී (එජනිස) බන්දුල ගුණවර්ධන මහතා යෝජනාව ස්ථිර කරමින් මෙසේ පැවැසීය.මේ ගිවිසුම අස්සන් කළේ කොලේ වහලා ඇස්වලට වැලි ගහපු ජාත්‍යන්තර බූවල්ලන් ටිකක්. මේ ගිවිසුමට නීතිපති අවසර දීලා නැහැ. ඇමැතිවරුන්ගේ සංශෝධන කළා ද?නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.ගුණවර්ධන මහතා:- නීතිපතිගේ සංශෝධන කළා ද? ඒවා කිසිවක් කළේ නැහැ. හිතුමතේ ගිවිසුම අස්සන් කළා. ජනාධිපතිතුමාගේ නිර්දේශවලට පටහැනි විදියට ගිවිසුම සකස් කළා. දෙරටටම ගැළපෙන විදියට ගිවිසුම යළි සකස් කරන්න. රටේ සියලු නීති උල්ලංඝනය කරලා හදපු ගිවිසුමක්.ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා:- මම කවදාකවත් හොර ගිවිසුමක් අස්සන් කරලා නැහැ. මේ යෝජනාවේ සියලු කරුණු අසත්‍යයි. දිනේෂ් ගුණවර්ධන කාගේ හරි දිරච්ච ලණුවක් කාලා. මේ යෝජනාව ගෙනාවා. ජනවාරි 16 කැබිනට් මණ්ඩලය මේ ගිවිසුම අනුමත කළා.පත්කළ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා:- මේක සංශෝධනය කරල කැබිනට් මණ්ඩලයට ගෙනාවේ නැහැ.සමරවික්‍රම මහතා:- මේ වගේ බොරු කියන මන්ත්‍රීවරයෙක්. මෙතුමා නිදාගෙන ඉන්න ඇති. ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නරකක් වෙන්නේ නැහැ. ඩොලර් බිලියන දහසක විදේශ ආයෝජන යෝජනා ලැබිල තියෙනවා.විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා:- මේ ගිවිසුම ගැන විවේචන තියෙනවා. රජය ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ලෝකයේ අනෙක් රටවල සංවර්ධනය දැක දැක ඔබලාට නිකන් ඉන්න බැහැ. ඔබලාටත් ධෛර්යය තිබිය යුතුයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කරගෙන යන්න.කනක හේරත් මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:- සිංගප්පූරුව අපට වඩා පහළින් හිටපු රටක්. ලී ක්වාන්යු ඒ රට ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කළා. සිංගප්පූරුවට අපේ රටත් එක්ක ගිවිසුම් ගහන්න වැඩක් නැහැ. අපි මේ ගිවිසුම සමග නැගිටීවි කියන බිය අපේ විපක්ෂයට ඇතිවෙලා.මේ ගිවිසුමෙන් සිංග්පූරුවේ පුරවැසියන්ට කිසිම අයිතියක් දීලා නැහැ.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස):- රටේ ආර්ථිකය සියයට 30කින් කඩා වැටිලා කියල අගමැති කියනවා. මිනිසුන්ට කන්න සල්ලි නැහැ කියලත් කියනවා. බොරු වපුරලා බලයට ආපු අගමැති කියන කතාව මරු. එතුමා ආවේ වොක්ස්වගන් බොරු කියලයි. මෑන් පවර් සමාගම්වලට ලංකාවට එන්න දෙනවා. මලික් සමරවික්‍රම ලංකාව දකුණු ආසියාවේ මීතොටමුල්ල බවට පත් කරන්න උත්සාහ දරනවා. අපේ දරුවන්ට න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලී අපද්‍රව්‍ය ආවම ලොකු විනාශයක් ඇතිවේවි. ගේන්න බැරි නම් මේවා ගිවිසුමට දැම්මේ මොකටද? මේ ගිවිසුමට ගත්තු මුදල්වලට සාප වෙනවා.නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලීන් ජයමහ මහතා:- මේ ගිවිසුමෙන් රටට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. දේශීය කර්මාන්තකරුවා මින් ආරක්ෂා වෙනවා. ආයතනවලට ලොකු බදු සහනයක් ලැබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි ගිවිසුමක්.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):- මේ ගිවිසුම හරහා අපනයන භාණ්ඩවලට ලැබෙන වාසි මොනවාද? ලෝකයේ වෙනත් රටවල භාණ්ඩ සිංගප්පූරුව හරහා බදු සහන ඒවිදැයි සැකයක් තියෙනවා. ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙලා. ඒ ගැන හොයන්න අප අසමත් වෙලා තියෙනවා. බොහෝ මත්ද්‍රව්‍ය එන්නේ මුහුදු මාර්ගයෙන්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):- වෙළෙඳ ගිවිසුම් රටට අවශ්‍යයි. වෙළෙඳ ගිවිසුම්වලින් පුංචි රටවල්වලට වාසියි. හොංකොං දියුණු වුණේ එහෙමයි. විවෘත වෙළඳ ප්‍රතිපත්තිය හරහා ලෝකයේ දෙවැනි සංචිත සහිත රට බවට සිංගප්පූරුව පත්වුණා. මේක භයානක ගිවිසුමක් නෙමෙයි. සමහරු මේ ගැන අනවශ්‍ය බියක් ඇති කරලා. බොරු බිල්ලකු මවලා තියෙනවා.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිංගප්පූරුව අපත් සමග මෝඩ ගිවිසුම් ගහයි ද? කෙරෙන්නේ නැතිනම් අපද්‍රව්‍ය කතාව ගිවිසුමට දැම්මේ මොකටද? සිංගප්පූරුකාරයා ඕක නොදැන කරයිද? රේගු බදු අඩු කිරීම අනුව අපට වෙන වාසියක් නැහැ. ලෝකය ගොනාට අන්දලා අපට වාසි ගන්න හිතීම විහිළුවක්. මේ ගිවිසුමෙන් විදේශ ආයෝජන එනවා කියන කතාව බොරු. අපේ වැටුප් මට්ටම පහළ දැමීම මේ ගිවිසුමේ අරමුණයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:- අපේ අපනයනයේ දියුණුවක් තියෙනවා. අපද්‍රව්‍ය කතා බොරු. ඕවා හොඳයි ගැලරියට. සිංගප්පූරුව රටවල් 32ක් සමග ගිවිසුම් අස්සන් කරල තියෙනවා. චීනය, ඇමරිකාවත් ඉන්නවා. අප ගෝලීය නිෂ්පාදන ජාලයට ඇතුළත් වෙන්න ඕන.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- මේක නව ජාතික ප්‍රතිපත්තියක්ලු. අවජාතක වුණොත් තමයි ප්‍රශ්නය. ඔබලාගේ වෙළෙඳ ප්‍රතිපත්තියයි රාජ්‍ය ප්‍රතිපත්තියයි දෙකම අසාර්ථකයි. ඔබලා කියන්නේ විවෘත කිරීම පමණයි. මේ පාරේ යන්න පුළුවන් ද බලන්න. මේක ජාත්‍යන්තර වෙළෙඳ මංකොල්ලයක්. ගිවිසුමෙන් වෙන්නේ ඒකයි. රටේ ආර්ථිකය වනසන ගිවිසුමක්.පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා:- මේ ගිවිසුම අනාගතය දැක ගත් තීන්දුවක්. විපක්ෂය අද මෙතැන කොරහේ කිඹුල්ලු දැක්කා. අපට තනිවම නැගිටින්න බැහැ. අපනයනය හරහා අප රට ශක්තිමත් කරනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා (එජනිස):- මේක ලොකු වංචාවක්. මෙය හදපු අයට යම් දවසක හිරගෙදර යන්න වේවි. මේ ආණ්ඩුව ගෙදර යන්නේ ඉර හඳත් විකුණලයි.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂස් මහතා (දෙජාසං):- මේ ගිවිසුම රටට වාසිදායක ද කියල සොයන්න ඕනෑ. අද උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය පසුගාමීයි. ස්වේච්ඡා ගුරුවරුන්ට පත්වීම් දෙන්න.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):- රටට ආයෝජකයන් එන්න නම් රටේ මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනෑ. මහ බැංකුව ගැනත් විදේශිකයන්ට කිසිම විශ්වාසයක් නැහැ. මේක කඩිමුඩියේ අස්සන් කරපු ගිවිසුමක්. මෙය අපේ රටේ යහපතට අස්සන් කරපු එකක් නොවෙයි. අසාධාරණ විදියට අස්සන් කරපු ගිවිසුමක්. මේකෙන් අපේ රටේ නිෂ්පාදනය වැටෙනවා. පාර්ලිමේන්තුව නොමග යවපු ගිවිසුමක්.ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):- සියලු තරුණ තරුණියන්ට රැකියා දෙන වැඩපිළිවෙළක් අරඹලා තියෙනවා. අපේ රට කෝටි දස ලක්ෂයක් පිටරටට ණයයි. ජාත්‍යන්තරය සමග එකතු වී රට සංවර්ධනය කරනවා.මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියලේන්දරන් මහතා (දෙජාසං):- රටේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. රට දියුණු කළ හැක්කේ එවිටයි. ආනයනය ගැන විතරක් කල්පනා කිරීම හොඳ නැහැ. අපට පසුපසින් හිටපු සිංගප්පූරුව අද දියුණු රටක්. මඩකළපුවේ නිදහස් මාධ්‍යවේදියකු ත්‍රස්ත විමර්ශනයට කැඳවලා තියෙනවා. ඔහු විවිධ වංචා පෙන්වා දුන් මාධ්‍යවේදියෙක් යහ පාලනය යටතේ මේවා වෙන්න බැහැ.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (එජනිස):- මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත විය යුතුයි. නැතිනම් මේක අක්‍රිය ගිවිසුමක් වෙනවා. දිගුකාලීන වශයෙන් අනර්ථයක් ඇතිවන ගිවිසුමක්. අපේ රටේ බැංකුවලටත් විශාල හානියක් වෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- අද ලෝකයම ගමක් බවට පත්වෙලා. අපිට තනි රටක් විදියට ඉදිරියට යන්න බැහැ. අපි තනි රටක් විදියට හිටියොත් ආර්ථිකය කඩා වැටෙනවා. අද ලෝකයේ සමාජවාදී කඳවුරක් නැහැ. අද තියෙන්නේ එකම කඳවුරක්. අද වෘත්තිකයන්ගේ මාෆියාවක් තියෙනවා. වෙළෙඳපොළ විවෘත වෙනවාට එයාලා කැමැති නැහැ. අලුත් වෙළෙඳ ගිවිසුම්වලට අප යා යුතුයි.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මේ ගිවිසුමට වෘත්තීය සමිති 48ක් විරුද්ධ වුණා. නමුත් ඒවා ගණන් ගත්තේ නැහැ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් පවා විරුද්ධ වුණා. මේ රටට ආයෝජන කිසිවක් ආවේ නැහැ. ආවේ මත්තල වරාය විකුණල ගත්තු සල්ලි ටික විතරයි. මේ ගිවිසුමෙන් රටට වෙන පාඩුව අනන්තයි. සේවා වෘත්තිකයන්ටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එජනිස):- මේ ගිවිසුම ගැන අප රටක් විදියට මීට වඩා අවධානය යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුව අනුමත කළ ගිවිසුමක් එහි අනුමැතිය නැතිව ඉවත් කරන්න බැහැ. වෘත්තිකයන්ට මේ ගැන අදහස් පළ කරන්න ඉඩදුන්නේ නැහැ.ඇමැති මලික් සමරවික්‍රම මහතා:- වෘත්තීය සමිත 48 සමග සාකච්ඡා කළා.වීරක්කොඩි මහතා:- අප ගිවිසුම්ගත විය යුත්තේ රටට වාසිවෙන විදියටයි. මේකෙන් උපරිම වාසි ලැබෙන්නේ සිංගප්පූරුවටයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප):- කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අස්සන් කරපු ගිවිසුමක්. රටට ආයෝජන ගෙන එන්න අපට අවස්ථාව ලැබිල තියෙනවා. සෘජු ආයෝජන මේ රටට ලැබෙමින් පවතිනවා. සිංගප්පූරු ගිවිසුම ගැන අද විපක්ෂය බොරු යකෙක් මවන්න හදනවා.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස):- සියලු වෘත්තිකයන්ට මේ ගිවිසුම ගැන සැකයක් තියෙනවා. ගිවිසුම අස්සන් කළේ පාර්ලිමේන්තුව දැනුම්වත් කරල නොවෙයි. මේ ආණ්ඩුව ගැන ජනතාවට බරපතළ අවිශ්වාසයක් තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් සහතික නිකුත් කළේ අගමැතියි.ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම මතුපිටින් සීනි තවරපු සයනයිඞ් කරලක්.කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස):- අපේ වෙළෙඳ පරතරය වැඩිවෙලා තියෙනවා. මේ ගිවිසුම් අස්සන් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිවයි.ජනාධිපති සතුටු කරන්න ජාතික ප්‍රතිපත්ති ගෙනල්ලා වැඩක් නැහැ.  ගිවිසුම අස්සන් කරන්න ගියපු අපේ කට්ටියට සිංගප්පූරුවේ පුහුණුවක් දීලා එතැන බැඳීයාමේ ගැටුමක් තියෙනවා. සේවා අංශය විවෘත කිරීම භයානක තත්ත්වයක්.ඇමැති මලික් සමරවික්‍රම මහතා:- අසූවේ ගිණුමට මා විරුද්ධ නැහැ. ඒ ගිවිසුම තවමත් ක්‍රියාත්මකයි. ගිවිසුම හදන්න උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. රටේ සංවර්ධනයට එක්වන්න කියලා විපක්ෂයට ආරාධනා කරනවා.පාර්ලිමේන්තුව අද (18) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය.
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
1
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු 1.00ට රැස්විය.ජාතික පරිසර පනත යටතේ නියමයන් 7ක් ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-“පොලිතින් කළමනාකරණයටත් අද නීති ඉදිරිපත් කරනවා. මයික්‍රෝන 20ට අඩු පොලිතින් තහනම් කෙරෙනවා. අප රටේ දිනකට කෑම දවටන මිලියන 2ක් හා ෂොපිං බෑග් මිලියන 1.5ක් පරිසරයට නිදහස් කෙරෙනවා. ප්ලාස්ටික් විවෘත භූමියේ පුළුස්සන්න බැහැ. සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමත් තහනම්. අද ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් පිට කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණ උෂ්ණත්වය වැඩිවීමට අද අපටත් මුහුණ දෙන්න සිදුවෙලා. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-“මේ නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. රත්නපුර හැම විටෙකම ගංවතුරට ලක්වෙනවා. නමුත් එක බෝට්ටුවක්වත් ඒ ප්‍රදේශවල සූදානම් කරල නැහැ. ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-“අවුරුද්දක් තිස්සේ රත්නපුරයට ඔරු ඉල්ලනවා. ඔරු නැහැ. මිනිස්සු බඩගින්නේ. කෑම ටික බෙදන්න ඔරු නැහැ. නිලධාරීන් කියනවා ඔරු 105ක් ඕනෑලු. ඔරු කුලියට අරගෙන රත්නපුරයට යවන්න. මුදල් වියදම් කරන පම්පෝරි කතා කියලා වැඩක් නැහැ.”ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා:-“අඟුල් 66ක් රත්නපුරයට යැව්වා. අනෙකුත් ප්‍රදේශවලටත් අඟුල් යවනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගොස් සොයලා බලනවා. තවත් අඟුල් 26ක් රත්නපුරයට යවන්න සූදානම් කළා. මම වගකීමෙන් කියන්නේ, අප පෙර සූදානමින් කටයුතු කරනවා. මේ වනවිට මරණ 11ක් වෙලා තියෙනවා. මරණ 4ක් වුණේ අකුණු සැර වැදීමෙන්. අදත් ධීවරයෙක් මියගියා. අප කලාවැවේ වතුර පාලනය කළා.”මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (දෙජාස):- “වන සම්පත රකින්න ඕනෑ. කඳුකරේ වනාන්තර විනාශය දිගටම වෙනවා. අපේ රටේ වල්අලි ප්‍රශ්නයත් තියෙනවා. පොලිතින් භාවිතය අඩුවෙලා නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- “දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ. චෝදනා නැති නඩු විසි කරන්න සිදුවුණා. අවදානමට වඩා සූදානම වැදගත්.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):- “උඩරට ෆයිනස් වගාව ලොකු විනාශයක්. මේ ෆයිනස් ගහේ කුරුල්ලකු කූඩුවක්වත් හදන්නේ නැහැ. මේ රටේ පරිසර ප්‍රශ්න විසඳීමට ජනපති, අගමැති කටයුතු කරනවා. ඒක සතුටට කරුණක්.”යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- “උතුරේ පසේ ලුණු ගතිය නිසා වගාවන් කරන්න බැහැ. ඒ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාව වෙනත් රටක පුරවැසියන් විදියට දකින්න බැහැ. උතුරේ නියඟයට ප්‍රධාන හේතුව පරිසර විනාශයයි. දේශගුණික විපර්යාස තවදුරටත් සිදුවෙමින් පවතිනවා.”කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):-“ගංවතුර ගැන අප විවාදයක් ඉල්ලුවත් දුන්නේ නැහැ. ගෝඨාභය කසළ කළමනාකරණයට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අද කොළඹ කසළවලින් පිරිලා. සියලු කසළ කරදියානට ගෙනත් දානවා.”පත්කළ මන්ත්‍රී ඒ.එල්.එම්. නසීර් මහතා (එජාප):- “අම්පාරට අලි වැටක් ඉදිකිරීමට හැකිවී නැහැ. පොතුවිල් ඉඩම්වල ගොවිතැන් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාවට ඉඩම් දෙන්න.”පත්කළ මන්ත්‍රී තුරේ රත්නසිංහම් මහතා (දෙජාස):- “වන රක්ෂිත විනාශ වෙමින් පවතිනවා. මාර්ග ඉදිකිරීමටත් වන රක්ෂිත විනාශ වෙනවා. විනාශවන වනයට විකල්ප ලෙස ගස් වැවිය යුතුයි. ත්‍රිකුණාමලයේත් කැලය විනාශ වෙනවා. මෙය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. කුඩා ජලාශ වසා දැමීමත් ප්‍රශ්නයක්.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-“රත්නපුරේ ගංවතුර තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. කොළඹ ගංවතුරින් යටවීම වැළැක්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. අද රට බරපතළ ආර්ථික අගාධයකට ඇදී යනවා. අප මේ විපතින් දේශපාලන වාසියක් ගන්නේ නැහැ. හඳුනා නොගත් වෛරසයක් නිසා දරුවන් 13 දෙනකු මැරිලා. ආණ්ඩුවට වැළඳුණු රෝගය වගෙයි. සෞඛ්‍ය ඇමැති කෙනකු ඉන්නවා. ඇමැති වැඬේ ඇරුණහම අනෙක් හැම දෙයක්ම ඔහු කරනවා. ආපදා තත්ත්වයට ක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා:-“අවිධිමත් සංවර්ධන කටයුතු නිසා පරිසරය විනාශ වෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉඩම් ගොඩකිරීම් 3500කට කටයුතු කරනවා. අපි විදේශ සංචිත වැඩි කර ගත්තා. මුහුදෙත් රළු ස්වභාවයක් ඇතිවී තියෙනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරනවා. ලබන වසරේ 5000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කරපු හොඳ වැඩ ටික ප්‍රචාරය කරගන්න බැරිවීම ආණ්ඩුවේ දුර්වලකමක්.”දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩිස්වරන් මහතා (දෙජාස):- “ඉල්මයිනට් කැණීම් වහාම නැවැත්විය යුතුයි. මේ රජය ඊට මැදිහත් විය යුතුයි. ඒ කැණීම් නිසා පස සේදී යනවා. සම්පත්, අපේ කෝවිල් ඔක්කොම මුහුදට සේදී යනවා. තිරික්කෝවිල් ප්‍රදේශයේ මීටර් 200ක් ගොඩබිම සෝදාගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ කළපුවත් විනාශ වෙමින් පවතිනවා. කළපුව ගොඩ කරනවා. පවුල් 12,000ක් කළපුවේත් ජීවත් වෙනවා. කළපුවට පස් පිරවීමත් නතර කළ යුතුයි. ගංවතුර ඇති වන්නේත් මෙවැනි ගොඩකිරීම් නිසයි. වටිනා ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙනවා. ඒ සීමා නිර්ණයන් වැරැදියි.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වේලුකුමාර් මහතා (එජාප):-“හන්තාන වත්තේ කුරුඳු කැලේ අක්කර 20ක් පුද්ගලයකුට විකුණලා තියෙනවා. නමුත් පොඩි මිනිහාට වැසිකිළියක් හදාගන්න ඉඩක් දෙන්නේ නැහැ. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව පාරට බහින්න පුළුවන්.” මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස):-“අපේ ප්‍රදේශවලට ගිනි නිවන අංශයක් නැහැ. පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-“අපිට ගංවතුර ගැන කියන්න එපා. අපි ගිං ගඟත් එක්ක පොර බඳපු මිනිස්සු. එදා අසාර්ථක ව්‍යාපෘති කරල මුදල් කාබාසිනියා කළා. අපි නිල්වලා, ගිං ගඟ ව්‍යාපෘතිවලට අත්පොත් තියනවා. අද දයාසිරි ජයසේකරලා පොරවල් වෙලා.”කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):- “කැලිඩෝ වෙරළ තීරය මුහුදට ගසාගෙන ගියා වගේ කළුතර බෝධියත් කළුතර පාලමත් මුහුදට ගසාගෙන යන්න දෙන්න එපා. ඒවා රැක ගැනීමට කටයුතු කරන්න. ගංවතුර ගලපු මේ වෙලාවේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් පත්තරවලින් අපි දැක්කේ සුරංගනා කතායි. මේ කතා අපි සාලාව පුපුරලා ගිය වෙලාවේත් සාමසර කන්ද නාය ගිය වෙලාවේත් ඇසුවා. වන්දි හානි පූර්ණ කරනවා කිව්වා. තාම ඒවා කරල නැහැ. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ගිය වෙලාවේත් ඔය කතාම කිව්වා.”පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):- “කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගැනීමට ගස් වවා ඇති රටවල්වලට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙනවා. පුළුවන් තරම් වනාන්තර වැවීමේ කාර්ය පෞද්ගලික අංශයට දිය යුතුයි. එය ක්‍රමානුකූලව විධිමත්ව කළ යුතු ක්‍රියාවක්. පරිසරයට ආදරය කරන සියලු දෙනාම වන වගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අනාගත ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් එන බව කියනවා. මේ දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. ඒ ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත්තා ද කියල පළමුවෙන් ජනතාවට කියන්න.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-“අද ගංවතුරෙන් අනාථ වී සිටින ජනතාවට අවශ්‍ය කෑම බීම දෙන්න රාජ්‍ය නිලධාරීන් බයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ විදියේ කටයුතු සිදුවුණේ නැහැ.”චන්දිම ගමගේ මහතා:- “ඔබතුමාට ඔය විදියට කතා කියන්න පුළුවන්. ඕවා සාක්ෂි සහිතව කියන්න.”ජානක වක්කුඹුර මහතා:- “අයගම ග්‍රාමසේවා නිලධාරි මහතාගෙන් අහන්න.”විජේපාල හෙට්ටිආරච්චි මහතා:- “මෙතුමා රටම නොමග යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අනාථයන්ට දුන්නා.” ජානක වක්කුඹුර මහතා:- “ගාල්ලේ දෙන්නැති. මම කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ගැනයි.”අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):-“විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිතින් තහනම ගැන එක වචනයක් කතා කළේ නැහැ. විපක්ෂයට අද කතා කරන්න මාතෘකා නැහැ. ඒ නිසා කාලයකට වැස්ස ගැන කතා කරනවා. තව දවසක නියඟය ගැන කතා කරනවා.”පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිතය. 
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
0
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
0
(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර, කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර නෙත්තසිංහ)  රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය. එහෙත් මේ රජය දක්ෂයන් බිය වැද්දීම හා දක්ෂයින් නෙරපා හැරීම ආදි ක්‍රියා නිසා රාජ්‍ය පරිපාලනය කඩා වැටී රට එකතැන නතරවූ බවද ඔහු කීය. කුලියාපිටිය, සිරිමාලි ද නිකේතනයේදී පෙරේදා පැවැති වියත් මඟ කතිකාවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.  කාර්මික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, දෙස් විදෙස් ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජනයන් සඳහා සුදුසු පරිසරයක් සැකසීම අපට රජයක් විදිහට කළ හැකියි. ලෝක ආර්ථික හැකියාව, බලය, යුධ ශක්තිය, ආදිය අද වනවිට ආසියා ප්‍රදේශයට ගලා එමින් තිබෙනවා. ආර්ථික දියුණුව ආදිය පාවිච්චි කරන්නට අපි සූදානම් නොවෙනවා නම් අපි හදන්නේ අපිට නිතැතින්ම ලැබෙන අවස්ථාව අහිමි කරගන්න එක. ඉදිරියේදී වත් එම අවස්ථා ගිලිහී යන්නට නොදී ජනතාවගේ ආර්ථිකය, ජීවන තත්වය වැනි දේ දියුණු කරන්නට නම් මෙවැනි විද්වත් කථිකා අවශ්‍යම වෙනවා.  රජයක් විසින් දියුණු කළයුතු කාර්මික ප්‍රතිපත්ති, මේ රජය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. පසුගිය වකවානුවේ රාජ්‍ය පරිපාලනය කඩා වැටුණා. දක්‍ෂයින් බියවැද්දුවා ඇතැම් දක්‍ෂයින් නෙරපා හැරියා. ඔවුන් ගන්නා තීන්දු තීරණ සීමා කළා. විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව තැකීමක් නෑ. බල අරගලයක් ඇති වුණොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. අද අපි ඉන්නෙත් අන්න එවන් තැනක. අන්න ඒ නිසයි අපේ විද්වතුන් බුද්ධිමතුන් ව්‍යවසායකයින් මෙන්ම සම්පත් දායකයින් එක්ව සාකච්ඡා කරලා නිවැරදිම තීන්දු ගත යුත්තේ. රට දියුණු කළ හැක්කේ සහ ජීවන තත්ත්වය ඉහළ දැමිය හැක්කේ ඒ විදියට පමණයි. හිටපු යුද හමුදා 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවැසීය. වසර 2500ක ඉතිහාසයේ අපේ රට අඳුරු යුග කිහිපයක් පසු කළා. ඉන් බරපතළම අඳුරු යුගය වෙන්නෙ 1983 ජූලි 23 සිට 2009 මැයි 19 දක්වා කාල වකවානුවයි. පෘතුගීසීන් ලන්දේසීන් සමයේදී පූර්ණ වශයෙන් රට යටත්කර ගැනීමට සමත් වුණේ නැහැ. එදා මහා පාවාදීම් කළේ අපේම මිනිසුන් කිහිපදෙනෙක්. ඒත් රටම වසාගත් රුදුරු කොටි ත්‍රස්තවාදය නම්වූ  අඳුරුතම යුගය ජාත්‍යන්තර බලවේගයන්ට කිසිසේත් යටත් නොවී වසර දෙක හමාරක් වැනි කෙටි කලකින් නිමාකරපු නායකයා එක රැයින් ගෙදර යැවීමේ මහා පාවාදීම සිදුකළේ 20ක් 30ක් නෙවෙයි ලක්‍ෂ 62ක් ජනතාව එකතුවෙලා.  අද වෙනකොට යුධ හමුදාවට අත්වෙලා තියන ඉරනම හරිම ඛේදනීයයි. මම වසර 35ක් සක්‍රීයව යුධ හමුදාවේ හිටියා විතරක් නෙවෙයි මගේ තරුණ දිවියම කැපකරලා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම හිටියා. අවසන් අවස්ථාවෙ නන්දිකඩාල් කලපුවට 23 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා හැටියම ප්‍රභාකරන්ගේ අවසන් අවස්ථාවට මම දායක වුණා මහත් අභිමානයෙන්. අද වෙනකොට ඒ රුදුරු කොටි ත්‍රස්තයින් මෙල්ල කරපු 53 වැනි සේනාංකය එවනවා නාරම්මල පැත්තේ රිළවු පන්නන්න. පුදුම වේදනාවක් එවැනි සිද්ධින්. අපි අද මේ සේරම කරන්නේ ත්‍රිවිධ හමුදා සිදුකළ අමිල සේවය නිසා. ඒ අය මියැදෙන තුරාවට ස්මරණය කරන්න. අද වෙන්නේ යුධ අපරාධ කළා කියලා හිරේ දාන එක.  අද වෙනකොට මහා පිරිසක් ඉන්නවා සිපිරි ගෙවල් ඇතුළේ. ඒ හැමෝම රටට සේවය කරන්න ගිහිල්ලා. අන්තර් ජාතික ප්‍රජාවගේ බලපෑම හා දෙමළ ඩයස් පෝරාවේ බලපෑමට තමයි ව්‍යවස්ථානුකූලව බලය දෙන්නත් රටේ හමුදාවට දඬුවම් කරන්නත් තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි මේ ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ. අද වෙනකොට ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා වැඩියෙන් කියන අය අතරට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. කලබල අස්සේ අතුරුදහන් වූවන් සම්බන්ධ පනතත් සම්මත කරගෙන. මේ අය දිගන සිද්ධිය දැම්මේ අන්න ඒවා සම්මත කරන්න තමයි. දැක්කනේ මම අණ දීපු 53 සේනාකයේ යුධ ටැංකි පවා ගෙනිහින් මහා භයානක පරිසරයක් මවා පාලා යුද්ධය කරන කාලෙවත් නැති හදිසි නීතිය පවා දාලා තමයි ඒ පනත් සම්මත කරලා තියෙන්නේ. බලහත්කාරයෙන්. අතුරුදන් පනත නම් අපේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගිහින් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තාවකාලිකව මැඩ පැවැත්වුවා. මා එක්ක එකට ඉගන ගත්ත වත්මන් යුධ හමුදාපතිවරයා හමුදා කඳවුරකින් වතුර උගුරක්වත් දෙන්න එපා කියලා නියෝග නිකුත් කරලා. ඒකට කමක් නැහැ.  මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, අද්මිරාල් මොහාන් විජේවික්‍රම යන මහත්වරුද සභාව ඇමතීය.මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය නීතිඥ, වෛද්‍ය, ගුරු, ක්‍ෂේත්‍ර ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කළ විශාල පිරිසක් සහභාගීවූහ. 
රටක් හදන්න කෙළින් තීරණ ගන්න ඕනෑ
1
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ. රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න  ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න  ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා  රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන්  සක‍්‍රීයව මැදිහත් වෙන්න  ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න  ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත්  ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න  ඕන. අලූතෙන් හිතන්න දෙන්න  ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම  ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි. සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි  මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න  ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න  ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න  ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න  ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න  ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
රටක් හදන්න කෙළින් තීරණ ගන්න ඕනෑ
0
(නාලක සංජීව දහනායක)බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන්ගේ අදහස් ලබා ගත යුතු වුවත් දේශීය ආදායම් පනත සකස් කිරීමේදී රජය එවැනි අදහස් ලබා ගැනීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පැවසීය.තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කිරීමට යෑමේදී රටේ ජාතික න්‍යාය පත‍්‍රය විවිධ අර්බුදවලට ලක්වනවා යැයි ඒ මහතා ද කීය.ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ස`දහන් කළේය.එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත නව දේශීය ආදායම් පනතින් මසකට රුපියල් 50000ත් අවමය රුපියල් ලක්‍ෂ හයක් දක්වා ආදායම් උපයන සියලූම දෙනාට බදු පනවා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් ලබාදී තිබූ සියලූම බදු සහන කිසිවක් නව දේශීය ආදායම් පනතට අතුළත් කර නැහැ. ඒ බදු සහන සියල්ලම කපා හැර තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය පිටු 44ක් පුරාවටම යම් යම් කේෂත්‍ර සඳහා ලබාදී තිබූ බදු සහන නව දේශීය ආදායම් පනතින් පිටු දෙකකට සීමා කර තිබෙනවා. ඒ අනුව අහෝසිවන බදු පිළිබ`දව සමාජයේ කිසිවකු දැනුවත් නැහැ.බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත යුතුයි. නමුත් මෙම පනත සකස් කිරීමේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ. මේ අර්බුද සියල්ලම ඇතිවුණේ ඝානා රාජ්‍ය සඳහා සකස් කළ බදු පනතක් කෑලි කපා අපේ රටට ගැනීම නිසයි. තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කිරීමේදී රටේ ජාතික න්‍යාය පත‍්‍රය අර්බුදවලට ලක්වනවා.මෙම නව බදු පනත ස්වදේශිකයන් වනසන විදේශිකයන් සනසන බදු පනතක්. පහළ ආදායම් ලබන උදවියටත් බදු පනවලා. රජයක් විසින් සකස්කරන ලද බදු පනතකට එරෙහිව ඉතිහාසයේ කවරදාකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10ක් ඉදිරිපත් වුණා. මෙම පනතේ සඳහන් ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපත් මෙම පනතට සංශෝධන 31 ඉදිරිපත් කරා. මෙම පනත ක‍්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.නව දේශීය ආදායම් පනත හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් ලෝක බැංකු නියමයන් අනුවම සකස් කළ පනතක්. ඒ නිසා මෙය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු යැයි මම විශ්වාස කරනවා. අපි විසින් ඉදිරිපත් කළ සංශෝධන සඳහා සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. සුසිල් පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයාගෙන් හා ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ  මමත් පෞද්ගලිකවම මේ ගැන සාකච්ඡා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙක් වශයෙන් සිටි ආණ්ඩුවක් විසින් ලබාදුන් සහන එතුමා ජනාධිපතිවරයා වශයෙන් සිටින ආණ්ඩුවක් විසින් කප්පාදු කිරීම යුක්ති සහගත නැහැ.ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ජනතාව මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ තමන්ට ලැබෙන සහන තවත් වැඩිකර ගන්න මිස තිබෙන සහන කප්පාදු කරගන්න නෙමෙයි. ජනතාව මත පමණක් නෙමෙයි මෙම ආණ්ඩුව සියලූම පුණ්‍යායතන සඳහාත් බදු පනවා තිබෙනවා. ඒ නිසා මෙම පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට පටහැනියි. පසුගිය රජය සේවක අර්ථ සාධක අරමුදලට පනවා තිබූ සියයට 10ක බදු මුදල මෙම පනතින් සියයට 14 දක්වා වැඩිකරලා. එමෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර ආරමුදල මත පනවා තිබූ සියයට 16 බද්ද සියයට 20 දක්වා වැඩි කරලා. සමස්තයක් ලෙස ගතහොත් අපේ රටේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් ලබන්නේ ඉතා අඩු වැටුපක්. ඒ නිසා ඔවුන්ගේ වැටුපට යම් යම් දීමනා ඇතුළත් කර තිබෙනවා. මෙම නව පනතින් ඒ දීමනා සියල්ලටම බදු පනවා තිබෙනවා.එමෙන්ම රටට වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට නම් රටේ ඉතුරුම් ඵලදායිතාව වැඩි කරගත යුතුයි. ඒ නිසා වැඩි වැඩියෙන් බදු සහන ලබාදෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව විසින් ලබාදෙන සහනාධාර සඳහා මේ ආණ්ඩුව බදු පනවලා. අපේ රටේ තිබෙන්නේ දුප්පත් කලාවක්. කලාකරුවන් බොහොම අමාරුවෙන් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ නිසා කලාව නඟාසිටුවීමට මහින්ද රාජපක්‍ෂ රජය කලා නිර්මාණ ස`දහා බදු සහන ලබාදුන්නා. නව දේශීය ආදායම් පනතින් ඒ බදු සහන සියල්ලම ඉවත් කර තිබෙන බවද පැවසීය.
’දේශීය ආදායම් පනත සකස් කිරීමේදී විද්වතුන්ගේ අදහස් ලබාගෙන නෑ’
1
(නාලක සංජීව දහනායක)නව දේශීය ආදායම් පනත මඟින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙරේදා (24) පැවැසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාස්‍රමයේදී පෙරේදා (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “දැනට ක්‍රියාත්මන නව දේශීය ආදායම් පනතින් ජනතාව අන්ත අසරණ වෙනවා. මෙම පනත අනුව මේ මාසයේ සිට ඕනෑම දේපළක් කුලියට දීමෙන් ලැබෙන ආදායමෙන් සියයට දහයක රැඳවුම් බද්දක් අය කරගන්නවා. බොහෝ ව්‍යාපාරිකයන් වෙළෙඳාම් සිදුකරන්නේ තමන්ගේ ගොඩනැගිලිවල නෙමෙයි. ඔවුන් ඒ ගොඩනැගිලි සඳහා කුලිය ගෙවනවා. නව බදු නීතිය යටතේ ගෙවන තැනැත්තා කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වෙනවා. එය හරිම අපූරු නීතියක්. අපේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මේ නීතිය ගැන දන්නේ නැහැ.එමෙන්ම වාහන කුලියට දෙන ව්‍යාපාරිකයන්, කිරි එකතු කරන මිනිසුන් මේ සියලු දෙනාම නියමිත කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි. අවසානයේදී මේ බදු මුදල් ගෙවන්නේ රටේ පොදු ජනතාවයි. එමෙන්ම මේ බදු මුදල් වැඩිවීම හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම සීමාවකින් තොරව බදු පැනෙව්වේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පහසුකම් සැලැසුණා.නව බදු පනතින් කිසිවකුට කිසිම ආකාරයකවත් හානියක් සිදු නොවන බවට රජය පුවත්පත් දැන්වීම් පළකරනවා. ආණ්ඩුවේ මේ අසත්‍ය ප්‍රචාරක ව්‍යාපෘතිය නිසා බදු ගෙවන පිරිස් නොමඟ යනවා. එමෙන්ම කර්තෘවරුන්ට හා නිර්මාණකරණයේ යෙදෙන අයටත් බදු පනවා තිබෙනවා. විශේෂයෙන්ම කර්තෘවරුන්ට ලැබිය යුතු කර්තෘ භාගය සඳහා සියයට දාහතරක බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ පනත අනුව කටකතාවලට හැර අනෙක් සියලුම කතන්දර සඳහා බදු ගෙවිය යුතු වෙනවා. බදු ගෙවීමේ සීමාවක් නැහැ. ඉදිරියේදී පත්වන අපේ රජයක් යටතේ මෙම බදු පනත සංශෝධනය කරන බවට අපි ප්‍රතිඥා දෙනවා.එමෙන්ම රජයේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නොගෙවන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ කවමදාකවත් මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා නැහැ. මේ තත්ත්වය ලෝකයා දැන ගැනීම රටට හොඳ නෑ.”පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.“මේ වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාවට හෙට දවස සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබෙනවා. වර්තමාන රජය බලයට පත්වී ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.වර්තමාන ආණ්ඩුව ඉස්සෙල්ලාම වී ගොවිතැන පාලනය කළා. කුඹුරු අක්කර හෙක්ටයාර ලක්‍ෂයකට ජලය ලබාදීම නැවැත්තුවා. වී ගොවිතැනට හා අනෙකුත් වගාවන් සඳහා පොහොර ලබාදීම නතර කළා. කොයිතරම් ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කන්න 18ක් පොහොර සහනාධාරය ලබාදුන්නා. ඒ නිසා හැම බිම් අගලක වගා කළා. ඒ නිසා කෘෂි ආර්ථිකයේ නවෝදයක් ඇති වුණා. ගොවීන්ගේ අතමිට මුදල් ගැවසුණා. නමුත් මේ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවගේ ජීවිතය අන්තිම අසීරු තත්ත්වයකට වැටිලා. මේ අර්බුදය ගැන ගොවීන් සමඟ සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් නැහැ.නියඟය නවත්වන්න ආණ්ඩුවකට බැහැ. නමුත් නියඟයෙන් ඇතිවන ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට එහෙම කළමනාකරණ හැකියාවක් නැහැ. අවුරුදු තුනකට පස්සේ වර්තමාන ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා පොහොර මිටිය රුපියල් පන්සියයට දෙන්න කටයුතු කරනවා.මේ වනවිට අපේ රටේ කන්න පහක් පාඩුවෙලා තිබෙනවා. දැන් යල කන්නය සඳහා කුඹුරු සකස් කරලා අවසන්. නමුත් මේ මොහොත වනතුරුත් රුපියල් පන්සියයට කුඹුරු සඳහා පොහොර ලබාදීමත්, රුපියල් එක්දහස් පන්සියයට අනෙකුත් භෝග සඳහා පොහොර ලබාදීමත් සිදුවී නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන මිල ගණන් යටතේ කිසිම තැනක පොහොර නැහැ. ඒ සම්බන්ධ නියෝග චක්‍රලේඛයකට පමණක් සීමා වී තිබෙනවා. ඒ චක්‍රලේක තවම සාකච්ඡා මේසයට පමණක් සීමා වී තිබෙනවා.එමෙන්ම මහවැලි ජලාශවල ජලය ලබාදීම සම්බන්ධයෙනුත් රජයේ නිසි ක්‍රමවේදයක් නැහැ. ගොවිබිම් සඳහා ජලය ලබාදීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ගොවිතැන් සඳහා ජලය ලබාගැනීම ගොවීන්ට සිහිනයක් පමණක් බවට පත්වෙලා. ඒ නිසා කෘෂිකර්මාන්තය බරපතළ ගැටලුවකට පත්වෙලා. කිසිම කෘෂි නිෂ්පාදනයකට ප්‍රමිතියක් නැහැ.මේ අර්බුද නිසා සහතික මිලකට නිෂ්පාදනයක් මිලදී ගන්න බැහැ. අපි රුපියල් විසිපහත්, තිහත් අතර මිලකට වී ටික මිලදී ගත්තා. පාරිභෝගිකයාට රුපියල් හැටට සහල් අලෙවි කළා. අල, ලූනු අස්වැන්න ලැබෙන කාලයට ආනයනික අල, ලූනු සඳහා සීමාවන් පැනෙව්වා. ඒ නිසා ගොවියත්, පාරිභෝගිකයත් රැකුණා. අනාගතයේ බිහිවන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මාන්තය නියාමනය සඳහා කෘෂි නිෂ්පාදන අධිකාරියක් පිහිටුවනවා” යැයි ද කීය.
’දේශීය ආදායම් පනත සකස් කිරීමේදී විද්වතුන්ගේ අදහස් ලබාගෙන නෑ’
0
( +++ ඩа¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)රටа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ, а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·„а·қ а¶…а¶°а·’а¶ҡරණа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а·ға·’а¶ё බа·Ҹа¶°а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ӯа¶ёа·Ҹ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡ‍а·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҡа¶әа·ҡ (4) а¶ҡа·ңළඹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ а¶ӯුරа·Ға·Ҡ‍රа¶әа·ҡ а¶ҙа·җа·Җа¶ӯа·’ 72 а·Җа·җа¶ұа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а·ға·җමරුමа·Ҡ а¶Ӣа·…а·ҷа¶Ҫа·ҡ а¶Ҝа·“ а¶ўа·Ҹа¶ӯа·’а¶ә а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.රටа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමට а¶ӯа¶ёа¶ұа·Ҡ බа·җа¶іа·“ а·ғිටිа¶ұ බа·Җа¶ӯа·Ҡ එа¶ә а¶ӯа¶ёа·Ҹа¶ңа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а·„а·Ҹ а¶әа·”а¶ӯа·”а¶ҡа¶ё බа·Җа¶ӯа·Ҡ, а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡ‍а·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ұа·“а¶ӯа·’а¶ңරුа¶ҡа·Җ, а·Җа·’а¶ұа¶әа¶ңරුа¶ҡа·Җ, а¶ңුණа¶ңරුа¶ҡа·Җ а¶ўа·“а·Җа¶ӯа·Ҡа·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·җබෑ а¶ұа·’а¶Ҝа·„а·ға¶ҡа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·“а¶ё а¶…а·Җа·Ға·Ҡ‍а¶ә බа·Җ а¶ҡа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·Җа·җරа¶Ҝа·’ а¶ҡරа¶ұ а·ға·”а·…а·” а¶ҙිරිа·ғට එරа·ҷа·„а·’а·Җ а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ёа·’а·ғ බහුа¶ӯරа¶ә а¶ёа¶ӯ а¶…а¶ұа·Җа·Ға·Ҡ‍а¶ә а·ға·“а¶ёа·Ҹа·Җа¶ұа·Ҡ а¶ҙа·җа¶ұа·Җа·“а¶ё а¶ұа·ңа¶ҡа·… а¶әа·”а¶ӯа·” බа·Җ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ҡරа¶ұ а¶ҡа·’а¶әа¶ұ а¶Ҝа·ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ රටට а·ға·’а¶Ҝа·”а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·„а¶ҙа¶ӯа¶ҡа·Ҡ а¶Ҝ а¶…а¶әа·„а¶ҙа¶ӯа¶ҡа·Ҡ а¶Ҝ а¶әа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹ а¶ңа·җа¶ұ а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·ңа·ға·’а¶ӯа·Ҹ а·ға·’а¶ӯа·Ҹ බа¶Ҫа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·„а·’а¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡ, а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡ, а·ға·ңර а·ға¶ӯුරа¶ұа·Ҡ, а¶ёа·җරа¶әа¶ұа·Ҡ, а¶ҡа¶ҙа·Ҡа¶ҙа¶ёа·Ҡа¶ҡරුа·Җа¶ұа·Ҡ, а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹ а·„а·Ҹ а·…а¶ёа·Ҹ а·„а·’а¶Ӯа·ға¶ҡа¶әа¶ұа·Ҡ а¶ұа·’а·ға·Ҹ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ўа¶ұ а¶ўа·“а·Җа·’а¶ӯа¶әට බа·Ҹа¶°а·Ҹ а¶ҙа·җමිණа·ҷа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ එа¶ӯа·җа¶ұ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ұа·’а¶Ҝа·„а·ға¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶ҡа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әට а¶ёа¶ңа¶ҙа·Ҹа¶Ҝа¶ұ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа·Җа¶Ҫට а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ёа·ҡ රට а¶ӯа·”а·… а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа¶ұа·Ҡа¶ұට а¶үඩ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶ӯа¶ёа¶ұа·Ҡ රටа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ңа·ҡ а¶ұа·’а¶Ҝа·„а·ғට а¶ңරු а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё අරа·Ҡථа·Җа¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа·“ රටа¶ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·„а·Ҹ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ғ а¶ӯа·„а·Җුරු а¶ҡිරීමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ බа·Җ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡ‍а·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶ёа¶ӯа·Ҡа¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә, රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа¶ұа·Ҡа·„а·’ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶Ҝа·–а·Ӯණа¶ә а¶Үа¶ӯа·”а·…а·” а¶ўа¶ұ а¶ўа·“а·Җа·’а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹ а¶Үа¶ӯа·’ а·ға·’а¶әа¶Ҫа·” а·ға¶ёа·Ҹа¶ў а¶Ӣа·Җа¶Ҝුරු а¶ӯුරа¶ұа·Ҡ а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ӯа¶Ҝа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරа¶ұ බа·Җ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡ‍а·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә.එම а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·Ҹරа·Ҡа¶әа¶ҡа·Ҡ‍а·Ӯа¶ё а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҙа·Ҡ‍රа¶ӯа·’а·ға¶Ӯа·ға·Ҡа¶ҡරණ а¶Ҷරа¶ҡа·Ҡ‍а·Ӯа¶ҡ а¶…а¶Ӯа·Ғ а¶ӯа·”а·… а¶Ҝа·җа¶ұටමа¶ӯа·Ҡ а¶Ҷරමа·Ҡа¶· а·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә.ඕа¶ұа·‘а¶ё а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа·“ а·ға¶ёа·Ҹа¶ўа¶әа¶ҡ а¶әа·„а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа¶ё а·„а·Ҹ а¶ҙа·Ҡ‍රа¶ңа¶ёа¶ұа¶ә а·ға¶іа·„а·Ҹ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а·Җа·’а¶°а·Ҹа¶әа¶ҡа¶әа¶ҡа·Ҡ, а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡа¶әа¶ҡа·Ҡ а·„а·Ҹ а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә බа·Җ а¶Ҝ а¶ҡа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·ҷа¶ё а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶Ҷа¶әа¶ӯа¶ұ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶Үа¶ӯа·’ а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶ә а¶ҡа·”а¶ёа¶ұ а¶Ҷа¶ҡа·Ҹරа¶әа¶ҡа·’а¶ұа·Ҡ а·„а·қ а¶ҙа·…а·”а¶Ҝа·”а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа¶ёа·Ҡ එа¶ә රටа¶ҡ අරа·Ҹа¶ўа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а·Җීමට а·„а·ҡа¶ӯа·”а·Җа¶ұ බа·Җ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ұа·’а·ға·’ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶әа¶ҡа·’а¶ұа·Ҡ а·„а·қ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а·“а¶ҡරණа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·ңරа·Җ а¶ҙа¶ұа·Җа·Ҹ а¶Үа¶ӯа·’ а¶ұа·“а¶ӯිරීа¶ӯа·’ а·„а·Ҹ රа·ҷа¶ңа·”а¶Ҫа·Ҹа·ға·’ а¶ұа·’а·ға·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ හිරිහа·җර රа·Ҹа·Ға·’а¶әа¶ҡට මුහුණ а¶Ҝа·“ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҝ а¶ҙа·җа·Җа·ға·– а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡ‍а·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·’а¶ұа·’а·ға·”а¶ұа·Ҡа¶ңа·ҡ එа¶Ҝа·’а¶ұа·ҷа¶Ҝа·Ҹ а¶ўа·“а·Җа·’а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹа¶ұ බа·ңа·„а·қ а¶Ҝа·ҡа·Җа¶Ҫа·Ҡ а·ға¶іа·„а·Ҹ බа¶Ҫа¶ҙа¶ӯа·Ҡ‍රа¶әа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶әа·…а·’ а·Җа·’а¶ёа·ға·Ҹ බа·җа¶Ҫа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶әа·җа¶әа·’ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ұа·’а¶Ҝа·„а·ға·ҡ а·ға·Ҡа·Җа¶әа¶Ӯ රа·җа¶ҡа·’а¶әа·Ҹа·Җа¶ҡа·Ҡ, а¶ҙа·Ҹරමа·Ҡа¶ҙරිа¶ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯа¶әа¶ҡа·Ҡ, а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұට බа·Ҹа¶°а·Ҹ а¶ҙමුණුа·Җа¶ұ а¶әа¶Ҫа·Ҡа¶ҙа·җа¶ұа¶ңа·’а¶ә а¶ұа·“а¶ӯිරීа¶ӯа·’ රа·ҷа¶ңа·”а¶Ҫа·Ҹа·ға·’, බа¶Ҝа·” а·„а·Ҹ а¶ңа·Ҹа·ға·Ҡа¶ӯа·” а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ёа¶ӯ а¶ҙа¶ұа·Җа·Ҹ а¶…а¶ӯа·’ а¶…а¶ұа·Җа·Ға·Ҡ‍а¶ә а¶ӯа·„а¶Ӯа¶ а·’ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර ඔа·Җа·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶ўа·“а·Җа¶ӯа·Ҡа·Җа·“а¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ӯа·„а·Җුරු а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ බа·Җ а¶Ҝ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶ӯа¶ё ධුර а¶ҡа·Ҹа¶Ҫа¶ә а¶ӯа·”а·… රටа·ҡ බа·һа¶Ҝа·Ҡа¶° а¶Ҝරа·Ҡа·Ға¶ұа¶ә а¶Ҷරа¶ҡа·Ҡ‍а·Ӯа·Ҹ а¶ҡа·ңට а¶ҙа·қа·Ӯණа¶ә а¶ҡිරීමට а¶ҡа·җа¶ҙа·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ, බа·һа¶Ҝа·Ҡа¶° а¶Ҝරа·Ҡа·Ға¶ұа¶әа·ҡ а¶ёа¶ҹа¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·“а¶ё а¶…а¶ұа·”а·Җ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶ҙුරа·Җа·җа·ға·’а¶әа¶ҡුට а¶…а¶ңа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ұа·ңа·Җа¶ұ ධරа·Ҡа¶ёа·Ҹа¶ұа·”а¶ҡа·–а¶Ҫ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа¶әа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а¶әа·ңа¶ёа·” а·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶ҡа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶Ҝа·’а¶ұа·– а¶ұа·’а¶Ҝа·„а·ғ а¶ӯа·Җа¶ӯа·Ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶Ҙа·Ҹ а¶Ҝа·ҷа¶ұ බа·Җ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·“а¶ёа·ҡ а¶ұа·’а¶Ҝа·„а·ғ а¶ӯа·„а·Җුරු а¶ҡිරීමа·ҡ а¶Ҝа·“ а¶ҙа·…а¶ёа·”а·Җ а¶ҡа·… а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ңа·җටа¶Ҫа·” а·Җа·’а·ға¶іа·Ҹ а¶Ҝа·“а¶ё බа·Җа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶Ҝරිа¶Ҝа·Ҡ‍රа¶ӯа·Ҹа·Җ а¶ӯුරа¶ұа·Ҡ а¶ҡිරීම රජа¶әа·ҡ а¶ҙа·Ҡ‍රමුа¶ӣа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а·ға¶Ҫа¶ҡа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.
вҖҳвҖҳа¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶ңа¶ёа¶ұට බа·Ҹа¶°а·Ҹ එа¶ҙа·ҸвҖҳвҖҳ
1
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җීරරа¶ӯа·Ҡа¶ұ)අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡ а·ға·„ а¶ӯරුණ а¶ҙරа¶ҙුර а·ға¶ёа¶ң а·Җа·’а¶ұа·’а·Җа·’а¶Ҝа¶·а·Ҹа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡිරීමට  а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ බа·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶Ҝа·җа¶ұа·Ҡ а¶ӯිබа·ҷа¶ұ а¶…а¶·а·’а¶әа·қа¶ңа¶ә   а¶Ҷරа·Ҡථිа¶ҡ අරа¶ңа¶Ҫа¶ә а¶ўа¶ә а¶ңа·җа¶ұа·“а¶ё බа·Җ а¶ҡа·“ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ අරа¶ңа¶Ҫ а¶·а·–а¶ёа·’а¶әа·ҡ а·ғිටිа¶ұ а·ға·’а¶әа¶Ҫа·” а¶ӯරුණ а¶ӯරුණිа¶әа¶ұа·Ҡ එම а¶Ҷරа·Ҡථිа¶ҡ අරа¶ңа¶Ҫа¶әа·ҡ а¶ўа¶әа¶ңа·Ҡ‍රහණа¶ә а·ға¶іа·„а·Ҹ а·ға·‘а¶ё а¶…а¶әුරа¶ҡа·’а¶ұа·Ҡа¶ё а¶Ҝа·Ҹа¶әа¶ҡа¶ҡර а¶ңа·җа¶ұීමට а¶ӯа¶ёа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡරа¶ұ බа·Җ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә. а¶ңа·Ҹа¶Ҫа·” а¶ёа·”а·Җа¶Ҝа·ңර අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙа·Ҹරа·Ҡа·Ға·Ҡа·Җ а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡа·Ҡ а·„а·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ӯර а·Җа·’а·Ға·ҡа·Ӯ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶…а¶Ҝ (05) а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶Ҝа·“ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җුණු а¶…а¶ӯර එහිа¶Ҝа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·ҡ බа·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә. а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа·“ а¶ұа·ңа·Җа¶ұ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට а·ға·„ а¶ҙа·Ҡ‍රචණа·Ҡඩа¶ӯа·Ҡа·Җа¶әට а¶ӯа¶ёа¶ұа·Ҡ а·Җිරුа¶Ҝа·Ҡа¶° බа·Җа¶ӯа·Ҡ මරа·Ҡа¶Ҝа¶ұа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡа¶ё а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ а¶ҙිරිа·ға·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа·Җа¶Ҫа·’а¶ә а¶ӯа·”а·…а·’а¶ұа·Ҡа¶ё а¶ұа·Җа¶ҡа·Җа¶Ҝа¶ә а¶ұа·Җа¶ӯа·Ҹ а¶әа·„а¶ҙа¶ӯа·Ҡ а·ға¶ёа·Ҹа¶ў а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ  а¶…а·Җа¶°а·Ҹරණа¶ә а¶ҡа·…а·ҡа¶ә.
вҖҳвҖҳа¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶ңа¶ёа¶ұට බа·Ҹа¶°а·Ҹ එа¶ҙа·ҸвҖҳвҖҳ
0
(එа·Ҷа·Ҡ.а¶…а·ға·Ҡа¶Ҫа¶ёа·Ҡ) а¶Ҝа·ҷа¶ёа·… බа·ға·’а¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡිරීම а¶ұа·җа·Җа¶ӯа·“а¶ёа·ҡ රජа¶әа·ҡ а¶ӯීරණа¶ә а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Ға·Ҡ‍රි а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙа·’а¶ӯ а¶ўа·Ҹа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡිරීමа·ҡ а¶ӯа·Җа¶ӯа·Ҡ එа¶ҡа·Ҡ а¶…а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ බа·Җ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ұа·Ҡа¶°а·Ҹа¶ұ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී එමа·Ҡ.а¶’.а·ға·”а¶ёа¶ұа·Ҡа¶ӯිරа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Җа·ға¶әа·’. а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡ а¶…а¶ӯර а·ға¶Ӯа·„а·’а¶Ҝа·’а¶әа·Ҹа·Җ а·„а·Ҹ а·ға¶ёа¶ңа·’а¶ә а¶ҙа·Ҡ‍රа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡිරීමа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·„а·Ҹа¶әа¶ҡ а¶ұිරа¶ӯ а·Җа·ҷа¶ұа·Җа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җට එම а¶Ӣа¶ӯа·Ҡа·ға·„а·Ҹа¶әට а¶ҙටහа·җа¶ұа·’ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ҙа·’а·…а·’а·Җа·ҷа¶ӯа¶ҡа·Ҡ ඔа·ға·Ҡа·ға·ҡ а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ රජа¶ә а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а·ғිටිа¶ұ බа·Җа¶Ҝ а·ға·”а¶ёа¶ұа·Ҡа¶ӯිරа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·“а¶ә. а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶Ҝа¶ёа·’а·… බа·ға·’а¶ұа·Ҡ а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡිරීම а¶ұа·җа·Җа¶ӯа·“а¶ё а¶ҙිළිබа¶Ҝ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·Җа·ҷа¶ӯ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а·ға·”а¶ёа¶ұа·Ҡа¶ӯිරа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶Ҫа¶ҡර а·ғිටිа¶әа·ҡа¶ә. а¶‘а·„а·’а¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә. 2015 а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ҙа·Ҡ‍රථම а·Җරට а¶’ а·Җа·ғරа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·’а¶ұ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а·ғිට а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶Ҝа¶ёа·’а·… බа·ға·’а¶ұа·Ҡ а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡරа¶ұа·” а¶Ҫа·җබුа·Җа·Ҹ. а¶’ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әට а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶әа·’ а¶ёа¶ёа¶әа·’ а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җුණа·Ҹ. а¶Ҝа·Ға¶ҡ а¶ңණа¶ұа·Ҹа·Җа¶ҡට а¶ҙа·ға·” а¶үа¶Ҫа¶Ӯа¶ңа¶әа·’ а¶ӯа¶ёа·’а¶Ҫа·Ҡ අරа·ға·” а¶ҡа¶ а·Ҡа¶ а·’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·’а¶ұ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әට а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җුණа·ҡ. а¶Ҡට а·„а·ҡа¶ӯа·”а·Җ а·ға¶Ӯа·„а·’а¶Ҝа·’а¶әа·Ҹа·Җට බа·ңа·„а·қ а¶Ҝа·ҡа·Җа¶Ҫа·Ҡ а¶’ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡа¶Ҝа·“ а·ға·’а¶Ҝа·”а·Җа·”а¶ұа·Ҹ.а¶Ҝа·ҷа¶ёа·… බа·ға·’а¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡිරීමට а¶…а¶ёа¶ӯරа·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а·ға·’а¶ә а¶ҡа¶ӯа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ  а¶ҡа·ҳර а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә а¶ұа·’а¶ё а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶…а·Җа·ға¶ұа·Ҡ а·Җа·– а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә බа·ңа·„а·қ а¶Ҝа·ҷа¶ұа·Ҹ а·ғමරа¶ұ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶ҡа·ҳර а·ға·җමරුමа·Ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа¶ҡа·Ҡ බа·Җට а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а·ғිටිа¶әа·Ҹ. а¶…а¶Ҝ එම а¶ӯа¶ӯа·Ҡа·Җа¶ә а·Җа·ҷа¶ұа·ға·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а·ға¶Ӯа·„а·’а¶Ҝа·’а¶әа·Ҹа·Җට а¶ҙа·Ҡ‍රа¶ӯа·’а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶Ҝа·Ҹа¶ёа¶әа¶ұа·Ҡ а·ға·’а¶Ҝа·”а·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·Җа¶ӯа·’а¶ұа·Җа·Ҹ.а¶Ҝа·ҷа¶ёа·… බа·ға·’а¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ұа·ңа¶ҡිරීම එහි එа¶ҡа·Ҡ а¶…а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ.රජа¶әа·ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ҡа¶Ҫа·Ҹа¶ҙа¶әа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ.а¶’ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а·ға¶Ӯа·„а·’а¶Ҝа·’а¶әа·Ҹа·Җ а¶ҙа·Ҡ‍රа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡිරීමа·ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа·Җа¶ұа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶Ҝа·ҷа¶ёа·…а·’а¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫ රජа¶ә а¶ұа·’а¶әа·қа¶ң а¶Ҝа·“а¶ё а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶ұ එа¶ҡа¶әа·’. а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶…а¶ҙа·’ а·ға¶ӯුටිа¶ұа·Ҡ а¶’ а¶ңа·“а¶ә а¶ңа·Ҹа¶әа¶ұа·Ҹ а¶ұа·ңа¶ҡර а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡරа¶Ҫ а¶Ҝа·җа¶ұа·Ҡ а¶Ҝа·Ға¶ҡ а¶ңණа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ.а¶ҙа·…а¶ёа·” а¶ўа¶ұරජ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶ңа·ҷа¶ұ а¶Ҷ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ а¶үа¶Ҝа¶Ҫа¶ё а¶…а¶ҙа·’ а¶’ බа·Җ а¶ҡа·“а·Җа·Ҹ. а¶…а¶ҙа·ҡ а·ға·Ҹа¶°а·Ҹරණ а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа·“ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа·Ҡ а¶ҙа·’а·…а·’а¶ұа·ңа¶ңа·җа¶ұа·“а¶ё а¶ұа·’а·ға·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ўа·“а·Җа·’а¶ӯа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а·Җа·–а·Җа¶ұа·Ҡ а·Җа·’а¶Ҝිහට а¶үа¶ұа·Ҡа¶ұа·ҡ. а¶’ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶әа·ҡ а·Җа·ҷа¶ұа·ға¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·”а¶ҡරа¶ұа·Ҡа¶ұට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·„а·’а¶ёа·’ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ බа¶Ҫа¶ӯа¶Ҫ а·Җа·җඩි а¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·‘. එа·Җිටа¶әа·’ а¶…а¶ҙිට а·ға¶ё а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·Җа·’а¶Ҝිහට а¶ёа·ҡ රටа·ҡ а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ.а¶…а¶ҙа·’а·Җ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫ а¶ӯа·’а¶әа·ҷа¶ұ එа¶ҡа·ҡ а¶ӯа·Җа¶ӯа·Ҡ එа¶ҡа·Ҡ а·ға¶Ӯа¶ҡа·ҡа¶ӯа¶әа¶ҡа·Ҡ а·Җа·’а¶Ҝිහටа¶әа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·“а¶ә а¶Ҝа·ҷа¶ёа·…а·’а¶ұа·Ҡ а¶ңа·җа¶әа·“а¶ё а¶ӯа·„а¶ұа¶ёа·Ҡ а¶ҡිරීමа·ҡ රජа¶әа·ҡ а¶ұа·’а¶әа·қа¶ңа¶ә а¶…а¶ҙа·’ а¶Ҝа¶ҡа·’а¶ұа·Ҡа¶ұа·ҡ. 
вҖҳвҖҳа¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶ңа¶ёа¶ұට බа·Ҹа¶°а·Ҹ එа¶ҙа·ҸвҖҳвҖҳ
0
‘а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට а¶ӯа·Җ а¶ёа·Ҹа·ғ а¶ӯа·”а¶ұ а·„а¶ӯරа¶ҡට а·Җඩа·Ҹ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶үа¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶ұ එа¶ҡа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ‘ а¶әа·җа¶әа·’ а·Ға·Ҡ‍රීа¶Ҫа¶ұа·’а¶ҙ а¶ұа·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а·ға·”а·ға·’а¶Ҫа·Ҡ а¶ҙа·Ҡ‍රа·ҡа¶ёа·Ҡа¶ўа¶әа¶ұа·Ҡа¶ӯа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶Ҝ (19) а·ға·’а¶ә ධූරа¶әа·ҡ а·Җа·җඩ а¶·а·Ҹරа¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ҡа·ңළඹ ඩа·Ҹа¶Ҫа·’ а¶ҙа·Ҹරа·ҡ а¶ҙිහිටි а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·–а¶Ҫа·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶Ҝ а¶ҙа·ҷරа·Җරුа·Җа·ҡ а·Җа·җඩ а¶·а·Ҹරа¶ңа¶ӯа·Ҡ а¶…а¶ӯර а·Ға·Ҡ‍රීа¶Ҫа¶ұа·’а¶ҙ а¶·а·Ҹණа·Ҡඩа·Ҹа¶ңа·Ҹරිа¶ҡ එа·ға·Ҡ.බී.а¶ұа·Ҹа·Җа·’а¶ұа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹа¶Ҝ а¶…а¶Ҝ රа·Ҹа¶ўа¶ҡа·Ҹරී а¶Үරඹීа¶ә.හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරුа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа¶ҡа·”а¶ңа·ҡ а¶…а¶ұа·”а·Ға·Ҹа·ға¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ңа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ а·Ға·Ҡ‍රීа¶Ҫа¶ұа·’а¶ҙа¶ә а¶ӯරමа·Ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ұа·ңа·Җ а¶ёа·ҷа¶ё а¶ҡа¶Ҫа·Ҹа¶ҙа¶әа·ҡа·Җа¶ӯа·Ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’а¶Ҝ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶’ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·“а·…а¶ҹ а¶ёа·„а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“ а·Ға·Ҡ‍රීа¶Ҫа¶ұа·’а¶ҙ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а·Җරа¶әа·ҷа¶ҡа·Ҡ а·„а·Ҹ රජа¶әа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ңа·ҷа¶ұ රට а¶үа¶Ҝිරි а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡරа·Ҹ а¶ңа·ҷа¶ұ а¶әа·Ҹමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ බа·Җа¶Ҝ а·„а·ҷа¶ӯа·ҷа¶ё а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.හිටа¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯිට а¶Ҡа·…а¶ҹ а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ ධූර а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡа¶Ҝ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ а¶Үа·ға·– а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶әа¶ҡට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа·ҡа¶ёа·Ҡа¶ўа¶әа¶ұа·Ҡа¶ӯа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·“а·Җа·ҡ ‘а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ӯа·Җа¶ё а¶ӯීරණа¶әа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶’ а¶ңа·җа¶ұ а¶ҡථа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ӯа·Җа¶ё а¶ҡа¶Ҫа·Ҡ а·Җа·җඩිа¶әа·’‘ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·’. а¶Ўа·Ҹа¶әа·Ҹරූа¶ҙ - а·Ға·Ҹа¶ұа·Ҡа¶ӯ රа¶ӯа·Ҡа¶ұа·Ҹа¶әа¶ҡ
вҖҳвҖҳа¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶ңа¶ёа¶ұට බа·Ҹа¶°а·Ҹ එа¶ҙа·ҸвҖҳвҖҳ
0
  (නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර ඉදිරියෙන්ම ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14) සවස නිකවැරටියේදී පැවසීය.රටේ පණනල වන් ගොවි ජනතාව වෙනුවෙන් මංගල රැලියේදීම සහන සැලසීම් පිළිබඳව ප්‍රකාශයට පත් කළේ මේ රට සංවර්ධනය කිරීම සඳහා වූ පළමු වෙඩිමුරය තබමින් බවද හෙතෙම සඳහන් කළේය.නිකවැරටිය සති පොළ භූමියේදී පැවති ජය තහවුරු කිරීමේ රැස්වීම අමතමින් ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. දහදුක් විඳලා ගොවියා අතට ගත්ත වී ටිකට නිසි මිලක් නොදී කලට වේලාවට පොහොර ටික නොදී පිටරටින් සහල්ටික ගෙන්වූ යහපාලන ආණ්ඩුව වී ගොවියා අනාථයෙක් බවට පත් කළා. එදා අපි වියළි මිරිස් රටින් ගෙනාවේ නෑ. සියයට 100ක්ම අපි නිෂ්පාදනය කළා. ගම්මිරිස් ටික අපි පිටරට යැව්වා ඒත් දැන් මේ සියල්ල රටින් ගෙන්වීම නිසා අද ගොවියා අසරණ වෙලා අපි මේ සියල්ල නවත්වලා ගොවියා ආරක්ෂා කරනවා. ඩොලර් මිලියන ගණන් පිට රටට දන් දෙන්නේ නෑ. අද මේ වන විට ආර්ථිකය වගේම රටේ ආරක්ෂාවත් සහමුලින්ම කඩා වැටිලා රණවිරුවාට පිළිගැනීමක් නෑ. ප්‍රමුඛතාවක් නෑ. විදේශ උපදෙස් වලට සැලසුම් හදමින් යහපාලන ආණ්ඩුව විනාශ කළ ජාතික ආරක්ෂාව යළි ස්ථාපිත කිරීමට අපි පියවර ගන්නවා. ආහාර සුරක්ෂිත භාවයෙන් රැකියා වලින් සියලු ආකාර වලින් අපි ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. ගොවි ණය කපා හැරලා පොහොර ටික නොමිලේ ලබාදීලා ගොවියා දෙපයින් නගා සිට වූ විට මේ රටේ මුඩු බිම් සියල්ල නිල්ල නගන සරු බිම් බවට පත්වේවි. ගොවියාට නව තාක්ෂණය ජල කළමනාකරණය නවීන බෝග වර්ග සහ විවිධ දේ ගොවියාට හඳුන්වා දී ගොවියා නගා සිටුවීමෙන් සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීමෙන් මිස රටක් දියුණු කරන්න බැහැ.අද වන විට උසස් පෙළ සමත් වෙලා ද්විතීය අධ්‍යාපනයට යන්න වරම් නොලැබුණු ගොවි පවුල්වල දරුවෝ ඇතුළුව මේ රටේ දරුවෝ සියලු දෙනාම වෙනුවෙන් අපි පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න අපේක්ෂා කරනවා. උසස් පෙළ සමත් සියලුම දරුවන්ට සරසවි වරම් හිමි කරලා දෙනවා. ඒ වගේම රැකියාද උත්පාදනය කරනවා.ඒ වගේ උසස් පෙළ අසමත් දරුවන්ට වෘත්තීය පුහුණු විද්‍යාල, කාර්මික විද්‍යාල බිහිකරලා, ඥානය අතින් දියුණුවූ අධ්‍යාපනයක් තහවුරු කරන්න අපි කටයුතු කරනවා. අපේ ආර්ථික සැලැස්ම මත අපේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කරනවා. එදා විශාල අභියෝග මැදයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගත්තේ. වසර 30කටත් වැඩි කාලයක් ආණ්ඩු කීපයක් තුළ දෝලනය වෙමින් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන බවට එතුම ජනතාවට දුන් පොරොන්දුව ඉටු කළා. ඇමරිකාව බැහැයි කීව දෙය එතුමා කරලා පෙන්නුවා. වසර තුනක් ඇතුළත මේ සියල්ල ඉටුකර ආසියාවේ දියුණුම රටක් බවට ශ්‍රී ලංකාව පත් කළා. රට තුල ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් සිදුකර මේ මහ පොළව එකම වැඩබිමක් බවට පත් කළා.යහපලාන ආණ්ඩුව මේ සියල්ල විනාශ කළා. රට තුළ සුරක්ෂිත කළ ජාතික ආරක්ෂාව විනාශ කළා, රට තුළ බෝම්බ පිපුරුනා. ජනතාවට ආපහු යුද බිය දැනෙන්න ගත්තා. මේක ආපහු බෝම්බ පිපිරෙන රටක් බවට පත් වුණා. කිසිම ආරක්ෂාවක් නෑ. ඒක බාර ගන්න කෙනෙකුත් නෑ. රටේ ජනතාව අනාථ කළා. අපි වටිනාකමක් දුන්න රණවිරුවට කෙනහිලිකම් කළා. ඔවුන්ට අපහාස කළා. පීඩාවට පත් කළා.මේ සියල්ල වෙනස් කිරීමේ හෝරාවයි. මේ එළැඹිලා තියෙන්නේ මේක විනය ගරුක ජනතාවක් ඉන්න විනය ගරුක රටක්. ජාතික ආරක්ෂාවෙන් සුපෝෂිත සංවර්ධනයේ කඩඉම් පසු කළ එදා තිබුණු සුන්දර ශ්‍රී ලංකාවක් ඔබ සියලු දෙනාට තිබූ යහපත් අනාගතයක් යළි මේ ලක් මවුන් තුළ ස්ථාපිත කිරීමට අපි සියලු දෙනාම අත්වැල් බැඳ ගමු. ඔබගේ බලාපොරොත්තුවේ දෑස් අග රැඳි කඳුළු වියැකී සිනාවේ අරුණලු සමග සුන්දර ලෝකයක් බිහිවන දිනයට තව ඇත්තේ මාසයක් වැනි කෙටි කාලයක්.හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතානිකවැරටියට එන සෑම විටකම දැදුරු ඔයේ මාගල්ල ජලාශයේ මහා ජලකඳ දකින සෑම විටම අප්‍රමාණ සතුටක් සිතට දැනෙනවා. ඒ මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් මහා යුතුමක් ඉටු කළායි අභිමාණයක් සිතට දැනෙනවා.ඒත් අද ජනතාව මහා විපතකට වැටිලා ඉන්නවා. ඒ වේදනාව සිතට දැනෙනවා. ඒක මේ ආණ්ඩුවේ නොහැකියාව. එදා යුද්ධය අවසන් කරලා. එකම වැඩබිමක් කරපු රටේ ජනතාව අද දේපළ උගසට සින්න වෙන තැනට වැටිලා. මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා කියන ආකාරයට නෙමෙයි. අපිටත් ඕනෑ පඩි ගන්න නෙමෙයි වැඩ කරන්නයි. ඒ නිසයි මම වැඩ කරන්න පුළුවන් මිනිහෙක් තෝරා ගත්තේ.නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පමණක් නොවෙයි මුළු රටේම පානීය ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩා විඳිනවා. අපේ ආණ්ඩුවකින් සියලු ජනතාවට ගම්දනව් සිසාරා නල මගින් පානීය ජලය ලබා දෙනවා. ඒ වගේම අබලන් වෙලා තියන ප්‍රධාන මාර්ග ඇතුළු සියලු මංමාවත් කඩිනමින් සංවර්ධනය කරනවා. මේ ආණ්ඩුවට මේවා කරන්න වුවමනාවක් නෑ. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න ගියාට රෝහල් වල බේත් නෑ. බාල බෙහෙත් ගෙනල්ලා කොමිස් ගහලා ජනතාවට මරණය උරුම කරපු ආණ්ඩුවක් මේක ලාභ බෙහෙත් ගෙනල්ලා ජනතාවට බෙදලා. මේ ආණ්ඩුව මොනවද මේ කරන්නේ. මේවා ශාප වෙන අපරාධ. අපිට ආර්ථික සංවර්ධන සැලැස්මක් තිබුණා. අපි කරපුවා සේරම විකුණුවා. සල්ලි වලට කරපු දෙයක් නෑ. පිටරටවල් වලට අවුරුදු 200කට බදු දුන්නා. ඒ විදියට බදු දුන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි. දරුවන්ට මේ රටේ සම්පත් තියෙන්න ඕනෑ.පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන එහෙම කරන්න මේ ආණ්ඩුවට අයිතියක් නෑ. ජනතාවට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.මහ බැංකුව කොල්ලකෑමෙන් පටන් අරගෙන රටේ සෑම අංශයකින්ම විනාශ කරලා බොරු සංදර්ශන මවා පාලා රට රවට්ටන්න හදන හැටි. ඒ වුණාට එදා රැවටුණු මිනිස්සු අද නැහැ. එදා ලොකු වැරැද්දක් වුණා කියලා ජනතාව අවබෝධ කරගෙන අහවරයි. එදා විද්‍යා අධ්‍යාපනය ගමට ගෙනියන්න අපි ගමේ දරුවන් වෙනුවෙන් රට පුරා හදපු මහින්දෝදය විද්‍යාගාර 1000ක් විවෘත කළේ නෑ. බෝඞ් ගලවලා දැම්මා. මහින්ද චින්තනය තියෙන්නේ බෝඞ් වල නෙමෙයි. මිනිස්සුන්ගේ හදවත් තුළ තියෙන්නේ කියලා මෙදා පාර ජනතාව ඔවුන්ට කියලා දේවි.සජිත් ප්‍රේමදාස කියනවා තාත්තාගේ යුගය නැවත ආරම්භ කරනවාලු. ප්‍රේමදාස යුගයේ මේ රටේ තරුණ තරුණියෝ දහස් ගණනක් මහ පාරවල් වල මරාදාපු හැටි ජනතාවට තවම මතක ඇති. ඒ තරම් තරුණ ජීවිත අමු අමුවේ විනාශ කළ යුගයක් තවත් නැහැ.සජිත් ප්‍රේමදාසවත් එක්සත් ජාතික පක්ෂයවත් ඔය දකිමින් සිටින සිහිනය කවදාවත් ඉටු නොවන එකක් බව කියන්නම ඕනෑ.පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර රටක් හදනවාලු. එයාට ඇප අත්සන් කළෙත් මහ බැංකු කොල්ලයට ගෑවුනු අය නම් අන්තිමට සජිත්ට සජිත්වත් ඉතිරි වෙන්නේ නැහැ. නිකවැරටියේ ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ ජනතාවට යහපාලන ආණ්ඩුව කළ දෙයක් නැහැ. මේ අය ආර්ථිකය අසමත් රටේ ආරක්ෂාව අතින් අසමත් රැකියා උත්පාදනය සංවර්ධනය සහ සියලු දෙයින් අසමත් හැම දෙයම ෆේල් වෙලා තියාගෙන නන් දොඩවනවා. මේ ආණ්ඩුව පට්ට කාලකණ්නි ආණ්ඩුවක්, මේක නම් දේව ශාපයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ජනතාවගේ ලොකු විශ්වාසයක් තියනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙනවා. ඒක ස්ථිරයි. ඒක සජිත් ප්‍රේමදාසටවත් එක්සත් ජාතික පක්ෂයටවත් වෙනස් කරන්න බෑ. පරාජය පෙනි පෙනී යහපාලන ආණ්ඩුව වියරුවෙන් දඟලනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක නිලන්ත රාජපක්ෂ මහතාජනාධිපති ආපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා උපරිම සහය ලබා දෙමින් අපි මේ වන විට අත්වැල් බැඳගෙන ඉවරයි. අපිට ගැළපෙන අපේ රටට ගැළපෙන නායකයෙක් අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට ආදරය කරන නායකයෙක්, එතුමා  මේ ගත්ත තීරණය ඉතාම නිවැරදියි. අපි සතුටු වෙනවා. ඒ ගැන අපි සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට පතනවා, ලබන 16 වෙනිදාට අපි අපේ යුතුකම ඉටු කරනවා.මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාසජිත් කියනවා මිනිස්සුන්ට නිවාස නොමිලේ දෙනවලු. කෑම බීම නොමිලේ දෙනවලු තව තව නොයෙක් නොයෙක් දේවල් නොමිලේ දෙනවලු. ඒ කියන්නේ ජනතාවගේ අතේ සල්ලි නෑ. ඇයි මිනිස්සු දුප්පත් වුණේ ඔබලා කැමති නැද්ද ඔබේ දරුවා එක්ක කඬේකට සාප්පුවකට ගිහින් බඩු ගන්න. ජනතාවගේ අතට සල්ලි එන විදියකුයි හදන්න ඕනෑ. යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවලා ඔවුන්ගේ අතට සාක්කුටව සල්ලි එන සංවර්ධන සැලැස්මක් හදන එකයි අපේ අරමුණ.මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයේ රැල්ල තමා රට පුරාම තියන රැල්ල සජිත් මහත්තයෝ ඇල්පිටියට මොකද වුණේ. එක්සත් ජාතික පක්ෂයට ගිය කල, මේක ජාතික ප්‍රශ්නයක් නේද? අවුරුදු පහක්ම බොරු කීවා ඇති. වැඩබැරි ආණ්ඩුව ගෙදර යන්න කාලේ හරි.නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී. පතිරණ මහතාඑදා නුගේගොඩින් ආරම්භ කරපු මහින්ද සුළඟ අද රට පුරාම හමාගෙන යනවා. යහපාලන ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ මේ රටත් ජනතාවත් පීඩනයට පත් කළා. අපේ නායකයින් හිරේ විලංගුවේ දාලා අපිව නතර කරන්න උත්සාහ කළා. සත්කෝරලයේ ජන නායකයාට හිරිහැර කළා. හිරේ දැම්මා. ඒත් මර්දනය කරන්න බැරි වුණා. ගෝඨාභය මහත්තයාගේ ජනපති වෙන එක වලක්වන්න නොයෙක් උපක්‍රම ගෙනාවා. ඒ සියල්ල පරාජය වුණා. තව ටික දවසයි. සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයට පරාජය බාර ගන්න වෙනවා.
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“
1
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප‍්‍රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න  ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න  ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න  ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්‍ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්‍ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත‍්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත‍්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප‍්‍රශ්න කරනවා.උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න  ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න  ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න  ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත‍්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත‍්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක‍්‍රමයක් අපිට  ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න  ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න  ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප‍්‍රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප‍්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප‍්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න  ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න  ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික‍්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප‍්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප‍්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප‍්‍රහාර එල්ල කරන්න  ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි  ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න  ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න  ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක‍්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික‍්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික‍්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක‍්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික‍්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික‍්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“
0
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්‍රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ. 
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“
0
(ආරියරත්න රණබාහු, හෙට්ටිපොල ධම්මිකා බාලසූරිය, බිංගිරිය වික්ටර් සෝමසිරි, නන්ද එස්. ඒකනායක සහ කටුපොත මුදියන්සේ අමරසිංහ) මහා සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම්වලින් තොරව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිංගිරියේ  පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ දී පැවැසීය.මෙතෙක් පැවති රජයන් විසින් වරින්වර ප්‍රකාශයට පත් කරන ලද බෞද්ධ කොමිෂන් වාර්තා පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව කී ජනාධිපතිවරයා ස්වභාව ධර්මය විසින් ඇති කරන සෑම තත්ත්වයක්ම අපේ රටේ පමණක් නොව වෙනත් රටවල ද තිබෙන බවත් එහෙත් මෙරට මාධ්‍ය එය මේ රටට පමණක් ඇති දෙයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරන බව ද කීය.ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි.විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මලඟනේ අත්ථදස්සි නාහිමියන් පිරිස පංචශීලයේ පිහිට වූ අතර ජයපිරිත සජ්ජායනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු ඇරඹිණි.දැමුණු සිත සුව ගෙනදේ (චිත්තං දන්තං සුඛාවහං) යන තේමාව යටතේ මෙවර වෙසක් මහෝත්සවයේ කටයුතු සංවිධානය කර තිබිණි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙම විහාරස්ථානයේ පැවැත්වීමට ලැබීම ගැන අප සතුටට පත්වනවා. පසුගිය වසරේ ලෝක වෙසක් උත්සවය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද රට වශයෙන් අපගේ රටේ එය පැවැත්වීමට ලැබුණා. ඒ සඳහා බෞද්ධ රටවල රාජ්‍ය නායකයන් ගෙන්වා එම උළෙල උසස් ලෙස පැවැත්වීමට හැකි වුණා.මේ උතුම් පූජනීය ස්ථානයේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තිබෙනවා. මෙහි පිහිටි ටැම්පිටි විහාර පිළිබඳව මහා සංඝරත්නය අනුශාසනා පවත්වනවිට සඳහන් කළා. ගෞරවණීය සීලක්ඛන්ධ ස්වාමීන් වහන්සේ සිය අනුශාසනාවේ දී ඒ පිළිබඳව මගේ අවධානය යොමු කළා.ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මා වැඩපිළිවෙළක් ආරම්භ කළේ මීට අවුරුදු දෙකකට කලින් ලංකාවේ සියලුම ටැම්පිට විහාර සම්බන්ධයෙන් මා 2016 වසරේ දී වාර්තාවක් ලබා ගත්තා.බුද්ධ ශාසන අමාත්‍යාංශය සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩසටහන් කළා. මෙම ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය වන්නේ මොනවාදැයි මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කිව්වේ මුදල් සහ සියලු සම්පත් තිබෙන බවයි. ඒ අනුව ඔවුන් එම කටයුතු කිරීමට බාර ගත්තා. මේ වනවිට ඔවුන් කොතෙක් දුරට එම කටයුතු කර තිබේදැයි මා දන්නේ නැහැ. නාවින්න ඇමැතිතුමා මට කිව්වා දැනට එම කටයුතු කෙරෙනවා කියලා. කෙසේ වෙතත් මෙම කටයුතු එකවර කිරීමේ අපහසුවක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු කොහොමටත් යන්නේ අඩු වේගයකින්.තථාගත බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් අපේ බෞද්ධ ජනතාව වගේම ලෝක බෞද්ධ ජනතාවත් ඒ වගේම බෞද්ධ නොවන ජනතාවත් මේ උතුම් පිංකමට සෑම වසරකම එක්වෙනවා.මිනිසුන් අතර සමාජය තුළ හදන නීති රීති පෙන්වන මග පෙන්වීම් ඇතුළත් ව්‍යවස්ථාපිත තත්ත්වයක් හරියට ඒ වෙලාවට කළ යුතු වෙනවා. බෞද්ධ ජනතාව සිය වගකීම් සහ කාර්යයන් ලෙස වෙසක් පොහෝ දින කටයුතු සලකනවා.වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා මත බෞද්ධ ජනතාව සෑම ආගමික වතාවක්ම නිසි පරිදි කරන බව අපි දන්නවා. රජයක් විසින් කළත් නොකළත් බෞද්ධ ජනතාව එම කටයුතු ඉටුකරනවා.බෞද්ධාගමික රටක් වශයෙන් මේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම රජයේ වගකීමක්. ථෙරවාදී බෞද්ධ දර්ශනය පවතින රටක් ලෙස එදා දවස වගේම අද දවසේත් හෙට දවසේත් මානව සමාජය තුළ ඇතිවිය හැකි විවිධ ක්ෂේත්‍රවල ගැටලුවලදීත් බෞද්ධ දර්ශනයෙන් ලැබෙන විසඳුම් ඉතා පැහැදිළි සහ ස්ථිරසාර විසඳුම් බව අපි දන්නවා.ඒ නිසා අපි කාගේත් යුතුකම වන්නේ මේ සඳහා අප සියලු දෙනාගේ කැපවීමයි. අප සෑම කෙනෙක්ම අපේ වගකීම් පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරනවා නම් තිබෙන ප්‍රශ්න දෙස සැබෑ වුවමනාවකින් බලනවා නම් නිවැරදිව බලනවා නම් බෞද්ධ දර්ශනය තරම් මගපෙන්වීමක් වෙනත් කිසිදු දර්ශනයක නොමැති බව අපි සෑම කෙනෙක්ම දන්නවා.මල්වතු පාර්ශ්වයේ නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ අනුශාසනාව පවත්වන විට ප්‍රධාන වශයෙන්ම සමාජයේ යහපත්කම සදාචාර බව බෞද්ධාගමික කටයුතු සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් බොහෝ කරුණු සඳහන් කළා.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ සිට පත්කරන ලද කොමිෂන් සභා වාර්තා පිළිබඳවත් උන්වහන්සේ සිහිපත් කළා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබෙන තත්ත්වයන් පැහැදිලි කළා.මා ඊයේ දඹුලු රජමහා විහාරයේ පැවැති ආගමික උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීත් උන්වහන්සේත් මේ කරුණු සඳහන් කළා.කොමිෂන් සභා වාර්තා සම්බන්ධව කරුණු මා සොයා බලා රජයක් විදියට ගත හැකි ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මෙහි දී ගෞරව පූර්වකව සඳහන් කරනවා.අපට තිබෙන දේශපාලන ආර්ථික සමාජයීය ප්‍රශ්න බොහෝ වෙලාවට අපේ රටේ මාධ්‍ය සමාජ වෙබ් අඩවි මේ රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ මේ රටේ තිබෙන ප්‍රශ්න විදියට විතරයි.නමුත් මේ තිබෙන ප්‍රශ්න ලෝකයේ බොහෝ රටවල්වල මේ ආකාරයටම තිබෙනවා. දැන් අපේ රටේ අවුරුදු ගණනාවක් නියඟය තිබෙනවා. මේ පැත්තට දැන් හොඳට වැස්සට  අනුරාධපුරයට වැස්ස නැහැ. ඒ ප්‍රදේශයේ සමහර තැන්වලට බොන්න වතුරත් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් එක් ප්‍රදේශයක මේ දවස්වල බොන්න වතුර නැහැ.මේ තත්ත්වය අපේ රටේ විතරක් නොවෙයි. මා ගිය මාසයේ පාකිස්තානයට ගිය වේලාවේ. ඉන්දියාවට ගිය වේලාවේ දැක්කා කාන්තාර වගේ තත්ත්වයට ඒ රටවල්වල ඇතැම් ප්‍රදේශ පත්වී තිබෙන අයුරු.ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් විදියට ජයගන්න අප සියලු දෙනාට ආත්ම ධෛර්යයක් සහ ආත්ම ශක්තියක් තිබිය යුතුයි.ස්වභාව ධර්මයාගෙන් වේවා අනෙකුත් ආර්ථික වාණිජ කරුණු වශයෙන් වේවා අප රජයක් විදියට කුමන ආකාරයේ විවේචන එල්ල වුණත් රටේ මහජනතාව වෙනුවෙන් ගත හැකි සුබවාදී පියවර ගැනීමට කටයුතු කරන බව ඔබ වහන්සේලාට ගෞරව පූර්වකව කියන්නට ඕන.සෑමවිටම රජයක් විදියට කටයුතු කිරීමේ දී මා අද දවසේ නොවෙයි පසුගිය අවුරුදු තුන හමාරේම ඔබ වහන්සේලා බැහැ දැක්කා. ඒ හමුවුණු සෑම වාරයකම මහා සංඝරත්නයේ අනුශාසනා මගපෙන්වීම් විනා උන්වහන්සේලා දෙන උපදෙස්වලින් පිටස්තරව කිසිදු වෙලාවක කටයුතු නොකරන දේශපාලනඥයෙක් කියන එක මා බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.ඒ ප්‍රතිපත්තියේ මා බොහොම පැහැදිලිව පිහිටා සිටිනවා. අපි අපේ රට වශයෙන් යහපත්, සදාචාර සම්පන්න විනය ගරුක රටක් හදන්න කැපවෙමු. ගමේ පන්සල විහාරස්ථානය ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගනිමු. එහි දී අවශ්‍ය සම්පත් පූජා කරමින් කිසිදු අඩුවකින් තොරව ක්‍රියාකරන බව ද සඳහන් කරනවා.ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි:- බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස් වී වසර 70ක් දිග ගමන් මගක් ඉදිරියට ගමන් කරන විට සම්ප්‍රදාය බෞද්ධ ක්ෂේත්‍රය විහාරස්ථාන සහ භික්ෂුන් වහන්සේ බෞද්ධ ජනතාව පිළිබඳ සාකච්ඡා වුණ වාර්තා ලිඛිත වශයෙන් කිහිපයක්ම පවතින බව අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන් 1957 පමණ කාල වකවානුව පරීක්ෂා කර බෞද්ධ කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව කිහිප අවස්ථාවක ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒවා සමාජගත කළා.මේ කොමිෂන් වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විද්වත් සාකච්ඡා පැවැත් වුණා. එමගින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන බිහි වුණා.රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා මගින් ඉතා වටිනා වාර්තා ඉදිරිපත් වුණා. මේ සෑම ලියකියවිල්ලක්ම ඉතා වටිනවා. මේවා මගින් ලංකා සම්බුද්ධ ශාසනය ගමන් කළ යුතු දිශානතිය සහ මුහුණ දෙන ගැටලුව පිළිබඳවත් ඒවා විසඳා ගැනීම සඳහා කළ හැකි කළ යුතු කාර්ය සමුදායන් පෙන්වා තිබෙනවා.මෙම කොමිෂන් සභා වාර්තා හැදෑරීම සඳහා ඒකකයක් පිහිටුවන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් අප ඉල්ලා සිටිනවා. ඒ මගින් ඒවා ඉටුකරන ලෙසද ඉල්ලීමට කැමැතියි.පසුගිය දිනවල මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවුණ තත්ත්වයන් පිළිබඳව ඉතාම ස්වාධීනව ඉතාම ගැඹුරින් නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිතුමාට ආයාචනා කරන අතර දැනට කොටුවී සිටින අතර බෞද්ධ දරුවන්ට අනාගත යහපත සඳහා කටයුතු කිරීම මැනවයි ද කරුණාධ්‍යාංශයෙන් ආයාචනා කරමි.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා:- මෙම රාජ්‍ය වෙසක් මහෝත්ස්වය පවත්වන හත් කෝරළය මහා පුණ්‍යභූමියක් අන්තර් රාජධානි පහක ඉතිහාසයක් මීට තිබෙනවා. ජනාධිපතිතුමා ඉතාම නම්‍යශීලිව මිත්‍රශීලීව අප හා කටයුතු කරනවා. කවදාවත් නැහැ බැහැ කියන්නේ නැහැ. අපේ වැඩවලට සෑහෙන්න උදව් කරනවා.පසුගිය කාලයේ ඡන්දය පැවැති නිසා අපට කිසි දෙයක් කිරීම මැතිවරණ කොමසාරිස්තුමා තහනම් කර තිබුණා. මෙම විහාරස්ථානයේ දී මෙම උත්සවය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරීමේ දී ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව බාර ගන්නේ නැත්නම් අප විශාල අපහසුතාවකට පත් වෙනවා.මෙය අක්කර දහසක ඉඩමක්. පරිසර හිතකාමී සතුන් මෙහි සිටිනවා. අද පවත්වන උත්සවයෙන් පසුවත් මෙම ස්ථානයේ දියුණුව සඳහා අප කටයුතු කරනවා.මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වැලමිටියාවේ කුසලධම්ම, මහාචාර්ය තුඹුල්ලේ සීලකණ්ධ පඬිබල සෝරත යන හිමිවරු සමග බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුද අදහස් දැක්වූහ.මුද්දර කාර්යාංශයේ මෙහෙයවීමෙන් වෙසක් සමරු මුද්දරය නිකුත් කිරීම සත්කෝරළයේ විහාරවංශය ඇතුළු ධර්ම ශාස්ත්‍රීය පොත් එළිදැක්වීම ද මෙහි දී සිදුවිය. රාජ්‍ය නැටුම් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තන අංගයන්ගෙන් උළෙල විචිත්‍රවත් කෙරිණි.  
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
1
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)අද දවසේ රට හමුවේ ඇති ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ජනවාර්ගික ප්‍රශ්න, ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම දෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය හා සැකයෙන් තොරව සමාජයේ  ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බවද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේදීය.දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් නැදිමාල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෙහෙරහේන සිරි රේවත මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී කිරම විමලජෝති නාහිමියන් පිළිගැනීම සඳහා සංවිධානය කළ උත්සවයේදී ජනාධිපතිවරයා ඒ බව කීය.මාතර වෙහෙරහේන පූර්වාරම විහාරස්ථානයේදී ඉකුත් සිකුරාදා (11) මෙම උත්සවය පැවැත්විණි.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව කිරම විමලජෝති නාහිමියන්ට සංඝ නායක පදවිය පිරිනමා තිබුණි.දර්ශනීය පෙරහරකින් උන්වහන්සේ උත්සව සභාවට වැඩම කළ අතර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කිරම විමලජෝති නාහිමියන්ට ධීවර අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් විජිනිපත පිළිගන්වන ලදී.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන විහාරස්ථ දායක සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.ජනාධිපතිවරයා මෙසේද කීය.ගෞරවනීය කිරම විමලජෝති නාහිමියන්ගේ නම අද මේ රටේ සෑම දෙනා තුළම රැඳී තිබෙනවා. උන්වහන්සේගේ ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පෙන්නුම් කරන ලද සමාජ මෙහෙවර, ශාසනික මෙහෙවර දිගුකලක සිට රටේ ව්‍යාප්ත වී තිබෙනවා. මේ රටේ කිසිවකුට හෝ ඔබවහන්සේ මග තොටේදී මුණගැසුණ විට මේ කිරම විමලජෝති හිමියන් යයි හඳුනා නොගත්තත් ඔබ වහන්සේගේ නාමය රටේ පාසල් දරුවාගේ සිට සෑම කෙනෙකුගේම හදවත් තුළ නොමැකිව තිබෙනවා. මෙවැනි ධර්ම පුත්‍රයෙකු සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඇයි? ලෝකයේ අනෙක් රටවල් උන්වහන්සේ පිළිගන්නේ ඇයි? උන්වහන්සේගේ විනය ධර, ධර්ම ධර, බහුශ්‍රැත භාවය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. බෞද්ධාගමික සමාජය ප්‍රබුද්ධ ගුණවත් නැණවත් සමාජයක් බවට පත් කිරීමට කිරම විමලජෝති හිමියන් විශාල කාර්ය භාරයක නිරත වී සිටිනවා. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් අපට ගෞරවය දක්වනවා. ඒ සඳහා ථෙරවාදී බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරන භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන තිබෙනවා.බෞද්ධ සමාජය, ලාංකීය සමාජය, අපගේ දේශීය සංස්කෘතිය, අපේ කම, ආදී සියල්ල කැටිකර ගත් හොඳ සමාජයක් බිහි කරන්න අප සෑම කෙනෙක්ම කළ යුතු වගකීම් හා යුතුකම් තිබෙනවා. කිරම විමලජෝති නාහිමියන්ට මේ උතුම් පදවිය ලැබීම ගැන රජයක් ලෙස අපි සතුටට පත්වෙනවා. ශ්‍රී ලාංකිකයකු ලෙස ගෞරවය පුද කරනවා.උන්වහන්සේට ඇති සමාජ පිළිගැනීම ගොඩනැගුනේ උන්වහන්සේ සමාජයට දායාද කළ දේවල් නිසාය. ඒ දායාද කළ දේවල් ලෙස මා අදහස් කළේ භෞතික දේවල් නොව අධ්‍යාත්මික ගුණ වගාවන් තුළින් බෞද්ධ දර්ශනය ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. දැනුම ලබා දීමයි. අද දවසේ රට හමුවේ තිබෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව කිව යුතුයි. අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්න, අපේ රටේ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම කෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය, සැකයෙන් තොරව සෑම කෙනෙක් සමගම සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය ප්‍රධාන වශයෙන් ඉවහල් වෙනවා. එසේ නොවන විට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.අද අපේ රටේ හිරගෙවල්වලට ගියාම ඔවුන්ගේ පසුබිම සොයා බැලුවම එහි බොහෝ උගතුන්, බෙහෝ සමාජ නායකයින් ඉන්නවා. හිරගෙයක් කීවාම අපිට බොහෝ විට මතකයට එන්නේ අපරාධකාරයින් ඉන්න තැනක් ලෙසයි. අපරාධකරුවන් වගේම සමාජයේ උගත් දැනුවත් පිරිස පවා ඉන්නවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා සිටිනවා. අපේ රට බෞද්ධ රටක් ලෙස අධ්‍යාත්මක සමාජයක් ගොඩනැගීමට  අප සෑම කෙනෙක්ම කොතෙක් දුරට සමාජ යුතුකම් හා වගකීම් ඉටු කරනවාද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. බොහෝ වෙලාවට අද තොරතුරු තාක්ෂණය සමඟ මාධ්‍ය දියුණුව තුළ නිදහස තුළ අපි සත්‍ය දේට වඩා බොහෝ විට දකින්නේ අසත්‍ය දෙයයි.යහපත් දෙයට වඩා අයහපත් දෙයයි. හොඳ දෙයට වඩා නරක දෙයයි. බොහෝ වෙලාවට සියලු කරුණු කාරණාවලදී අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත රාජකාරියත් පෞද්ගලික ජීවිතයත් ගත කරනවා. සිංහල බෞද්ධ රටක් ලෙස අපි ගැන ලොව පුරා තිබෙන ගෞරවය අපි හැම විටම රැකිය යුතුයි. ඒ වගේම ගෞරවනීය භික්ෂු සමාජයද ඒ පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතුයි. අද ඇතැම් විට කොළඹ විරෝධතා අරගලවලදී ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේ කටයුතු කරන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ලෝකයේ වෙනත් රටවල පිරිස් අපේ භික්ෂූන් වහන්සේ දෙස වැරදි ආකාරයකින්  බලනවා. වැරදි මතයක් පතුරුවනවා. ඒ නිසා මේ සෑම සමාජ කරුණක් පිළිබඳවම තේරුම් අරගෙන වැඩ කිරීම වැදගත් වෙනවා.රජයක් ලෙස කටයුතු කිරීමේදී අපේ රට විතරක් නොවෙයි ලෝකයේ වෙනත් රටවල් පවා අද විවිධ ගැටලු හා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපේ රටේ එක පැත්තක ගංවතුර පැවතියා. අද රටේ ප්‍රදේශයක නියං තත්ත්වයක් පවතිනවා. අසල්වැසි ඉන්දියාවේ පවා අද කෝටි ගණනකට බොන්න වතුර නැතිව දැඩි නියඟයක් පවතිනවා. ඒ වගේම කලාපීය වශයෙන් ගත් විට අනෙක් රටවලත් එහෙමයි. එක් පැත්තක නියඟය, අනෙක් පැත්තෙන් ගංවතුර. මේ කාලගුණික හා දේශගුණික විපර්යාස එක්ක ජීවත්වීම පිළිබඳ අභියෝගයක් පවතිනවා. මිනිසා සෑම විටම දියුණුවට ගියේ ස්වභාවධර්මයාගේන් එන අභියෝගවලට මුහුණ දීලා ස්වභාවධර්මයා සමග සටන් කිරීම නිසයි. මිනිසාගේ පරිණාමය ගත් විට මිනිසා දියුණුව කරා ගියේ පාරිසරික වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ගන්නා ලද තීන්දු තීරණ නිසයි. තාක්‍ෂණය මිනිසා සොයා ගියතේ ඒ නිසයි. දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් සොයා ගත්තෙත් අභියෝගයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙසයි.ඒ නිසා වඩා හොඳ රටක් ලෙස ඉදිරියට යාමට භික්‍ෂූන් වහන්සේලාගේ අවශ්‍ය අවවාද අනුශාසනා අපි හැමවිටම අගය කරනවා. ඒ වගේම අප රටට  විශාල මෙහෙවරක් සිදුකරන කිරම විමලජෝති නාහිමියන්ට තව දුරටත් එම කටයුතු ලෝකය පුරා ගෙනයන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා.මූලාසනයේ සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහ සංඝ සභාවේ රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාමියෝ මෙසේ කීහ.“කිරම විමලජෝති නාහිමියන් පුරප්පාඩු වූ මේ ධුරයට අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලයි සිටියේ. ඒ නිසා සංඝ සභාව ඒකමතිකව තීරණය කළා, උන්වහන්සේට මේ තනතුර දිය යුතුයි කියලා. විමලජෝති හිමියන් රටටත් ලෝකයටත් සිදුකළ සේවාව මෙපමණයි කියා කියන්න බැහැ. ත්‍රිපිටක ධර්මයට අයත් පොතපත සොයා ගැනීමට දුෂ්කර වූ යුගයක උන්වහන්සේ එම භාරදූර වගකීම කරට ගෙන එම කටයුත්ත මැනවින් ඉටු කළා. රටේ ධර්ම විනය සාහිත්‍යයට අවශ්‍ය පොතපත තිළිණ කළා. අද වන විට උන්වහන්සේගේ පොතක් නොමැති පුස්තකාලයක් සොයාගන්න අපහසුය. විදෙස් රටවල මෙරට භික්‍ෂූන් වහන්සේ පාලනය කරන බෞද්ධ ආයතනවල පවා විමලජෝති හිමියන් රචනා කළ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උන්වහන්සේ දශක කිහිපයක සිට රටටත් ලෝකයටත් සිදු කළ මෙහෙවර අප අගය කරනවා.”දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියෝ මෙසේ කීහ.“මම 1960 දී පැවිදි වුණේ වෙහෙරහේන මේ පින් බිමේදියි. 1966 උපසම්පදා වුණෙත් මෙහෙදීමයි. ඒක නිසා මම වෙහෙරහේනට හරි ආදරෙයි. මට මේ විහාරස්ථානයේ විහාරාධිපතිකම ගන්න තිබුණත් මම පරිත්‍යාග කරලා මැලේසියාවට ගියා. එහිදී මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අවුරුදු 13ක්ම මම මැලේසියාවේ ගත කළා. ඇමරිකන් පුරවැසිභාවය පවා මට තිබුණා. ඇමරිකාවෙදී මට ලොතරැයියක් පවා දිනන්න පුළුවන් වුණා. ඒ වන විට මා ළඟ කෝටි හැත්තෑපහක මුදලක් තිබුණා. මම කල්පනා කළා ඒ සල්ලි ටිකට මොකද කරන්නේ කියලා. 1989 මම යළි ලංකාවට වැඩම කළා. කොළඹ හැම පොත් සාප්පුවකම ඇවිද්දා ඉංග්‍රීසියෙන් ලියපු බෞද්ධ පොතක් සොයා ගන්න. ඒත් හමුවුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා අර මුදල් සියල්ලම වියදම් කරලා ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරන්න. පළමුව අටුවා ටිකා එකතු කර ගන්න විතරක් දස කෝටියක් වැය කළා. අද ඒ ග්‍රන්ථ කියවා ධර්මය අවබෝධ කරගත් මාර්ගඵලලාභීන් පවා මේ රටේ බිහිවී තිබෙනවා. ඉදිරි කාලයේ දී රහතුන්වහන්සේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන බව කියන්න ඕන. ඒ වගේම සංඝරාජ තනතුරක් මේ රටේ ඇති කළ යුතුයි. බුදු දහමේ අනාගත පැවැත්ම වෙනුවෙන් එය ගොඩක් වටිනවා.”රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-“අද වන විට කිරම විමලජෝති නාහිමියන් මේ රටට ලෝකයට වැදගත් ධර්ම ග්‍රන්ථ අටසීයකට වඩා මුද්‍රණය කර දී තිබෙනවා. උන්වහන්සේ ජාතික හැඟීමෙන් කටයුතු කළ හිමිනමක්. කිසිවිටෙක ජාතිවාදීව කටයුතු කළේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළා. මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වන බොහෝ දෙනෙකු ජාතිවාදී නැහැ. එහෙත් සුළුතරයක් ජාතිවාදී ප්‍රශ්න ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඇති කරන්න උත්සාහ කරනවා.මාතර මහ දිසාපතිතුමා කතෝලිකයෙක් නිසා බොහෝ අය ඔහුව ප්‍රතික්ෂේප කරන්න කීවා. නමුත් එතුමා මාතරට ඇවිත් පළමු වතාවට තොරණක් ඉදි කළා. ඒ ආකාරයට වැරදි මත පැතිරවීම එතරම් හොඳ දෙයක් නොවෙයි. අපේ රට ජාතිය ආගම ආරක්‍ෂා කර ගෙනයි අපි ඉදිරියට යන්නේ.”මෙම උත්සවයට සමගාමීව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක අලව්වේ ගුණරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් එක්දහස් පන්සියයක් සඳහා රුපියල් කෝටියක් වටිනා ද්‍රව්‍යධාර ප්‍රදානය කිරීමද සිදු විය.ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දෙවුන්දර රජ මහා විහාරාධිපති දෙවුන්දර සිරි සුනන්ද, වැලිගම අග්‍රබෝධි රාජ මහා විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත, වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර, සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ඇතුළුව මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කර සිටියහ.නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
0
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)රට කඩන, රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී ඉකුත්දා (29) ප‍්‍රකාශ කළේය.78 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ජේද, අදහස්, වගන්ති ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් කිසිසේත්ම සිදුනොවන බවද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ගිරාඹේ මංගල මහනාහිමියන්ට උඩරට අමරපුර සාමග‍්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ සන්නස් පත‍්‍රය පිළිගැන්වීම වෙනුවෙන් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සව සභාව අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.නැගෙනහිර පළාතේ වැඩවෙසෙන ගිරාඹේ මංගලාභිධාන මහා ස්වාමීන් වහන්සේට මේ මහානායක ධුරය ලැබුණු අවස්ථාවේ උන්වහන්සේට ගරු කරමින්, ගෞරවාභිමානය ලබාදෙමින් විජිනිපත් පිළිගන්වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ ඉතිහාසය තුළ නැගෙනහිර පළාත සැමවිටම මහා ගෞරවණීය වංශ කතාවකට හිමිකම් කියන ප‍්‍රදේශයක්. සිංහල රජ දවසින් පසුව නැගෙනහිර පළාත් ගෙවීගිය දශක කිහිපයේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මැතිතුමාගේ ජනපද ව්‍යාපාරයත් සමග නව සංවර්ධනයක් හා නව පුනර්ජීවයක් ලැබුවා. සෑම රජයක්ම මේ රටේ සංවර්ධන ක්ෂේත‍්‍රයේ පුළුල් ලෙස කටයුතු කරමින් සිටින විට අපි සෑම කෙනෙක්ම මුහුණ දුන් ම්ලේච්ඡ යුද්ධය අපේ රටේ සංවර්ධනය පසුපසට ඇදගෙන ගියා. අපේ රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් ඇතිවුණා. යුද්ධයත් සමග අපේ සමාජය හා මිනිසාගේ විනය, හැදියාව පිරිහුණා. අපි අද ඒ සියල්ලෙන් නිදහස්ව සාමකාමී රටක ජීවත් වන විට මෙවැනි උතුම් ස්වාමීන් වහන්සේ නමක් පිදීමට ලැබීම ගැන මා නැවතත් සතුටු වෙනවා. මේ මහා පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට මාහට ආරාධනා කිරීම ගැන මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනාට මාගේ ස්තුතිය පුදකරනවා. අපිට රටක් විදියට අපේ ඉතිහාසය සැමවිටම ශ්‍රේෂ්ඨත්වය තුළ ගොඩනැගෙන්නේ මහා සංඝරත්නයේ මගපෙන්වීම තුළයි. ඉතිහාසය තුළ සැමවිටම ගැබ් වී තිබෙන සටන්කාමීත්වය, රණවීරත්වය අපිට දුපත් රාජ්‍යයක් විදියට උරුම වූ දෙයක්. විදේශීය ආක‍්‍රමණ, බලපෑම් පිළිබඳව අපේ අතීතය අවදි කළහොත් අපි දන්නවා ඒ ඉතිහාසයේ අපට කියවන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ සියල්ලත් එක්ක මේ රට ගොඩනැගුණේ, හරවත් වුණේ මහා සංඝරත්නය නිසයි. සැමවිටම යහපත් සමාජයක් ගොඩනගන්න ගමේ පන්සල මූලික වුණේ අද ඊයේ ඉඳලා නෙමේ. එදා පෙර රජ දවස මහරජුන්ට උපදෙස් දුන් මහා සංඝරත්නය සැමවිටම මේ රට යහපත් රටක් කරන්න අමිල සේවයක් කළා. ඒ කැපවීම ලාංකිකයින් විදියට කිසිසේත්ම අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සැමවිටම මහා සංඝරත්නය, ගමේ පන්සල, වෙහෙර විහාර, පුරාවස්තු සියල්ලම ආරක්ෂා කිරීම අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. ගෞරවණීය නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ධර්මදේශනා වගේම ඔබ වහන්සේගේ ප‍්‍රකාශන මගින් සමාජයට ථේරවාද බෞද්ධ දර්ශනය පිළිබඳව හා යහපත් සමාජය පිළිබඳව ලබාදෙන්නා වූ මගපෙන්වීම ඉතාමත් අගය කළ යුතුයි. ඒ වගේම ඔබ වහන්සේ සමාජය යහපත් කරන්න, හරවත් කරන්න, ලෝකයේ ආදර්ශමත් රටක් බවට අපේ රට පත් කරන්න, ඔබ වහන්සේ කළ කැපවීම අපි ඉතාමත් අගය කරනු ලබනවා. බුදුන්  වහන්සේ දේශනා කළා චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය. ඒ අනුව අපේ උතුම් බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාගේ වගකීම නිසිලෙස ඉටුකරමින් බෞද්ධ රටක් විදියට මේ රට ගොඩනගන්න සැමවිටම කටයුතු කරලා තිබෙන බව අපි දන්නවා.  ඒ නිසා ඔබ වහන්සේ වැනි ඉතාමත් උතුම් ස්වාමීන් වහන්සේ නමකට මහනායක පදවියක් පිරිනැමීම බෞද්ධයින් විදියට අපි ඉතාමත් සතුටට පත්වෙන පින්වත් අවස්ථාවයි. මෙවැනි අවස්ථාවක ඔබ වහන්සේගේ මේ උතුම් නායක පදවිය පිළිබඳ අප සතුටු වෙනවා වගේම ඉන් බාහිරව දෙයක් සඳහන් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. අද උදේ මම ගාල්ලේ ඉඳලා පොළොන්නරුවට ඇවිත් තමයි මේ පූජනීය ස්ථානයට පැමිණියේ. පුවත්පත්වල මුල් පිටුවේම තිබුණා ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා කිහිප නමක් විසින් නිකුත් කරන ලද නිවේදනයක්. ත‍්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ගෞරවණීය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ, ගෞරවණීය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ගෞරවණීය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ නිවේදනයක්. ඒ නිවේදනයේ සඳහන් වෙලා තිබෙනවා අපේ රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති වාර්තාව.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවම හදලා නැහැ. කෙටුම්පතක් හදලත් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධයෙන් සමාජය තුළ ජනතාවට, විද්වතුන්ට සියලූ ක්ෂේත‍්‍රවල අයට සංවාදයට, සාකච්ඡාවට ලක් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන, වෙනස්කම්, ඇතුළත් කිරීම් ඒ සියල්ලට ඉඩකඩ තබමින් නව ව්‍යවස්ථාවක් සෑදීම පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් දැක්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තිබෙන කරුණුවල අපේ රට සන්ධීය රාජ්‍ය සංකල්පයක් තුළ ආණ්ඩුක‍්‍රම නව ව්‍යවස්ථාව සෑදීමට එම වාර්තාවේ තිබෙන බව උන්වහන්සේලාගේ නිවේදනයේ සඳහන් කර තිබුණා. මහ නායක හාමුදුරුවනේ, මම ඒ නිවේදනය කියවූ විටම මෙම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතාට මම උදේ කතා කළා. එතුමාගෙන් මම ඇහුවා මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් නිකුත් කර තිබෙනවා නිවේදනයක්, සන්ධීය රාජ්‍ය සංකල්පයක් මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා කියා. මේ පිළිබඳව මොකක්ද කියන්නේ කියා. අනේ, ජනාධිපතිතුමා එවැනි දෙයක් කිසිසේත්ම වෙන්නේ නැහැ. උන්වහන්සේලාට කවුරුන් හෝ මේ පිළිබඳව කළ පැහැදිලි කිරීමේ වරදක් තිබෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ මේ අදහස පිළිබඳව මමත් සොයා බලනවා. කිසිසේත්ම එවැනි දෙයක් මේ ව්‍යවස්ථාව ඇතුළත් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ කියා ඔහු සඳහන් කළා. නැගෙනහිර පළාතට අවුරුදු තිහකට ආසන්න එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ යුද්ධය පැවතුණා. ඒ යුද්ධය නිසා උතුරු නැගෙනහිර පමණක් නොවේ මේ සතර දිග්භාගයෙන් ඇතිවූ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සමග අපි ලැබූ දීර්ඝ කාලීන අත්දැකීම අප කාටත් අමතක වන්නේ නැහැ. රජයක් විදියට මම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන, මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ඇතිවී ඇති අදහස් සහ යෝඡනා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී, රට කඩන, රට බෙදන එවැනි කිසිදු ආකාරයක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට ගෞරවපූර්වකව මේ අවස්ථාවේ මා සඳහන් කරනවා. අපිට ප‍්‍රශ්නයක් මේ රටේ තිබෙනවා. ඒ ප‍්‍රශ්නය කුමක්ද? ඒ ප‍්‍රශ්නය ඔබවහන්සේලා අපි සෑම කෙනෙක්ම දන්නවා. අවුරුදු දහස් ගානක ඉතිහාසය තුළ අපි ආක‍්‍රමණවලට ලක්වුණා. තවත් පැත්තකින් අපි අභ්‍යන්තර යුද්ධයන්ට ලක්වුණා. එක් එක් යුග ගත් විට එදා සිංහල රජ දවසේ පටන් මේ රට කැඩුණු වෙන්වූ අවස්ථාවන් ගණනාවක් තියෙනවා. අද අපි ඒකීය ශ‍්‍රී ලංකාවක්. මේ ඒකීය ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ඒකීය ශ‍්‍රී ලංකාවක් නොවන ආකාරයට ව්‍යවස්ථාවක් සෑදීමට අපි ඉඩතියන්නේ නැහැ, අපේ හාමුදුරුවනේ. බොහෝ වේලාවට බුද්ධාගම සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රචාරයන් සිදුකරනවා. 1978 සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡේද පිළිබඳව නොයෙකුත් ප‍්‍රචාරයන්, අදහස් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේද, අදහස්, වගන්ති කිසිසේත්ම ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් සිදුනොවන බව නොකරන බව ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට මම ගෞරවයෙන් මතක් කරන්නට  ඕන. අපේ රට වශයෙන් ගත් විට ඇයි මේ රටේ යුද්ධයක් ඇති වුණේ? යුද්ධයක් ඇති වෙන්න හේතු මොනවාද? යුද්ධය අවසන් වූ පසුව බලය බෙදීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත්තේ කුමන හේතු කාරණා නිසාද? යුද්ධය අවසන්වූවාට පසු එක්සත් ජාතීින්ගේ මහලේකම්වරයා බෑන් කී මූන් මහතා එවකට ලංකාවට ආවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කාලයේ. එවකට මම ඇමැතිවරයෙක්. මහලේකම් බෑන් කී මූන් මහතා සමග හිටපු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා බලය බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකට යාම ඉතා අවශ්‍ය බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයට වෙනත් රාජ්‍ය නායකයින්ට බලය බෙදීමක් බොහෝම පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. ඒ තත්ත්වයන් කොතෙක් දුරට උග‍්‍ර වූවාද කියන හේතුව නිසා එතුමාට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට ඉඩකඩ තිබියදීයි එතුමා මැතිවරණයකට ගියේ. 2015 ජනාධිපතිවරණය කිසිසේත් පවත්වන්න එපා කියා එදා ආණ්ඩුව තුළ තදින්ම කියපු කෙනෙක් මම. මහින්ද රාජපක්ෂ මහත්මයාට ලිඛිතව දුන්න කෙනෙක් මම ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. එදා ආණ්ඩු කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ, එම නායකයින් සියලූ දෙනා එකට වාඩිවී එතුමාට කිව්වා ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. නමුත් අපි කියන කිසි දෙයක් ඇහුවේ නෑ. හැබැයි එහෙම කියන කොට මම දැනගෙන හිටියේ නැහැ ඡන්දයක් තිබ්බොත් මමයි ජනාධිපති වෙන්නේ කියා. එහෙම දෙයක් මගේ ඔළුවේ තිබුණෙත් නැහැ. අපි ඉතා පැහැදිලිව මේ කියන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අද උතුරු නැගෙනහිර තිබෙන ප‍්‍රශ්නත් බලය බෙදීම සම්බන්ධයෙන් තිබෙන ඉල්ලීම් සැලකිල්ලට ගැනීමත්, මේ රට ස්ථිර සාමකාමී රටක් විදියට පවත්වාගෙන යාමත්, මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත්, සියලූ ජාතීන් තුළ සමගිය, සංහි`දියාව, සහෝදරත්වය ගොඩනැගීමත් ඒ සියල්ල ඉතා ප‍්‍රමුඛ වූ කාර්යයන් බවට පත්වෙනවා. යුද්ධයක් නැවත මේ රටේ ඇති වෙනවා යැයි කියා යම්කිසි අදහසක් රටේ ජනතාව තුළ ඇති වුණොත් එය මේ රට නැවත විශාල ප‍්‍රපාතයකට ඇද වැටෙනවා. ඒ අදහසම පමණක් ඇති. එවැනි අදහසක් අපේ සමාජය තුළ ඇතිවීම සම්පූර්ණයෙන් අපි තුරන් කළ යුතුයි. ඉවත් කළ යුතුයි. මේ බෞද්ධ රටේ සිටින සියලූ ජනකොටස් සමග සාමයෙන්, සමගියෙන්, මිත‍්‍රත්වයෙන්, සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, සැකයක්, බියක් නොමැතිව ජීවත්වන සමාජයක් ගොඩනගන්නයි අපි කැපවී තිබෙන්නේ. එහිදී කිසිසේත්ම මේ රට විනාශ වන ආකාරයට බෙදෙන්න, කැඩෙන්න, ව්‍යවස්ථාවක් හදන්න අපි ඉඩකඩ තබන්නේ නැහැ කියන එක බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන. මල්වතු අස්ගිරි හා ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් පසුගිය දිනවල උන්වහන්සේලා බැහැදැකපු වෙලාවේ මේ කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මම උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා. මේ බලය පිළිබඳව දැඩි ඉල්ලීම් කරන දේශපාලන පක්ෂ, නායකයින් ඒ සියලූ දෙනා සමග ඔබ වහන්සේලාත් සාකච්ඡා කරන්න. ඒ ඉදිරිපත් කරන යෝඡනා පිළිබඳව එක මේසයකට ඇවිත් ඒ සාකච්ඡා ආරම්භ කරන්න. අපි බෞද්ධ ද හින්දු ද කි‍්‍රස්තියානි ද ඉස්ලාම් ද ගෞරවනීය පූජකතුමන්ලාත් අපේ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප‍්‍රමුඛව විවිධ ක්ෂේත‍්‍රවල සමාජ දේශපාලන වගකීම් දරන අයත් මේ සෑම කෙනෙක්ම එකතුවී අපි සාකච්ඡා කරමු මේ තිබෙන ප‍්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ කියා. ඒ තුළ අපිට සාමකාමී රටක්, දේශයක් ගොඩනගන්න පුළුවන් වන්නේ කියායි අපි දැඩි ලෙස විශ්වාස කරන්නේ. මේ උතුම් අවස්ථාවේ ඔබ වහන්සේලා බැහැ දකින්නටත්, මේ ආදරණීය ජනතාව හමුවන්නටත් ගෞරවනීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගිරාඹේ මංගල මහ නායක ස්වාමීන් වහන්සේට මහ නායක පදවියට පත්වන අවස්ථාවේ උන්වහන්සේ ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝ රත්නයට ගරු කරනවා. ඔබේත් මගෙත් මේ උතුම් දේශය සරු සාර කරන්නට, ගොඩනගන්න, ශක්තිමත් කරන්නට ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් ජාතියක් විදියට ඉදිරියට යමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත සමකාමී දේශයක් ගොඩනගන්න අප සියලූ දෙනාම එක්වෙමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා යැයිද ජනාධිපතිවරයා කීවේය.දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර මහා  නිකායේ මහා නාහිමියෝ අනුශාසනාව පවත්වමින් මෙසේ පැවැසූහ.පිදිය යුත්තන් පිදිම මංගල කාරණයක් හැටියට සදහන් වෙනවා. අද මහානායක ධූරයෙන් සම්මාන ලබනගිරාඹේ මංගලාභිදාන නායක ස්වාමිපාදයාණන් වහන්සේ එම නිකාය මගින් දෙන්න පු`ඵවන් උපරිම ගෞරවය ලබා දී තිබෙනවා. උඩරට සාමග‍්‍රී සංඝ සභාව ගැන කතා කරන විට අපවත් වි වදාළ රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත භාෂාන්තර විශාරද දවුල්දෙන ඥානිස්සරාභිදාන මහානායක ස්වාමීන් වහන්සේ හෙබවු ඒ උත්තරීතර පදවිය ඒ මහානායක ස්වාමීන් වහන්සේට පත් කරන්නට එම නිකාය මගින් තිරණය කීරීම ඉතාම උතුම් කාරණයක් හැටියට සලකන්න පු`ඵවන්. උන් වහන්සේලා මේ තනතුර වෙනුවෙන් පත් කර ගත යුත්තේ කවරෙක් ද යන කාරණය හොදින් තීරණය කරලා ඒ මහා කාරක සංඝ සභාව මගින් උන් වහන්සේ මේ උත්තරීතර තත්වයට පත් කරගෙන ශාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කළ යුතු උසස්ම කාරණය සම්පූර්ණ කළා. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමාණන් ප‍්‍රධාන මැති ඇමතිවරුන්, දිසාපතිතුමා ඇතු`ඵ රජයේ නිලධාරීන් මේ හැම දෙනාම ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේ තබාගෙන උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු කාර්යයන් සම්පූර්ණ කළා. ජනාධිපතිතුමන් බොහොම කාරුණිකව මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපදිනවා.  ඕනෑම තීරණයක් ලබා දෙන්නට එතුමාණන් ඉතාම ප‍්‍රකටවම උත්සහවත් වන බව අපි හැමදෙනාම දන්නා වු කාරණයක්. විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී සිහි කරන්න  ඕන ගරුතර මහා සංඝරත්නයේ පරිපාලනය පිළිබදව. බුදුරජාණන් වහන්සේ ඒ සියලූ කාර්යයන් පිළිබදව අපට දේශනා කොට වදාළා. පැවිදි වන අවස්ථාවේ දි ශබ්ද, දුක්ඛ, නිස්සරණ ආදි වශයෙන් මහා පොරොන්දුවක් දීලා පැවිදි වෙලා ඊට පස්සේ සාමණේර භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට පිලිපැදිය යුතු කරුණු පිළිබඳවත් උපසම්පදා සීලයෙහි පිහිට වු පසු ඒ සතර පාරජඡ්කාව්‍ය පටන් බුද්ධානු බුද්ධක සික්ඛාපදයන් පිළිබදවත් උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පනවා වදාළා. භික්‍ෂූන් වහන්සේලාට අන්න ඒවා පිළිබදව පරිපාලන ඒ අවස්ථාවල දී භාර දුන්නා. සැරියුත් මුගලන් උත්තමයාණන් වහන්සේලා ප‍්‍රධාන මහා සංඝරත්නය එදා ඒ කාර්යයන් සම්පූර්ණ කළා. අද ත්‍රෛනිකායික  මහා සංඝරත්නය ඒ කාර්යයන් ඉටුකරනවා. අපට කනගාටුවෙන්න තියෙන කාරණයක් අද ගරුතර මහා සංඝරත්නයට යම් තීරණයක් ගැනීමේ අපහසුතාවයන් තිබෙනවා. ඒ සංඝ සභාවල යම් තීරණයක් ගත්තා නම් ඇතැම්විට මහානායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රධාන සංඝ සභාවන් ඉතා අපහසු තත්ත්වයන්ට, අපකීර්තියට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. මෙන්න මේ කාරණාවන් පිළිබදව හොදින් සිහියට ගන්න  ඕන. රජය විසින් මෙන්න මේ කාරණා පිළිබදව සිහි කරන්නට  ඕන. බුරුමය, සියමය ආදී රටවල් පිළිබදව සිහි කරන විට කතා කරන විට එහි තිබෙන්නා වූ මහා සංඝ සභාව මගින් යම් තීරණයක් ගත්තා නම් ඒක ඒ ආකාරයෙන්ම ක‍්‍රීයාත්මක වෙන්න  ඕනේ. ඒ ක‍්‍රියාත්මක නොවී නම් ඒ අවවාද අනුශාසනාවට අවනත වෙන්නේ නැත්නම් රජය මගින් ඉදිරිපත් වෙලා ඒ අයට යෙදිය යුතු දඬුවම් ලබා දෙනවා. යැයිද මහානාහිමියෝ සඳහන් කළහ.දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමි, නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි, කරගහඋල්පත සුගතානන්ද නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, ඇමැති දයා ගමගේ, හිටපු ඇමැති පී. දයාරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
0
(ජේ.ඒ.ඒල්. ජයසිංහ,  සිසිර කුමාර සහ විශේෂ චමල් රූපසිංහ)යටත් විජිත වාදයට එරෙහිව මෙරට ජනතාව ගෙනගිය නිදහස් දේශපේ‍්‍රමී අරගලය, මහා පරිත්‍යාගය කිසි විටෙකත් අමතක කළ යුතු නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පෙරේදා (01) ප‍්‍රකාශ කළේය.මේරට දෙකඩ කර ඊලාම් රාජ්‍යයක් හැදීම සඳහා ම්ලේච්ඡු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ගෙන ගිය යුද්ධයට මුහුණ දී සිය ජීවිත අහිමි වූ, දරු පවුල් අහිමි වූ රණවිරුවන් සියලූ දෙනාද සිහිපත් කළ යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද අසූ දෙදෙනකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් නිවේදනයට අස්සන් කිරීම නිමිත්තෙන් ඓතිහාසික මහනුවර, මඟුල්මඩුවේදී පැවැති උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මේ අවස්ථාව ඔබ අප සියලූ දෙනාට මෙන්ම ලක්වැසි සියලූ දෙනාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවටත් ඉතා වැදගත් ඓතිහාසික අවස්ථාවක්. ඊට හේතුව ඔබ කවුරුත් දන්නා පරිදි 1818 දී ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔවුන්ට විරුද්ධව සටන් කළ අපේ රණකාමීන්, විරුවන්, දේශපේ‍්‍රමීන්, දේශමාමකයන්, ජාති හිතෛෂීන් ඇතුළු ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ ජීවිත අහිමි කළා. තවත් පැත්තකින් ඔවුන්ගේ දේපළ ඉංග‍්‍රී‍්‍රීසි පාලනයට පවරා ගත්තා. තවත් පිරිසක් අපේ මාතෘ භූමියෙන් පිටුවහල් කළා. එම ඉතිහාසයේ ඉංශ‍්‍රීසි පාලකයන් සිදුකළ ශෝකජනක සහ ඛේදජනක සිදුවීම   අප විසින් නිවැරැදි කළා. ඒ සියලූ දෙනා දේශපේ‍්‍රමීන්, රණවිරුවන්, ශ‍්‍රී ලංකා මාතෘභූමියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් ලෙස අප රජය අද ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා. අද දවස ඉංග‍්‍රී‍්‍රීසි පාලකයන් විසින් එදා ජාතිද්‍රෝහීන්, රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කරන ලද ගැසට් පත‍්‍රය අහෝසි කරන අවලංගු කරන දිනයයි. ඒ නිසා අද දිනය ශ‍්‍රී ලාංකිකයන්ට, සිංහල බෞද්ධයන්ට රටේ ඉතිහාසයේ වැදගත් උතුම් ඓතිහාසික දිනයක් ලෙස මා විශ්වාස කරනවා. වසර 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමෙන් පසු මේ වරද නිවැරැුදි කිරීමට, වරින් වර ඇති වූ අදහස් සැලකිල්ලට ගනිමින් මීට පෙර කළ යුතුව තිබූ කාර්යයක් පසුගිය නොවැම්බර් මාසයේ කිරීමට හැකිවුණා. මීට පෙරාතුව කළ යුතු කාර්යයන් ප‍්‍රමාද වී හෝ සිදුකිරීම පිළිබඳව මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සියලූ රටවැසියන්, සිංහල බෞද්ධ ජනතාව ඉමහත් ලෙස සතුටු වෙන අවස්ථාවක් බව පැවසිය යුතුයි. අපට වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ මීට වසර පන්දහසකට පෙරාතුව කර්මාන්ත තිබූ බව, යකඩ තිබූ බව අපේ ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා. එදා මෙදා කාලය තුළ ශී‍්‍ර ලාංකිකයා, සිංහල බෞද්ධ ජනයා ඉතිහාසයේ ගමන් මග සමග ගොඩනැගුණ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නොයෙක් විශිෂ්ට ජයග‍්‍රහණ ලබා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී යම් යම් තාවකාලික පසුබැසීම් වලට ලක්වී තිබෙනවා. 1505 සිට 1948 දක්වා වසර හාරසිය ගණනක් රට නිදහස් කර ගැනීම සදහා දේශපේ‍්‍රමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදු පිරිස මෙතෙකැයි කියා කිව නොහැකියි. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව ජාතික නිදහස් අරගලය වෙනුවෙන් අභිමානවත් ලෙස වීරත්වය පෙන්නූ අභීත හඬක් නැගූ වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමි ගුණසමරුව හෙටට (2)යෙදී තිබෙනවා. අප අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ බුද්ධ ශ‍්‍රාවකයාණන් වහන්සේ සිහිගන්වන දිනයක්. ඊට පෙරදින මේ උතුම් ඓතිහාසික කාර්යය සිදුකිරීමට හැකිවීම පිළිබඳව මා සතුටුවෙනවා. අපේ රට නිදහස් රටක් ලෙස, ස්වාධීන රටක් ලෙස යටත් විජිතවාදයට විරුද්ධව අපේ ජනතාව නිදහස් දේශපේ‍්‍රමී අරගල ගෙන ගියා. දිවි පිදීමෙන් පමණක් නොව දේපළ, වත්කම් සියල්ල අහිමි වූ ඉතිහාසයේ කළ මහා පරිත්‍යාග අප කිසිවිටකත් අමතක කළ යුතු නැහැ.  මෑත භාගයේ 1980 දශකයේ මුල් භාගයේ සිට 2009 දක්වා මේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය මේ රට දෙකඩ කිරීමට, ඊලාම් රාජ්‍යයක් හැදීමට, වෙනම රාජ්‍යයක් හදන්න, ස්වාධීනත්වය අහිමිකර, භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරමින් ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් ගෙන ගිය ම්ලේච්ඡ අරගලය පරාජය කර අපේ රට නිදහස් සාමකාමී රටක් කළා. තිස් වසරක ම්ලේච්ඡු යුද්ධයට මුහුණ දී ජීවිත අහිමිවූ, දරුපවුල් අහිමි වූ, අතපය අහිමිවූ, අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක හමුදා සියලූ දෙනා සිහිපත් කළ යුතුයි. බෝම්බ පුපුරවා ගම්මාන විනාශ කළ අවස්ථාවල ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ ජීවිත අහිමිවුණා. ඔවුන්ව සිහිපත් කරමින් ඔවුන් වෙත ජාතියේ ගෞරවය, අභිමානය පිරිනමනවා. අද දවස ඉතිහාසයේ එම අනභිභවනීය ලාංකික ජනතාවගේ, අපේ පුරවැසියන්ගේ ඉතිහාසයේ ලැබූ ජයග‍්‍රහණයක්. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හෙට දවස ආර්ථික සමෘද්ධිය ඇතිකර ගනිමින්  නිදහස්, ස්වාධින රටක් ලෙස ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන අයුරින් ශ්‍රේෂ්ඨ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා ගෙනයෑමට කටයුතු කළ  යුතුයි.  දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද, විද්වතුන්, විවිධ ක්ෂේත‍්‍රවල බහුශ‍්‍රැතයන් සාමාන්‍ය පොදු ජනතාව, රාජ්‍ය නොවන ව්‍යාපාරික ක්ෂේත‍්‍ර පාසල් දරුවාගේ සිට ඒ වගකීම සහ යුතුකම ඉටුකිරීම අප සැම වෙත පැවරී තිබෙනවා. මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ඉතිහාසයේ ඔවුන් සිදුකළ මග පෙන්වීම අනුව යමින් හෙට දවස රට ගොඩනැගීම සහ ගොඩගැනීම  කළයුතුයි. ඒ සඳහා මෙවැනි ශ්‍රේෂ්ඨ කාර්යයකට සියලූ දෙනාට එක්වීමට, දායකවීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. එසේම මේ උතුම් කාර්යය සිදුකිරීම සඳහා  අද දින ගැසට් පත‍්‍රය නිකුත් කිරීමටත් අවශ්‍ය මග පෙන්වීම් සිදුකරමින් අවශ්‍ය සහාය ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සහ කාර්යමණ්ඩලයට, ගයන්ත කරුණාතිලක මහතා ඇතු`එ කාර්යමණ්ඩලයට, කරුණාරත්න පරණවිතාන මැතිතුමාට සහ කාර්යමණ්ඩලයට ස්තුතිය පුද කරනවා. ලේඛන, ගැසට් සොයාදෙමින් අවශ්‍ය තොරතුරු ලබාදුන් විද්වතුන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේම  ඓතිහාසික නිවැරැුදි කිරීම සඳහා එක්ව සිටින ඒ ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමීන්ගේ, රණවිරුවන්ගේ, ලංකා පුත‍්‍රයන්ගේ පවුල්වල ඥාතීන්ට ජාතියේ උත්තමාචාරය රජය ලෙස පිරිනමනවා. මීට සුළු මොහොතකට පෙර ඓතිහාසික මඟුල්මඬුවේදී එම ලියවිල්ල අත්සන් තැබීමත්, මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනාවලට අනුව මා වෙත දන්වා සිටි කරුණු පිළිබඳ මා යමක් ප‍්‍රකාශ කළයුතු වෙනවා. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පසුගිය කාලවලදී අහෝසි කර තිබෙනවා. මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන්, ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ඉල්ලීම වුණේ ගැමි පුනරුත්ථාපන කොමිසම  අහෝසි කිරීම තුළින් උඩරට මධ්‍යම ප‍්‍රදේශයන්හි සංවර්ධන පසුබෑමක් සහ ඇනහිටීමක් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව එම ආයතනය පිහිටුවීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස මා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේ ආයතනය පිහිටුවීමේ වැදගත්කම මා පෙන්වා දුන්නා. ඒ කටයුතු අපි ඉදිරි දිනවලදී විධිමත් කරමින් ඒ ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීමත් ඉක්මන් කරන බවත් මා සඳහන් කරන්නට කැමැතියි. දළදා මාලිගය අසල භූමිවල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය නිරවුල් කිරීමේ වැදගත්කම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අනුශාසනා කළා. මා මේ සම්බන්ධයෙන් එවැනි ප‍්‍රශ්නයක් දැනසිටියේ නැහැ. ඒ පිළිබඳ සොයා බලා ඒ ඉඩම් ඔප්පු නිරවුල් කර මේ පූණ්‍යභූමියට ඒවා පැවරිමට කටයුතු කරන බවද මා සඳහන් කිරීමට කැමතියි. බෝගම්බර බන්ධනාගාරය ස්ථාපිත කළ ස්ථානයේ සංවර්ධන කටයුතු හේතුවෙන් කන්ද උඩරට ඓතිහාසික පසුබිම් තොරතුරු, සංස්කෘතික තත්ත්වයන් සලකාබලා එම කටයුතු සිදුකරන ලෙස ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට සහ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඒ පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඓතිහාසික කටයුතු වලදී මග පෙන්වීම් කළ මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නයටත් අමාත්‍යවරුන්ට කාර්යමණ්ඩලයටත්, රංග කලංසූරිය මහතාටත්, නිමල් බෝපගේ මහතාටත්, විද්වතුන් සියලූ දෙනාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා යැයිද  ජනාධිපතිවරයා කීවේය. මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජකීය පණ්ඩිත සාහිත්‍ය චක‍්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ මෙසේ පැවසූහ.ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලයට නායකත්වය දෙමින් දෑ හිතකාමීව දේශපේ‍්‍රමීත්වයෙන් යුතුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්, තමන්ගේ දිවි පුදන්නට ඇත්තේ, විවිධ දඬුවම්වලට මුහුණ දෙන්නට ඇත්තේ ඉතිහාසයේ කෙදිනක හෝ ඒ නිදහස් කර නිදොස්කර හරින බවට තම සිත්හි තබාගෙන විය හැකියි.එකී උදාරතර කාර්යයකට දායක වූ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු සැමටත් ප‍්‍රශංසා කළ යුතුව තිබෙනවා. 1815 මාර්තු මස 02 වන දින මෙම ස්ථානයේදීම තමයි අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ නිදහස සහ අපේ රටේ රාජ්‍යත්වය අවසන් වූයේ, පරාධීන ජාතියක් ලෙස අප එදා සිට කටයුතු කරන්නට වූවා. විදේශීය බලපෑම් සහ අනවබෝධය පෘතුගීසි සහ ලන්දේසි ආක‍්‍රමණයෙන් පසුව මේ කුඩා දිවයිනේ අපේ මහජනතාවට ඇති වූ විවිධ අභියෝග හේතුවෙන් රට අස්ථාවර වූ බව පැවසිය යුතුයි.හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අපේ රටේ ජනතාව ඒකාබද්ධව එදා සිදුකළ ඒ වටිනා අරගලය ඓතිහාසිකව යටපත් වී තිබෙනවා. ඒ නිසාම ඔවුනට දඬුවම් විඳින්නට සිදුවූවා. ඒවා එදා සිට රටේ ආර්ථිකයටත් සමාජයටත් සංස්කෘතියටත් බලපෑවා. රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අපේ විරුවන් ප‍්‍රමුඛ මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු විරුවන් තම ජීවිතය අහිමිකර ගත්තේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දළදා සමිඳුන් වැඳ පුදාගෙනයි. එදා එම විරුවන් නැඟූ ප‍්‍රාර්ථනා සුසුමන් තවමත් මේ පූජනීය බිමේ වාතලයේ රැඳී තිබෙන්නට පුළුවන්.පුද්ගලයකුට ඉතිහාසය නිර්මාණය කරන්නට බැරිවුවත් ඉතිහාසය විසින් ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙදිනක හෝ බිහි කරනු ඇති.අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.අපේ විරුවන් රැුසක් ඌව වෙල්ලස්ස ජනතාව සමග එදා පැවැති විමුක්ති අරගලය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූවා.ඒ පීඩිත ජනතාවගේ ඉඩකඩම්, දේපළ රාශියක් එදා ඔවුන්ට අහිමි වූවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා පසුකලෙක උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටුවලා ජනතාවගේ අහිමි වී ගිය දේවල් හා දුක්ගැහැට පිළිබඳව සොයා බලා කටයුතු කළත් අවාසනාවකට වගේ ඒ උඩරට, ගැමි පුනරුත්ථාපන කොමිසම අහෝසි වූවා. එම කොමිසම වෙනුවට නැවත වරක් උඩරට සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරලා එදා අහිමි වූ සියල්ල යළි ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී දළදා මාලිගා ඓතිහාසික භූමිය අසල පිහිටි ඉපැරණි මඟුල් මඬුව දළදා මාලිගාවට පවරා දෙන මෙන් අපි ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.රටේ ඒකීයභාවය, ආරක්‍ෂාව, ආර්ථික නිදහස්භාවය  ආරක්‍ෂාකිරීම සඳහා ඔබතුමන් ප‍්‍රමුණ රජය පියවර ගන්නවා ඇතැයි අපි අපේක්‍ෂා කරනවා යැයිද කීහ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඓතිහාසින මහ මළුවේ ස්ථාපිත කර තිබෙන වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ පිළිරුව අබියසට පැමිණ උන්වහන්සේගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය.අනතුරුව එම පරිශ‍්‍රයේම වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන්ගේ හිස්කබල තැන්පත් කර තිබෙන ස්මාරකය අබියසට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මල්කලඹක් තබා පුෂ්පෝපහාර දක්වා ගෞරව කළේය.තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිිමියන්, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත‍්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්‍ෂ, කරුණාරත්න පරණවිතාන, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප‍්‍රදීප් දෑල, හිටපු අමාත්‍ය නන්දමිත‍්‍ර ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ. පියදාස, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස යන මහත්වරුද පළාත් සභාවේ අමාත්‍යවරුන්, මහනුවර ඓතිහාසික සිවු මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලයට උරදී ජීවිතය පූජා කළ විරුවන්ගේ ඥාති පරපුරේ සාමාජික සාමාජිකාවන්, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප‍්‍රමුඛ ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ආදිවාසී නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ. 
මහා සංඝරත්නයේ අනුශාසනා කිසිසේත් නොසලකා හරින්නේ නෑ
0
 (නිමල කොඩිතුවක්කු)ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර  ජනතාවාදී පාලනයක් ගෙන යන බවට පම්පෝරි ගසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට පයින් ගසා ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා කොළඹදී අද(15) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දමා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට වත්මන්  පාලකයන් උත්සාහ කරමින් සිටින බවද  අලවතුවල මහතා සඳහන් කළේය. කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.     “ මේ රටේ වංචාව දූෂණය විනිවිදභාවයෙන් යුතුව රාජ්‍යකරණය කළ යුතුයි කියලා වර්තමාන රජය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයට පෙරත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ජනතාවට ප්‍රකාශ කළා. විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණන කටයුතු වලින් ඉවත් කිරීමට මේ රජය දැන් කටයුතු කරලා තියෙනවා. දූෂණය නාස්තිය අවම කරන්න  කතා කරපු මේ  රජය කටයුතු කරන ආකාරය දිහා බලපුවාම අපිට පුදුම හිතෙනවා. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන විගණනයට ලක් වනවා නම් ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනයෙන්  ඉවත් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපි අගමැතිතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් අහන්න කැමතියි. මේ ව්‍යවස්ථා කෙටුම්පත හදපු කෙනෙක් අද නැහැ. මාධ්‍යයෙන් මේ ගැන විමසුවාම හැමෝම ඇඟ බේරගන්න කටයුතු කරනවා. රටේ අගමැති දන්නෙත් නැහැ අධිකරණ ඇමති දන්නෙත් නැහැ මේ කෙටුම්පත හැදුවේ කවුද කියලා.  කවුරුත් මේකෙ වගකීම බාරගන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඇයි මේ වගේ ව්‍යවස්ථා කෙටුම්පතක් රටට ඉදිරිපත් කරන්නේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුව අද රට විහිළුවට පත් කරමින් යනවා. ජේ ආර් ගේ ව්‍යවස්ථාවටත් එහා ගෙන යමින් විසි වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති වියුරැවකට රට ගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දාලා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට තමයි මේ අය අද උත්සාහ කරමින් ඉන්නේ. අපේ ආණ්ඩු සමයේ සමයේ දී කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දුන්නා. ඒ මගින් අපේ රජයේ දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. මේ ආණ්ඩුව පත් වෙලා කෝප් කෝපා  කමිටු වලට තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කරගෙන තියෙනවා. තමන්ගේ හොරකම් දූෂණ වංචා වසන් කර ගැනීමට අද ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එවැනි පාලන ක්‍රමයක් ගෙන යන්න ද ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා. විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරමින් මේ ආණ්ඩුව විගණනයට තිත තියලා තියෙනවා. ආණ්ඩුව මේ හදන්නේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කෙරෙන 19 ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය තැනකට රට ගෙන යන්න ඕන කියන ස්ථාවරයේ අද සමගි ජනබලවේගය ඉන්නවා. රට විනාශය කරා ගෙන යන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කරන්නට අපි කටයුතු කරනවා. අද රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථිකය කඩාවැටිල, ජීවන වියදම ඉහල ගිහින්. මේ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඖෂධ මිල විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින්. තමන්ගේ බලය තහවුරු කර ගන්නවා වෙනුවට ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්
1
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්
0
(නිමල කොඩිතුවක්කු) අගමැතිවරයාව නිකමෙකු කර, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරන 20 වැනි සංශෝධනය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා කොළඹදී අද (25) පැවසීය. රටේ ජනතාවගේ ජීවන ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට විසඳුමක් නැති වත්මන් ආණ්ඩුව ඒකාධිපතියකු බිහිකිරීම වෙනුවෙන් විසිවැනි සංශෝධනය පස්සේ දිවයන බව ද මන්ත්‍රීවරයා කීය. කොළඹ, මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා මෙසේද කීය. “ජීවන වියදම වැඩිවීම ඇතුළු රටේ ජනතාවගේ සියලුම ප්‍රශ්න හමුවේ මේ ආණ්ඩුව විසිවැනි සංශෝධනය  ඉදිරි පත්කර තිබෙනවා. විසිවැනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට සිදුවන මරු පහර පිළිබඳව ජනතාව අද හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මාධ්‍ය, සිවිල් සංවිධාන වගේම සියලු ආයතන, රාජ්‍ය සේවකයන් 20 පිළිබඳව අද වැඩි අවධානයක් යොමු කළ තියෙනවා. 20 මගින් නීතියට, අධිකරණයට සිදුවන බලපෑම පිළිබඳ නීති විශාරදයන් පවා මත ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය, අධිකරණය, පොලීසියට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන විස්සේ බලපෑම පිළිබඳ නීතිඥ සංගමයේ අදහස අපි දැනගන්න කැමතියි. ඒ අය මේකට එකඟ වෙනවාද වෙනවාද නැද්ද කියලා හරි රටට ප්‍රකාශ කළ යුතුයි. නීතියට ගරු නොකර තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව ආණ්ඩුව අද සකස් කරමින් යනවා. එහෙම නැතුව රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කරලා නැහැ. මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන ඒම දක්වා කටයුතු කළ මේ ආණ්ඩුව පසුගිය දවසේ දී පිල්ලෙයාන්ට සම්බන්ධීකරණ කමිටුවක සභාපතිත්වය පිරිනමා තිබෙනවා. මේ විදියට තමයි අද ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්සා කරන්නේ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකින් තියලා තමන්ට ඕන ඕන විදියට අධිකරණය නීති හසුරුවන්න කටයුතු කරමින් සිටිනවා. එක නීතියක්, එක රටක් යැයි පැවසුවත් අද රටේ එවැනි තත්වයක් නැහැ. විසිවැනි සංශෝධනය ගෙන ඒමේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒකාධිපති ගමනක නිරත වීමයි. දහ නමයෙන් රටට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවා ජනතාව ඒකාධිපති ගමනකට යන්න සූදානම් ද කියලා මේ ආණ්ඩුව  විස්සෙන් ලිට්මස් පරීක්ෂාවක් කරන්න හදනවා.සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්. ඒ සදහා පාර කපා ගැනීමට තමයි මේ විසි වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ.අගමැතිවරයා නිකම්ම නිකම් නිකමෙක් කරලා පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරන්න තමයි විසිවන සංශෝධනය මගින් මේ අය සූදානම් වෙන්නේ.ව්‍යවස්ථාදායකය, අධිකරණය තමන්ට ඕන විදියට හසුරවන්න ජනාධිපතිවරයාට බලය ලබාදීමට ද මේ රටේ ජනතාව මේ වෙනස කළේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාවගෙන් අපි යනවා දැන් සනීපයි ද කියලා.විගණනය කරන්නෙ නැතුව ප්‍රසම්පාදනය කරන්නෙ නැතුව තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.විදේශීය ශ්‍රමිකයන් ලංකාවට එද්දී ඔවුන්ව නිරෝධායනය කිරීමේ කටයුතු සඳහා ඇවන්ගාඞ් සමාගම නම් කරලා තියෙනවා. තමන්ට ආණ්ඩු ගන්න  වැඩ කරපු අයට අද මේ අය සලකමින් ඉන්නවා.රැම්සා තෙත් බිම් විනාශ කරපු, කුරුණෑගල පුරාවස්තු විනාශ කරපු අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට මෙහෙමනං විසිවන සංශෝධනය සම්මත වුනාම කොහොම හැසිරෙයිද කියල අද ජනතාවට අවබෝධයක් තියෙනවා.මේ ආණ්ඩුව මේ විදියට හැසිරෙනවා නම් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැහැ''යි මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්
0
(ඩයනා උදයංගනී)ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි විය හැකි බවත්, කතානායකතුමාගේ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ඔවුන්ට ස්වාධීන වී විපක්‍ෂ නායකකම ගැනීමට නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (16) පැවසීය.මන්ත්‍රීවරයකුට ඕනෑම වෙලාවක ස්වාධීන විය හැකි නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් එතැනට තල්ලු නොකර එම සියලු මන්ත්‍රීවරුන් ඒකරාශී කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයට එක්කර පක්‍ෂයේ අරමුණ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්‍ෂ මහතා හමුවට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීම සුදුසු බව කී අමාත්‍යවරයා එතුමා තැන් තැන්වල රස්තියාදු නොකළ යුතු බව ද ප්‍රකාශ කළේය.    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.“ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධව මේ වන විට රටේ කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ ගැන විවිධ අය විවිධ ප්‍රතිචාර දක්වනවා. පාර්ලිමේන්තුවේ පවා මේ ගැන විවාද කෙරුණා. ජනාධිපතිවරයා සැමවිටම රට තුළ මෙවන් කතාබහක් ඇතිවන විට තමන්ගේ පැත්තෙන් ගත යුතු පියවර ගන්නවා. සංවේදී නායකයෙක් ලෙස එතුමා මේ ගැන සොයා මාස දෙකක් තුළ වාර්තාවක් ලබාදීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා.කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරු සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.රටට අයහපත් කරුණු මේ වාර්තාවේ තිබෙනවා නම් ඒවා ගැන විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් දී තිබෙනවා. මෙම ගිවිසුම අස්සන් කිරීම සිදුවුණේ නීතිපතිවරයාගේ ද නිර්දේශය මත කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙය අස්සන් කර වසරක් ඇතුළත සංශෝධනය කිරීමේ අවස්ථාව ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ මත ගත යුතු පියවර ගත හැකියි.කවුරුත් මේ ගැන කුලප්පු විය යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල විවිධ මති මතාන්තර, දේශපාලනමය වශයෙන් සටන් පාඨ ලෙස විවිධ දේ කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමක් පත් කළේත් එවැනි අවස්ථාවකයි. එතුමා එහිදීත් ජනතාව ඉල්ලු දෙයට ප්‍රතිචාර දැක්වූවා මිස අනවශ්‍ය ඇඟිලිගැසීම් කළේ නැහැ.ඒ වගේම මාධ්‍යවේ දී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සැරසෙනවා. එයට හිටපු ජනාධිපතිවරයාත් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය එතුමාගේ නිවසටම ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයා ලෙස එතුමාව එක් එක් තැන්වලට ගෙන්වා රස්තියාදු කරන්න අවශ්‍ය නැහැ. එසේ කර තනතුර බාල්දු කළ යුතු නැහැ.කීත් නොයාර් මහතාට මෙන්ම පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් රැසකට පහරදීම්, තර්ජන ආදියට මුහුණ පාන්නට සිදුවුණා. තවත් අය ඝාතනය කෙරුණා. එයින් ජාත්‍යන්තර වශයෙනුත් රටේ ප්‍රතිරූපයට හානි සිදුවුණා. දැන් ඒ තත්ත්වය බොහෝ දුරට මගහැරී ගොස් තිබුණත් මේ සිදුවීම් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා. දැනට කරගෙන යන පරීක්‍ෂණවල ප්‍රගතියක් තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්නට පෙර සිංගප්පූරු ගිවිසුමේ කරුණු නිසි ලෙස අධ්‍යයනය නොකළේ ඇයි?පිළිතුර:- එය රේඛීය අමාත්‍යාංශයේ වගකීමක්. අමාත්‍යාංශය මෙය සකස් කර නීතිපතිතුමාගේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුවයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ.ප්‍රශ්නය:- මෙය මේ වන විට ක්‍රියාත්මක වෙනවාද?පිළිතුර:- ඔව්. අත්සන් කළ දා සිට ක්‍රියාත්මක බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසුවා.ප්‍රශ්නය:- ඔබතුමා මෙය කියවූවා නම් ඔවුන්ගේ කසළ ලංකාවට ගෙන ඒමේ යෝජනාවක් එහි තිබුණා ද?පිළිතුර:- වචනයක් වචනයක් කියෙව්වේ නැහැ. නමුත් එහි අන්තර්ගතය මා දන්නවා. ඔය චෝදනාව මමත් දැක්කා. ඒ ගැනත් කමිටුව බලයි. විවිධ අය විවිධ වැරදි අර්ථකථන දෙමින් දේශපාලන වාසි ගන්න හදන බවත් පේනවා. ස්වාධීන කමිටුවක් පත්කර තිබෙන්නේ ඒකයි.ප්‍රශ්නය මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට චෝදනාවක් තිබෙනවා නේද?පිළිතුර:- නීත්‍යනුකූලව ගත් විට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒත් පාර්ලිමේන්තු අනුමැතිය ගත්තා නම් හොඳ බව මා සිතනවා. ඒත් ව්‍යවස්ථාවේ එහෙම සඳහනක් නැහැ. ඉදිරියේදී එවැනි අඩුපාඩු සකසා ගත යුතුයි.ප්‍රශ්නය:- ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුමටත් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැද්ද?පිළිතුර:- ඒ ගැන මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා සිදුකරන්නේ නීත්‍යානුකූලවයි.ප්‍රශ්නය:- මලික් සමරවික්‍රම මහතා ව්‍යවස්ථාවේ අඩුපාඩුවකින් ප්‍රයෝජන අරන් බව ද කියන්නේ?පිළිතුර:- නැහැ එහෙම එකක් නැහැ. කැබිනට් අනුමැතිය දුන් පසු අපි කාටත් ඒ ගැන සාමූහික වගකීමක් තිබෙනවා. එතුමා කටයුතු කර තිබෙන්නේ නීත්‍යානුකූලවයි. ඔය විදියට ඇමතිවරු හංවඩු ගහනවාට මම කැමති නැහැ.ප්‍රශ්නය:- ජිනීවාවලදී යෝජනාව අත්සන් කිරීමට පෙරත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා ද?පිළිතුර:- කවදාවත් අපි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවල දී බාරගන්නා හෝ ප්‍රතික්‍ෂේප කරන යෝජනා කැබිනට් මණ්ඩලයට ගේන පුරුද්දක් නැහැ. ඒ කටයුතු කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහිදී විදේශ විනිසුරුවරුන් ගෙන ඒමට එකඟ වන්නේ නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජාත්‍යන්තරයත් ඉන්පසු ඒ සඳහා බලපෑම් කළේ නැහැ. අද අධිකරණය ස්වාධීන වී තිබීමත් එයට හේතු වෙන්න ඇති.ප්‍රශ්නය:- එහි කියන තරම් වැසියන් යුද්ධයේදී ඝාතනය නොවූ බව එංගලන්ත පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. ඇයි අපේ ආණ්ඩුව ඒ ගැන ජිනීවා දැනුම්වත් නොකළේ?පිළිතුර:- ඔය සංඛ්‍යාව තිබුණේ දරුස්මාන් වාර්තාවේ. ඔවුන් මේ රටටවත් එන්නේ නැතිවයි එය හැදුවේ. ඒ කාලේ මම ගොස් මෙය බාරගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධ කළා නම් අපේ රණවිරුවන් එතරම් මිය යන්නේ හෝ යුද්ධය අවසන් කරන්න දිගු කාලයක් ගතවෙන්නේ නැහැ. අතුරුදන් වූ ලැයිස්තුවල සරණාගතයින් ලෙස ගිය අයත් ඉන්න පුළුවන්. අපට ඒ ලැයිස්තු ලබාදී නැහැ.ප්‍රශ්නය:- දුම්රිය සේවකයින් බලාපොරොත්තු වූ විසඳුම නොලැබුණ බව කියනවා නේද?පිළිතුර:- මුදල් ඇමතිවරයා කීවේ සේවා වැටුප් කොමිසමක් පත්කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි. එය කළා. එම පත්‍රිකාවේ දුම්රිය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල වැටුප් විෂමතාවලට මාස දෙකක් තුළ විසඳුම් දෙන බව කියනවා. පොළොන්නරුවට ගොස් ජනාධිපතිතුමාව හමුවුණෙත් ඒ අයමයි. ජනාධිපතිතුමා එන්න කිව්වේ නැහැ. ඉන්නේ පොළොන්නරුවේ කියා කී විට ඔවුන් එහි එන්නම් කියා ගොස් එතුමා සමඟ සුහදව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන් බව ඔවුන් කියා තිබුණේත් නැහැ. මෙයට විසඳුම් දෙන වැඩපිළිවෙළකට ගොස් තිබෙන නිසා ඔවුන් එයින් විසඳුමක් දෙන තුරු සිටිය යුතුයි.ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වෙන්න යන බව කියනවා. එසේ කළොත් මන්ත්‍රීධුරවලට මොකද වෙන්නේ?පිළිතුර:- ඒ අය තවම එවැන්නක් නිවේදනය කර නැහැ. මන්ත්‍රීවරයෙකුට ඕනෑම වෙලාවක ස්වාධීන වෙන්න පුළුවන්. නමුත් එවිට පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රීකම අහෝසි කරන්න පක්‍ෂයට පුළුවන් ස්වාධීන වෙනවාද? නැද්ද? යන්න ඔවුන් තීරණය කළ යුතුයි. නමුත් අපේ කාර්යය ඔවුන් එතැනට තල්ලු කිරීම නොව සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගිය සියලු මන්ත්‍රීවරු මේ මූලස්ථානයට ගෙනැවිත් ශ්‍රී.ල.නි.පයට පත්කර ගැනීමයි. මේ ස්වාධීන කතාව ආවේ මොනවා ඉලක්ක කරගෙනද කියා මම දන්නේ නැහැ. කතානායකතුමාගේ තීන්දුව අනුව පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ස්වාධීන වී ඔවුන්ට විපක්‍ෂනායකකම ගන්නත් බැහැ.අපිට පක්‍ෂය ශක්තිමත් කරගැනීමට අවශ්‍යයි. අපේ පිරිසක් විපක්‍ෂයේත් වාඩි වී ඉන්නවා. ඒ සියලු දෙනා සම්බන්ධ කරගැනීමටයි අපි උත්සාහ කරන්නේ.ප්‍රශ්නය:- සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කරන්න වුණොත් කැබිනට් මණ්ඩලය ගෙන ඇත්තේ වැරදි තීන්දුවක් බව ඔප්පු වෙනවා නේද?පිළිතුර:- නැහැ. සමහර ගිවිසුම්වල අඩුපාඩු පේන්නේ ක්‍රියාත්මක වන විටයි. සමහර රටවල සම්මත වූ පනත් අභියෝගයට ලක්කරන්න අවස්ථාව දී ඇත්තේ ඒ නිසයි. කැබිනට් මණ්ඩලය පටු විදියට හිතන්නේ නැහැ.ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ ප්‍රතිඵලයක් තිබුණා ද?පිළිතුර:- ඇයි නැත්තේ. ඇමතිවරයෙක් ඉල්ලා අස්වුණා. දෙදෙනෙක් බන්ධනාගාරයේ. මහ බැංකු අධිපතිවරයාත් වෙනස් වුණා. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වන්නත් කටයුතු කරගෙන යනවා. ප්‍රශ්නය:- බන්දුල ගුණවර්ධන මහතාත් සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු පෙන්වා දී තිබෙනවා නේද?පිළිතුර:- ඔහුත් දේශපාලනඥයෙක්. ඔහු කර ඇති ආර්ථික විද්‍යා උපාධිය කුමක්ද කියා මා දන්නේ නැහැ. ටියුෂන් දී ඇති බව නම් දන්නවා. මමත් ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. මට පෞද්ගලික මට්ටමින් ඔහු විවේචනය කිරීමට අවශ්‍ය නැහැ. විවිධ අය මේ ගැන අදහස් ඉදිරිපත් කරනවා. සමහරු මෙය හොඳ බවත් කියනවා. 
මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා
1
 (ඩයනා උදයංගනී)හම්බන්තොට වරාය කිසිම රටකට හෝ සමාගමකට විකුණන්නේ නැති බවත්, එය ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් ලාභ ලබන තත්ත්වයට පත්කරගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන දෙපාර්ශවයටම එක`ග විය හැකි ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයට අනූ නව අවුරුදු බදු ක‍්‍රමය යටතේ මේ සඳහා වූ ගිවිසුමකට ඉදිරියේදී අත්සන් තැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ ද කියා සිටියේය.‘‘හම්බන්තොට වරාය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දිනවල ඇතිවුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. එයට අපේ පක්‍ෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරුන් මම සහ එක්සත් ජාතික පක්‍ෂයෙන් මලික් සමරවික‍්‍රම ඇමතිතුමාත් සහභාගී වුණා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවේ වරාය මොනම හේතුවකටවත් විකිණීමේ අදහස සම්පූර්ණයෙන් බැහැර කළ බවයි. ඒ නිසා කිසිම රටකට හෝ සමාගමකට මේ වරාය විකිණීමක් වෙන්නේ නැහැ.වරාය පිළිබඳ ගිවිසුම අපි පිළියෙළ කරන්නේ පක්‍ෂ දෙකේම පොදු එකඟතාවක් මතයි. අපි මූලික වශයෙන් කරුණු කිහිපයක් ශ්‍රී.ල.නි.පයේ නිරීක්‍ෂණ මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා තවත් විධිමත් ආකාරයෙන් සකස් කරගත යුතුයි. එමෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ මූලික ලක්‍ෂණවලට අනුව අපි අපේ නිරීක්‍ෂණ ඉදිරිපත් කළා. මේ මූලික ලක්‍ෂණ එකඟතාවලට ගැළපෙන තත්ත්වයකට ආ පසු තව අංශ කිහිපයකට යා යුතු වෙනවා.මූලිකවම 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත වෙනස් නොකර ගිවිසුමක් අත්සන් කරන්න බැහැ. අපේ සියලූම වරාය වලින් 2016 වසරේ ණය සහ පොලිය ලෙස මිලියන 16,700ක් ගෙවා තිබෙනවා. හම්බන්තොට වරායෙන් පමණක් මිලියන 7,100ක් ගෙවා තිබෙනවා. අපි ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් මෙය ලාභ ලබන තත්ත්වයටත්, ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයටත් ගිවිසුම්ගත වීමයි.මෙහිදී ශ්‍රී.ල.නි.පයේ හා එ.ජා.පයේ ස්ථාවරයත් සමඟ පොදු එකඟතාවකට පැමිණ ඒ අනුවයි මේ සම්බන්ධ ගිවිසුමකට එන්නේ. ඒ හැර කවුරුන් හෝ වෙනත් මත ප‍්‍රචාරය කරනවා නම් එය වැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණයට විරුද්ධ දේශපාලන පක්‍ෂයක්. අපිට අපේ දර්ශනය මෙන්ම වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම වන්නේ මේ ආයතන අලාභ නොලබන අයුරින් පවත්වාගෙන යාමයි. මෙහි ණය ගෙවීමේ මූලික වගකීම භාණ්ඩාගාරයට පවරන්නත් බැහැ. මේ අනුව අපි ඉදිරි කාලයේදී වරාය පිළිබඳ තීන්දුවක් ගත යුතුයි.ඉදිරියේදී අපි මෙය සාර්ථකව ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඒ ගැන කටයුතු කිරීමට කැබිනට් අනුකමිටුවකුත් පත් කර තිබෙනවා. එම කමිටුවට අපේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන ගිවිසුමකට  එළඹීමට අපි බලාපොරොත්තු වෙනවා.පසුගිය වසර දෙක ගත්විට අපිට සතුටු විය හැකි හා සතුටු විය නොහැකි කාරණා සිදුවී තිබෙනවා. අද මේ රටේ ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන්. දැන් රට තුළ  ඕනෑම කණ්ඩායමකට, පාර්ශවයකට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට, අරගල කිරීමට නිදහස ලැබී තිබෙනවා.ඒ වගේම අපිට අසතුටු වීමට සිදුවන දේ ගත් විට ඒ කාලයේදී අපේ අපනයන ආදායම වැඩි වී නැහැ. රාජ්‍ය ආදායම වැඩිවීම සිදුවුණත් රාජ්‍ය වියදමත් වැඩි වී තිබෙනවා. වැටුප් වැඩිවීම එයට හේතුවක්. ලෝක ආර්ථික අර්බුදයකුත් තිබෙනවා. ඒ තුළ අනාගතයේ අපිට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ පෑමට සිදුවෙනවා. මෙයින් සහනයක් ලැබීමට නම් අපි අපනයන ආදායම වැඩි කරගත යුතුයි. ඒ සමඟම විදේශීය ආයෝජනයත් වැඩිකරගත යුතුයි. ඒ නිසා ඉදිරි වසර දෙක තුළ මේ කරුණු ගැන තීන්දු ගැනීමට රජයට සිදුවෙනවා.ජනාධිපතිතුමා ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගන්නවා. සමහරුන්ට මෙය තිත්ත වෙන්නත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්. ඒ වුණත් ජනාධිපතිතුමා වසර දෙකක් හැමදේටම ඉඩ දී තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය පවත්වාගෙන ගියා. නමුත් එතුමාට තමන් භාරගත් දේ ඉදිරි වසර හතර ඇතුළත ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා එතුමා ඉදිරි කාලයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් ශක්තිමත් තීන්දු කිහිපයක් ගන්නවා.ඒ වගේම මේ කාලය තුළ බැඳුම්කර වංචාව ගැන පැහැදිලි ක‍්‍රියාදාමයක් සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම ප‍්‍රමාද ඇයිද යනුවෙන් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් අපෙන් ප‍්‍රශ්න කළා. නමුත් නියම වෙලාවට මේ ගැන නිසි තීන්දු ගත් නිසා දැන් විනිවිද භාවයකින් යුතුව බැඳුම්කර කොමිසමේ කටයුතු සිදුවෙනවා.පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඇතැමුන්ගේ හැසිරීම රටේ ආර්ථිකයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැටලූවක් වෙලා. ගොඩින් විසඳාගත හැකි දේ පාරේ දී විසඳාගන්නට ඇතැමුන් උත්සාහ කිරීම තුළ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙලා.  යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: ඔබතුමා නොකියා කියන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවන බවද?පිළිතුර: කැබිනට් සංශෝධන කරන්නේ ජනාධිපතිතුමායි. එතුමා ගන්නා තීන්දු ගැන ඇමැතිවරයෙක් ලෙස මට කියන්න බැහැ. නමුත් යම් යම් දේ සිදුවෙන්න පුළුවන්.ප‍්‍රශ්නය: එ.ජා.පය වැරදි පාරක යන බවද කියන්නේ?පිළිතුර: මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් නිසා දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවෙන්න පුළුවන්. නිසි කලට, නිසි ලෙසට, නිසි විලස තීන්දු ගන්නවා. මිනිසුන් අතින් වැරදි සිදුවෙනවා.ප‍්‍රශ්නය: ආර්ථිකය ගැන තීන්දු ගන්නවා නම් එම වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු තිබිය යුතුයි නේද?පිළිතුර: අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා අපට වගකීමක් තිබෙනවා.ප‍්‍රශ්නය: මුදල් අමාත්‍යධූරය වෙනස් වෙනවාද?පිළිතුර: එය මට කියන්න බැහැ.ප‍්‍රශ්නය: අපනයනය වැඩිකිරීමට හෝ ආයෝජන වැඩිකරන්න රජයට වැඩපිළිවෙළක් තිබෙනවාද?පිළිතුර: ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිවීම තුළ ඇතිවී තිබෙන යම් යම් අස්ථාවරභාවයන් නිසා ආයෝජන අඩු වී තිබෙනවා. යම් යම් කරුණු නොසලකා තද තීන්දු ගත්තා නම් ආයෝජන වැඩිවෙනවා. වර්ජන, පිකටින් නිසා අස්ථාවරභාවයක් ඇති බව ආයෝජකයන්ට පෙනෙන්නට පුළුවන්.ප‍්‍රශ්නය: ශ්‍රී.ල.නි.ප.යට බලපාන තීන්දුත් ගන්නා බව කීවා. ඒ මොනවාද?පිළිතුර: පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඉදිරි මැයි දිනයෙන් පසුව ඉතා ඉක්මනින් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය: ජනාධිපතිතුමාගේ හිතවතුන්ට නව පත්වීම් ලැබේවිද?පිළිතුර: අපිත් ජනාධිපතිවරණයේදී එතුමාට හිතවත්ව සිටියේ නැහැ.  ඒ නිසා හිතවතුන්ට පත්වීම් දෙනවා කීම වැරදියි. අපට අවශ්‍ය පක්‍ෂය එක්කරගෙන ඉදිරියට යාමයි. පක්‍ෂයකට බෙදිලා කැඩිලා ඉදිරියට යන්න බැහැ.ප‍්‍රශ්නය: පෞද්ගලීකරණය, විකිණීම මුල්කරගත් එ.ජා.පය සමඟ ඉදිරියට යන්න පුළුවන්ද?පිළිතුර: පුළුවන්. ජාතික ආණ්ඩුවේ අරමුණ එයයි. කමිටු දමන්නේ, සාකච්ඡා කරන්නේ ඒ සඳහායි. රටට ආයෝජන, ලාභ අවශ්‍යයි. ඒත් අපි වෙන්දේසිකරුවන් බවට පත්වෙන්නේ නැහැ. ශ්‍රී.ල.නි.ප. ය ෂොක්මන් හා සමරවික‍්‍රම පෞද්ගලික සමාගම නෙවෙයි.ප‍්‍රශ්නය: කල්කුඩා මත්පැන් කම්හලට බදු සහන දීම ගැන ඔබතුමා දන්නවාද? මෙය බැඳුම්කර වංචාවට සම්බන්ධ සමාගමෙන් කරන එකක්. ඒ සමාගම යටතේ ඇති මෙන්ඩිස් සමාගමට මීට පෙරත් විශාල සහන දී තිබෙනවා.පිළිතුර: මම ඒ ගැන හරියට දන්නේ නැහැ. බදු සහන දී ඇත්නම් ඒ කුමන පදනම යටතේද යන්න මා දන්නේ නැහැ. ඉදිරි මාධ්‍ය හමුවේදී මේ ගැන සොයා තොරතුරු ලබාදෙන්නම්.ප‍්‍රශ්නය: එ.ජා.ප.ය හා ආණ්ඩු හදනවාට ඒකාබද්ධ විපක්‍ෂයේ අය විරුද්ධයි. ඒ අය සමඟ එක්විය හැකිද?පිළිතුර: එ.ජා.ප.ය සමඟ 2006දීත් ආණ්ඩු කළා. එදා ඒ අය විරුද්ධ වුණේ නැහැ. එදා ගිවිසුම් ගහද්දී කිරිබත් කෑ අය දැන් බැහැ කියන්නේ ඇයි? පසුව 18 දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ කරගත්තා. ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නෙවෙයි. මේ ගමන යන්න බැරිකමක් නැහැ. ජනතාවට හානිකර නොවන අයුරින් සම්මුතියකට එන්න අපිට හැකිවිය යුතුයි. ඒ හැකියාව තමයි නිදහස් පක්‍ෂය අතට ගන්න හදන්නේ. යම් යම් තීන්දු ගන්නා විට ගැටලූ ඇතිවිය හැකියි. පොහොර දෙන ආකාරය වෙනස් කරන විට ගැටලූ ආවා. නමුත් දැන් දී ඇති ප‍්‍රමිතියෙන් යුතු පොහොර නිසා අස්වැන්න වැඩිවෙලා.ප‍්‍රශ්නය: වරාය ගිවිසුම අත්සන් කරන්නේ 99 අවුරුදු බදු ක‍්‍රමයටද?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: ජිනීවා හි ඇති තත්ත්වය ගැන මොකද කියන්නේ?පිළිතුර: ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය නැති බව ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා. අපට අපේ ක‍්‍රමවේදය විශ්වාසයි.ප‍්‍රශ්නය: මුදල් ඇමතිතුමාට ලැබෙන සම්මාන ගැන මොකද හිතන්නේ?පිළිතුර: එය හොඳයිනේ. ඒ ගැන සතුටුයි.ප‍්‍රශ්නය: බැඳුම්කර සිද්ධිය ගැන ශ්‍රී.ල.නි.පයේ මතය කුමක්ද?පිළිතුර:- මෙය හොරකමක්. මංකොල්ලයක්. ඉදිරියේදී ඒ ගැන ක‍්‍රියාමාර්ග ගැනේවි.ප‍්‍රශ්නය: පක්‍ෂයට නව සංවිධායකවරුන් පත්වීම ගැන අදහස කුමක්ද?පිළිතුර: ඉන්න සංවිධායකවරයා වැඩ කරන්නේ නැත්නම් නව සංවිධායකවරයෙක් පත්කර හෝ කටයුතු කරගෙන යා යුතුයි.
මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා
0
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.
මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා
0
(කි‍්‍රෂාන් ජීවක ජයරුක්)ගංවතුරින් විපතට පත්වූ සියලූම ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු මෙන්ම අනාගතයේදී මෙවැනි ආපදාවලින් ජනතාව මුදාගැනීම සඳහා රජයක් ලෙස තීන්දු තීරණ රැසක් ගත යුතු වෙනවා. මීට පෙර පැවති සෑම රජයක්ම ආපදාවන් වළක්වා ගැනීමට යෝජනාවන් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ  කළ විට ජනතාව දේශපාලනඥයින් සමග එකතු වෙලා ඒවා ආපස්සට හැරවීමට කි‍්‍රයා කළා. ඒ නිසා දෙස් විදෙස් විශේෂඥ ඉංජිනේරුවන්ගේ උපදෙස්  මත ආපදා වළක්වා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාතරදී පෙරේදා (05) පැවසීය.මාතර දිස්ති‍්‍රක්කයේ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී පළමුව අදහස්  දැක්වූ මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා මෙසේද කීය.මාතර දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 650න් 500ක්ම මෙම ආපදාවට ලක්වුණා. ඒ වගේම පුද්ගලයින් තිහකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. වී වගාවට වගේම තේ වගාවටත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ගංවතුර ඇති වූ මොහොතේ පටන් රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් කළ යුතු සෑම කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කළා. මුලින් නිල්වලා ගෙඟ් ඉහළ කොටසේ  ඇති වූ ගංවතුර පසුව පහළ කොටසේ දින ගණනාවක් පැවතියා. මේ ආපදා තත්ත්වයේදී දේශපාලනඥයින් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළා.ජනාධිපතිවරයා:  ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතුවල යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා  හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙන්න. ඒ කළ යුතු පළමු කටයුත්තයි. මෙහි දෙවැනි කොටසක් තිබෙනවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට  කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ දෙවැනි කොටස අද සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. අපි මේ ආපදා තත්ත්වයට පත්වූ සෑම දිස්ති‍්‍රක්කයක්ම එවැනි ආපදාවලින් මුදවා ගැනීමට රජය ලෙස ගත යුතු පියවර රාශියක් තිබෙනවා. මම පසුගිය සිකුරාදා ගාල්ලේදී සඳහන් කළා වගේ එකදහස් නවසිය හැට ගණන්වල ඉඳලා පැවති සෑම රජයක්ම මේ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ ඉංජිනේරු ශිල්පීන්ගේ තාක්‍ෂණ නිලධාරීන්ගේ උපදෙස් මත යැවූ යෝජනා  සැලසුම් රාශියක්  තිබෙනවා.නමුත් ඒ එක යෝජනාවක්වත් කි‍්‍රයාත්මක කිරීමට ලැබිලා නැහැ. ඊට ප‍්‍රධාන හේතුව ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට  ගිය විට අදාළ ප‍්‍රදේශවල ජනතාව දේශපාලනඥයන් සමග එකතු වෙලා රජය ගන්නා වූ ඒ කි‍්‍රයාමාර්ග නතර කර දැමීමයි. නමුත් අද සෑම කෙනෙක්ම පිළිගන්නවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයක් ලෙස විදේශීය උපදෙස් මත සහ දේශීය විශේෂඥයින්ගේ මග පෙන්වීම මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අවශ්‍යයි කියලා. ඒ නිසා ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනව කැබිනට් මණ්ඩලයත් ජාතික ආපදා කළමනාකරණ සභාවත් රැස්වෙලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්න. දැනටමත් අපට උදව් කරන රටවල් තුනක විශේෂඥයන් ඇවිත් මේ ආපදා තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම විපතට පත්  ජනතාවට ඔවුන් සහන සලසමින් සිටිනවා. ඔවුන් සමග එකතු වෙලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඳවුරුවල ප‍්‍රශ්න දැනට තිබෙනවා නම් කියන්න පුළුවන්.නීතිය හා සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා: ”දැනට මාතර දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු හතරක ජනතාව පදිංචි වී සිටිනවා. නායයාම හේතුවෙන්  තමයි ගොඩක් අයට උන්හිටි තැන් අහිමි වෙලා තිබෙන්නේ ඔවුන් යථා තත්ත්වයට පත්කර ගන්න මාස හයක්වත් ගත වේවි.ජනාධිපතිවරයා: සෑම දිස්ති‍්‍රක්කයම මැති ඇමැතිවරුන්ට හා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා නැවත නිවාස ඉදිකර දීමට මුලින්ම ඉඩම් හඳුනා ගැනීම කරන්න කියලා. රජයේ ඉඩම් නම් ප‍්‍රශ්නයක් නැහැ. පරිබාහිර පෞද්ගලික සමාගම්වල ඉඩම් අපිට පවරාගන්න සිදුවේවි. මීට පෙර ඇතිවූ ආපදාවලදී අපට එවැනි ඉඩම් පවරා ගන්න සිදුවුණා. මාතර දිස්ති‍්‍රක්කයෙත් ඒ ආකාරයට ජනතාව පදිංචි  කරවන්න පුළුවන් ඉඩම් හඳුනාගෙන වාර්තා කරන්න. ති‍්‍රවිධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක බළකාය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යොමු කරලා ඒ නිවාස කඩිනමින් ඉදිකර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් සියල්ල නිවාස ඉදිකිරීමට යොදවනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ආධාර ලබාදීමේ ජාත්‍යන්තර සමුළුවක් කැඳවා ඔවුන්ගේ ආධාර උපකාර ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය හා විදේශීය මුදල් ප‍්‍රමාණයන් යොදවා ඒ කටයුතු කඩිනම් කරනවා. දැනට ඒ සඳහා ඉඩම් හඳුනාගැනීමක් සිදුකර තිබෙනවාද?මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා: ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් හා වතු සමාගම්වලට අයත් ඉඩම් තිබෙනවා. අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: වතු සමාගම්වලට අයත් ඉඩම් පවරා ගැනීමේ දී ප‍්‍රශ්න මතු වෙනවා.ජනාධිපතිවරයා: ඒ ආකාරයට පවරා ගැනීම අපිට ප‍්‍රශ්නයක් නැහැ. අරණායක සිද්ධියේදි අපි සතියෙන් ඒ ඉඩම් පවරාගැනීම සිදුකළා. සුදුසු ඉඩම්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය පවරා ගැනීම් ගැසට් මගින් සිදුකරන්න පුළුවන්. දැනට කඳවුරු පවත්වාගෙන යන පාසල් අපිට ඉක්මනින් නිදහස් කරගන්න සිදුවෙනවා.සාගල රත්නායක මහතා: දැනට මාතර තමයි වැඩිපුර ප‍්‍රමාණයක් අවතැන් කඳවුරුවල ඉන්නේ. මාතර ඉන්නවා 1587ක්, කොටපොල ඉන්නවා 171ක් අවතැන් වෙලා ඉදිරි දින කිහිපයේදි මේ ප‍්‍රමාණය අඩුවේවි.ජනාධිපතිවරයා: අපිට පොදු ස්ථාන ඔවුන් වෙනුවෙන් සොයාගන්න පුළුවන් නම් පාසල් නිදහස් කර ගන්න පුළුවන්.ඇමැති මංගල සමරවීර මහතා: ජනාධිපතිතුමනි, පන්සල් පේෂකර්ම මධ්‍යස්ථාන වැනි ගොඩනැගිලි ඒ සඳහා යොදා ගන්න පුළුවන්.දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන  වීරසිංහ මහතා: පිටබැද්දර කොට්ඨාසයේ කඳු අටක් විතර නාය යාමේ අවදානමකට ලක්වෙලා තිබෙනවා. ඒ සෑම පවුලක්ම රාති‍්‍ර කාලයේ පන්සලක, පාසලක එහෙම නැත්නම් වෙනත් නිවසක තමයි නිදාගන්නේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කර නිගමනයක් ලබාදෙන්න. ඒ සංඛ්‍යාලේඛන මේ වාර්තාවලට ඇතුළත් කර නැහැ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒත් පිටබැද්දරටත් ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කළ යුතුයි. ජනාධිපතිවරයා: හොඳයි, ඒ තොරතුරුත් වාර්තාවට ඇතුළත් කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න.රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන්යාපා අබේවර්ධන මහතා:  ගිය සැරේ ගංවතුරෙදි අනාරක්‍ෂිතයි කියලා වෙනත් තැන්වලින් ඉඩම් ලබාදීලා ගෙවලා හැදුවා. ඒ ගිහින් අලූත් ගෙයි භාර අරගෙන ආපසු පැරණි ගෙදරටම ඇවිත් පදිංචි වුණා. එතකොට ආපසු මේ වගේ තත්ත්වයක් ආවාම රජයකට තමයි විසඳුම් දෙන්න වෙන්නේ. ඒකටත් තීන්දුවක් ගත යුතුයි.ජනාධිපතිවරයා: ඒක ඉතින්  මෙහේ විතරක් නෙවි මුළු රටේම හැටි. විපතේදී දෙන  ඕනම තැනකට කැමතියි කියලා යනවා. දුන්නට පස්සේ දීපු තැන අත හරින්නෙත් නැහැ. හිටපු තැන අතහරින්නෙත් නැහැ.ලක්‍ෂ්මන් යාපා මහතා: එවැනි අවස්ථාවල හිටපු ඉඩම රජයට පවරා ගත යුතුයි. නැතිනම් ඒක බරපතළ ප‍්‍රශ්නයක් වෙනවා. ආපසු ගෙවල් හදලා දෙන්න වෙනවා.ජනාධිපතිවරයා: සම්පූර්ණයෙන් හානි වූ නිවාස වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාසත් අපි හදලා දෙනවද කියලා තීරණයක් ගන්න  ඕන. දිසාපතිතුමා ඒ  වාර්තා සියල්ලම පළමුව ලබාගන්න.මාතර මහ දිසාපති: ඒ වාර්තාත් ගන්නම් ජනාධිපතිතුමනි. දැනටමත් ඊට අදාළ තොරතුරු ගනිමින් තිබෙනවා.මංගල සමරවීර මහතා: මාතර, පිලදුව වගේ ප‍්‍රදේශවල අපි  වරින්වර නිවාස හදා දී තිබෙනවා. ආපසු අවුරුදු දහයකින්  හදලා දෙනවා. ඒක නිසා අවදානම් ප‍්‍රදේශවල නිවාස සඳහා එම අලූත් සැලසුමක් අනුව හදන්න  ඕන. නැත්නම් දශකයෙන් දශකයට හදන්න වෙනවා.ජනාධිපතිවරයා: ගංවතුර නිසා මව්පියන් අහිමි දරුවන් විතරක්  ඉතිරි වූ අය මාතර දිස්ති‍්‍රක්කයේ ඉන්නවද?දිසාපති: මේ වනතෙක් වාර්තා වී නැහැ. ප‍්‍රාදේශීය ලේකම් තුමාලා දන්නවද දරුවන් විතරක් ඉතිරි වූ තැන්.මාතර ප‍්‍රාදේශීය ලේකම් දර්ශන වික‍්‍රමාරච්චි මහතා: මව හා පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම් නැහැ. පියා අහිමි වූ දරුවකු සිටිනවා. ඒ දරුවා මවත් සමග අදත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් මා හමුවී ගියා.තිහගොඩ  ප‍්‍රාදේශීය ලේකම්තුමිය: දරුවකුට තාත්තා අහිමි වුණා. අම්මා දැන් ඉන්නවා. ඒ අම්මාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ගෙඟ් වැටිලා තාත්තා මියගියත් නිවාසයට  හානියක් වුණේ නැහැ. ඔවුන්ගේ ඉදිරි ජීවිතය හදාගන්නයි උදව් උපකාර කරන්න  ඕන.ජනාධිපතිවරයා: හොඳයි, ඒ වාර්තා ලබාගෙන දරුවන් වෙනුවෙන් සුදුසු තීරණයක් ගන්න. පරිවාස ගත කිරීමට අවශ්‍ය නම් එහෙම කරන්න. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණ ගන්න. මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවද?ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට ගොඩක් මාර්ගවල යාමට පුළුවන් ආකාරයට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ ගැන මොකද කියන්නේ.මාර්ග සංවර්ධන අධිකාරිය: දැනට මාතර දිස්ති‍්‍රක්කයේ සියලූම මාර්ගවල ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර තිබෙනවා. විනාශ වූ මාර්ග යථා තත්ත්වයට  පත් කිරීමට තවත් මාස දෙක තුනක කාලයක් ගත වේවි.වීරසුමන වීරසිංහ මහතා: පමණක් ප‍්‍රදේශවල පාලම් කැඩිලා. දෙනියාය කොට්ඨාසයේ පාලම් ගණනාවක් විනාශ වෙලා. පාසල් දරුවන්ට පාසල් යන්න විශාල දුරක් පයින් යන්න සිද්ධ වෙලා. ඒක නිසා බෝට්ටු සේවාවක් හෝ යොදවන ලෙස ඉල්ලා සිටිනවා.සාගල රත්නායක මහතා: පාලම් දෙකක් ඉතා කෙටි කාලයක් තුළ හදන්න  පුළුවන්. අනෙක් පාලම්  ඊටත් වඩා කුඩා ඒවා.ජනාධිපතිවරයා: එහෙනම් ඒ තොරතුරුත් ගන්න. කැඞී ගිය පාලම් ගැන. එතකොට ඒවා හදන්න මාර්ග සංවර්ධන අධිකාරියට ආදි ලෙස බෙදාදෙන්න පුළුවන්. අර පළාත් ඇමතිතුමා කිව්ව විදියට බෝට්ටු  අවශ්‍ය නම් දෙන්න. මාතර බෝට්ටු තියනව නම් දෙන්න. කෝ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය.මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් පි‍්‍රයංකර උබයසිරිවර්ධන මහතා: දැනටමත් අපි බෝට්ටු හා අගුල් දීලා තිබෙනවා. නාවික හමුදාව විසින් අලූත් සැලැස්මකට අනුව හදපු බෝට්ටු ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.සාගල රත්නායක මහතා: ඔය කියන ස්ථාන දෙකේ මම හිතන්නේ බෝට්ටු නැහැ. බෝට්ටු දැම්මත් මාරු වෙන්න පහසු නැහැ. මම හිතන්නේ ඉක්මනින් පාලම් හැදීමයි කළ යුත්තේ. එතකම් විකල්ප මාර්ග තිබෙන නිසා බස් යොදන්න  ඕන.ජනාධිපතිවරයා: දිසාපතිතුමා කච්චේරියට ස්ථිරවම බෝට්ටු කීයක් තිබෙනවද?මාතර මහ දිසාපති: නැහැ සර් අපිට එකක්වත් නැහැ.ලූතිනන් කර්නල් පි‍්‍රයංකර මහතා: නැහැ සර් බෝට්ටු තියනවා. සමහර ස්ථානවලට ස්ථානගත කරලත් තියනවා.ජනාධිපතිවරයා: ආ ඒකනේ හැම දිස්ති‍්‍රක්කයකටම අපි බෝට්ටු දීලා තිබෙනවා.ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: නෑ නෑ ඒක වැරදියි. ස්ථානගත කරලා තිබෙනවා. මේ  ගංවතුරෙදි වෙච්ච ඇත්ත ප‍්‍රශ්නය කියන්න. ස්ථාන ගත කරලා තිබුණත් පදවන්නන් නැහැ.ජනාධිපතිවරයා: දිසාපති කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල වගේම පොලිසිවලත් බෝට්ටු  තියාගන්න  ඕන. හැම රජයක් වගේම බෝට්ටු දීලා තිබෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට ප‍්‍රයෝජනයට ගන්න  ඕන.සාගල රත්නායක මහතා: සැටලයිට් පින්තූර බලලා සුදුසු ස්ථාන තෝරාගෙන සැඩ පාර බලලා සමහර බෝට්ටු යොදවන්න   ඕන. ඒ වගේම පදවන්නන් පුහුණු කරලා ඒවාට යොමු කරන්න  ඕන. ජනාධිපතිවරයා: හොඳයි දිසාපතිතුමාට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න. මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා: බෝට්ටු දුන්නත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි ගෙදර වතුර මෝටරය වුණත් කාලයක් පාවිච්චි නොකළ විට මෝටරය වැඩකරන්නේ නෑ. ඒ නිසා බෝට්ටුත් දීලා තියෙනවා. එන්ජිනුත් දීලා තිබෙනවා. සති දෙකකට සැරයක්වත් නඩත්තු කරන්න අය ඉන්න  ඕන. ඒ සඳහා පුහුණු කළ අය සිටිය යුතුයි.ජනාධිපතිවරයා: ඔව්. නඩත්තුව අවශ්‍යයි. ඒවා ගැනත් බලන්න  ඕන.දකුණු පළාත්සභා මන්ත‍්‍රී රංජිත් මුණසිංහ මහතා: බෝට්ටු ආපදා කළමනාකරණයේ තිබුණට වැඩක් නැහැ. ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දෙන්න  ඕනෑ. මම නියෝජනය කරන්නේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. ඒකේ ආපදා කළමනාකරණයෙන් එන විට ගංවතුර බැහැලා ගිහින් හමාරයි. ඒක නිසා ගංවතුර උවදුර පවතින හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම බෝට්ටු දෙකක්වත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: බෝට්ටු දෙකක්වත් දෙන්න  ඕන. මම දන්නවා එහෙම තියන ප‍්‍රදේශ. හොඳයි ඒ අවශ්‍ය ප‍්‍රදේශවල තොරතුරු රැස් කරගන්න.දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා: පාලම් ප‍්‍රශ්නය නිසා පාසල් දරුවන්ට පාසල් යාම අපහසු ප‍්‍රදේශවලට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සමග එකතු වෙලා අපිට තාවකාලිකව පාසල් බස් රථ සේවාවක් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය තැන් කියන්න, අපි ප‍්‍රවාහන පහසුකම් සපයන්නම්.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා: මාතර තුඩාව හා කුරුඳුවත්ත පාරේ සර්විස්ටේෂන්වලින් ආපු කළුතෙල් එහෙම නිසා පිරිසුදු කිරීමට ජල පහසුකම් නැහැ. හුඟක් අයට අවශ්‍ය ජල පහසුකම් නැති නිසා ඒ කටයුතු කිරීම ප‍්‍රමාදයි. සමහර තැන්වල විදුලියත් නැහැ. බවුසර්වලින් ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය සභාවල තිබෙන බවුසර් හරි ගෙනවිත් ඒ පිරිසුදු කිරීම්වලට අවශ්‍ය ජලය ලබා දෙන්න.මංගල සමරවීර මහතා: බවුසර් විශාල ප‍්‍රමාණයක් දුන්නා. ගම්වල අපට ලොකු ටැංකි තිබ්බා. මේ පිරිසිදු කටයුතුවලටත් අපි ඒ මෙහෙයුමම කරමු. ඒ ටැංකිවලට පුරවලා ජලය ලබා දෙමු.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුළු රජයේ ආයතනවල තිබෙන බවුසර් ගෙවල් පිරිසුදු කිරීමේ කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදීමට යොදවන්න.සාගල රත්නායක මහතා: මමත් බවුසර් දහයක් එවන්නම්.මංගල සමරවීර මහතා: සාගල ඇමතිතුමා බවුසර් දහයක් දෙන්නම්ලූ.ජනාධිපතිවරයා: අන්න තවත් බවුසර් දහයක් දෙනවලූ. ඒවා සියල්ල යොදවන්න. ඒ බවුසර් දිසාපතිතුමාට යවන්න.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට හැම පළාත්පාලන ආයතනයකටම අමතරව වියදම් කරන්න රුපියල් ලක්ෂ පහළොව බැගින් දීලා තිබෙනවා. පෞද්ගලික අයගේ නිවාසවල කඳු වැටිලා පස්වලින් පිරිලා. දුප්පත් ඒ අයගේ නිවාසත් පිරිසිදු කරලා තිබෙනවා.ෂාන් විජයලාල්ද සිල්වා මහතා: ඒ කටයුතු සිදු කරන්න අපි මුදල් දීලා තිබෙනවා. ඒ නිසා මූල්‍යමය ගැටලූවක් නැහැ. අනෙකුත් පළාත් සභා පවා අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. තව මුදල් මදිනම් අපි ඒවත් දෙන්න සූදානම්. මධ්‍යම, වයඹ, ඌව පළාත් සභා දැනටමත් අපිට උදව් කරන බව පවසා තිබෙනවා.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා: අද ගොඩක් අය අසරණ වෙලා. මට මොරවකදී හමුවුණා අපේ අම්මා කෙනෙක්. තමන්ගේ සැමියා දරුවන් දෙන්නාම කන්දට යට වෙලා. ඇය තනි වෙලා. අවතැන් කඳවුරේදී ඇය කෑම ලබා ගන්න යන්නේ සාමාන්‍ය පෝලිමේම තමා. ඇය අහනවා මගේ හිතේ තිබෙන වේදනාවට පෝලිමේ යන්නේ කොහොමද කියලා. මේ මිනිසුන්ගේ මානසික තත්ත්වය හදන්න, ජීවන තත්ත්වය හදන ගමන්ම එයත් කරන්න. ඒ වගේම දැනට ඉස්කෝලේ ඉන්න අය තව ටික දිනකින් ඉවත් කරාවි. එතකොට ඔවුන් කොතනටද යන්නේ, ඔවුන්ට ජනාධිපතිමන්දිරය දුන්නත් වැඩක් නැහැ. මානසික ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා මානසිකත්වය ගැන වැඩපිළිවෙළක් හදන්න.සුනිල් හඳුන්නෙත්ති මහතා: 2003 ගංවතුරට හසු වූ අයමයි මෙවරත් විපතට පත් වුණේ. ව්‍යාපාරික ස්ථානත් එහෙමයි. හානියට පත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන ක‍්‍රමයක් සලසා දෙන්න. පාසල් දරුවන් ගැනත් බලන්න.ජනාධිපතිවරයා: පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මානසිකත්වය හදන්න සෞඛ්‍ය අමාත්‍යංශය වෙනමම වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දිසාපතිතුමා ඒ මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේම අදහස් සටහන් කර ගත්තා. ඒවා ක‍්‍රියාවට නැංවීම සඳහා යොදා ගමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී බිංදු වීරසිංහ මහතා: ගංවතුර පාලනය කරන්න මේ වේලි කපනවා. 2003 දීත් එහෙම කළා. එවැනි තැන්වල ඇනිකට් හැදුවොත් හොඳයි කියලා හිතෙනවා.ජනාධිපතිවරයා: වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ගැන මොකද කියන්නේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව: ජනාධිපතිතුමනි අපිත් බලාපොරොත්තු වෙනවා එතන ඇනිකට් එකක් සාදන්න.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා: දැනට තිබෙන චක‍්‍රලේඛ යටතේ හානි පැමිණවූ දේපොල වලටයි විතරක් වන්දි ගෙවන්න පුළුවන්. නමුත් නිල්වලා නිම්නයේ අඩි දහය දොළහ දින හය හතක් ජලයෙන් යට වූ නිවාස තිබුණා. නමුත් දේපොළ හානියක් නැතිනම් ඔවුන්ට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගංවතුර සම්බන්ධයෙන් අපි අලූත් ප‍්‍රතිපත්තියක් හදලා ක‍්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. දිසාපතිතුමාගේ වාර්තාව අනුව හිතෙනවා රාජ්‍ය යන්ත‍්‍රය විතරයි ගංවතුර වෙනුවෙන් වැඩ කළේ කියලා. රාජ්‍ය යන්ත‍්‍රය විතරක් නෙමේ සමාජ යන්ත‍්‍රයක් විශාල කැපවීමක් කළා.ඒ නිසා කරුණාකරලා ඒක නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ සියලූ දෙනාම ඇගයීමට ලක් විය යුතුයි. ඒ වගේම 2003 දී පිල¥ව වේල්ල කැපුවා. ඒක 2017 දී ආපහු කැපුවා. 1917 දීත් මාතර දිස්ත‍්‍රික්කයට ගංවතුර ඇවිත් තිබෙනවා. නිල් කොල රතු ආණ්ඩු යටතේ අපි මේවා ගැන සාකච්ඡා කළා. මම මහජන නියෝජිතයෙකු ලෙස නොව පුරවැසියකු ලෙස ඉඳලා සිටිනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ තුන්වැනි අදියර ක‍්‍රියාත්මක කරන්න කියලා.ජනාධිපතිවරයා: ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා සඳහන් කළ පරිදි ගෞරවය පිළිබඳ යෝජනාව මම ඒ ආකාරයටම ස්ථීර කරනවා. දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් යෝජනා ක‍්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුද්ධ පවිත‍්‍ර කරන්න බැරිවෙච්ච පාසල් තවත් තිබෙනවාද?දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ නම් එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ගාල්ලේ පාසල් දෙකක් නම් තිබෙනවා. ඒත් විද්‍යුත් උපකරණ නම් විනාශ වෙලා. සතියක් විතර යයි ඒ සියල්ල යථා තත්ත්වයට පත්කර ගන්න. විනාශ වූ විදුලි උපකරණ සියල්ල යළි ලබා දෙනවා.සුනිල් හඳුන්නෙත්ති මහතා: රාජ්‍ය සේවයේ සියලූම නිලධාරීන් මහත් සේවාවක් කළා. රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුරේ ග‍්‍රාම නිලධාරීන් දෙදෙනෙකු ගැන ප‍්‍රවෘත්තියක් විද්‍යුත් මාධ්‍යයකින් මම දැක්කා. මම සිතනවා එතැන දී ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒ වගේම එය ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට කැළලක් වෙන්න පළුවන්. ඊට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: දැනටමත් ඒක ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මූලික වාර්තාවෙන් පසු එය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ඉක්මන් වෙලා කරපු වැඩක් වගේ. රජයේ නිලධාරීනුත් ආපදාවට ලක් වෙලා ඉන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඒක ගැන ප‍්‍රශ්නයක් නැහැ.හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී ලාල් පේ‍්‍රමනාත් මහතා: පාසල් වගේම පෙර පාසල් විශාල සංඛ්‍යාවකුත් මේ ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒවාටත් සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිනවා.චන්දිමා රාසපුත‍්‍ර මහතා: කොට්ඨාස මට්ටමින් එහෙම හානි වෙච්ච පෙර පාසල් වල තොරතුරු ලබා දෙන්න. ඒවා ගැනත් සළකා බලන්න අපි කටයුතු කරනවා.මංගල සමරවීර මහතා: මේ ආපදාවේදී ජනතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වූ රජයේ නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නිල්වලා ව්‍යාපාරයේ තුන්වැනි අදියරත් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා කිව්වා වගේ අදහස් හා යෝජනා ලබාගෙන ක‍්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද විපක්ෂයේ ඉන්න කොට තමයි හොඳ අදහස් මතු වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ඉන්නවට වඩා ඩලස් අලහප්පෙරුම මහතා මේ දිස්ත‍්‍රික්කයේ නායකයා විදිහට අවුරුදු දහයක් හිටියා. ඒ කාලෙත්  ඕවා ක‍්‍රියාත්මක කරන්න තිබුණා. අතීතය ගැන නොසිතා දැන්වත් අපි ඒවා ක‍්‍රියාත්මක කරමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඞී.ජී. චන්දන ප‍්‍රියන්ත මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ ආසන හතෙන් හයක් ගංවතුරට යට වුණා. නමුත් කඹුරුපිටිය ආසනයට අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත් කර නැහැ. ඒකෙන් සම්බන්ධීකරණ  සම සභාපති ලෙස මා ටිකක් විසි වෙලා ගිහින් තිබෙනවා. ලක්ෂ්මන් ඇමතිතුමා දැන් ටිකක් හයිය අරගෙන ඒක කරගෙන යනවා. ඒ නිසා අද හෙටම අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත්කර ඒක නිවැරදි කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.මංගල සමරවීර මහතා: ඒක බොරු කතාවක්.ජනාධිපතිවරයා: හොඳයි දැන් වෙන ගංවතුරකට යන්න හදන්නේ. ඒක නිසා රැස්වීම මෙතනින් නතර කරනවා. සියලූ දෙනාම එක හා සමානව වැඩ කළා. හැමෝටම ස්තූතියි.මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, දේශපාලනඥයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා
0
 (අශන්ති වරුණසූරිය)කාලයක් තමන්  නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. මෙරට ආර්ථිකය ගොඩගැනීමට සහ හොරකම් නැති කිරීමට ඩිජිටල් කළ යුතු බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසුවේය. ඔබ නිහඬව සිටියේ ඇයි ?වැරදි වැටහීම් තියෙනකොට නිහඬතාවයක් තියෙන එක හොඳයි. කාලෙකට පස්සේ මම මාධ්‍යකට ආවේ, මේ අවස්ථාවේ රටට අපෙන් දිය යුතු අදහස් තියෙනවා ඒ ටික දීලා අපේ යුතුකම ඉටු කළ යුතු නිසා.අයවැය කතා බහක් යන වෙලාවක්. දැඩි ආර්ථික අර්බුදයක් සමඟ රට යන විදිය ගැන ඔබේ අදහස ?අමාරු තත්වයක්. නිදහස ලැබූ දා සිට නිකං කන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. එය විඳින්න ගත්තම තමයි එහි උග්‍ර බව දැනෙන්නේ. මම හිතන්නේ මේක එවන් කාලයක්. අද දේශපාලඥ්යන්ට බයිනවා. ප්‍රශ්නේ 225න් ඉවර වෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාත් මේකට ප්‍රධාන හේතුවක්.ඇයි එහෙම කියන්නේ ?හැම අමාත්‍යංශයකම  ප්‍රධාන නිලධාරී ඇමති නෙමෙයි එතන ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියා. ඒවගේම දෙගොල්ලෝ  හවුල්වෙලත් සිදුවිය හැකියි. දැන් මිනිස්සු ලෙස සියලු දෙනා කොහෙද ප්‍රශ්නේ තියෙන්න කියන එක පසුවිපරම් කර බැලිය යුතුයි.ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරී නම් ඔවුන්ව සහ රාජ්‍ය ආයතන  යාන්ත්‍රණය සැකසිය හැක්කේ කෙසේද ?ටෙන්ඩර් ක්‍රියා පටිපාටියේ සිට සිදුවන දේවල් නතර කර ගත යුතුයි. දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වානිජකරණය කළ යුතුයි.තරුණ අරගලයක් ක්‍රියාත්මක වෙමින් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව පැවසුවා. මේ ගැන ඔබේ අදහස ?මේ ප්‍රශ්න නිදහස ලැබුන දා සිට තිබුණා. නිකන් ලැබුණාම මෙහෙම ප්‍රශ්න වෙනවා. නිකං ලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එදා ඇහුවේ නැති නිසා අද පිපිරිලා. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මෙහෙ විශ්ව විද්‍යාලය වල අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා. මෙහෙ බෝර්ඩ් ලෑලි අල්ලලා රට යනවා. රට ගිහිං බෝර්ඩ් ලෑලි අල්ලන්නේ නැහැනේ. රටට තියෙන ආදරේ මෙහෙ නැති එක පිට රට ගිහිං වෙනවා ද ? ඇයි රැග් කරන්න ඉඩ දෙන්නේ. වැරදියට වටහා ගන්න එපා. වැඩ කරන කෙනාට ගහලා නැති කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොරෙක් වංචනිකයෙක් කියනවා. වංචා කරන කරන අය ඒවා දිගටම කරගෙන යනවා. මේක තමයි තත්වේළඟම ඉන්න අය නෙමෙයි ද මෙහෙම ගැහුවේ ?ඔව් ඒක ඉතින් ලංකාවේ සිරිතක්.අයවැය IMF එකට අනුකූලව සැකසිලා කියලා විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?අපි 2015 මේවට උත්තර දුන්නා යම් ක්‍රියාවලියක් ඒවා නැත්තට නැති කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. නමුත් එයාලට ඕන දේවල් නෙමෙයි මේකෙන් කර ගන්න ඕන ඒවා අපි දැන ගන්න ඕන. බදු ගෙවීම් වැඩියි. ණය ගන්න ඕන ගෙවන්න බැරි ප්‍රමාණයෙන් ගැනීම වැරදියි.කඩ වැටුණු ආර්ථිකේ නිසා ජනතාවට පටිතද කර ගන්න වෙලා. ජනතාවටත් සහනත් දීලා ආර්ථිකයත් ගොඩනැගිය හැකි ක්‍රම වේදයක් නැත්ද ?මේ රටේ හැමදේම සහනාධාර වලට ගැනීම සිමා කළ යුතුයි. ආර්ථිකේ ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කල හැකියි.ඒවගේම බොරු ෂෝ වැඩියි. මේවා නතර කළා නම් රට දියුණු වෙනවා.මන්දපෝෂණය තත්වයට විසඳුමක් තියෙනවා ද ?මේක නිදහසේ සිට තිබෙන ප්‍රශ්නයක්. සමෘද්ධි වගේ දේවල් හරියට දියත් කළා නම් මේ දේවල් වෙනවා ද ? අවශ්‍ය කෙනාට නෙමෙයි මේ දේවල් ලැබෙන්නේ. ආර්ථිකේ ඩිජිටල් කළා නම් මේ දේවල් නතර වෙනවා. දුප්පත්කම ඇති කරන්නේ දේශපාලන අරමුණින්. ප්‍රශ්න නිවැරදි කරලා උත්තර හොයලා නැවත රට පුනර්ජීවනය කළ යුතු වෙලාවක් මේක. කරන්න බැරි නෙමෙයි කරන්න වුවමනාවක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි හැමකෙනාම කැප විය යුතුයි. අපි මේවා එදා කිවුවා. 2015 අපි හැදුවා නමුත් එකතු වෙලා අපිට ගැහුවේ. දෙවියෝ උඩ ඉන්නවා. මේවා පේනවා. කොහෙන්ද හදන්නේ කියන තැනේදී, ඇයි ඔබ එකතු නොවෙන්නේ ?අපිට නිවාඩුවක් ගන්න තිබ්බා. එය වැරදි මත නිවැරදි කරන්න අවස්ථාවක්. දැන් තේරෙනවා ඇති.වත්මන් ජනාධිපති සමඟ ඔබ තවම සමීපව කටයුතු කරනවා නේ ?මගේ පක්ෂයේ නායකතුමා. මෙතුමාට මේ තමයි මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා. අපිටත් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපි කවුරුත් අංගසම්පුර්ණ නැහැ. පක්ෂ තුල යම් ගට්ඨන ඇති කරලා ප්‍රශ්න වුණා. ඒවාත් නිවැරදි කරලා, පක්ෂේට ආදරය කරන තත්වෙකට පක්ෂේ ගෙන යා යුතුයි.එජාපය සහ පොදුජන එක්ව වැඩ කිරීම ගැන එජාපයේ පාක්‍ෂිකයන් විවේචනයට ලක් කරනවා?මම හිතන්නේ මේක පාට කරන්න අවශ්‍ය නැහැ. මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හැමෝගෙම අදහස් යොමු කිරීම වැදගත්. හැමෝගෙම විශ්වාසය මත රට වෙනුවෙන් හැමෝම එකතු කිරීම වැදගත්. නමුත් කුහකකම් නිසා එවැනි තත්වයන් ඇති වෙන්නේ නැහැ.ඒ කියන්නේ කුහකකම් එජාපය තුල ද ?එජාපය තුලත් තියෙනවා. අනෙක් තැන වලත් තියෙනවා. මේක නැති කරනකල් අපේ රට හදන්න බැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. මේ වගේ බොහෝ දේ තියෙනවා. ඉන්දියාව චීනය හැප්පීම කළ නොකලය යුතුයි. කරන්න පුළුවන් දේවල් නොකළ අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනවා.ඔබට එජාපයේ ඉහළ තනතුරක් ලැබෙන බවට වාර්තා පල වෙනවා ? එහි සත්‍යතාවයක් නැහැ. කණ්ඩායමේ අය තනතුරු දරමින් සිටිනවා. ඒකරාශිව කණ්ඩායමක් ඇති කළ යුතුයි. හැමදෙනාගෙම හිත් දිනාගෙන ජනතාවගේ විශ්වාසයක් ඇති කළ යුතු අවස්ථාවක් මේක. යම් පෙරළියක් ඇති කරන්න අපේ මුළු ශක්තියම ලබා දී එජාපය රකින්න අවශ්‍යයි. ඊට මට දශමෙකින් හෝ උදව් කළ හැකි නම් මම කැමැත්තෙන්ම එය කරනවා. ඒ වගේම හැකියාවත් තියෙනවා. නමුත් අපිටත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊර්ශියා රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. මම මේකෙන් ජිවත් වෙන්නේ නැහැ. මේ සියල්ල මම දේශපාලනය එන්න ප්‍රථම ගත්ත දේවල්.නත්තල වගේම නව වසරත් එළෙඹෙනවා, ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?අවුරුදු 74ක් නිදහස ලැබුණට, අපිට ආර්ථික නිදහසක් ලැබී නැහැ. තරුණයෝ මුල් කරගෙන අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. වයෝවෘද්ධ අයටත් සතුටින් ජිවත් විය හැකි මාර්ගයක් ඇති කරමු. ආර්ථිකේ යම් අය වැට්ටුවට  අපිට ලෝකය තරණය කළ හැකි අවස්ථා තියෙනවා. "හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ" කියන සංකල්පයෙන් අපි හැමදෙනාම මහන්සියෙන්ඉදිරියට යන්න පුළුවන් ගමනක් ආරම්භ කරමු. කුහකකම් දුරුලා නව වසර අපි අලුත් ගමනක් යන්න ආරම්භයක් ඇති ගන්න අත්වැල් බැද ගමු. 
ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
1
ප්‍රශ්නය:- මෑත කාලයේ එ.ජා.පය ප්‍රධාන මාතෘකාවක්. මැතිවරණය දොරකඩ  සිටින අවස්ථාවක ඔබලාගේ ස්ථාවරය කුමක්ද?පිළිතුර:- එ.ජා.පය මේ රටේ පැරැණිම පක්ෂය. ජනතාව තම ආගමට පසුව සිහිකරන එකම පක්ෂය එ.ජාපයයි. එ.ජා.යට දර්ශනයක්,වැඩ පිළිවෙළක් තිබෙනවා. අපි උරුමයක් වශයෙන් එය ආරක්ෂා කරනවා. මේ වෙලාවේ එ.ජා.ප.යට හැම දෙනාම අභියෝග කරනවා. එයින්ම පේනවා .එ.ජා.ප.යේ තිබෙන ශක්තිමත් භාවය. මේ රටට නිදහස ලබා දුන්නේ එ.ජා.ප.ය නිදහස් අධ්‍යපනය ඇති කළා. මහපොළ හඳුන්වා දුන්නා. කඩිනම් මහවැලිය හරහා මේ රටේ ගොවි ජනතාවට අපිරිමිත සේවයක් කර තිබෙනවා. මම මුදල් ඇමැති වශයෙන් සිටි කාලයේ පාසල් දරුවන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලබාදුන්නා.  ජල විදුලිය නිපදවුයේ කවුද? විවෘත  ආර්ථිකය ඇති කර මේ රටේ ආර්ථික පුනර්ජීවනයක් කළේ එ.ජා.පයයි. නව තකාෂණය මේ රටට හඳුන්වා දුන්නේ එ.ජා.පයයි.  මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ හැකි එකම පක්ෂය එ.ජා.පය  බව පැහැදිලියි. ඒ නිසා හැමෝම අපට අභියෝග කරමින් චරිත ඝාතනය කරමින් සිටිනවා.ප්‍රශ්නය:- මැතිවරණ​යේ එල්ල වී ඇති අභියෝගය ජය ගන්න වැඩ පිළිවෙළක් ඔබලාට තිබෙනවාද?පිළිතුර:- අපේ පක්ෂයෙම යම් පිරිසක් පෝෂණය වුණා. එ.ජා.පයෙන්ම හැදී වැඩී එයටම  පහරදීම යම් අය කරනවා. මේක හරියට අම්මට  තාත්තට පහර දෙනව වගේ වැඩක්. හැබැයි අසල් වැසියන් ඇතුළු සියලු දෙනා දන්නවා මේ අය පක්ෂයට කළේ මොන වගේ අපරාධයක්ද කියලා. මේ අය කරන්නේ මොනව කියා ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. එ.ජා.පය යම් තරමකින් හෝ ජනතාවගෙන් ඈත් වුණා නම් ඒ වගේ සංවිධායකයන් සිටි නිසයි.  ජනාධිපතිවරණයේදී අන්ත පරාජයට පත්වුණේ පක්ෂ නියෝජිතයන් හැටියටයි. බොහෝ දෙනාට තම ආසනය ජය ගන්න බැරිවුණා. එසේ පරාජය  වූ අය ඒ පැත්තට ගිහින් සිටිනවා. ප්‍රශ්නය ඇතිව තිබෙන්නේ එවන් ක්‍රියා සම්බන්ධයෙන් ඊට වඩා  සූක්ෂම වැඩ පිළිවෙළක් මේ අය ක්‍රියාත්මක කරන බව පේනවා. ආණ්ඩුවට කරන්න බැරි වූ දේ මේ අය කොන්ත්‍රාත් ගෙන කරනවා. මේ අය අභ්‍යන්තරව කරන්න හදන දේ  දැන්  හෙළිවෙලා. මේ මොනව කළත් වැඩ කරන අලියා කයිවාරු ගසන පක්ෂවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා.  ප්‍රශ්නය:-හැබැයි එ.ජා.පයේ ඇති බහුතරය ඉන්නේ අනිත් පිරිස සමඟ බව ඔවුන් කියනවා නේද?පිළිතුර:- පරාජය වූ සියලු දෙනා එකතැනක ඉන්නවා.එහෙම නම් ඒ අය ප්‍රශ්නයක් ඇති  කරගෙන ගිය බව පැහැදිලියි. ආසනය ජයගත්  කවුරුවත් එළියට ගිහින් තිබෙනවද? එ.ජා.පය ලක්ෂ 15කින්  පැරදුනේ කවදද? මේ අය විවිධ ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. බලය ගන්න කොට හොඳයි හැබැයි පැරදුනාම දෙතුන් දෙනකුගේ ගොඩට එය බැර කිරීම සාධාරණද?අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා ජීවන වියදම  අඩු කළා. ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළා. මේ සියල්ලෙන් පසුව එක් වරම පක්ෂය නරක් වුණේ කොහොමද?පරාජය වූ අය එය වසා ගැනීමට විවිධ කතා කියනවා. හැබැයි ජනතාව ඉන්නේ වැඩ කරන අලියා සමගයි.ප්‍රශ්නය:- මේ මැතිවරණයෙන් පසුව එ.ජා.පය ආණ්ඩුවට යනවද? එ.ජා.පය ඇත්තටම ඉන්නේ ඩීල් එකකද?පිළිතුර:- අපේ පක්ෂය කඩන අය ඔය කතාව කියනවා.සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය බලන්න. අපි එදා මේවා ප්‍රශ්න කළාම නැහැ කිව්වා. වෙච්ච දේ දැන් අනාවරණය වී තිබෙනවා. මේවා  හෙළිවෙන්න කල්ගියේ ඇයි? හැබැයි එ.ජා.ප.ය ආරක්ෂා කර ගනිමින් වැඩ කළ අපට තමයි ගැහුව්වේ. එහෙත් ඇත්ත දැන් රටට හෙළිවී තිබෙනවා. අපි හදන ආණ්ඩුවකට වෙනත්  පක්ෂවලට මුක්කු  ගහන්න  ඕන නැහැ. බැරි පිරිස් හැම වෙලාවෙම වැඩ කරන අයගේ චරිත ඝාතනය කරන්න හදනවා. අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ගෙවුණ මාස අටේදී ආණ්ඩුව කළේ මොනවද? ජීවන වියදම සියයට හතළිහකින් වැඩි වෙලා. අපි අඩුකළ තෙල් මිල කිරිපිටි, ගෑස්, සැමන්, පරිප්පු මිල ශීඝ්‍රයෙන් වැඩි කරලා.සීනි මිල කීයද? කහ සොයාගන්නත් බැරි තරම්. ජීවන වියදමට උත්තරයක් නැහැ. ජනතාවගේ ආදායම් කඩා වැටිලා. එදිනෙදා ආදායම් සොයා ගත් අය ශත පහක් නැතිව සිටිනවා. සියලු දෙනා අස්ථාවර තත්ත්වයට පත්වෙලා. තරුණ තරුණියන්ට රැකියා නැහැ. සහජීවනය ප්‍රශ්නයකට ලක්වෙලා. එහෙම බැලුවාම ආණ්ඩුව ගෙනත් තිබෙන්නේ කොරෝනා විතරයි. එහෙම ආණ්ඩුවක් සමග අප මොන ඩීල්ද? එ.ජා.පය වැඩකර පෙන්වූ පක්ෂයක්. කුලී පක්ෂ ටිකක්  එක්වී අපට චෝදනා කරනවා. දෙමළ මුස්ලිම් පක්ෂ ඔතන තිබෙනවා. ඔතන සිංහල පක්ෂයක් තිබෙනවද? දැන් ඒ අය නන්නත්තාර වී ඇති බව වටහාගෙන සිටිනවා. ජනතාව මේ අයට නිසි පිළිතුරු දේවි.ප්‍රශ්නය:- එ.ජා.ය යේ සිටින්නේ චෝදනා එල්ලවන පිරිස බවත් මැතිවරණයෙන් ඔවුන් ප්‍රතික්ෂේප වනු ඇති බවක් කියනවා. ඇත්තටම එහෙමද?පිළිතුර:- සෑම වසර පහකට වරක් ඔබලා ඔය ප්‍රශ්නය අහනවා.ඕකට උත්තරද අපි පෙන්නා තිබෙනවා. සංස්කෘතික   අරමුදලේ ප්‍රශ්නයට ඉන්නේ කවුද? සජිත්  නේද? හම්බන්තොට තරුණ තරුණියන් 4500ක් අනාථ කර තිබෙන්නේ කවුද? ඒ අයට රැකියා දුන් ආකාරය වැටුප් ගෙවූ ආකාරය හෙළිවී තිබෙනවා. මේවා කළේ කවුද? නිවාස ලබාදීමේ අක්‍රමිකතා අනාවරණය වෙලා. විදේශ රැකියා ප්‍රශ්නවලට අදාළ අය ඉන්නෙත් ඒ  පැත්තේ. අපට චෝදනා කළ ෆුට්නෝට් කල්ලිය ඉන්නෙත් ඒ පැත්තේ. දැන් මේ අය කරපු දේවල් රටට හෙළිවෙමින් තිබෙනවා. ඒවාට අපි සම්බන්ධ නැහැ. හැබැයි   අපට චෝදනා කරනවා. අනෙක් අයට හොරා හොරා කියමින් දුවන කෙනා කවුද කියා ජනතාව දන්නවා. මේ රටේ සිරිත වැඩ කරන කෙනාට පහරදීමයි. දුෂණය කළ පිරිස එ.ජාපයෙන් එළියට ගිහින් තිබෙනවා. ඒ නිසා අපේ පක්ෂය සුද්ධ වෙලා. වාණිජ බැංකු බාරව සිටියේ කවුද? මහ බැංකුව බාර නියෝජ්‍ය ඇමැති වුණේ කවුද?විවාදයකට එන්න කියා ලොකුවට සද්ද කරන අයට  අපි අභියෝග කළා. ඒත් ආවෙ නැහැ. එහෙම මුහුණට මුහුණ සංවාදයකට එන්න තරම් ශක්තියක් ඔය අයට නැහැ. ඇත්තටම එ.ජා.ප.ය කඩා තිබෙන්නේ මාධ්‍ය​යෙන්. බැලුම් බෝලයක් පුම්බා එය පිපිරුණාම එය පිම්බුවේ කවුද කියා අහනවා. කළ ගුණ නොදත් අය පක්ෂයට ප්‍රශ්න ඇති කළා. අර උරුමය මේ උරුමය කියාගෙන ආපු අය මේ පක්ෂය විනාශ කළා. සංස්කෘතික අරමුදලේ මුදල් ජනාධිපතිවරණ කාලයේ වැය කරපු ආකාරය හෙළිවෙලා. වසර පහක් අපේ චරිත ඝාතනය කළේ ඔය අයයි. මම මුදල් ඇමැති හැටියට රටට ජනතාවට කළ වැඩ කොටස මේ අයට දරාගන්න බැරිවුණා. රැකියාවක් ව්‍යාපාරයක් නොකරන කෙනකු මේ තරම් මුදල් වියදම් කරන්නේ කොහොමද? මේ අය කළේ එ.ජා.පයට  හානි කිරීම පමණයි. පක්ෂයේ අසමගිය ඇති කළා. කොළඹ අයට එදා සිනාසුණා. හැබැයි අද ටයිකෝට් කාරයන් සමග ඉන්නවා.ප්‍රශ්නය:- ඔබ මේ මොහොතේ කොළඹ දිස්ත්‍රික් ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?පිළිතුර:- අපට අවශ්‍ය  රට හදන ගමනක් යන්න මිස අනෙක් අයට බැන බැන ඉන්න නෙමෙයි. එ.ජා.පයේ ඉන්නේ වැඩ කරන මිනිස්සු. අනික් කණ්ඩායමේ ඉන්නේ කතාකාරයෝ. අපට අවශ්‍ය මේ රටේ තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලැබෙන   මාර්ග ඇති කරන්න. ආර්ථිකය  ශක්තිමත් කරන්න. ජනතාවට පීඩනයක් නොවන ජීවන වියදමක් ඇති කරන්න අපට අවශ්‍යයි. මම මුදල් ඇමැති වශයෙන්  රජයේ සේවකයන්ට දස දහසක වැටුප් වැඩිවීම දෙනවිට අපට සිනාසුනා. ස්වභාවික  විපතකදී රක්ෂණයක් ඇති කළා. අපි කළ වැඩ ලංකාවේ අය අගය නොකළාට ලෝකයා අප දෙස බලා ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමැති ලෙස මා තෝරා ගත්තා. එවන් සම්මානයක් ලංකාවට ලැබුණේ මුල්වතාවටයි. සෑම වෙලාවකම මා  සමග සිටියේ කොළඹ දිස්ත්‍රික් ජනතාවයි. ඔවුන්ගේ දුකේදී සැපේදී මම ඉන්නවා.  එනිසා ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි රටේ ආර්ථිකය නැංවිය හැකි ජනතාවගේ අතට මුදල් දිය හැකි එ.ජා.පය මෙවර ඉදිරියෙන්ම තැබිය යුතුයි. බිංදුවට වැටී ඇති ආර්ථිකය පුනර්ජීවනය කළ හැක්කේ එ.ජාපයටයි. වසර විසි හයක් තිස්සේ දුකේදිත් සැපේදීත් කොළඹ ජනතාව  සමග මම ඉන්නවා. අපි කවුද කියා කොළඹ දිස්ත්‍රික් ජනතාව දන්නවා. රට ඉදිරියට ගෙනායටම එ.ජාපය ආරක්ෂා කරගත යුතුයි. අලියා නැති කිරීමට කාටවත් ඉඩ නොදිය යුතුයි.අපි තරුණයන් මූලිකකරගත් වැඩ සටහනක්  අරඹනවා. ජනාධිපතිවරණය පරාජය වුණේ ඒ අපේක්ෂකයාට තරුණ ඡන්දවලට  ආමන්ත්‍රණය කරන්න බැරි වූ නිසයි. සිංහල බෞද්ධ පදනම වෘත්තීය පදනම අපෙන් ඈත් වුණා. පාවෙන ඡන්ද එදා අපට ලැබුණේ නැහැ. එහෙත් අද සිටින තරුණ පරපුර මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ නිසා අපේක්ෂාභංගත්වයට පත්වෙලා. තරුණ පරපුරේ ප්‍රශ්න විසඳන්න අපි සුදානම්. තරුණ පිරිස් මෙවර අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අයට රු. 10,000 දෙන්නේ රැකියාවක් ලැබෙන තුරු මවුපියන්ට බරක් නොවී සිටීමටයි. රටේ ආර්ථිකයට මේ අය සම්බන්ධ කර ඔවුන්ට දෙපයින් සිට ගැනීමට අවශ්‍ය පසුබිම හදන්න අපට පුළුවන්. අපදෙස  වපර ඇසින් බලන්න එපා. කළ හැකි දේ අපි කියා තිබෙනවා. විසිදහස දෙනවා කියන්නේ ගල් පැලෙන බොරුවක්. එක එක මැතිවරණයේදී  එක එක පක්ෂවලින් තරග කළ අය එ.ජා.පය කැඩුවා. ඒ අයට නිසි පිළිතුරු දිය යුතුයි. අපේම එ.ජා.පය වෙනුවෙන් මෙවර අපි වැඩ කළ යුතුයි.(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ) 
ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
0
(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)ශ්‍රී ලංකා යූඇන්පී හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ අපට ඉතිරි කර තිබෙන්නේ මහා විනාශයක්. එදා 94 දී රට හදන්න කියල විහාර මහාදේවිය ආවා. 2005 දී දුටුගැමුණු ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. මොකද කළේ රට හැදුවද. නැහැ. කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදයල ආගම්වාදය ඇවිස්සුවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරල තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තිහාරියේදී ඉකුත්දා පැවැසීය.ජාතික ජනබලවේගය මගින් තිහාරිය ගොඩැල්ල නගරාසන්නයේදී ඉකුත්දා පැවැත්වූ ජන රැලියක් අමතමින් ඔහු එසේ කියා සිටියේය.අනුර දිසානායක මහතා මෙසේ ද කීය.“අද අපි මේ අම්මල තාත්තල හමුවන්න ආවේ විනාශ කර ඇති මේ රට සැබෑ විදිහට ගොඩනගන්න ක්‍රියාකාරීව දායකවන්න කියල ආරාධනා කරන්නයි. අපි මේ රට කෙසේ හෝ හදන්න ඕනෑ.මේ පාලකයෝ හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ රට මහා අනතුරකට තල්ලුකර ගෙන ඇවිත් තිබෙනවා. නීතියක් විනයක් නැති රටක් ඉතිරි කරල තිබෙනවා.පාලකයො දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් මඩි තරකරගෙන තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය මහා අගාධයකට තල්ලු කර තිබෙනවා. ජනතාවට දරා ගන්න බැරි බදු බරක් පටවා තිබෙනවා.සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කර තිබෙනවා. විශාල මත්ද්‍රව්‍ය තොග ගණනක් ගොඩබාන රටක් බවට පත්කර තිබෙනවා. මත්පැන් වැඩියෙන්ම බොන රටක් බවට පත්කර තිබෙනවා.වැඩියෙන්ම සියදිවි නසාගන්නා රටක් බවට පත්කර තිබෙනවා. විශාල වශයෙන් වාහන අනතුරු සිදුවන රටක් බවට අපේ රට පත්කර තිබෙනවා. මේක මහා ඛේදවාචකයක් නේද?අතේ ඉන්න දරුවන් ගැන හිතල අනාගතේ බිහිවන දරුවන් ගැන හිතල මේ රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වන්න කියල ආරාධනය කරන්නයි අපි ආවේ. අපට තනියම මේ වෙනස කරන්න බැහැ. මේ සඳහා තමුන්නාන්සේලාගේ දායකත්වය සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.යුද්ධය තිබෙන ගැටුම් තිබෙන ලෝකෙ කිසිම රටක් දියුණු කරල නැහැ. අපේ පාලකයො ඉතිහාසයේ පුරාම කරල තිබෙන්නේ ගැටුම් නිර්මාණය කිරීම පමණයි. ඔවුන්ගේ පැවැත්ම තිබෙන්නේ ජනවර්ග අතර ආගම් අතර ගැටුම් තිබුණොත් පමණයි.සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනයා සමගි වුණොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. මේ දුෂ්ඨ පාලකයින්ට පැවැත්මක් නැහැ. අපි යන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කිරීමේ ගමනයි.මේ දුෂ්ඨ පාලකයින්ට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔක්සිජන් ලැබුණා. එක්කෙනෙක් කියනවා මම හිටියා නම් ඒක වෙන්නේ නැහැ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය ඔවුන්ට ආශිර්වාදයක් වුණා. ඉස්සර හොරෙන් තුවක්කු බඳිනවා. තුවක්කු බැන්දේ කවුද කියල දන්නෙ නැහැ. නමුත් දඩයම උස්සගෙන යනකොට තුවක්කුව බැන්දේ කවුද කියල දැනගන්නවා. කුරුණෑගල, මහනුවර, බිංගිරිය, හෙට්ටිපොල, මිනුවන්ගොඩ පහරදීම්වලින් තුවක්කු බැන්ද පුද්ගලයො හෙළිවුණා නේද?දැන් ඔය ගෝඨාභයගේ වේදිකාවේත්, සජිත්ගේ වේදිකාවේත් රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. අද යුද්ධයක් තිබෙනවාද? නැහැ. නමුත් ගෝඨාභය කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව සහතික කරනවාලු. සජිත් කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව හිටපු හමුදාපතිට භාර දෙනවාලු. හමුදා කඳවුරු  ඕනෙ යුද්ධයක් තිබෙනවා නම් පමණයි. අද තිබෙන්නේ ඔය කියන කට්ටියම නිර්මාණය කරපු අන්තවාදයක් පමණයි.අන්තවාදී ක්‍රියා නැවැත්වීමට බැරියර් ඕනෙ නැහැ. යුද්ධ ටැංකි ඕනෙ නැහැ. අඩියෙන් අඩියට හමුදා භටයො ඕනෙ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සමගි කළහොත් ඕනෑම අන්තවාදයක් පරාජය කළ හැකියි. ඒ සඳහා අපට හොඳ පොලිසියක් තිබෙනවා. අතිදක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා. අතිදක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ජනතාව පොලිසිය සමග එකතු වුණොත් ඔය කියන එකම අන්තවාදයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.යුද්ධයකදී හමුදාවන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අද යුද්ධයක් නැහැ. ඒ තත්ත්වය යටතේ හමුදාවට හමුදා ජනරාල්වරුන්ට අපහාස කරන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ආරක්ෂාවේ සංඥාව සහිත පාලනයක් නිර්මාණය කළ යුතුයි. එය කළ හැක්කේ අපට පමණයි.රාජ්‍ය ආයතනයකට ගිහින් සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම රාජකාරි කර ගත හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. සියලු සංස්කෘතීන්ට ගරු කළ යුතු ගරු කළ හැකි රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි.එහෙම නැතිව ද්‍රවිඩ කාන්තාවකගේ නළලේ “තිලකය” ඉවත් කරන්න කිව්වොත් මුස්ලිම් කාන්තාවගේ “පර්දාව” ගලවන්න කිව්වොත් සිංහල කාන්තාවකගේ “උඩරට සාරිය” ගලවන්න කිව්වොත් ජාතික සමගියක් ගොඩනගන්න පුළුවන්ද? බැහැ.අද මේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඉදිරියට දාන්නේ සියලු ප්‍රශ්න යට ගහන්නයි. අද හොරු අල්ලන කතාවක් එකම වේදිකාවකවත් නැහැ. අපේ වේදිකාවේ විතරයි හොරු ගැන කියන්නේ. ඔය ගෝඨාභයගේ වේදිකාවේත් සජිත්ගේ වේදිකාවේත් හොරු පිරිලා, අන්තවාදීන් පිරිලා. ඒක තමුන්නාන්සේලාට අමුතුවෙන් පෙන්වන්න ඕනෙ නැහැ නේද?අපේ වේදිකාවේ හොරුන් නැහැ. අන්තවාදියොත් නැහැ. අපේ වේදිකාවේ ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුම ඇති විද්වතුන්, කලාකරුවන්. කෙටියෙන් කියනවා නම් මේ දුෂ්ඨ පාලකයො විනාශ කර ඇති මේ රට නැවත ගොඩනැගීම සඳහා කැපවීමකින් කටයුතු කළ හැකි පිරිසක් තමයි අපේ වේදිකාවේ ඉන්නේ. තමුන්නාන්සේලා සියලු දෙනාත් බේදයකින් තොරව එකතු වුණොත් වසර පහක් ඇතුළත අපි ලස්සන රටක් නිර්මාණය කරන බවට සහතික වෙනවා.තමුන්නාන්සේලා පොඞ්ඩක් කල්පනා කරල බලන්න. මේ පාලකයො කියනවා මේ රට දුප්පත් රටක් කියලා. රට දුප්පත් කළේ කවුද? මේ දුෂ්ඨ පාලකයො නේද? රට දුප්පත් වුණාට බැසිල් පොහොසත්, රට දුප්පත් වුණාට රවී පොහොසත්. රට දුප්පත් වුණාට කිරිඇල්ල පොහොසත්. තව ඕනෑ තරම් නම් කියන්න පුළුවන්. රට දුප්පත් වුණාට පාලකයින්ගෙ පෞද්ගලික ගිණුම් පිරිලා. ඕක තමයි ඇත්ත කතාව.එහෙම නම් මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබලවේගය සමග නොවැම්බර් 16 වැනිදා බුද්ධිමත්ම තීරණයක් ගන්නා මෙන් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද ඔහු කීය.ඉංග්‍රීසි භාෂා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රබා මනුරත්න මහත්මිය හා නජාම් මොහොමඞ් මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීහු කිහිප දෙනෙක් ද කතා කළහ.මේ අවස්ථාවට සිංහල හා මුස්ලිම් විශාල පිරිසක් සහභාගි වූහ. 
“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“
1
(වාරණ ආනන්ද ජයකොඩි සහ ගම්පහ තිලකරත්න දිසානායක)දූෂණයට, වංචාවට එරෙහිව වැට බඳිමින් හොරුන්ට දඬුවම් දිය හැක්කේ තම කඳවුරට පමණක් බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඉකුත්දා (10) පැවැසීය.රාජපක්ෂ පාලන සමයේ මෙන්ම, හොරු අල්ලන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවෙන් ද රටට පලක් නොවූ බව ඔහු සඳහන් කළේය.අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ගම්පහ නගරයේදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.එහිදී ඔහු මෙසේ ද කීවේය.මහින්ද මහත්තයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලගෙන් ඉල්ලනවා සජිත් ප්‍රේමදාස පරදන්න ගෝඨාභයට ඡන්දය දෙන්න කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කඩල දැම්මේ රාජපක්ෂ කල්ලිය නේද? එදා බණ්ඩාරනායක මහත්තයල ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ කල්ලිය නේද?ඒක තමයි සත්‍ය. අද එක්සත් ජාතික පක්ෂයේ අම්මල තාත්තලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලටත් එකතු වෙන්න පුළුවන් එකම තැන ජාතික  ජනබල වේගයයි.ඔය අම්මල තාත්තල සහෝදර සහෝදරියො, දූ දරුවෝ කව්රුත් පොදුවේ බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් හොඳ ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමටයි. නමුත් ඔය දුෂ්ට කල්ලි දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. වසර හැත්තෑ එකක පාලනයේදී ඔවුන් එය ඔප්පු කර තිබෙනවා නේද? ඔවුන්ට මේ රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න බැහැ කියල. එහෙම නම් ඔබලා තවදුරටත් මොවුන්ගේ සුරංගනා කතාවලට මුලා වෙනවා ද? එක්සත් ජාතික පක්ෂයේ ඔබලා සියලුම දෙනාට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මා විවෘතව ආරාධනා කරනවා මේ රට සැබෑ විදිහට ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමඟ අත්වැල් බැඳගන්න එකතු වෙන්න කියලා.සමහර අය අපෙන් අහනවා ඔබලාගේ සැලසුම් හොඳයි. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න කව්ද ඉන්නේ කියල. ඔව් අපේ වේදිකාවේ හොරු නැහැ. මෙන්න ඉන්නවා රට ගොඩනගන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ උගත් බුද්ධිමත් පිරිසක්. විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයන් සඳහා වූ විද්‍යාඥයින්, කලාකරුවන් කැපවීමකින් රට ගොඩනැගිය හැකි හොඳ පිරිසක් අපේ වේදිකාවේ ඉන්නවා.මේ විනාශකාරී මාවතෙන් මේ පුංචි ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා නව පාලකයෙක්, නව පාලනයක් අනිවාර්යෙන්ම බිහිකර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ එන්නේ පළමු අවස්ථාව නොවෙයි. ආසන්නම අවස්ථාව 2015 දී ආවා. එදා තිබුණු පාලනය හොරකම, වංචාව, දූෂණය මූලික කරගෙන රට පාලනය කළා. රට විනාශ කළා.තමුන්නාන්සේලා හොරකම, වංචාව නැති හොඳ පාලනයක් බලාපොරොත්තුවෙන් එදා 2015 දී නව පාලනයක් ගොඩ නැගුවා. හොරුන්ට දඬුවම් කරයි කියල තමුන්නාන්සේලා හිතුවා. ආර්ථිකය ශක්තිමත් කරයි කියලා. නමුත් ලක්ෂ හැටදෙක හමාරක ජනතාවට දුන් එකම පොරොන්දුවක්වත් මෛත්‍රී රනිල් පාලනය ඉටු කෙරුවේ නැහැ.මෛත්‍රී රනිල් පාලනය බිඳවට්ටල 2015 දී පරාජය කරපු කට්ටියම නැවත ගේන්න නම් එදා පරාද නොකර ඉන්න තිබුණා. දැන් අපි කුමක්ද කළ යුත්තේ මේ රට විනාශ කරපු ඔය කල්ලි දෙකම එකට තියල පරාජය කරල නව පාලනයක් ඇති කළ යුතුයි.මේ දුෂ්ඨ පාලකයො රටකට කරන්න පුළුවන් සියලුම විනාශයන් කරල හමාරයි. රට අන්ත දුප්පත් තත්ත්වයට පත්කරල සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කරල රට දුප්පත් කරල. නමුත් පාලකයො පොහොසත් වෙලා. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. නමුත් පාලකයින්ගේ පෞද්ගලික ගිණුම්වල සල්ලි පිරිලා රජයේ සමස්ත ආදායම ණය පොලී වාරිකය ගෙවන්නත් බැහැ. කෝටි දහතුන්දහස් පන්සීයක් පසුගිය අවුරුද්දේ ගන්න වුණා ණය ගෙවන්න. මේ අයුරින් විනාශ කරපු රට නැවත ගොඩනගන්න අපි සැවොම එකතුවෙලා හොඳ ආණ්ඩුවක් හදමු. අපිට එක අවස්ථාවක් දෙන්න. හොරකම, වංචාව, දූෂණය නවත්තල මේ රට ගොඩනගන හැටි අපි පෙන්වන්නම්.රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙකුට මැජික් බලයකින් කරන්න බැහැ. සුරංගනා කතාවලට රැවටෙන්න එපා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා කියන්න වෙනවා. දැන් බලන්න දරුවො දැක්ක ගමන් කිරි වීදුරුවක් දෙන්නම් කියනවා. ගැබිනි මාතාවක් දැක්ක ගමන් පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. ගොවියො දැක්ක ගමන් පොහොර දෙන්නම් කියනවා ධීවරයෝ දැක්ක ගමන්  තෙල් දෙන්නම් කියනවා. මේව ඔක්කොම ඉතිහාසය පුරාවට අපේ ජනතාව රවට්ටපු සුරංගනා කතා නේද?රටක් හදන්න නම් හොඳ අත්තිවාරමක් තිබෙන්න ඕනෑ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගිය හැකියි. නීතියක් නැති රටක් ගොඩනැගිය නොහැකියි. පළමුවෙන්ම අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කළ යුතුයි. අපේ රටේ හොඳ පොලිසියක් තිබෙනවා. ඕනෑම අපරාධයක් අල්ලා ගැනීමට හැකි පොලිසියක් අපිට තිබෙනවා. නමුත් පාලකයින්ගේ මැදිහත්වීම යටතේ සිදුවූ අපරාධ අල්ලගන්න බැරි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය.දැන් බලන්න පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් මන්ත්‍රීවෙලා හිටියාම විශ්‍රාම වැටුපක් දෙනවා. හිටපු ජනාධිපතිලටත් විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද ලබා දෙනවා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙනවා.ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිලාගේ සියලු වරප්‍රසාද අහෝසි කරනවා. සියලුම දේශපාලකයින් නීතියට යටත් කරනවා. එහෙම නැතිව මේ රට ගොඩනගන්න බැහැ.අපේ රට තුළ ඉන්න පුළුවන් ඇමැතිවරු 25 යි. නියෝජ්‍ය ඇමැතිවරු 25 යි. එයට වැඩිය එක්කෙනෙක්වත් පත්කරන්නේ  නැහැ. මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අපි සහතික කරනවා. ජාතීන් අතර සමගිය ගොඩ නගනවා. එය කළ හැක්කේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවකට පමණයි.මෛත්‍රී මහත්තය ජනාධිපති පුටුවෙන් බැහැල යන්න තියෙන්නේ තව දවස් කිහිපයයි. නමුත් ඔහු රෝයල්පාර්ක් ස්ත්‍රී දූෂකයා, ඝාතකයා නිදහස් කළා නේද? ඔහුගේ ජනාධිපති බලය පාවිච්චි කරලා මොන තරම් හිරිකිත වැඩක් ද කෙරුවේ.රාජපක්ෂ මේ රට විදේශිකයින්ට වික්කා. රනිල්ලත් මේ රට විදේශිකයින්ට විකුණනවා. දැන්වත් අපි මේ විනාශකාරී ගමන නවත්තමු.අපි ආපු ගමන් ජනතාවගෙන් කොල්ලකාපු හොරකම් කරපු සියලු ධනය ආපසු භාර දීමට දේශපාලකයන්ට මාස දෙකක් කල් දෙනවා. ඒ අවස්ථාවේදී මහ බැංකුව කොල්ලකාපු මුදල් රනිල් ළඟ තිබෙන මුදලුත් දෙන්න වෙනවා. වීරවංශ ඇමැති කාලෙ ලයිට් බිල මාසයට ලක්ෂ විසි එකක්. ඒව ඔක්කොම ජනතාවගෙ මුදල්. අපි ඒවත් අයකර ගන්නවා. දැන් මේ හෙට අනිද්දා යන්න ඉන්න ජනාධිපතිගේ නිවස වෙනුවෙන් කෝටි 800 ක් වටිනා නිවසක් අනුමත කරගෙන තිබෙනවා.හිටපු ජනාධිපති චන්ද්‍රිකා නෝනට ලැජ්ජ නැද්ද වලව් කිහිපයක් තිබියදී ජනතාවගේ මුදල්වලින් කොළඹ සුපිරි ගෙයක ඉන්න. අපි දරුවන්ට සැබෑ ළමා කාලයක් නිර්මාණය කරනවා. තරුණ පරපුරට තෘප්තිමත්  අනාගතයක් නිර්මාණය කරනවා. කාන්තාවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් ඒ වගේම ලක්ෂ 14 වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් හා පොදු ප්‍රවාහන සේවයේ මගීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වැඩසටහන් නිර්මාණය කරනවා. ඔවුන්ට ආත්මගරුත්වයක් සහිතව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවා.අද බලන්න පොදු ප්‍රවාහන සේවයන් තුළදී සියයට අනූවක් කාන්තාවන්ට කවර හෝ ලිංගික අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා. අපි මේවා වහා නැවැත්විය යුතු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කළ හැක්කේත් අපට පමණයි. මේ දුෂ්ට පාලකයින් වසර 71 ක් තිස්සේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමග අත්වැල් බැඳගන්නා මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.නොවැම්බර් 16 වැනිදා රටේ අනාගතය වෙනුවෙන් ජාතික ජනබලවේගය සමග බුද්ධිමත්ව තීරණයක් ගන්නා මෙන් මම ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය වසන්තා සුබසිංහ, යහපාලන උදෙසා වූ පෙරමුණේ නජා මොහොමඞ් හා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික දිනුක සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම කතා කළහ.මේ අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගි වූහ.
“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“
0
 (මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න)රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (28) පැවැසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිනි.එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවැසීය.“මෙතනට ජනතාව ඇවිත් ඉන්නේ නොවැම්බර් 16 වැනිදා අපි ගන්න ඕන තීන්දුව මොකක්ද කියලා දැනගන්න; සාකච්ඡා කරන්න. අපේ අම්මලා, තාත්තලා හැමදාම ඡන්දෙ දීලා ආණ්ඩු පත්කරගෙන පස්සේ කල්පනා කරනවා මේ සැරෙත් අපිට වැරැදුණා කියලා. අපි බලාපොරොත්තු වූ දේවල් නොවෙයි වෙන්නේ. ඒ නිසා නැවත කල්පනා කරනවා හදපු පාලනය පෙරළන්න. 2015 රාජපක්ෂ පාලනය බිඳවට්ටවලා රනිල්-මෛත්‍රී හවුල් පාලනයක් හැදුවා. දැන් කල්පනා කරනවා මේ අණ්ඩුවත් දීපු පොරොන්දු ඉටුකළේ නැහැ, ඒ නිසා මේකත් බිඳවට්ටන්න ඕන කියලා. දැන් රනිල්ගේ ආණ්ඩුව වට්ටලා නැවතත් 2015 ගෙදර යවපු ආණ්ඩුව ගේන්න ඕන ද?එහෙනම් ඒක 2015 පරද්දන්නේ නැතුව ඉන්න තිබ්බනේ. මේ ආණ්ඩුව බිඳවට්ටලා නැවත ගේන්න ඕන පැරැණි පාලනය නොවෙයි. අපි ඔබලා හමුවට ආවේ නොවැම්බර් 16 වැනිදා පරණ පාලනයත් අලුත් පාලනයත් දෙකම පරාජය කරලා නවතම පාලනයක් ගොඩනගමු කියන ආරාධනාව කිරීමටයි. අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න ඕන. අපේ තරුණ පරම්පරාවට තමන්ගේ දැනුම, හැකියාව, තමන්ගේ කාලය, ශ්‍රමය සතුටින් රට ගොඩනැගීමට දායකත්වය සපයන, අපේ වැඩිහිටි අම්මලා, තාත්තලාට සුරක්ෂිත ජීවිතයක් හිමිවෙන නව පාලනයක් අපේ රටේ හදන්න ඕන. තව දශක ගණනාවක් අපේ රට මේ විදියටම ආ යුතු ද? එය වෙනස් කළ යුතු නැද්ද?වසර 71ක් මේ රට පාලනය කරපු පාලකයෝ රටට හැම අතින්ම අන්තරාදායක තත්ත්වයක් උදාකර දී තිබෙනවා. මේ ආණ්ඩු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළා, යුද්ධ ඇති කළා, වෛරය වැපිරුවා. මොනවාද මේ රටට නොකළේ, මේ පාලකයෝ. රටට විය හැකි සියලු_ පන්නයේ විපත් මේ පාලකයෝ අපේ රටට අත්කරලා දුන්නා. කවුරු හරි පුළුවන් නම් මට කියන්න ඒක එහෙම වුණේ නැහැ කියලා. මත්ද්‍රව්‍ය තොග ගණන් ගේන රටක් හැදුවා. වැඩිපුරම මත්පැන් පානය කරන රටක් හැදුවා. විශාල ජනතාවක් සියදිවි නසාගන්න රටක් හැදුවා. ලෝකයේ විශාලතම වාහන අනතතුරු සිදුවන රටක් හැදුවා. තව මොකක්ද? මේ රටට වෙන්න තිබෙන්නේ.මේ ඛේදවාචකයෙන් අපේ රටත් ජනතාවත් ගලවා ගත යුතු නැද්ද? අපේ රටේ ජනතාව, රට ගැන, මිනිස්සු ගැන, තම ඇකයේ නැළැවෙන දරුවා ගැන, හෘද සාක්ෂියක්, සැබෑ කැක්කුමක් තිබෙනවා නම්, සැබෑ ආදරයක් තිබෙනවා නම්, අපි සියලු_දෙනා එක්වී මෙය වෙනස් කළ යුතුයි. මෙය අපිට පමණක් තනිවම කළ හැකි නම් මේ වෙනකොටත් ඒ වෙනස අපි කර හමාරයි. තමුන්නාන්සේලාගේ දායකත්වය නැතුව මේක වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ වේදිකාවේ ඉන්න සියලු_ දෙනාටම තිබෙන වුවමනාව තමුන්නාන්සේලාටත් තිබිය යුතුයි. මේ සඳහා ඔබලාට නිර්භීත පියවරක් ගත හැකි වුවහොත් අධිෂ්ඨානශීලී තීන්දුවක් ගන්න පුළුවන් වුණොත් මේ රට නියත වශයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ තීන්දුව නොවැම්බර් 16 ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.යුද්ධ තිබෙන, ගැටුම් තිබෙන මොන රට ද දියුණු වුණේ. ඒ හැම රටකටම උරුම කරලා තිබෙන්නේ සාගතය, විනාශය, සතුරුභාවය, දුප්පත්කම වගේ දේවල් පමණයි. පාලකයෝ අපේ රටේ විවිධ ගැටුම් නිර්මාණය කළා. දැනටත් කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමගි සම්පන්න වෙච්ච සමාජයක් ගොඩනගන්න ඕන. මේ මැතිවරණ වේදිකාවේ අද මහජනයාගේ ආරක්ෂාව ගැන ලොකු සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා.පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශිර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කවුද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශිර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයා ගන්න පුළුවන් දඩයම උස්සාගෙන යනකොට කියලා අපි කියන්නේ ඒකයි. මතුපිටට පේන දේ නොවෙයි ඇතුලේ තිබෙන්නේ. ඒගොල්ලන් ඕනෑම ගැටුමක් ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් උපයෝගී කරගන්න සූදානම් වෙලයි ඉන්නේ. එවැනි දේශපාලනයකින් අපිට ඉදිරියට යන්න පුළුවන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට සමගි වුණු රාජ්‍යයක් නැතිව. අපි ගහගෙන, වෛරයෙන් මත්වෙලා කටයුතු කළොත් මේ රටට අත්වන ඉරණම කුමක් ද?දැන් එක්කෙනෙක් කියනවා මම හිටපු ආරක්ෂක ලේකම්. මමයි යුද්ධ කළේ. මම තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නම් කියලා. ඊට පස්සේ අනෙක් පිලේ අපේක්ෂකයා කියනවා මම ආරක්ෂාව පිළිබඳ වගකීම දෙන්නෙ ෆීල්ඞ් මාර්ෂල්ට කියලා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙච්ච සමයේ ජනරාල්ලට කරන්න ඕන තරම් වැඩ තිබුණා. හැබැයි අද ආරක්ෂාවේ අනතුර තියෙන්නේ මොකෙන්ද? යම් ජන කණ්ඩායමකින් පැන නඟින අන්තවාදී කොටස් තව ජන කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරයි ද කියන සැකයෙන්.මේක සමනය කරන්න ජනරාල්ලා ඕන ද? විශාල යුද සැලසුම් ඕන ද? මේ කරන්නේ එවැනි සිදුවීම් දේශපාලන වාසියට පාවිච්චි කරන එක. මේ අන්තවාදී ප්‍රහාර නැවැත්විය යුත්තේ නීතිය පාලනය කරන ආයතන හා මහජනයා විසින්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගොදුර බවට පත්වුණේ කතෝලික ජනතාව. එම ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාරයට ලක්වුණේ මුස්ලිම් ජනතාව. එතකොට ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න, අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. මුස්ලිම් ජනයා කැමැති ද තමන්ගේ ජන සමාජය ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට. කිසිදු ජන කොට්ඨාසයක් තම ජන කණ්ඩායම ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට කැමැති නැහැ. තමන්ගේ සමාජය ඇතුළේ ගොඩනැගෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුයි. අපේ ව්‍යාපාරය ඒකට සූදානම්.අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැහැ. එවැනි වර්ගයේ අය අපේ වේදිකාවට කිසිදාක වද්ද ගන්නෙත් නැහැ. අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා. සජිත්ගේ වේදිකාවත් විවිධ වර්ගයේ අන්තාවදීන්ගෙන් පිරිලා. අන්තවාදීන්ගෙන් වේදිකා පුරවාගෙන ජනරාල්ලාට මහජන ආරක්ෂාව දෙන්න බැහැ. මහජනයාට ආරක්ෂාව දීමට නම් පළමුව අන්තවාදය පරාජය කළ යුතුයි. අපේ රටේ පොලිසිය සූදානම් වෙනවා නම්, කවර වර්ගයක හෝ අන්තවාදයකට ඉඩ නොදෙන්න අන්න එවිට ස්ථිර වශයෙන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. අපේ පාලනයක් යටතේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට, ආගම්වාදයකට මතවාදීව හෝ ක්‍රියාශීලීව පැනනගින්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට අපි ඔබට සහතික වෙනවා.අපේ පාලනයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම වර්ගයක අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය බලතල පොලිසියට ලබාදෙන්න අපි සූදානම්. අපිට අවශ්‍ය අනාරක්ෂිත බවේ සංඥාව සහිත ආරක්ෂාවක් නොවෙයි. ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපේ පාලනයක් යටතේ අපේ රටේ ජනතාවට අපි දෙන්නේ. ස්ථාවර ආරක්ෂාවක් සහතික කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර, ස්ථාවර සමගියක් සාමයක් ඇති කළ හොත් පමණයි. එය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.ස්ථිර මහජන ආරක්ෂාවේ ලකුණ මාලිමාව පමණයි. තොරතුරු තාක්ෂණය අතින් අපේ රට ඉහළ රටක්. අපි එතුළින් ප්‍රයෝජනය ගත යුතුයි. අපි නුපුහුණු ශ්‍රමය වෙනුවට ලෝකයේ දියුණුතම වෙළෙඳපොළක් සැකැසිය හැකි පිරිසක් රට යැවිය යුතුයි. අපිට ඒ සැලැස්මක් තිබිය යුතුයි. අපිට මේ රට ගොඩනැගිය හැකි ආර්ථික සැලැස්මක් තියෙනවා. ඒ තුළින් රට ගොඩනගන්න පුළුවන්. ආර්ථිකයේ ඉහළ තලයේ ඇති වෙනස්කම් සිදු කර ලෝකයේ දියුණුතම ආර්ථිකයක් ඇති රටත් බවට පත්කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරනවා. හැම කෙනෙක්ම ණයකාරයෙක් බවට පත්වෙලා. මේ සියලල්ලට විසඳුම ඇත්තේ ජාතික ජන බලවේගයට පමණයි.” යැයි ද දිසානායක මහතා පැවැසීය.මෙම ජන හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ වෛද්‍ය චාන්දනී කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුර්‍ළු විශාල පිරිසක් එම රැලියට එක්ව සිටියහ.
“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“
0
 (නාලක සංජීව දහනායක)මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බැවින් ආණ්ඩුකරන ප්‍රධාන පක්‍ෂ දෙක එකිනෙකාට බෝලය පාස්කර නොගෙන ඉතාම ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉකුත් 24 වැනිදා පැවසීය.එමෙන්ම ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයාද ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයිද කීය.පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉකුත් 24 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.     රටේ ප්‍රධානතම මූල්‍යමය ආයතනයේ සිදුවූ මහා වංචාව නිසා රටට කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ අලාබය කොපමණදැයි ගණනය කරන්න සමත් විද්වතෙක් තවමත් අපේ රටේ බිහිවී නැහැ. එම වංචාවේ උරුම වූ දුක්කන්දරාව මේවනවිට ජනතාව විඳිමින් ඉන්නවා. මේ ආණ්ඩුව හොරු එක්ක පෝලිමේ ඉන්නවා.මේක සුභ හා යස එකතුවෙලා හදපු ආණ්ඩුවක්. මේ යහපාලන ආණ්ඩුව බිහිකරන්න විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, දේශපාලන පක්‍ෂ, සංවිධාන එකට එකතුවුණා. ඒ අයගේ ප්‍රතිපත්ති, අදහස් එකකට එකක් ගැළපෙන්නේ නැහැ. ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වීමත් සමඟම දැන් ගැටුම් ආරම්භවී තිබෙනවා. එකට හොරකම් කළත් දෙන්න තරහවුණාම එකිනෙකා විවේචනය කරගන්නවා. ඒ තත්ත්වය මේ ආණ්ඩුවෙත් දකින්න ලැබෙනවා. මේ ගැටුම රටට අන්තිම අහිතකරයි. ඒ නිසා එකිනෙකාගේ වගතුග දැන් එළියට එනවා.බැඳුම්කර කොමිසම පත්කිරීම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශවන බව සමහරු කියනවා. ඒ කොමිසම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශ වෙන්නේ කොහොමද?. ඒ පක්‍ෂය සම්බන්ධ නැත්නම් කොමිසම්වලට යන්නේ මොකටද? පහුගිය කාලයේදී රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. බැඳුම්කර සිද්ධියත් යටගහන්න මොවුන් උත්සාහ ගන්නවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඉන්නකම් බැඳුම්කර සිද්ධිය යටපත්වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් අපේ වගකීම උපරිමයෙන්ම ඉටුකරනවා.        දරුවෙක් හම්බවෙන්නත් නියමිත මාස ගණනක් සපුරන්න ඕන. අඩුමාසෙන් ඉපදෙන දරුවෝ හදාගන්න අමාරුයි. මේ ආණ්ඩුවත් අඩුමාසෙන් ඉපදුණ දරුවෙක් වගෙයි. ආණ්ඩු වෙනස්වන ආකාරය අපි දැක තිබෙනවා. ඉතිහාසයේ ආණ්ඩු වෙනස් කළේ විපක්‍ෂයේ ප්‍රබල කණ්ඩායම් විසිනුයි. 2015 වසරෙදී ආණ්ඩුව වෙනස් වන විට අපේ රටේ ප්‍රබල විපක්‍ෂයක් තිබුණේ නැහැ. අහම්බෙන් කිහිප දෙනෙක් එකතු කරගෙන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළුවා. දැන් රටේ හැමතැනම ප්‍රශ්න. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එක්ක ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න බැහැ. ආණ්ඩුවට බණින්නෙ නැති කෙනෙක් හොයාගන්න බැහැ. අවුරුදු ගණනාවක් ඉදිරියට ගමන් කළ රටක් යහපාලන ආණ්ඩුව නිසා ආපසු හැරුණා. මේ ආණ්ඩුව නිසා රටත්, මිනිස්සුත් නන්නත්තාර වුණා.මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඕනෑම මොහොතක මැතිවරණවලට ලෑස්තිවෙලා ඉන්නේ. කයිවාරු ගැහුවට ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඒ නිසා එක එක උප්පරවැට්ටිදාලා මැතිවරණ කල්දමනවා. මැතිවරණ කල්දමන බාලගිරියෙක් ඉන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශකරනවා. ඔවුන් එක බාලගිරියෙක් ගැන කියනවා. අනිත් බාලගිරියා කවුද කියා අපිත් හොයනවා. ගමේ පාක්‍ෂිකයන් එකට එකතුවෙලා ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නයි. පාක්‍ෂිකයන් බෙදිලා නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද රාජපක්‍ෂ මහතා පෙරට ඇවිත් තියෙනවා. මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් අපි ඕනෑම බලවේගයක් එක්ක අත්වැල් බැඳගන්නවා. මැතිවරණ පැවැත්වීමේ හැකියාව තියෙන්නේ ආණ්ඩුවටයි. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රී.ල.නි.ප.ප.ය හා ඒ.ජා.ප.ය එකිනෙකාට බෝලේ පාස් කරගෙන වැඩක් නැහැ. ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයා ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයැයිද කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.ප්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට විරුද්ධ කණ්ඩායම් එකට එකතුවෙලා පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්කළා. මේ පාලනය නිසා රට දවසින් දවස අගාධයට යනවා. ආණ්ඩුකරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන නොයෙකුත් මත ගැටුම් නිසා අදවනවිට රටතුළ දේශපාලන අස්ථාවරබවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අස්ථාවරබව ආර්ථිකය ඇතුළු රටේ සෑම ක්‍ෂේත්‍රයකටම දැඩිව බලපා තිබෙනවා.වර්තමාන ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් එකතුකරගෙන හදපු ආණ්ඩුවට අද ඉස්සරහට යන්න බැරිව එකතැන නතරවෙලා තිබෙනවා.අදවනවිට මේ රට ආයෝජකයන්ට ඉතාම අහිතකර රටක් බවට පත්ව තිබෙනවා. අර්ජුන් ඇලෝෂියස් එක්ක ගනුදෙනු කළ සෑම කෙනෙක්ම අයුතු ලාබ ලැබූ උදවියයි. ඒ හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙනවා. ඒ නිසා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමට මෙන්ම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම මහජන නියෝජිතයන්ට ජනාධිපතිවරයා විසින් දඬුවම් ලබාදේ යැයි අපි විශ්වාස කරනවා.මන්ත්‍රීවරුන්ගේ දුරකතන තොරතුරු ලබාගැනීම සම්බන්ධ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමුකරන්න කතානායකතුමා තීරණය කර තිබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවිට වරප්‍රසාද කමිටු නැහැ. ඒ වෙලාවට කතානායකතුමත් නිහඬයි. කතානායකතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බව අපි පහුගිය වසර දෙක පුරාවටම කිව්වේ මේ නිසයි. එතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවට සුජීව සේනසිංහ ඇමැතිවරයා කරන ප්‍රකාශය සමග අපිත් එකඟ වෙනවා.     
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
1
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්ෂය  තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත්  දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.අපේ ආත්මීය දේශපාලන වුවමනාව එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීමයි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ සියලුම දේශපාලන පක්‍ෂ මෙවර ඒකාබද්ධ පොදුජන පෙරමුණින් තරග කරනවා. ඒ නිසා කොන්දේසි විරහිතව පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැපවෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත් බව වසාගැනීම සඳහා  බණ්ඩාරණායක මහතාගේ රුධිරය තැවරුණ සාටකයත්, සිරිමා මැතිණියගේ නිල් පැහැති සාරියත් පිරුවටයක් ලෙස යොදා ගන්නවා. මේ රටේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් අවසානාවට මේ මහගෙදර එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු අරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රගතිශීලි කඳවුරට රැඳෙන්න තැනක් නැතිවෙලා තිබෙනවා.                 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.» (අ) වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කළා. කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 46.» (ආ) වගන්තිය යටතේ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 40 සීමා කළා. නමුත් පසුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව රැස්වී පළමු සති දෙකක් ඇතුළතදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගත්තොත් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වාත් වැඩි කළ හැකි බවට ව්‍යතිරේකයක් ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළේ වසර දෙකක කාලයක් සඳහා පමණයි. ඒ අනුව 2017 අගෝස්තු මාසේ 21 වැනිදයින් ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන් වෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට අපි මේ ගැන ශ්‍රී.ල.නි.ප යෙන් විමසුවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා ගිවිසුම දික්කළ බව ශ්‍රී.ල.නි.ප.ය කිව්වා. දෙසැම්බර් 31 වැනිදයින් පසුව ශ්‍රී.ල.නි.පයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවට මොරදුන්න අපේ බොහෝ මිත්‍රයින් අද නිහඬයි. නමුත් මේ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල දැයි අපිට ගැටලුවක් තිබෙනවා. මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපිට කළ හැකි සෑමදේම කරනවා.මේ ආණ්ඩුවට තවත් දවස් හයකින් අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. බහුතර බලයක් තිබුණ ශ්‍රී.ල.නි.ප අගමැතිවරයා ඉවත් කරලා මන්ත්‍රීධූර 47ක් තිබූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය දීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනිකව ඝාතනය වුණා. ඊටත් පසුව බැඳුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීම සඳහා නියමිත කාලයට වසරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පළාත් පාලන මැතිවරණය ගමේ නගරයේ බලය තීන්දු කරන මැතිවරණයක් මිස මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව අගමැතිවරයා කියනවා. 1993 දකුණු පළාත් සභා මැතිවරණය වෙලාවෙත්  එක්සත් ජාතික පක්‍ෂය මේ වගේ කතා කිව්වා. නමුත් අපි එදා පළාත් සභාව ජයගෙන ආණ්ඩු වෙනසක් කිරීමේ මූලික අඩිතාලම එදා දැම්මා. පෙබරවාරි 10 වැනිදා ඡන්දය දෙන්න යන ඔබ ඡන්දය දෙන්නේ රනිල්ටද - මහින්දටද කියල ඔබෙන්ම අහන්න. ඒ උත්තරය කතිරයක් විදියට සටහන් කරන්න යැයිද කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙස් පැවසීය.ජනාධිපතිවරණයෙන් හා මහාමැතිවරණයෙන් පසුව රටම එකට ඡන්දය දෙන මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මා. අපි පළාත් පලන මැතිවරණය ලබාගැනීම සඳහා වසර තුනක් සටන් කළා. මේ මැතිවරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය අවසන් කළ යතුයි. ඒ නිසා මෙය ජාතික මැතිවරණයක් ලෙස අපි සළකනවා. ඒ නිසා රටවනසන ආණ්ඩුව ගෙදර යවමු - යළිත් රට ගොඩනඟමු තේමාව යටගේ අපි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා.මේ ආණ්ඩුව අපේ රටේ මෙතෙක් තිබූ අසාර්ථකම ආණ්ඩුවයි. මහකන්නය සඳහා පොහොර ටිකවත් දී ගන්නට නොහැකි වීමෙන් ආණ්ඩුවේ අකාර්්‍යක්‍ෂමතාව හොඳටම පේනවා. දේශීයව හා ජාත්‍යන්තරව මේ ආණ්ඩුව දවසින් දවස කඩාගනෙ වැටෙනවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. අද රටේ ආර්ථික සංවර්ධන වේගය ඉතා බරපතළ ලෙස අඩාල වෙලා. විරකියාව වැඩිවෙලා රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන බව මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා රටතුළ අසහනකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය මහබැංකුවටවත් පාලනය කරගන්න බැහැ. ඉදිරියේදී රට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදවලින් ගොඩ ඒමට නම් ආණ්ඩුව පළවාහැරිය යුතුමයි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය උපරිම සහය ලබාදෙනවා. නමුත් කොළඹ මහනගර සභාව සඳහා වෙනම තරගකර ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ මනෝ ගනේෂන් මහතාට ආරක්‍ෂාව දීමට සිදුවී තිබෙනවා. ඔහු වෙනම තරග කිරීමේන් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල වෙන්නේ ඒ නිසයි. මනෝ ගනේෂන් මහතාට නිදහසේ මැතිවරණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සළසා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරනවා.එමෙන්ම මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මෙම පරීක්‍ෂණ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මේ වනතුරුත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කතානායකවරයා දැනුම් දුන්නා. එමෙන්ම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව විවාද කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අපි ඉල්ලීමක් කළා. ජී.එස්.පී සහනය කපා හැරීමෙන් ඇමරිකාවත් මේ ආණ්ඩුවට කනට පහරක් එල්ල කළා. එමෙන්ම මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවන බවට මහ බැංකුව අනතුරු අඟවනවා. ඒ අතරදී අපේ රටේ පුද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙනවා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සුන්ට නැවත ඒ මුදල ගැනීමට නොහැකි වී තිබෙන බව මහ බැංකුව අනතුරු හඟවනවා.  මේ අර්බුධවලින් රට බේරා ගැනීමට නම් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවාහැරිය යුතුමයි. එහි පළමු පියවර ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරවිය යුතු යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.රට විනාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලට ජනතාව නැවතත් රැවටෙන එකක් නෑයි කියලා අපි විශ්වාස කරනවා. ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල ඇමරිකානු ඩොලරයේ මිලට වඩා වැඩිවුණා. මේ මැතිවරණයේ දී ආණ්ඩුවට නිසි පණිවිඩයක් නොදුන්නොත් රටේ ජාතික සම්පත් විකුණා දමා චෙක් එක අරගෙන ආණ්ඩුවේ ලොක්කො බයිල නටාවි. සමහරු මගෙන් අහනවා ආණ්ඩුවට යන්නේ කවදද කියලා. රෙදි ඇඳගෙන නම් මට මේ ආණ්ඩුවට යන්න බැරිය යැයිද කීය.
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
0
(නාලක  සංජීව දහනායක)ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හොඳම දවස පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා යැයිද කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින්  විසින් බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා රටට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එය දෙසැම්බර් මස 30 වැනිදා දක්වා කල් දමන්න එපා. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ මරියානා අගාදයේයි. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා  මේ නැවෙන් බහින්න හොඳම දවසයි. අපිත් එක්ක එකතු වෙන්න එපා. මේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවෙන් එළියට බහින්න. ඒ තීරණය තවදුරටත් කල් දැම්මොත් අලියා ගිල්ල දිවුල් ගෙඩියට වූ දෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වේවි.ජාතික ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් තැබූ ගිවිසුමේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බව ජනවරමක් නැතුව ආණ්ඩුවට එක්වී සිටින මගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. ඒ ගිවිසුමට අත්සන් තැබුවේ 2015 අගෝස්තු මාසේ 21 වැනිදායි. එම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන බව ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලික ප‍්‍රතිපත්තිවලට එරෙහි ගමනක ආණ්ඩුව යෙදෙන නිසා වසර දෙකේ කාලය නිමවූ වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරයෙන්ම කතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපිටත් බලපාල තිබෙන්නේ ඒ කාරණයමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයට විකල්පයක් වශයෙනුයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රාජ්‍ය නායකයා වීම නිසා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුව ගෙනයාවි යැයි සමහරු හිතුවා. එහෙම හිතල කොටසක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නොවෙයි.මේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ කවුද? අද ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු. අධිකරණ ප‍්‍රතිපත්තිය තීරණය කරන්නේ හුසේන් කුමාරයා. බුකීකරුවන් ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිය තීරණය කරන බව අර්ජුන රණතුංග ඇමතිවරයා කියනවා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය තීරණය කරනවා.රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කරනවා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ තීරණය දින නියමයක් නැතිව කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමකට අවශ්‍යතාවක් තිබෙනවා. උතුරුමැද හා ඌව පළාත් සභාවලදී අපි දැක්කේ ඒකයි. පළාත් සභා පනත උල්ලංඝනය කරලා ඌව පළාත් සභාවේ මහ ඇමැතිධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදුන්නා. මේවා වැරැදියි. මේ දේවල් ඇතුළේ තිබෙන දේශපාලනය අපි කියවා ගත යුතුයි.එමෙන්ම 25 වැනිදා අඟහරුවාද විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සයිටම් විරෝධී ජනරැලියට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගී වෙනවා. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍ය නායකයා නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔහු ඇතුළු සියලූම සිසු නායකයන් කිසියම් රාජ්‍ය විරෝධී කටයුත්තක නිරත වෙනවානම් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මේ ආණ්ඩුවට රුධිරයෙන් තිබෙන වෛරයට නැවතීමේ තිත තබන ලෙසත් ඉල්ලීමක් කරණවා.රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීම ගැන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කර තිබුණා. මෙය මුළුමනින්ම මාධ්‍ය විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක්. තමන්ගේ දේශපාලන මතවාදයේ කිසිදු වෙනසක් නැති බව ඔහු තමන්ගේ නිවේදනයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුවත නිවැරැදි කරන්න කියලා අදාළ පුවත පළකළ පුවත්පත්වලින් ඉල්ලීමක් කරනවා.මේ වනවිට විදේශගතව සිටින මන්ත‍්‍රීතුමා තවත් පැය හතළිස් අටකින් ලංකාවට එනවා. ඒ අනුව ඔය ප‍්‍රවෘත්තියට තියෙන වටිනාකම නැතිවෙලා යාවි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින නායකයෙක්. අපේ සමීපම සගයෙක්. කිසිලෙසකත් ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය අත්නොහරින බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.පළාත් පාලන ආයතන ඡන්දය ලබා ගැනීම, ජනතාවගේ පොදු කාරණයන් යථා තත්ත්වයට පත් කිරීමට නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම පෙනී හිටියා. ආණ්ඩුව විවිධ බාධාවන් අතරමඟ ඇති කරමින් අවසානයේ පළාත් පාලන ඇමැතිවරයා පළාත් පාලන සීමාවන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නැයි ගැසට් කළා.ඒ අනුව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරා තිබෙනවා. මැතිවරණ කොමිසම ජන්දය පටන් ගන්න වෙලාව, ඡන්දය ගණන් කරන ස්ථානය ආදී මැතිවරණ කොමිසමේ පරිපාලනය සම්බන්ධ සුළු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වූ විගස මැතිවරණය පවත්වන බව දේශපාලන පක්ෂ කැඳවූ අවස්ථාවක ප‍්‍රකාශ කළා. මෙම සංශෝධන ඒකමතිකව සම්මත කිරීමට අපි එකඟතාව පළකළා. මෙය සම්මත කිරීමට පැය භාගයක කාලයක් ගතවේවි. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මගහැරියා. මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිම වුවමනාවක් නැති බව මින් පෙන්නුම් කරනවා. ඇතැම්විට ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව මැතිවරණ සම්බන්ධව තවත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.‍ඒ අනුව පළමුවැනි දවසේ විශේෂයෙන් තිබුණු කාර්යයන් නවතා පනත ඉදිරිපත්කර සම්මත කරන්නයි කිව්වත් ආණ්ඩුව මගහැරියා. ඒ වෙනුවට මාසේ අන්තිම සතියේ වේලාවක් දෙන බව කිව්වා. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරන කි‍්‍රයාවලියට ආණ්ඩුව දැන් බැහැලා. සමහරවිට තව සංශෝධන ගේන්න උත්සාහ කරයි.එමෙන්ම මැතිවරණ පැවැත්වීමට අලූතෙන් ගෙන ඒමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා කැඳවා තිබෙන රැස්වීම්වලට අපි සහභාගී වන්නේ නැහැ. මේ සාකච්ඡාවලින් සිදුවන්නේ මැතිවරණ කල් දැමීමයි.නොවැම්බර් මස අවසන් සතියේ සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මැතිවරණ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නායකයන්ට ප‍්‍රකාශ කළා. ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා මේ අවුරුද්දේ ඡුන්දේ තියන්න බැරිවේවි. මැතිවණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණයක නිරතව සිටිනවා. මැතිවරණ නොපැවත්වීම නිසා පොදු මහජන සේවාවන් සියල්ලම කඩාවැටිලා. පළාත් සභා මැතිවරණයත් කල්දැමීමට ආණ්ඩුව පළාත්සභා පනත සංශෝධනය කරමින් සිටිනවා. තවම අපි ඒ පනත දැකල නැහැ. ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නයි ආණ්ඩුව මේ කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිවයින පුරාම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයටත්, බුදු දහමටත් සිදුවන බලපෑමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ඒකාබද්ධ විපක්‍ෂය එකඟතාවය පළ කරනවා. ඒ මතය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය දිගටම කටයුතු කරනවා. යම් අවස්ථාවක තීරණාත්මක මොහොතක් ආවොත් අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට විවිධ ප‍්‍රතිපත්ති තියෙනවා. පොදුවේ ආණ්ඩුව මාතෘ භූමියට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අපේ මන්තී‍්‍රවරුන් පනස් දෙදෙනාම පෙනී සිටිනවා. ඒ අනුවයි අපි  දිගටම කටයුතු කරන්නේ.  ආණ්ඩුව කලින් අපිට අභියෝග කළා. ඒත් මැයි දිනයට සහභාගීවූ ජන ගංගාව දැකලා ඒකට බියවෙලා අපිට අභියෝග කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බෙදිලා, පුපුරා යයි වගේ ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවෙනවා. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි ද පැවසීය.
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
0
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප‍්‍රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න  ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න  ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න  ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්‍ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්‍ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත‍්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත‍්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප‍්‍රශ්න කරනවා.උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න  ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න  ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න  ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත‍්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත‍්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක‍්‍රමයක් අපිට  ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න  ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න  ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප‍්‍රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප‍්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප‍්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න  ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න  ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික‍්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප‍්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප‍්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප‍්‍රහාර එල්ල කරන්න  ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි  ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න  ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න  ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක‍්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික‍්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික‍්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක‍්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික‍්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික‍්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
0
(මුදිතා දයානන්ද)“උසස් අධ්‍යාපනයේ ඉහළම නියෝජනයක් පෙන්වන කාන්තාවෝ රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා තැන්වල අවම වෙලා. මේ පරතරය වෙනස් කර, තමන් වෙනුවෙන් රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි” ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) පැවසීය.ඔහු මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කාන්තා සමුළුවට එක්වෙමිනි.මෙම කාන්තා සංවිධානය විසින් සකස් කරන ලද කාන්තා ප්‍රඥප්තියේ පිටපතක් හිරණ්‍යා දේවසිරි, සෙල්වි ක්‍රිෂ්ණා, ෆාතිමා රෂ්මිනා විසින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය.සාමාන්‍යයෙන් සිදුවන්නේ පිරිමි ගොඩක් ඉන්න වේදිකාවක කාන්තාවක් හෝ දෙන්නෙක් තනිවීමයි. අද ඒකේ අනෙක් පැත්ත. කාන්තාවෝ ගොඩක් මැද්දේ අද මම විතරක් තනියම. අර වගේ වේදිකාවක දී කාන්තාවන්ට ඇති වන මානසික අපහසුතාවය අද මට දැනුණා.අපේ රටේ කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාම ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රශ්න රැසකට වගේම වැඩ කරන දුක්විඳින පීඩිත ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්වලටත් මුහුණ දෙන්න සිදුව තිබෙනවා. ඒ පීඩාවේ ස්වභාවයනුත් දෙකක් තියෙනවා. තමන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ඉන් එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ පීඩාව පිළිබඳ ගැටලුව.රටක් විදිහට අපේ රටේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් තීන්දු තීරණවලට කොපමණ කාන්තාවන් ප්‍රමාණයක් සහභාගි වෙනවා ද? දේශපාලන ව්‍යාපාරයන් තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ නියෝජනය කොපමණ ද? ඒවායේ ඉතාමත් අල්ප කාන්තා නියෝජයක් තමයි තියෙන්නේ. ඒත් රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් ඉන්නෙ කාන්තාවන්.පිරිමින් මූලික කරගත් සමාජයක් නෙවෙයි අපිට අවශ්‍ය. දෙපාර්ශ්වයෙන්ම අදහස් සම සමව එකට ගැටෙමින් තමයි සමාජයක් ඉදිරියට යන්න ඕනෑ. ඒත් අඩුම තරමින් කාන්තාවන්ට විශේෂ වූ ගැටලු නිර්මාණය වෙන තැන්වලවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් වතුකරයේ වැඩියෙන්ම ශ්‍රමය වගුරන්නේ කාන්තාවෝ වුණත් වෘත්තීය සමිති වතුවල හාම්පුතුන් එක්ක සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා තුළ කාන්තාවෝ නැහැ. පාර්ලිමේන්තුව ඇතුළෙ වුණත්, පියා, ස්වාමිපුරුෂයා, සහෝදරයා මියයාම විසින් පාර්ලිමේන්තුවට ආපු කාන්තාවන් තමයි අතිබහුතරයක් ඉන්නේ. සමාජය තුළ ගැටෙමින්, සමාජ අත්දැකීම්වලින් සහ සමාජයට නායකත්වය ලබා දීමෙන් ලබා ගන්නා පෞරුෂයන් විසින් පාර්ලිමේන්තුවට ආපු කාන්තාවන් දකින්න නැහැ.අද මෙතන දී අපට ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තියේ සඳහන් වෙනවා මැතිවරණයක දී කාන්තාවන් සියයට පණහක් හෝ අවම වශයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපි ලෑස්තියි ඒකට. ඇත්ත කතාව නම් ඒකට කාන්තාවන් සූදානම් ද කියන එකයි. ඒකට හේතු තමයි ඇයගේ පවුලට තියෙන සම්බන්ධතාවය, ඇයට ඇති වී තිබෙන වගකීම්, ඇය එවැනි කටයුතු නියැලීම සම්බන්ධයෙන් තිබෙන සමාජ ආකල්ප ඊට බලපෑම් කරනවා.2018 වසරේ මාතෘ සියදිවි නසාගැනීම් තිස් අටක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ දරුවා බිහි කොට දින හතළිස් දෙකක් ඇතුළත මව්වරුන් තිස් අට දෙනෙක් සියදිවි නසාගෙන. දරුවා බිහි කළාට පස්සෙ ඇති වෙන විශාදය සහ ගෘහස්ථ හිංසනය තමයි ඒවට හේතු විදිහට හොයාගෙන තියෙන්නෙ. ඊටත් වඩා භයානකම දේ තමයි ලංකාවේ අස්වාභාවිකව මරණයට පත් වන කාන්තාවන්ගෙන් සියයට තිස් හයක්ම මරණයට පත් වෙන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා නැත්නම් තමන්ගේ සමීපතම සහකරු අතින්. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ලංකාවේ කාන්තා මරණවලින් සැලකිය යුතු පංගුවකට පුරුෂයා විසින් ඇති කරන පීඩනය හේතුවක් වෙලා තියෙනවා කියන එක.ලංකාවේ වසරකට ගබ්සාවන් 240,000ක් සිදු වෙනවා. ඒ වාර්තාගත සංඛ්‍යාලේඛන පමණයි. ඒ අතරින් සියයට අනූවක්ම විවාහක කාන්තාවන්. බරපතළම ඛේදවාචකය තමයි විදෙස් රැකියාවකට යාම සඳහාත් ගබ්සා කර ගැනීම. මේ රහසිගත ගබ්සාවන් නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු රැසක් තියෙනවා.  මේ ගබ්සාවන් ගැන තීරණ ගන්නෙ කවුද? තමන්ගේ ආර්ථික හැකියාව ද? තමන්ගෙ දරුගැබ විනාශ කරන්න පිටස්තර කෙනෙක් හරි පිටස්තර හේතුවක් හරි හේතු වෙනවා නම් ඒක යුක්ති සහගත ද? අපි විශ්වාස කරන්නෙ ඒ දරුගැබ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ ගැබ දරා සිටින කාන්තාවට කියලයි. ඒක ඇයගේ අයිතියක්.මේ ඇති වී තිබෙන සමාජ පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී තියෙන්නෙ කාන්තාවන්. අද උතුරු පළාතෙ යුද වැන්දඹුවන් හතළිස් පන්දාහක් පමණ ඉන්නවා. දකුණේ, ස්වාමියා යුද සොල්දාදුවෙක් වීම නිසා වැන්දඹුවන් වූ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද යාපනයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් යන වෘත්තිය බවට ගණිකා වෘත්තිය පත් වෙමින් තියෙනවා. ස්වාමියා අහිමි වීම නිසා ජීවත් වීම වෙනුවෙන් ඔවුන්ට ශරීරය විකුණන්න වෙන තත්ත්වයට අද ඔවුන්ව පත් කර තියෙනවා. ඒ නිසා මේ යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්නය කියන්නෙ විශේෂ මැදිහත්වීමක් කළ යුතු ක්ෂේත්‍රයක් බවට අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය. ඒ බිරින්දෑවරුන්ට, ඒ අම්මාවරුන්ට තමන්ගේ ස්වාමිපුරුෂයා, දරුවා ගැන තොරතුරක් දැන ගන්න අයිතියක් නැද්ද? ඒ අයිතිය තහවුරු කරන්න වේගවත් මැදිහත්වීමක් කරන්න ඕනෙ කියලා අපි අදහස් කරනවා.මේ සමාජයෙ තිබෙන ආර්ථික පීඩනයෙන් වැඩිම පීඩාවක් විඳින්නෙ කාන්තාවන්. ධීවර කර්මාන්තය ගැන කියද්දි අපිට මතක් වෙන්නෙ ධීවරයා. ඒ පිටුපස ඉන්න කාන්තාව සමාජය විසින්ම සඟවලා. කෘෂිකර්මාන්තයේදිත් එහෙමයි. අපේ චිත්‍ර පොතේ ඉඳන් අපේ මනසේ හදලම තියෙන්නෙ කඨෝර පොළොව එක්ක හැප්පෙන ගොවියා විතරයි. ගෙවිලිය ගැන කතාවක් නැහැ. ගෙවිලිය ගැන කියන්නෙ කතාව ලස්සන කරන්න විතරයි. ඒ වුණාට හැම ක්ෂේත්‍රයකම ප්‍රධාන පාර්ශ්වකරුවෙක් සහ බර උසුලන්නෙක් විදිහට කාන්තාව පත් වී තියෙනවා.අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරයේ සරෝජා පෝල් මහත්මිය.අද මේ වේදිකාවේ අසුන්ගෙන සිටින කාන්තා ව්‍යාපාර නියෝජනය කරන අපි අතර මතවාදිමය වෙනස්කම් තිබෙනවා. වෙනත් විවිධ වෙනස්කම් තිබෙනවා. එහෙත් අපි හැමෝගේම පොදු අවශ්‍යතාවය කාන්තාවන්ගේ අයීතින් දිනාගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම, ඔවුන්ගේ ජීවිතය වඩාත් යහපත් තැනකට රැගෙන ඒමයි. ඒ නිසා එය වඩාත් ශක්තිමත්ව ඉටුකරගන්න අපි සියලු දෙනා අද එකට එකතු වූ ජාතික ජනබලවේගය සමග ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ලෙස අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි එලෙස එක්ව සිටින්නේ අපේ අරමුණ කරා යාමට එයින් හැකිවනු ඇතැයි විශ්වාස කරන නිසයි.යහපාලනය සඳහා වු ජාතික ව්‍යාපාරයේ  රිසානා ෂිමාස් මහත්මියමුස්ලිම් කාන්තාවන් කවදත් ආගමික සංස්කෘතික බැඳීම්වලින් දැඩිව බැඳී ජීවත්වන පිරිසක්. ඔවුන් හැමවිටම තම ස්වාමිපුරුෂයාගේ හා දරුවන්ගේ උවමනා එපාකම් සොයා බලමින් පවුල තුළ කොටුවී පීඩාවට පත්ව ජීවත් වීම උරුම කරගත් පිරිසක්. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජීවත් වන පිරිසක් ලෙස අපිට අනිවාර්යෙන්ම මුස්ලිම් සංස්කෘතිය තුළ ජීවත්වීමට සිදුව තිබෙනවා. දේශපාලන ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් පෙනී සිටීම අපිට හිතන්නවත් පුළුවන් දෙයක් ලෙස තිබුණේ නැහැ. එදා අපි යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරය ලෙස 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණත් අපි හිතපු වෙනස්කම එයින් සිදුවුණේ නැහැ. මෙවර අපි ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා. අපි විශ්වාස කරනවා අපි එකතු වුණේ නිවැරදි තැනට කියලා. අපේ ප්‍රශ්නවලට මෙතනින් විසඳුම් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.නිර්මලා ද අල්විස් මහත්මිය:මම මෙතනට ආවේ අනුර දිසානායක අපේ ජනාධිපති අපේක්ෂකයා කතා කළ නිසා නම් නෙවෙයි. ඔහුට ඊයේ මම කතා කරන තුරු ඔහු මට කතා කරලා තිබුණේ නැහැ. මම තමයි මේ වෙලාවේ වචන කීපයක් කතා කරන්න විනාඩි කීපයක් හෝ කතා කරන්න ඉඩක් දෙන්න පුළුවන් ද කියලා ඇහුවේ. මොකද මම අද මෙතනට ආවේ ඇයිද කියලා සමාජයේ ලොකු සංවාදයක් හෙට සිට ඇරඹේවි. ඒකට මම අද පිළිතුරක් දීලා යන්න ඕන.මගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයේ තිබුණා. ඒත් ඇත්ත දැනගත්ත ගමන් මම ජවිපෙ දැනුවත් කළා. ඒ රටට ඒ ඇත්ත යා යුතු නිසා. මම අද කෝටි ගණනක වන්දි නඩුවක විත්තිකාරියක්. ඒත් මම බය වෙන්නේ නැහැ. මේ වේදිකාවට ආව නිසා හෙට සිට මා ගැන මඩ ප්‍රහාර දිගින් දිගටම එල්ල වේවි. මට හිනාවේවි. ඒවාට මුහුණ දෙන්න සූදානම්ව තමයි මම ආවේ. එසේ කරන අය ඒවා කරන්නේ නොදැනුවත්කම නිසයි. ඒනිසා තමයි මම වචන කීපයක් හෝ මෙතන කතා කරන්න ඉල්ලුවේ. ඇත්තටම මම නිර්පාක්ෂිකයෙක්. මෙතනට ආවේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ දැකලා වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස අනුර දිසානායක සහෝදරයාගේ නිහතමානීකම කාලයක් තිස්සේ දැනිලා තිබුණ නිසයි.ප්‍රේමකීර්ති ඝාතනය කළේ ජවිපෙන් නෙවෙයි කියලා ඇත්ත මම රටට හෙළිකළාට පස්සෙත් මගෙන් දේශපාලන ප්‍රයෝජනයක් ගන්න වේදිකාවකට එන්න කියලා කවදාවත් ආරාධනා කළේ නැහැ. මමම තමයි ඔහුට කතා කළේ. එතකොට තමයි අද මෙතන වැඬේ ගැන කිව්වේ. මම තමයි කතාවක් කරන්න ඉල්ල ගත්තේ. මම ඈත ගම්වල ඉන්න අපේ මව්පිය සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා දැන් තවත් අපි රැවටෙන්න අවශ්‍ය නැහැ. අපේක්ෂාවේ අපේක්ෂාව දිනවන්න එකතු වෙන්න.එහිදී හැත්තෑ එකේ සහෝදරත්වය වෙනුවෙන් හේමමාලි විජේසිංහ, අලුත් පියාපත් සංවිධානයේ කෞෂල්‍යා ආරියරත්න මහත්මීන් ද අදහස් දැක්වූ අතර නදී කම්මැල්ලවීර, කෞෂල්‍යා ප්‍රනාන්දු, නිරංජලා මංජරී සහ තරින්දි ෆොන්සේකා ගීත ගායනයෙන් හා රංගනයෙන් සභාව අලංකාරවත් කළහ.මෙම අවස්ථාවට නොයෙල් ක්‍රිස්ටිනා කන්‍යාසොයුරිය, ගැමි කාන්තා සමිති සම්මේලනයේ ශ්‍රියාණි පතිරගේ, නෙලුම් යාය පදනම වෙනුවෙන් නීතිඥ රාධිකා ගුණරත්න, වෛද්‍ය චාන්දනී කරුණාරත්න, මහාචාර්ය රුවනි හෙට්ටිආරච්චි,  රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ, රංගන ශිල්පිනී දීපානි සිල්වා, ඇතුළු සංවිධාන රැසක් නියෝජනය කරමින් කාන්තා ක්‍රියාකාරිනියක් රැසක් එක්ව සිටියහ.
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
1
අවශ්‍ය වන්නේ පහසු දේට වඩා අපහසු දේ තමයි ජය ගැනීම බවත්, මිනිසුන් අවශ්‍ය පහසු දේ කිරීමට නොව අපහසු දේ කිරීමට බවත්, එබැවින් සැම විටම අවදානම් බාර ගතයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.සෑමවිටම අභියෝගයට ආදරය කරමින් හා අවදානම ඉතා සුහදශීලීිව බාරගෙන ඇතිවන ප්‍රශ්න නිවැරැදිව විසඳාගැනීමට කටයුතු කළහොත් රට ජයග්‍රහණය කරන්න පුළුවන්. රට ජයග්‍රහණය කරවිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 25 වැනිදා පැවති ‘පුරවැසි අත්වැල’ ප්‍රාදේශීය සන්නිවේදකයන්ගේ හමුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පුරවැසි අත්වැල වැඩසටහන රට දිනවන වැඩසටහනක් බව මම ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕනෑ. අපේ රට දිනවීම පිළිබද අපට අභියෝගයක් තියෙනවා. ඒ නිසා මේ පුළුල් වැඩපිළිවෙළ ජාතියේ යහපත සඳහා, අපේ රටේ අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා පිරිසුදු චේතනාවෙන් ක්‍රියාත්මක වන්නා වූ පාරිශුද්ධ වැඩපිළිවෙළක් විදියටයි මා හඳුන්වන්නේ.මීට වසර දහස් ගණනකට පෙර අපේ රට තිබුණු තැන අද නැති බව ඔබ අපි කවුරුත් දන්නවා. අපේ රටේ මීට වසර 5000 කට එහා තිබුණු දියුණු සංස්කෘතිය පිළිබඳව ඉතිහාස සාක්ෂි සාධක රාශියක් තියෙනවා. ඒත් දීර්ඝ ඉතිහාසයක් නැති රටවල්වල මිනිසුන් අද අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. තාක්ෂණික ජයග්‍රහණ සමග ඔවුන් විශිෂ්ට මිනිසුන් බවට පත්වී තිබෙනවා. ඒත් අපි අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන පුරසාරම් දොඩමින් සිටිනවා. එසේ නොසිතා අපි ඒ ශ්‍රේෂ්ඨ  ඉතිහාසය නැවත ළඟා කරගන්නේ කෙසේද. ඒ නිසා තමයි ඊට සුදුසු වැඩපිළිවෙළක් සමග ඊට සුදුසු මිනිසුන් ඒකරාශී කිරීම සඳහා පුරවැසි අත්වැල ක්‍රියාත්මක කිරීමට මූලිකවුණේ.අපේ රටට තිබෙන අභියෝග මොනවාද? සංවර්ධනය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සමග අපි සාමූහිකත්වයෙන් යුතුව අනුන් ගැන සිතන මිනිසුන් ඒකරාශී කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වුණේ. අපි සොයන නිවැරැදි ගමන් මාර්ගයේ යාමේදී ඇතිවන ගැටලු සහ අභියෝගවලදී සැබෑ කැපවීමෙන් වැඩකරන, රට ගැන හිතන මිනිසුන් වශයෙන් මානවවාදී සමාජයක් ගොඩනැගීමේ සාමූහික වගකීම පෙරදැරිව කටයුතු කළ යුතුයි.අපේ රටේ පළාත් 9 ගත් විට ඒවායේ වෙනස. පරිපාලන දිස්ත්‍රික් 25 ගත් විට ඒවායේ වෙනස්කම්. අපේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනකොටස් පිළිබඳව කතා කළහොත් ඒ අය අතරේ තිබෙන වෙනස. ආගම් වශයෙන් ගත්විට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආදී ඒ අතරේ තිබෙන වෙනස්කම්. මේ කවර ජාතික, ආගමික හෝ ප්‍රාදේශීය වෙනස්කම්වලට අනුව සංවර්ධනයේ වෙනසක් නොතිබිය යුතුයි.  ඒ නිසා පුරවැසි අත්වැල සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ක් නියෝජනය වන අයුරින් ද ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ සාර්ථක කරන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වන්නේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය නිසාවෙනි. ඒ කැපවීම ඔබ සෑම කෙනෙක් ළඟම තියෙන බව මා විශ්වාස කරනවා. යම් කාර්යයක් කිරීමට තිබිය යුතු අධිෂ්ඨානශීලී බව ආත්ම ශක්තිය, කැපවීම ඉතා අවශ්‍යයි.ලෝකයේ වෙනස්කම් කර තිබෙන්නේ මානව සමාජයේ අවශ්‍ය විප්ලවකාරී කාර්යයන් ඉටුකර තිබෙන්නේ සමාජයේ ගොඩනැගුණු ඔබ වැනි පුංචි මිනිස්සුයි කියන එක අමතක කරන්නට එපා. යම් කිසි පාරම්පරික අයිතියක් සහ උරුමයක් නැති, ප්‍රභූ පන්තීන්ගෙන් ගොඩ නොනැගුණු, ධනවත් පවුල් වලින් පැවත එන්නේ නැති ඔබ වැනි පිරිස් තමයි සමාජය වෙනස් කර තිබෙන්නේ. ඒ වෙනස කරන්න අවශ්‍ය නායකත්වය දී තිබෙන්නේ ඔබ වැනි පිරිස්.අපි රජය විදියට ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂිත වැඩපිළිවෙළ, දේශීය කෘෂිකර්මය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ වගේම දෛනිකව ජීවිතයේ බොහෝ දේට සම්බන්ධ විෂය ක්ෂේත්‍ර හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එය ක්‍රියාත්මක කිරීමේදී අපි පැහැදිලි ලෙස සත්‍යගරුක ලෙස සමාජ සාධාරණත්වය තුළ කටයුතු කිරීම අවශ්‍යයි.යම් කාර්යයක ආරම්භය ගැටලුකාරීයි. අභියෝගාත්මකයි. ඒ වෙනස කිරීමට මිනිසුන් විදියට මැලිකමක් දක්වනවා. සිටින තැනින් වෙනස්වීමට මිනිසුන් අකමැතියි. අද මිනිසුන් තාක්ෂණය සමග සටන් කරනවා. දේශපාලනය සමග සටන් කරනවා. අද මිනිසුන් භාෂාව මුල්කරගෙන සටන් කරනවා. අද මිනිසුන් ආගම් මුල්කරගෙන සටන් කරනවා. භූමිය මුල්කරගෙන සටන් කරනවා. ඒත් මිනිසුන් හැමවිටම ගොඩනැගුණේ සොබාදහම සමග සටන් කරලා. සටන් ජයග්‍රහණය කරලා. මෙවැනි වැඩසටහනකදී අපි තුළ විශ්වාසය, සහෝදරත්වය, එකමුතු බව අත්‍යවශ්‍යයි.අපි ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනට සමාජයේ විවිධ ක්ෂේත්‍රවල අය තොරතුරු දීමට පටන්ගෙන තිබෙනවා. තමාගේ දුක් ගැනවිලි කියනවා. ඒ තුළින් අපට හමු නොවන දේ, හසුනොවන දේ පෙන්වා දෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට දවසකට ලිපි 700 ක් විතර ලැබෙනවා. ඒ ලිපි වලින් 500 ක් විතර මට යොමු කරනවා. ඒත් මට තියා මේ ලෝකේ කිසි කෙනෙකුට තමන්ගේ වැඩත් එක්ක දවසකට ලිපි 500 ක් බලන්න සහ ඊට පිළිතුරු ලියන්න පුඑවන්ද කියලා  ඔබ සිතා බලන්න. අනෙක් රාජ්‍ය නායකයොත් ගත්විට එවැනි කටයුතු වලදී බොහෝ විට සිදුකරන්නේ තමන්ගේ කාර්ය මණ්ඩලයට ඉදිරි කටයුතු කිරීමට යොමු කිරීමයි.මම අපේ මහජන සම්බන්ධතා අංශයට ගිහින් මට එවා තිබූ ලිපි වලින් කීපයක් තෝරා ගත්තා. එක් ලිපියක් එවා තිබුණේ අනුරාධපුර මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා. මම ඊයේ එහි නොගියා නම් ඒ ලිපිය මගේ අතට එන්නේ නැහැ. එය මා වෙත ලැබිය යුතු ලිපියක්. එහි තිබුණේ ජනාධිපතිතුමනි, ඔබතුමා අගෝස්තු 04 වැනි දා අනුරාධපුරයට ආවා. අපිට දැනුම් දී තිබුණා උදේ ඔබතුමා අපේ පාසලට එනවා කියලා. ඔබතුමා එන නිසා අපේ පාසලේ දරුවෝ සති ගානක් ඔබතුමා පිළිගන්න පුහුණුවීම් කළා. එදා පාන්දර හතරේ ඉඳන් දරුවෝ නැගිටලා විවිධ විශේෂාංග වලට තෝරා ගෙන සිටි දරුවන් අදාළ ඇඳුමෙන් සැරසී සිටියා. ඒ වගේම පාසලේ අපියි දෙමව්පියොයි ඔබතුමා එනකම් බලාගෙන සිටියා. අපි දවසම බලාගෙන හිටියා ඔබතුමා ආවේ නැහැ. ඇයි අපිට එහෙම වුණේ. එහෙමයි ලිපියේ තිබුණේ.ඒ ලිපිය ඊයේ තමයි මගේ අතට ලැබුණේ. එවිටයි මම දන්නේ එදා දවසේ මහින්ද විද්‍යාලයට මම එනවා කියලා කවුරුන් හෝ එහි විදුහල්පතිතුමාට කලින් කියලා තියෙන බව. ඒත් මගේ වැඩසටහන්වල එවැන්නක් සටහන්ව තිබුණේ නැහැ. පුංචි දරුවෝ මොනතරම් බලාපොරොත්තු සහගතව ඉන්න ඇතිද? ඒ දරුවො බලාපොරොත්තු සුන්වී කෙසේ යන්න ඇතිද? දරුවන්ගේ දෙමව්පියන් මට මොන විදියේ චෝදනා කරන්න ඇතිද?විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මාව මොන තරම් විවේචනය කරන්න ඇත්ද? කවුරුන් වැරැද්ද කළත් අවසානයේ වැරැද්ද බැර වෙන්නේ මගේ ගිණුමටයි. එය මම නොදැන සිදුවූ දෙයක්. මම ඒ කිව්වේ ඉතාමත් පුංචි උදාහරණයක්.ඒ නිසා අපි සැමවිටම අපි කරන කාර්යය පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතුයි. තවත් කෙනෙක් සමග කටයුතු කිරීමේදී ඔහුගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගත යුතුයි. ඒත් බොහෝ විට අපි කතා කිරීමේදී අනෙක් කෙනාගේ අදහස්වලට ඇහුම්කම් දෙනවා අඩුයි. අනෙක් අයගේ අදහස්වලට ගරු කරනවා මදි. ඒකයි ඇත්ත තත්ත්වය.සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම ගිය හැටි ඔබ දන්නවා වසර 06 ක් දුෂ්කර ක්‍රියා කරලා දුක්විඳ බුද්ධත්වයට පත්වුණා. උන් වහන්සේ බුද්ධත්වය ලබලා තමන්ගේ පියා සිටින ප්‍රදේශයට වැඩියා. එහිදී රාහුල කුමාරයා මුණගැසුණා. රාහුල කුමාරයා ගෙන යනවා කියලා කිසිවෙකුට නොකියා රැගෙන ගියා. සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මී ගිය පසු සුද්ධෝදන රජතුමා ඉතාම සිතේ වේදනාවෙන් සිටියේ.එහෙම සිටින අතරෙයි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබලා සීයට කියන්නේ නැතිව රාහුල කුමාරයා රැගෙන ගියේ. සුද්ධෝදන රජතුමා තම මුණුබුරා නැතිව දැඩි වේදනාවට පත්වුණා. දරුවාගේ අම්මාට කිව්වෙත් නැහැ. දරුවාගේ සීයාට කිව්වෙත්  නැහැ. ඔබ දන්නවා දරු මුණුපුරන් ඉන්න අය දන්නවා තාත්තලා, අම්මලා තමන්ගේ දරුවන්ට ආදරය කරනවා වගේම ඊළඟට ආදරය කරන්නේ මුණුපුරු මිණිපිරියන්ට තමයි. සුද්ධෝදන රජතුමා  හිතේ  උහුලන්න බැරි වේදනාවකින් හිටියේ,  තමන්ගේ එකම කුමාරයා රජ පවුල දාලා ගිහින් ජීවත් වෙච්ච විදිය. ගෙයින් ගෙට ගිහින් පිඩු සිඟා වඩිනවා. ඉල්ලගෙන කනවා. එහෙම වේදනාවෙන් ඉන්න අතරේ තමයි ඊළඟට බුද්ධත්වය ලබලා සීයාට කියන්නේ නැතුව රාහුල කුමාරයා අරන් ගියේ. ඊට පස්සේ තමන්ගේ පුතා නැතුව ගියාට වඩා සුද්ධෝදන රජතුමා තමන්ගේ මුණුපුරා  නැතුව ගිය එක ගැන දැඩි වේදනාවට පත්වුණා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ඒ ඇති වුණ සිදුවීමත් එක්ක ශාසනයට කෙනෙක්  ගන්නවා නම් අනිවාර්යෙන්ම දෙමව්පියන්ගෙන්, භාරකරුවන්ගෙන් අහලා අවසරයක් අරගෙන ඒ දේ කරන්නේ කියලා තීරණයක් ගත්තේ.අපි යම් කිසි කාර්යයක් කරන විට සැම විටම අනෙක් අයගේ අදහස්  විමසන්න අවශ්‍යයි. ඒ අයගේ අදහස්වලට ගරු කරන්න අවශ්‍යයි. ඒවා සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ඒවා පිළිගන්න අවශ්‍යයි. ඒවාට ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍යයි. නිවැරැදි දේ  සැම විටම තමන් සිතන දේ නොවෙයි. එය ඇතැම් වෙලාවට නිවැරැදි වෙන්න පුළුවන්. බොහෝ වේලාවට එය සියයට සියයක් නිවරැදි දේ නොවෙයි. මෙම වැඩසටහන් තුළ මූලික වශයෙන් ඔබේ හැකියාව, දක්ෂතාව, නිර්මාණශිලීභාව, නිපුණතාවයන්, ඒ සියල්ල පිළිගන්නා අතරේ බාහිර සමාජයට ගරු කරන්න, බාහිර සමාජයට ආදරය කරන්න, ඒ අය ඉදිරිපත් කරන ගැටලු හිතට ගන්න. ඒ පිළිබඳව අවංක හැඟීමෙන් කටයුතු කරන්න ඔබ පුහුණු විය යුතුයි.පරිසර සංරක්ෂණ විෂය යම් කිසි කාර්යයක් බාරදුන්නම ඊළඟට වැලි පර්මිට් ඉල්ලාගෙන එනවා නම් ඒ වැඩය කොතෙක් දුරට යන්න පුළුවන් ද කියලා හිතන්න අවශ්‍යයි. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව වගකීම බාරදුන්නහම මට බාර් එකක් දාන්න මට ලිකර් පර්මිට් ගන්න ඕනෑ කියලා කෙනෙක් එනවා නම් ඒ තනතුරට තමන් කෙතෙක් දුරට ගැළපෙනවද කියලා හිතන්න අවශ්‍යයි. ඒවගේම තමයි සෑම ක්ෂේත්‍රයක්ම. අපි සමාජය විදියට ගත් විට මුළු සමාජ සංස්ථාවම අද ඉතාමත්ම අපිරිසුදු වෙලා තියෙන්නේ. ඒ අපිරිසුදු වෙච්ච මුළු සමාජ සංස්ථාව අපි කොහොම ද පිරිසුදු තත්ත්වයට ගන්නේ.අපි කොයි ආකාරයට ද නිවැරැදි දේ කරන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙකුටම ඒ අධිෂ්ඨානශීලීභාවයත් සමග කළ හැකි කළ යුතු කැප කිරීම් රාශියක් තිබෙනවා. අතීතයේ මහා ශ්‍රී  විභූතිය  පිළිබඳව කතා කරන අපි, ආඩම්බර වන අපිට හෙට දවස වෙනුවෙන් ඒ ශ්‍රී විභූතිය ළඟා කරගන්නට නම් මේ රටේ සමස්ත පොදු ජනතාවත් සමග පුළුල් අවංක වු පිරිසුදු වැඩ සටහනක් ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා.ඒ තුළ අවවාදයට වඩා ආදර්ශය ඉතා වැදගත් වෙනවා. අපිට බොහෝ දේ කතා කරන්න පුළුවන්. ඒත් අපි ක්‍රියාත්මක වනවිට අපි කතා කරන අපේ ආදර්ශය  තිබෙනවාද කියන කාරණාව අපිම විමසිය යුතු වෙනවා.ඒ වුණත් සමාජයේ අද තිබෙන  විවිධ අංශවල මාධ්‍ය තුළින් එන දේ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ද, ෆේස් බුක්, වෙබි සයිට් මේ සියල්ල ගත් විට සමාජය විකෘති කරන්න තමයි එහි වැඩි පැත්තක් නැඹුරුවෙලා තියෙන්නේ. සත්‍ය ඉතාමත් අඩුයි. අසත්‍ය ඒ වගේම වැරැදි දේ නින්දා අපහාස මේවා තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. අපි රටක් විදියට වැඩ කරන කොට අපේ රට ශක්තිමත් කරන්න, ඉදිරියට යන්න අද මාධ්‍ය විදියට මාධ්‍ය ආයතනවලින් නිවැරැදි දේ ඉටු කරනවා. මිනිසුන්ට සන්නිවේදන තාක්ෂණයෙන් ලැබෙන  නිදහස  පාව්චිචි කරමින් අන්තර් ජාලය, ෆෙස්බුක්, වෙබ් සයිට්  කොතෙක් දුරට සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිවැරැදිව අවංකව කටයුතු කරනවාද? මේ තිබෙන ප්‍රශ්න සමග තමයි අපි මේ ගමන යා යුතු වෙන්නේ.ලෝකයේ පහසු දේට වඩා අපහසු දේ තමයි ජය ගැනීම අවශ්‍ය වෙන්නේ.  පහසු දේ කරන්න මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. අපහසු දේ තමයි මිනිස්සු විසින් කළ යුතු වෙන්නේ. අපි සැම විටම අවදානම භාර ගතයුතු වෙනවා. යම් කිසි කාර්යයක් කරන විට මෙය කළ හැකි ද, කරන්න පුළුවන් ද, මෙයින් ජයක් ලබන්න පුළුවන් ද, මෙයින් ප්‍රතිඵලයක් තිබෙයි ද, මේ අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන් ද, ඒ ඉලක්කය කරා යා හැකි ද, ඒ කියන සැකය තුළ ඇති වෙන පසුගාමී තත්ත්වයන් දියුණු වෙන මිනිස්සුන්ට, දියුණු වෙන සමාජයට ගොඩ නැගෙන කෙනෙකුට අදාළ වන්නේ නැහැ. සැම විටම අවදානම භාර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි මිනිසෙක් විදියට ඉදිරියට යන්න.අපි සෑමවිටම අභියෝගයට වඩාත් ආදරය කරමින් අවදානම ඉතා සුහදශීලීව භාරගෙන ඒ වගේම ඇතිවන ප්‍රශ්න නිවැරැදිව විසඳාගන්න තිබෙන උත්සාහයත් සමග කැපවීම, ආත්ම ධෛර්යය, ආත්ම අධිෂ්ඨානයත් සමග අපි සෑම කෙනෙක්ම වැඩ කළොත් ඔබෙත් මගේ රට ජයග්‍රහණය කරන්න පුළුවන්. රට ජයග්‍රහණය කළහොත් ඔබ ජයග්‍රහණය කරනවා.ඒ අභියෝගාත්මක වූ ගමන යන්නට පුරවැසි අත්වැල සමග අත්වැල් බැඳගෙන ඒ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ගොඩනගන්න දැනුමේ ශක්තිය, බුද්ධියේ ශක්තිය, පරිණතභාවය, අත්දැකීම්, සුහදශීලීත්වය, මිත්‍රශීලීත්වය එක්තැන් කර ග්‍රාම ශක්ති විදියට මේ රට ගොඩනගන්න පු`ළුවන්කම තිබෙනවා.ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම මේ වැදගත් කාර්යයට ඉතා ඉහළම කැපවීමකින් එක්වීම ගැන මා ඉතාමත් සතුටුවෙමින් ඉදිරි කාලය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මකවීමේදී ඔබ නියෝජනය කරන ප්‍රදේශවලට ඇවිල්ලා ඔබේ හිතුවතුන්, ප්‍රාදේශවාසීන්, ගම්වාසීන් මේ සෑම කෙනෙක් සමගම සුහදශීලි ලෙස එක්වෙලා මේ පුළුල් ජාතික වැඩසටහන ගෙන යන්න අප සෑම කෙනෙක්ම ධෛර්මත්ව කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් නිහඬ වෙනවා.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
0
වසර දෙකකට වරක් පවත්වන ලෝක ප‍්‍රසිද්ධ ගුවන් යානා ප‍්‍රදර්ශනය පසුගියදා පැරීසියේදි පැවැත්විණි. සතියක් පුරාවට පැවැති මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා දින තුනක් ද ගැනුම්කරුවන් සඳහා දින හතරක් ද ලෙස වෙන්කර තිබුණි.එම ප‍්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඇමති රෙජිනෝලඩ් කුරේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඒ අතරතුර පැරිස් එකමුතුව විසින් සංවිධානය කළ සුහද හමුවකට ද සහභාගි ඔහු සහභාගී විය. යහපාලන ක‍්‍රියාවලියත් සමඟ ශ්‍රී ලාංකිකයෝ අන්ද මන්ද වී ඇති බවක් පෙනෙන බව ඔහු කීවේය. කවදාවත් සිදු නොවුණු ලෙස එජාප ඡන්දයෙන් ශ්‍රීලනීප ලේකම් ජනාධිපති විය. ශ්‍රීලනීප ඡන්දයෙන් පක්ෂයේ එවකට සභාපති හිටපු ජනාධිපති පරාජය විය. සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවී තිබුණත් සුළුතරයෙන් අගමැති පත් විය. බහුතරයෙන් විපක්ෂ නායක පත්විය. ප‍්‍රංශයේ ඇති යහපාලනය සියයට සීයකින් භුක්ති විඳින අපේ අයටත් ශ්‍රී ලංකාවේ යහපාලනය ප‍්‍රශ්නයක් වෙලා. ඉතින් අපි ගැන කුමන කථාද ?නමුත් කලබල නොවී ඉවසීමෙන් ඉන්නා ලෙසත් ප‍්‍රංශයේ අද තියෙන යහපාලනය දින සියයකින් ගොඩ නැඟු එකක් නොවන බවත් සුළී සුලඟක් ඇවිත් බිම තිබිය යුතු දේවල් උඩට ගිහිල්ලා උඩ තිබිය යුතු දේවල් බිමට වැටිලා ඇති මොහොතක්. සුළි සුලඟ පහව ගොස් ටිකක් ඝෝෂාව සමනය වනතුරු කලබල නොවී ඉවසන මෙන් ගුවන් සේවා ඇමැති පැරිස් රැස්වීමේදි පැවසීය. පැරීසියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජාත්‍යයන්තර ශාඛාවේ නිල වෙබ් අඩවිය ද එදින එළිදැක් වුයේය. ප‍්‍රශ්නය : ඔබගේ ප‍්‍රංශ සංචාරයේ අරමුණ කුමක්ද?පිළිතුර :ප‍්‍රංශයේ පවත්වන ගුවන් යානා ප‍්‍රදර්ශනයට සහභාගි වීමයි මගේ අරමුණ. ඒ තුළින් ලබන තාක්ෂණික දැනුම හා අත්දැකීම් තුලින් අපේ ගුවන් සේවය ගුවන් තොටුපොළවල  නඩත්තුව ආදි දේවල් මගින් අපේ ගුවන් සේවය වැඩි දියුණුකර ගැනීම මගේ බලාපෙරොත්තුවයි. ප‍්‍රංශයේ ගමනාගමනයට ඉන්නේ එක ඇමතිවරයයි. මම ප‍්‍රංශයේ එම ගමනාගමන ඇමති සමඟ නිලධාරීන් හමුවුණා. ප‍්‍රංශයේ තියෙනවා ගුවන් නියමුවන් හා එම විෂයට අයත් විධායක හා කාර්මික ශිල්පීන් පුරුදු පුහුණු කරන විශ්ව කීර්තියට පත් ආයතනයක්. දැනට එම ආයතනය විසින් ලතින් ඇමෙරිකාවේ එවැනි විදුහලක් ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ සමඟම මැද පෙරදිග ඩුබායි චීනයේ වගේ රට වලත් එම ආයතනයේ ශාඛා පිහිටුවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියාවේ පිහිටුවන එම ආයතනය අපේ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස මම ඔවුන් ගෙන් ඉල්ලීමක් කළා. දැනට අපේ රටේ එවැනි පුහුණූ කිරීමේ ආයතනයක් තිබෙන අතර එහි ඉගෙනුම අවසන් කළ විශාල පිරිසක් මැදපෙරදිග ගුවන් සේවයන්හී සේවය කරනවා. ඒ වගේම එම විදුහල්වල ඉගෙනීමට දකුණු ආසියාවේ පිරිස් පැමිණෙන තත්ත්වයකුත් තිබෙනවා. එය අපේ රටට කීර්තියක් මෙන්ම හොඳ අවස්ථාවක්. ආසියාවේ ගුවන් කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ එක් සැලසුමක්. ඉහත සඳහන් යෝජනාව ඒ සදහා අපේ රටට හොද අවස්ථාවක්. ඒ අනුව ප‍්‍රංශ බලධාරීන් අපේ රටට පැමිණ නිරීක්ෂණ පරීක්ෂණ ඇතුලත් ශාක්‍යතා වාර්තාවක් සකසා එම ඉල්ලීම ඉටුකර දීමට ඔවුන් පොරොන්දුවීම අපේ මෙම සංචාරයේ ලොකු ජයග‍්‍රහණයක්. ඊළඟට අපේ ගුවන් සේවය වගේම අනෙක් විදේශීය ගුවන් සේවයන් අපේ රටට පැමිණිමත් ඉතාම අවශ්‍යය වෙනවා. එබැවින් ප‍්‍රංශ ගුවන් සේවයත් ශ්‍රී ලංකාව සදහා ගමන් වාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එයට යහපත් ප‍්‍රතිචාර ලැබුණා. ඊට අමතරව ජර්මනිය හා සිංගප්පූරුවේ ගුවන් සමාගම් සමඟ ගුවන් යානා කාර්මික ශිල්පීන් පුහුණු කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමටත් සාකච්ඡා කළා. එසේ වුවොත් විශාල ඉඩ කඩක් ඇති මත්තල පිහිටුවීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ප‍්‍රංශ ගමනාගමන ඇමතිතුමාට ලංකාවට පැමිණෙන ලෙස අපි ඇරයුම් කළා. මා දන්නා පරිදි ගරු ජනාධිපති තුමා නොවැම්බර් මස ප‍්‍රංශයේ චාරිකාවක යෙදීමට නියමිතයි. මැතිවරණයෙන් පසු අපි හිටියොත් එතුමා සමඟ ප‍්‍රංශයට පැමිණ ඉහත ඉල්ලීම් සදහා ගිවිසුම් අත්සන් කිරීමට ලැබේවි යැයි මම සිතමි. ප‍්‍රංශ සංචාරයෙන් ලද අත්දැකීම් තුලින් එය සිදුකර ගැනීමට මම උපරිමයෙන් වෙහෙසෙනවා.ප‍්‍රශ්නය :ඔබගේ අතීතය සමඟ අද දක්වා දේශපාලන ගමන් මග සාරාංශ ගත කළොත් සමාජවාදි න්‍යාය ධර්ම ගරු කොට සලකමින් දේශපාලන අත් පොත තැබූ ඔබ නවීන තාක්ෂණයෙන් දියුණු 21 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රවාහයේ ඇමැතිවරයෙක්. යහ පාලනය අර්ථ දක්වන්නේ කෙසේද?පිළිතුරදේශපාලනයත් මිනිස් ශරීරයක් වගේ. ශරීරයේ වාතය, පිත, සෙම කියන එක සමනය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා. මේ තුනම සමතුලිත නොවුණ හොත් ලෙඩ රෝග ඇති වීමට හේතු වෙනවා. දේශපාලනයත් ඒ වගේ. එය යම් ධරනීය හෝ යම් සමතුලිත භාවයකින් දේශපාලනයේ නිරත විය යුතුයි. දැන් අපි එක කාලයක් සමාජවාදය සදහා නිර්ධන පංති විප්ලවය සදහා සටන් කළා. 71 , 88 අරගලය ඒ සෑම දෙයක්ම අසාර්ථක වුණා. ඒ තුලින් ප‍්‍රතිගාමිත්වයට ඉඩකඩ සැලසුවා. යු එන් පිය බලවත් වීමට එය හේතුවක් වුණා. දෙවන පාර ඇන් ඇම්, කොල්වින් පිලිප් වික‍්‍රමසිංහ වගේ අය ආණ්ඩුවට ඇවිත් සභාගිවි ආණ්ඩු ඇති කරමින් සමාජවාදයට යන්න උත්සහා කළා. ඒ තුලින් වරාය, තෙල්, බස් ජනසතු කළා. අවසානයට මරදානේ බුහාරියත් ජනසතු කළා. නමුත් එය කෙළවර වුණේ සමාජවාදයෙන් නොව නිලධාරිවාදයෙන්ය. නිලධාරිවාදය එකතු වීමෙන් දුෂණය සොර කම, වංචාව, පාඩුව ලෙස ඉහත සියලූදේ දුෂිත ආයතන බවට පත්වෙලා මිනිසුන්ට සමාජවාදය සමාජ වධයක් බවට පත්වුණා. එබැවින් රජය සතුදේ මහජනයට ලබා දීමෙන් සමාජවාදයට යන්න බැරි බව ඔප්පු වුණා. එයින් මොකක්ද වුණේ ? මලකඩ කාපු බස් ජනසතු කළාට මහජනයගේ සිත් ජනසතු කිරීමට බැරි වුණා. හැබැයි ඒ දෙකම අසාර්ථක වුණාට සමාජවාදය පිලිබඳ අවශ්‍යතාවය ලෝකයට තිබෙනවා. සමාජවාදයේ මූල ධර්මය තමයි සමාජ සාධාරණත්වය. එය හැමදාම පවතිනවා. එම නිසා අපි සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන සටන අත්හැරිය යුතුද නැතහොත්  එම නිසා පවතින රටාව අනුව එයට අනුකූල වෙමින් එම ස්ථානය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ ගමන අපි මේ දක්වා පැමිණ තිබෙනවා. අද සිදුවෙන සමහර දේවල් වලට අපි එකඟ නොවුණත් යථාර්තවාදය සමඟ එක් වෙමින් එම පසුබිම වෙනස් කිරීම තමයි අපි කළ යුතු වන්නේ. දැන් ඇතිවී ඇත්තේ එම සටනයි.ප‍්‍රශ්නය :හිටපු රජයේ සමහරක් දේශපාලන ප‍්‍රබලයෝ යහ පාලන ක‍්‍රියාවලියට එතරම් කැමැත්තක් නැති බව ඔවුන්ගේ කථා හා ක‍්‍රියා කලාපයන්ගෙන් පෙනෙනවා. සමහරක් එම ක‍්‍රියාවලිය පණ ගැන්වීමට වෙහෙසෙනවා.සමහරක් අඩපන කිරීමට වෙහෙසෙනවා. ඔබ  ඉන්නේ මොන කොටසේද?පිළිතුරනියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා දේශපාලන පක්ෂ අවශ්‍යය වෙනවා. එම පක්ෂ වලට මැතිවරණ අවශ්‍ය වෙනවා. ඒ අය මැතිවරණ වලට තරඟ කරලා තමයි ආණ්ඩු පිහිටු වන්නේ. එතකොට පක්ෂයකට කෙනෙක් බැදුනා ම; පක්ෂයි කියන්නේ මොකක්ද? මධ්‍යස්ථ නොවෙයි කියන එකයි. පක්ෂයකට උඩින් දෙවියන් බුදුන් සිටිය යුතුයි. පක්ෂයකට උඩින් ඉර හඳ තිබිය යුතුයි. රට ජාතියත් ඒ වගේමයි. ඊට උඩින් පක්ෂයක් තිබිය යුතු වන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට හෘද සාක්ෂිය කියලා දෙයකුත් තිබෙන්න  ඕනේ. ඔය හතරට අනුව තමයි දේශපාලනය කළ යුත්තේ. ඒ මම අදහස් කරන දෙයයි. යුඑන්පිය කලත් අපේ එකා කලත් හොරා හොරාම තමයි. එකේ වෙනසක් නැහැ. එම නිසා පක්ෂ බේදයකින් තොරව හොරාට දඩුවම් කළයුතු වන අතර අපේ හොරා හොද වෙන්නත් ඔවුන්ගේ හොරා නරක වෙන්නත් හේතුවක් නැහැ නේද මන්ද සියලූ දෙනා හොරු නිසා. ඊළඟට තොරණක් දෙස බලන්න. තොරනේ ලයිට් පත්තු වෙනවනේ. තොරනෙ ඉස්සරහා රතු පාට, කොල පාට, නිල් පාට, කහ පාට බල්බ් එකට පත්තු වෙනවා. ඒවා වෙන වෙනමත් නිවෙනවා පත්තු වෙනවා. නමුත් තොරනේ පස්සට ගිහිල්ල බලන්න. ඔය හැම පාටකම වයර් එකකට එකක් ඇමිනිලා ඇඹරිලා එතිලා එක පොදියට තිබෙනවා. ඔය දෙගොල්ලම හිටියේ එහෙමනේ. ඒ කියන්නේ යුඑන්පි ආණ්ඩුව ශ්‍රීලංකා හොරුන්ට දඬුවම් කළේ නැහැ. ශ්‍රීලංකා ආණ්ඩුව යුඑන්පි හොරුන්ට දඬුවම් කළෙත් නැහැ. ඔය ටිකනේ මෙතෙක් කල් වුණේ.පක්ෂ බේදයකින් තොරව වැරදි කරන අයට දඬුවම් දිය යුතුයි. එම නිසා මම මේ ආණ්ඩුවේ ඉදගෙන හොරුන්ට දඬුවම් කරමු කියන සටන් පාඨය සමඟ ඉදිරියෙන්ම ඉන්නවා. ඒක කාගේ වුණත් මට කමක් නැහැ. ඒ යහපාලනයට මම එකඟයි. ඒත් අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් දාලා දුවන්න බැහැනේ. මේක කොහොම හරි හදාගෙන ඉදිරියට යන්න  ඕනේ. අද එහෙම සටන් පාඨයක් හෝ තිබෙනවා. අද දේශපාලඥයෝ දවස් 15කට හෝ රිමාන්ඩ් එකට යනවා. ඒ වගේම එළියට එනවා. රෝහල් ගත වෙනවා. ඉස්සර එහෙම වුණේ නැහැනේ. එම නිසා යම් දෙයක් සිදු වෙමින් පවතින බව කියන්න  ඕනි. ඊළඟට මේ විධායක ජනාධිපති ක‍්‍රමය අන්තිම හොඳ නැහැ. ජනාධිපති මොන තරම් අසමත් ජාති අසාධාරණ අමානුෂික බලූ වැඩක් කලත්; ඔහුට විරුද්ධව මොනවත් කරන්න බැහැ. ඒක හරි භායනක දෙයක්. 19 වන ආණ්ඩුක‍්‍රම පනතින් ඒ විමුක්තිය අපි ඉවත් කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වන ආණ්ඩුවක් අවුරුද්දකින් විසුරුවා හැරීමේ බලය ඔහුට තිබුණා. එය හරි අසාධාරණයි. අපි ඒකත් ඉවත් කළා. දැන් අවුරුදු 4ක් යන තුරු විසුරුවන්න බැහැ. ස්වාධීන කොමිෂන් සභා ඔහුගේ බලයෙන් මුදවා ගෙන ස්වාධීන කොමිෂන් ස්ථාපිත කළා. එම නිසා පැවැතුන තත්වයට වඩා යහපාලනය පැත්තෙන් යම් දෙයක් සිදුකරලා තිබෙනවා. අනෙක 20 වෙනි සංශෝධන පනතට සම්බන්ධ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම්. මේ සදහා මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් බලන්න මේ මනාප ක‍්‍රමය නිසා මොකද වුණේ  බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරලා ඒවා අතපය දිග හැරලා වියදම් කරලා ජය ගෙන පාර්ලිමේන්තු එන ක‍්‍රමයක්නේ මනාප ක‍්‍රමය. ඒ නිසා කුඩු කාරයෝ අරක්කු කාරයෝ ගංජා කාරයෝ මාල කාරයෝ පාතාලයෝ පගා කාරයෝ ඔය හැම එකාම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇතුල් වුණා. මෙවැන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ කවුද හිතා ගන්නකෝ පාර්ලිමේන්තුව කොහොමට තියෙන්න ඇද්ද කියලා. දැන් පාර්ලිමේන්තුවේ  ඕලෙවල් පාස් නැති අනූ ගණනක් ඉන්නවා. අනෙක් විභාග ගැන මම කියන්න යන්නේ නැහැ. සල්ලිකාර මෝඩයන්ට කීර්තියක් ලබා දෙන මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්වුණා.මෙය රටකට එතරම් සුභදායක නොවේ. එම නිසා යහපාලනයේ අඩු ලූහුඩුකම් තියෙන්න පුළුවන්. අපි ඒවා නිවැරදි කර ගෙන ඉදිරියටම යනවා.ප‍්‍රශ්නය :පසුගියදා වැලිඅමුණ පරීක්ෂණ කමිටු වාර්තාවක් මගින් හෙළිවූ කරුණු අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයටම අයිති එකම ගුවන් යානයක්වත් නැත. වර්තමානය වන විට මෙම ආයතනයේ පාඩුව රුපියල් මිලියන 81,000ක් පමණ වෙනවා. හිටපු ප‍්‍රධාන හා විධායක නිලධාරීන්ගේ දුෂිත පරිපාලනය ගැන විවිධ කථා ඇසෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙහෙම වුණේ ඇයි ගුවන් සේවා ඇමති ලෙස මෙය විස්තර කරන්නේ කෙසේද?පිළිතුරඑකක් මම ගුවන් සේවා ඇමැති මිසක් අධිකරණ ඇමැති නොවේ. එම නිසා මේ සඳහා දඬුවම් දෙන නීතිගත ආයතන තිබෙනවා. අල්ලස් කොමිසම අපරාධ විමර්ෂණ කොමිසම, මූල්‍ය අපරාධ පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය ආදි ආයතන එම කොටසට අයත් වෙනවා. මේ සෑම ආයතනයකටම ඉහත චෝදනා අඩංගු ලිපිගොනු මම ලබා දීලා තිබෙනවා. එබැවින් ඒ අනුව අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදුවේවි. යහපාලනය දඬුවම් කිරීමේදිත් යහපත් විධියට සිදුවිය යුතුයි.  මර්වින් සිල්වා මහත්තයා වගේ මිනිස්සු ගෙනැල්ලා ගස් බැදලා ඒවා කරන්න බැහැනේ. ඒකට නෛතික ක‍්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව දැන් කටයුතු සිදුවෙනවා. එය හොඳ ප‍්‍රවණතාවයක්. ඊළඟට මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු සමාගමක්. මිහින් ලංකා යනු සමාගමක් නොහොත් කොම්පැනියක්. මෙහි කොටස් කාරයෝ කවුද මෙහි කොටස් කාරයෝ රාජ්‍ය භාණ්ඩාගාරයයි ලංකා බැංකුවයි, රජය සතු මුදල්. හැබැයි කොම්පැනියක්. ආණ්ඩු මාරු වෙන කොට කොම්පැනියත් මාරු වෙනවා. එහි නිලතල පුරවන්නේ ඊට අදාළ ඇමති වරයා. ඔවුන් ඉන්න ටික කාලයේ කාලා බීලා ජොලි දාලා පැරදුනාම පැනලා යනවා. එතකොට මෙහි වගකීම භාර ගන්නේ කවුද කවුරුවත් නැහැ. මෙය බරපතල වරදක්. දේශපාලන ඇගිලි ගැසීම් වැඩියි. මෙතෙක් කල් සිදුවුණේ ඔය ටිකයි. පවුලේ අය ඥාතියෝ මිත‍්‍රයෝ හෙංචයියෝ මේ ආයතනයේ වගකීම් ඇති නිලතල වලට පත්කළා. පසුගිය කාලේ මගීන් රැගෙන යන ගුවන් යානා තමන් ළඟට නැවත ගෙන්වා ගන්නා සභාපතිවරු ඉඳලා තියෙනවා. හිතලා බලන්න කොහොමට තියෙන්න ඇද්ද කියලා. ඒ වගේම ඉහත කමිටු වාර්තාව ඒ තරම්ම අංග සම්පූර්ණ වාර්තාවක් නොවේ. අඬුලූහුඩුකම් තිබෙනවා. මීට වඩා මේ ගැන සොයා බැලිය යුතුයි. අවශ්‍ය තොරතුරු දත්ත රැස්කර ගතයුතු වෙනවා. ඒ සදහා මම උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවෙනවා.ප‍්‍රශ්නය :යුරෝපයේ පාසැල් නිවාඩු සමයට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ගේ ප‍්‍රමාණය ඉතා ඉහළය. මෙම කාලයට අප ගුවන් සේවයේ පැරීසියේ සිට කොළඹ දක්වා මිල ගණන් අනෙක් ගුවන් සේවා මිල ගනන් හා සසඳන විට ඉතාමත් ඉහලයි. එබැවින් වැඩි මගීන් ප‍්‍රමාණයක් වෙනත් ගුවන් සේවයන් විසින් දිනා ගෙන තිබෙනවා. අනෙක් ගුවන් පත‍්‍ර මිලට සමාන මිලකට හෝ අපේ ගුවන් සේවය ප‍්‍රධානය කරයි නම් ශ්‍රී ලාංකිකයෝ බොහෝමයක් අපේ සේවය තෝරා ගන්නවා. මෙම ඉල්ලීම බොහෝ කලක සිට හැම ගුවන් ඇමති කෙනෙකුටම ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් මේ වනතුරු සලකා බැලීමක්වත් ඉටුවී නැහැ. ඔබ තුමාටත් එය ඉදිරිපත් කරනවා. ඔබ තුමාට කළ හැක්කේ කුමක්ද?පිළිතුරමැදපෙරදිග ගුවන් සේවා ලාභ ලබන්නේ ඇයි ඔවුන්ට- ගුවන් යානා ගොඩක් තිබෙනවා. එබැවින් ඔවුන්ගේ තරඟකාරිත්වය වැඩියි. ඒ සමඟම මෙම රටවල් ලෝකයේ තෙල් බලාධිකාරය සතු රටවල්. එබැවින් ඔවුන්ගේ ගුවන් සේවා සඳහා සහානාධාර ලෙස අඩු මිලකට ඉන්ධන සලාක ලබා දෙනවා. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැනෙ. අනෙක මෙම මැද පෙරදිග ගුවන් සමාගම් කොතරම් ප‍්‍රබලද කීවොත් ප‍්‍රංශ ගුවන් සේවයටවත් ඔවුන් සමඟ තරග කරන්න අමාරුයි. ඔවුන් ඒ අතරින් ප‍්‍රබලයි. 2015 හොදම ගුවන් සේවය ලෙස තෝරා ගෙන තිබෙන්නේ කටාර් ගුවන් සේවයයි. ඉතින් අපිට තරඟ කරන්න වෙලා තිබෙන්නේ මෙවැනි පසුබිමක. අපේ ගුවන් සේවයේ වැරදි කළමණාකරණය අනවශ්‍ය වියදම්,දූෂණය අපේ ගුවන් සේවය කඩා වැටීමට හේතුවී තිබෙනවා . එම නිසා ඔබලාගේ ඉල්ලීම අනුව ටිකට් එක වැඩි බවත් එම මිල අඩුකල යුතු බවත් මම පිලිගන්නවා. ඒ සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කොට සහනදායි පිලිතුරක් ලබා දීමට මම වෙහෙසෙනවා. පැරීසියට පැමිණි පසු බොහෝ දෙනෙක් මෙම ප‍්‍රශ්නයම ඉදිරිපත් කළා. එහි සාධාරණ පැත්තකුත් තිබෙනවා. නමුත් ඒ සියලූ දේ අධ්‍යයන කොට අපට පාඩු නොවන ලෙස මැතිවරණයෙන් පසු මම මෙම අමාත්‍යාංශයේ හිටියෝත් ඔබලාට සුභ දායක පියවරක් ගැනීමට මම ඔබට පොරොන්දු වෙමි.ප‍්‍රශ්නය :පසුගිය දිනක ප‍්‍රංශ අගමැති  රාජ්‍ය ගුවන් යානයකින් තම දරුවන් සමඟ බර්ලින් වල මැච් බලන්න ගොස් ඇතිවූ සිද්ධියක් හේතු කොට දරුවන් සදහා ගුවන් ගමනා ගමන ගාස්තුවක් ගෙවීමට සිදුවුණා. එවැනි ගුවන් ගමන් ගැන අපේ රටෙත් පසුගියදා ඇසීමට ලැබුණා. එම නිසා ගුවන් හමුදාවට විශාල මුදලක් පාඩු සිදුවී ඇති බවත් සදහන් වුණා. ගෙවීම කෙසේ වෙතත් ඒ ගැන කෙරෙන පරීක්ෂණ වලට කැඳවීම් කළ විට එයට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. මෙම රටවල් දෙකේ වෙනස ඔබතුමා පැහැදිලි කරන්නේ කෙසේද?පිළිතුර :ප‍්‍රථමයෙන් එම ගුවන් යානයයේ ඉඩ තිබුණා නම් පුතුන් දෙදෙනා තම පියා සමඟ එම ගමනට එක්වීම එතරම් විශාල වරදක් ලෙස සලකන්න අපහසුයි. එලෙස විවේචනය කිරීමත් එතරම් ශීලාචාර නොවේ. එසේ නම් තුන් හතර දෙනෙකුට පමනක් ගමන් කළ හැකි ගුවන් යානයක් ඔවුන් තෝරා ගත යුතුයි. එහෙම කරන්නත් බැහැනේ. ප‍්‍රංශ අගමැති තුමා එම මුදල ගෙවීම සාධාරනයි ඒ ගැන මම සතුටු වෙනවා. නමුත් එවැනිම ප‍්‍රශ්නයකට අපේ රටේ ප‍්‍රතිචාර දැක්වීම අපට වැදගත් වන්නේය. ඒ ගැන සළකා බැලූවොත්; මම අවංකව දරන මතය නම්; සාමාන්‍ය පුද්ගලයෙක් ගෙන් විමර්ශනය කරන ආකාරයටම රාජ්‍ය නායකයෝ හෝවෙන කවුරු හෝ වේවා, ඔවුන්ටද ඒ ආකාරයෙන්ම විමර්ශන පරීක්ෂන සිදුවිය යුතුයි. දැන් බලන්න අපේ අය ප‍්‍රශ්න කිරීමට හෝ කට උත්තර ගැනීමට සුදානම් වෙන විට කෙලින්ම යන්නේ හොස්පිටල් එකට. එහෙම නැත්නම් මර්චන්ට් වෝඩ් එකට. විමර්ශනය වචනය ඇසෙන කොටම ලෙඩ හැදෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් මොකද වෙන්නේ කෙලින්ම කූඩුවේ දානවා. ඒකනේ ඇත්ත තත්වය. හිර ගෙදරත් ඉස්පිරිතාලයක් තියෙනවා. එහෙම තියෙද්දිත් මර්චන්ට් එකට යනවා. එවැනි වරප‍්‍රසාද දෙන එක වැරදියි. දැන් මේ අය සමඟ මහා ජනතාවක් උද්ඝෝෂණ කරනවනේ. දැන් කොහොමද මහ ජනතාව අර්ථ කථනය කරන්නේ. ජනතාව මහ ජනතාව කියලත් කියනවනේ. මේ රටේ ජනතාවගෙන් යම්කිසි කොටසක් යම් යම් පෙලඹවීම් මත ඔවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. අපට ඒවා වලක්වන්නත් බැහැ. එය හරිද වැරදිද කියලා අපි තීන්දු කළොත් මම නම් දකින්නේ එය වැරදි ප‍්‍රවේශයක් කියලා. නමුත් ඒවා කරන්නත් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. නීතියානු ක‍්‍රියා පිලිවෙතට පරිබාහිරව වැරදි ක‍්‍රමයට අත් අඩංගුවට ගන්නවා නම් , ප‍්‍රශ්න කරනවා නම් ඒක වැරදියි. ඒකට උද්ඝෝෂණ කලාට වරදක් නැහැ. නමුත් නීත්‍යනුකූල ක‍්‍රමයට එම කටයුතු සිදුවෙන විට එහෙම කරන්න එපා කියලා කියනව නම් ඒකත් වැරදියි.   
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
0
විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට එරෙහිව ආණ්ඩුවෙන් කැරැල්ලක් මතුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවට කියවෙන කතා දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයන් අතර සාකච්ඡාවට බදුන් වී ඇතැයි සඳහන් වෙයි.බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණුවල සම්බන්ධයෙන් රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වූ චෝදනා හා එම චෝදනාවලට වක‍්‍රව හා ඍජුව ආණ්ඩුවේ ශි‍්‍රලනිප ඇමැතිවරුන් දැක්වූ ප‍්‍රතිචාර ඉකුත් දින කිහිපය පුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව තිබිණ.කෙසේ වෙතත් රවි කරුණානායක වෙනුවෙන් එජාප ඇමැතිවරුන් හෝ ඉදිරිපත් නොවීම ඉකුත් දිනවල දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.බැඳුම්කර සිද්ධියේ කරුණුවල රස්නය පහව යන්නටත් පෙර විදේශ කටයුතු ඇමැතිවරයාට තවත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේය. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රවි කරුණානායක ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකා තුනක්ම බහුතර විරෝධයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණ.රවි කරුණානායක ඇමැතිවරයාගේ කැබිනට් පති‍්‍රකා තරමක් ආන්දෝලනාත්මක වි තිබිණ. ඔහු එක් පති‍්‍රකාවකින් සිය නිල නිවස ලෙස භාවිත කිරීමට කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය ඉල්ලා තිබිණ. විසුම්පාය ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේම නිල නිවස බවට පත්ව තිබිණ.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ විදේශ කටයුතු ඇමැති අනුර බණ්ඩාරනායකගේ නිල නිවස වූයේ විසුම්පායය. ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී විදේශ කටයුතු ඇමැතිධුරය අහිමි වුවද විසුම්පාය අහිමි වූයේ නැත.අනුර බණ්ඩාරනායක ඇමැතිවරයා මිය යන තෙක්ම ජීවත්වූයේ විසුම්පාය නිල නිවස බවට පත්කර ගනිමිනි. ඉන්පසුව අග‍්‍රාමාත්‍යධුරයට පත් දී.මු. ජයරත්නගේ නිල නිවස වූයේද විසුම්පායයි. අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කිරීම නිසා අගමැති දී.මු. ජයරත්නට විසුම්පායට යන්නට සිදුවිය. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වූ පසුව විසුම්පාය නිල නිවසක් ලෙස භාවිත කිරීමට අවස්ථාව නොදීමට ආණ්ඩුව කටයුතු කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක් නිල නිවසක් ලබාදිය යුතුව තිබූ අතර ඒ වනවිටත් සුදුසු නිවසක් සොයා ගැනීමට කල්ගත වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසුම්පාය තමාට ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කර තිබුණේ විසුම්පාය වෙනත් රාජකාරියක් සඳහා භාවිත කළ යුතු බව කියමිනි.ඒ අනුව මහින්ද රාජපක්ෂට ද විසුම්පාය අහිමි විය. ඉකුත්දා කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණේ විසුම්පාය විශේෂ සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමටය. එම කැබිනට් පති‍්‍රකාව සම්මත කිරීමට ඇමැති රවි කරුණානායකද කැබිනට් රැස්වීමේදී එකඟතාව පළකර තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් රවි කරුණානායක විසුම්පාය ඉල්ලා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළේය.‍එහිදී එය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කර තිබිණ. ”විසුම්පායේ හිටියේ ජී.එල්. පීරිස් ඇමැතිතුමා, දී.මු. ජයරත්න අගමැතිතුමා, අනුර බණ්ඩාරනායක ඇමැතිතුමා වගේ අයයි. හැබැයි අවාසනාවකට වගේ මේ කවුරුත් අද දේශපාලනයේ නැහැ. ඒ නිසා ඔබතුමා එතනට යන්න එපා’’.  යැයි ජනාධිපතිවරයා කී කතාවට ඇමැතිවරු සිනාසුනහ.ඇමැති දයාසිරි ජයසේකර ද කතාවට හවුල් වූයේය. ”රවි කරුණානායක ඇමැතිවරයා තවදුරටත් දේශපාලනයේ ඉන්න  ඕනේ. ඒ නිසා විසුම්පායට යන්න එපා.” යැයි දයාසිරි ජයසේකර කීවේය. රවි කරුණානායක ඇමැතිවරයාගේ අනෙක් කැබිනට් පත‍්‍රිකාව වූයේ විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්යමණ්ඩල ප‍්‍රධානී තනතුරක් අලූතින් ඇති කිරීමටය. ඊටද කැබිනට් ඇමැතිවරු දැඩි විරෝධයක් දැක්වූහ. ජනාධිපතිවරයාට ඊටද මැදිහත් වන්නට සිදුවිය. ”කාර්ය මණ්ඩල ප‍්‍රධානී තනතුරු තියෙන්නේ ජනාධිපතිටත් අගමැතිටත් පමණයි. මෙහෙම දෙන්න ගියොත් අනෙක් ඇමැතිවරුන්ටත් දෙන්න වෙයි.” යැයි ජනාධිපති කී කතාවට අනෙක් ඇමැතිවරුද හූ මිටි තියන්නට වූහ.එවිට ජනාධිපති කාටද තවත් එවැනි තනතුරු අවශ්‍ය යැයි ප‍්‍රශ්න කළේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමැතිවරු බහුතරයක් අත් ඔසවූහ. ඇතැම් ඇමැතිවරු අත් දෙකම ඔසවාගෙන සිටියහ.ඉන්පසුව සාගල රත්නායක ඇමැතිවරයා අදහස් දක්වන්නට විය. ”මම අගමැතිතුමාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී. හැබැයි මම වැටුපක් ගන්නේ නැහැ.” යැයි සාගල ඇමැතිවරයා කී කතාව මැදට මංගල සමරවීර ඇමැතිවරයා පැන්නේය. ”ඔබතුමාට පඩියක් නැතිවුණාට කාමරයක් තිබෙන බව නම් ආරංචියි” යැයි මංගල විහිළුවක් කළේය. රවිගේ අනෙක් කැබිනට් පති‍්‍රකාව වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණ.නවදිල්ලි නුවර වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකා මහබෝධි සමාගමට පැවරීම එම කැබිනට් පති‍්‍රකාවෙන් යෝජනා කර තිබිණ. නවදිල්ලි නුවර පිහිටි වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකාවට ලබාදී ඇත්තේ ශ්‍රීනේරුතුමාය. ශ්‍රීනේරුතුමා ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස එම වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවරා දී තිබිණ. එදා සිට එහි පාලන කටයුතු සිදුවනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගිනි. බානගල උපතිස්ස නාහිමියන්ගේ නායකත්වය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහබෝධි සමාගමට එම බෞද්ධ වන්දනා මධ්‍යස්ථානය පවරා දීමේ කැබිනට් පති‍්‍රකාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබීමටද කැබිනට් මණ්ඩලය තීන්දු කෙරිණ.ආණ්ඩුව පෙරළා දැමීමට නම් කළ යුතු ප‍්‍රධාන කාර්යයන් තුනක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න චෝදනා කරයි. ”මහින්ද රාජපක්ෂ එයාගේ කට්ටිය ගෙනත් රහස් සාකච්ඡාවක් තියලා තිබෙනවා. ඒකෙදි කරුණු තුනක් ගැන කිව්වා. හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කරන්න  ඕනේ. සයිටම් ආයතනය වහන්න  ඕනේ. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන එක නතර කරන්න  ඕනේ ඔන්න ඔය කියපු දේවල් නතර කළොත් එක විදේශ ආයෝජකයකු හෝ ලංකාවට එන්නේ නැහැ. එතකොට ආණ්ඩුව වැටෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියලා තිබෙනවා. ඒක තමයි මේ ඔක්කොම කරන්නේ. ඒත් ඒක හීනයකැයිද” රාජිත සේනාරත්න සඳහන් කරන්නේය.පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයකදී පැවැත්විය යුතු බවත් ඒ සඳහා පනත සංශෝධනය කළ යුතු බවටත් ආණ්ඩුව කළ ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මහත් කලබලයකට පත්ව සිටිති. ”මේක වංචාවක්.පනත සංශෝධනය කරන මුවාවෙන් පළාත් සභා ඡන්දයත් කල් දාන්න මේ අය හදනවා. එහෙම කළොත් අපි නඩු දානවා. පළාත් පාලන ඡන්දය කල් දැම්මා. ඊට පස්සේ පළාත් සභාවත් කල් දාන්න තමයි මේ අය හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ.” යැයි ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කරුණු දක්වා සිටියහ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරනුයේ පළාත් සභා පනත යටතේ ඡුන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලයක් තිබෙන බවය. ඒ අනුව කිසියම් පළාත් සභාවක නිලකාලය අවසන් වූ වහාම ඒ ඒ පළාත් සභාවේ ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම කි‍්‍රයා කළ යුතුය. දැනටමත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කර ඇත්තේ නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් සභා ඡන්දය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවය.මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ලහි ලහියේ සූදානම් වනුයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ආණ්ඩුවට සියලූම පළාත් සභාවල ඡන්දය එකවිට තිබීමට අවශ්‍ය නම් එය කළ හැකි යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සබරගමුව නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිලකාලය නිමවීමත් සමඟම අනෙකුත් කාලය නිම නොවූ සභා ද විසුරුවා හැරිය හැකි නොවේදැයි මහින්ද දේශප‍්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.‘‘පළාත් සභා මැතිවරණය එකම දවසක පැවැත්වීම හොඳ වැඩක්. වියදම, ජනතාවගේ කාලය ඉතිරි වෙනවා. ආණ්ඩුව එවැනි තීන්දුවක් ගත්තා නම් ඒක හොඳයි. හැබැයි පනත් සංශෝධනය කරන්න කාලයක් ගතවෙන නිසා විකල්පය තෝරා ගතහැකි යැයි ද’’ දේශප‍්‍රිය සඳහන් කරයි.මැතිවරණ කොමිසම මීට ඉහත දී සූදානම් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටය. එහෙත් මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ‘‘මේ යන හැටියට පළාත් සභා ඡන්දය කලින් එන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ඡන්ද දෙකටම  ඕන වෙලාවකට සූදානම් වෙලයි ඉන්නේ’’ යනුවෙනි.ගෙවීගිය සතිය පුරාම ආණ්ඩුවට හිසරදයක් වී තිබුණේ රටපුරා වර්ජන රැල්ලක් ඉස්මතුවීමය. වෛද්‍යවරුන්, තෙල් සේවකයින්, වරාය සේවකයින්, සයිටම් විරෝධීන්, ශිෂ්‍ය සංවිධාන ඇතුළු වෘත්තීය හා වෙනත් සංවිධාන විටින්විට විරෝධතාවල නිරතවීම නිසාත් ආණ්ඩුවට එය පාලනය කිරීමට අපොහොසත්වීම නිසාත් රටතුළ අර්බුද ගණනාවක් ඉස්මතු වී තිබිණ. කෙසේ වෙතත් වර්ජන රැල්ල මුළුමනින්ම පාලනය කිරීමේ හැකියාවක් හෝ නතරකර ගැනීමේ හැකියාවක් හෝ ආණ්ඩුවට නැතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති. සයිටම් අර්බුදය මේ වනවිට ගැටලූ රැසක් නිර්මාණය කර ඇති අතර එය ලිහාගත නොහැකි නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බවද දේශපාලන විචාරකයන්ගේ අදහසය.ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව චෝදනාකර ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය හරියාකාරව පවතින හෙයින් සියලූ දේ උපරිමයෙන්ම සිදුවනබවටය. එම නිසා වෘත්තීය සමිති සම්බන්ධයෙන් මීට වඩා තද ක‍්‍රියාමාර්ග ගතයුතුව තිබූ බවට ඇතැම් පාර්ශ්ව නොනිල මට්ටමින් ආණ්ඩුවට උපදෙස් ලබා දී තිබිණැයි ද වාර්තා වේ. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබගෑනියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට ඍජුවම චෝදනා කළහ.‘‘මේ ආණ්ඩුව මැරයෝ යොදවලා කොලොන්නාවේ තෙල් සේවකයන්ට පහර දෙනවා. මේක යහපාලනය ද’’ ආදී දේ කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරද්දී කිසියම් පිරිසක් කොලොන්නාවේ තෙල් සේවකයන්ට එළව එළවා පහරදෙමින් සිටියහ.එල්ටීටීඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට යුරෝපා සංගමයේ අධිකරණය තීන්දු කර තිබිණ. යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක් එම තීන්දුව ලබාදී තිබුණ ද ඒ ගැන ක‍්‍රියා නොකරන බවට ඉකුත් දා අවධාරණය කළේය. ‘‘එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස පවතීවී. එම සංවිධානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අදහසක් තවම නැහැ’’ යුරෝපා සංගමය දන්වා සිටියේය.එල්ටීටීඊ සංවිධානය ඉකුත් 2009 වසරේ ලැබූ පරාජයෙන් පසුව ගෙවීගිය වසර ගණනාවක කාලය තුළ කිසිදු ප‍්‍රහාරයක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් සිදුකර නැතැයි ද යුරෝපා සංගම් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබිණ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාව මෙමස 22 වැනි දා සිට රට පුරා ආරම්භ කෙරිණි. එම රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක් රැස්වීමක් පැවැත්වුණේ දිවුලපිටියේදීය. දිවුලපිටිය සණස ශාලාවේ පැවැති එම රැස්වීමට ප‍්‍රසන්න, ජොන්ස්ටන්, ඉන්දික, කංචන, සනත්, රණවීර ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.ඔයා තාම බේරිලා ඉන්නවා නේද? ප‍්‍රසන්න දුටු ජොන්ස්ටන් ඇසුවේය. රිමාන්ඞ් එක ළඟටම ගිහින් හැරිලා ආවට තවම නම් කරදරයක් නැහැ, ප‍්‍රසන්න පැවසීය.ඔයත් අවදානම් කලාපයේ ඉන්නහින්දා පරිස්සමෙන් ඉන්න. දවසින් දවස පිරිහෙමින් යන හින්දා දැන් ආණ්ඩුවේ ලොක්කෝ වියරු වැටිලා ඉන්නේ. තියෙනවාටත් වඩා ලොකු මර්දනයක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වෙයි, ජොන්ස්ටන් කීවේය.ඒක නම් ඇත්ත. ආණ්ඩුවට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ, සනත් පැවසීය. මර්දනයෙන් අපිව බය කරන්න හදනවා නම් ආණ්ඩුවට වැරැදිලා. අපි මර්දනයට බය මිනිස්සු නෙමෙයි, ප‍්‍රසන්න කීවේය. ඒ කතාව නම් හරියටම හරි. මර්දනයට බය නම් අද අපිත් ඉන්න  ඕනේ ආණ්ඩුවේ ඇමැතිලා වෙලා. මහින්ද මහත්තයා වටේ ඉන්නේ මර්දනයට තර්ජනයට බය පිරිසක් නෙමෙයි, කංචන පැවසීය.‘‘එක්සත් ජාතික පක්ෂයේ මර්දනය ගැන අපි තරම් හොඳට දන්න අය නැහැ. එදා අපි බිල්ලෝ ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. භීෂණ කාලේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ අපිට බිල්ලෝ පෙන්නුවා. අපි සුදු වෑන් ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. හැබැයි මේ යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සුදු වෑනුත් අපි දැක්කා, ප‍්‍රසන්න කීවේ සිනාසෙමිනි.මහින්ද මහත්තයට එල්ල කරපු චෝදනා සේරම අද යහ පාලන ආණ්ඩුවටම පාරාවළල්ලක් වෙලා, රණවීර පැවසීය. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ, ප‍්‍රසන්න කීවේය. මේ රැස්වීම්වලට එනවා කියලා අපිටත් විනය පරීක්ෂණ තියයිද දන්නේ නැහැ, සනත් ඇසුවේය. සමහර මහලේකම්ලා හිතාගෙන ඉන්නේ විනය පරීක්ෂණ තියලා සේරම විසඳන්න පුළුවන්. එහෙම නම් මුලින්ම විනය පරීක්ෂණ තියන්න  ඕනේ පක්ෂේ සභාපතිවරයාට විරුද්ධව. එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයටයි, මැයි දිනයටයි ගිය එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා, ප‍්‍රසන්න පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම 25 වැනි දා පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදීය.ඒ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. හම්බන්තොට වරාය විකිධෑම, ඛනිජ තෙල් සංස්ථාවේ ආරම්භ කර ඇති වර්ජනය ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම රැස්වීමට පැමිණි මහින්ද ඊට පෙර දිනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී ප‍්‍රසන්න පිළිතුරු දුන් ආකාරය ගැනය ප‍්‍රසංසා කළේය. එහිදී ප‍්‍රසන්න කියා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පංච මහා බලවේගය පෙරටු කොටගත් පක්ෂයක්, අද එම පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේම පංච මහා බලවේගයටම පාරට බහින්නට සිදුව ඇති  බවත්ය.ඔයා පංච මහා බලවේගය ගැන කියපු එක හරියටම හරි, ඇත්තටම දැන් ඒක තමයි වෙලා තියෙන්නේ, මහින්ද පැවසීය.17 2017 ජූලි මස 28 වැනිදා සිකුරාදා රවීජංජාලයක  මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක්මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක් පිහිටුවා තිබේ. කොළඹ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේදී ඉකුත් ජුනි මස 01 වැනි දින එම සංවිධානය ස්ථාපිත කර තිබේ. සභාපතිවරයා ලෙස උලපනේ සුමංගල හිමියෝ ද ලේකම්වරයා ලෙස ජනිත් විපුලගුණ නව සංවිධානයට පත්ව සිටිති. නව සංවිධානයේ ක‍්‍රියාකාරීන් සඳහන් කරනුයේ කරුණු ගණනාවක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මහජන සභාව ස්ථාපිත කළ බවය.සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය එන්න එන්නම දුර්වල වෙනවා. ඒ නිසා රටට නව සංවිධානයක් අවශ්‍යයි. තමන් දේශපාලනයෙන් තොරව ආණ්ඩුවලට බලපෑම් කරනවා යැයි ද ඔවුහු කියති.‘‘ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන් බැහැර වූ විනය ගරුක පාලනයක්, මතින් තොර සාමකාමී සමාජයක්, මාදුළුවාවේ සෝභිත හිමියන් පැතු මාවත ඉදිරියට ගෙන යාම, වර්ගවාදී භාවිතයන් පිටුදැකීම පාරිසරික සංරක්‍ෂණය, දුෂණයෙන් වංචාවෙන් තොර හා විනිවිද භාවයෙන් යුතු පාලනයක් වෙනුවෙන් හඬ නැගීම නව ව්‍යාපාරයේ අරමුණ බවද සංවිධාකයෝ පවසති’’ පොරොන්දු කඩකරන පාලකයන් නිවැරැදි කරවා ගැනීම පාලකයන්ට නව යෝජනා ඉදිරිපත් කිරීම සමාජ සංවර්ධනයට ඍජුව හෝ වක‍්‍රව දායකවීම නව සංවිධානයේ තවත් අපේක්‍ෂා බවද ඔවුහු කියති.නව සංවිධානය මේ වනවිට උතුරු නැගෙනහිර ඇතුළු සියලූ දිස්ත‍්‍රික්කවලම කමිටු පිහිටුවා තිබේ. මහාචාර්ය ජිනසේන කටුපොත, ලැසිල් ද සිල්වා, සුනන්ද දේශප‍්‍රිය, ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු පිරිසක් නව සංවිධානයේ කටයුතු කරති. මහින්දගේ රහස් සාකච්ඡාව  (කස්තුරි)
රවී ජංජාලයක
1
(නාලක සංජීව දහනායක)මැතිවරණ පවත්වන ක‍්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්‍ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප‍්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්‍ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක‍්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි.      පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප‍්‍රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප‍්‍රතිඵල කෘතී‍්‍රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත‍්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක‍්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප‍්‍රකාශ කරනවා.පළාත්  පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක‍්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප‍්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්‍ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්‍ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.එමෙන්ම විජයදාස රාජපක්‍ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්‍ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්‍ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප‍්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා  එදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප‍්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප‍්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ගේන්න කැප වෙනවා.ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප‍්‍රකාශයක් කරලා නැහැ.මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප‍්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන  දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.ඒ‍ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
රවී ජංජාලයක
0